Watch Trailer

Close (2019) Sinhala Subtitles | යුවතියකගේ දිවි රැකුමට තම දිවි පරදුවට තැබූ ගැහැණියක්..!! [සිංහල උපසිරසි සමඟ]

සෝයි ටැනර් කියන්නෙ හසීන් පතල් සමාගමේ ප්‍රධාන විධායක නිළදාරියා විදියට කටයුතු කරන එරික් ටැනර්ගේ එකම දියණිය. සෝයිගෙ අම්මා එයා පොඩි කාලෙදිම නැතිවෙනවා. එදා ඉදන් එයා උස් මහත්වෙන්නෙ කුඩම්මා රීමා හසීන් එක්කයි. ඒත් රීමා හසීන්ට නම් සෝයි ගැන කිසිම ආදරයක් සෙනෙහසක් ඇත්තෙ නම් නැහැ. මේ හේතුව නිසාමද කොහේ සෝයි තරුණ…

සෝයි ටැනර් කියන්නෙ හසීන් පතල් සමාගමේ ප්‍රධාන විධායක නිළදාරියා විදියට කටයුතු කරන එරික් ටැනර්ගේ එකම දියණිය. සෝයිගෙ අම්මා එයා පොඩි කාලෙදිම නැතිවෙනවා. එදා ඉදන් එයා උස් මහත්වෙන්නෙ කුඩම්මා රීමා හසීන් එක්කයි. ඒත් රීමා හසීන්ට නම් සෝයි ගැන කිසිම ආදරයක් සෙනෙහසක් ඇත්තෙ නම් නැහැ. මේ හේතුව නිසාමද කොහේ සෝයි තරුණ වයසට පත්වුණාට පස්සෙ හිතුවක්කාර, මුරණ්ඩු විදිහට හැසිරෙන්න පටන්ගන්නවා. මේ විදිහට කාලය ගත්වෙද්දි හදිසියේම සෝයිගෙ තාත්තා, එරික් මියයනවා. එරික්ගේ මරණයෙන් පස්සෙ ඔහුගේ අන්තිම කැමැත්තට අනුව හසීන් සමාගමේ එරික් සතුව තිබුණු සියලුම ව්‍යාපාරික කොටස් වල හිමිකාරිත්වය සෝයිට ලැබෙනවා. මේ වැඩේට රීමා නම් තදින්ම විරුද්ධ වෙනවා.

මේ අතරෙ තරුණ වයසෙදිම කෝටි ගාණක සල්ලි වලට උරුමකම් කියන සෝයිගේ ආරක්ෂාවට රීමාගේ අදහස අනුව කාන්තා පුද්ගලික ආරක්ෂක නිළදාරිනියක් බඳවාගන්නවා. එයාගෙ නම තමයි සෑම්. තමන්ගේ ආරක්ෂාවට ආපු අලුත් ගෑනු කෙනාට සෝයි නම් කොහෙත්ම කැමතිවෙන්නෙ නැහැ. මේ අතරෙ හසීන් පතල් සමාගම සැම්බියාවේ පොස්පේට් නිධියක් මිළට ගැනීමේ ගණුදෙනුවට්කට සූදානම් වෙනවා. මේ ගණුදෙනුවට හසීන් සමාගමත් එක්ක කරට කර තරඟ කරන සිකොන් සමාගමත් ලංසු තියනවා. කොච්චර හොඳින් සේවය කරන්න උත්සහ කළත් අලුත් ආරක්ෂක නිළදාරිනියට සෝයි අකමැති නිසා සෑම් කොන්ත්‍රාත්තුව අවසන් කරලා ආපහු ගුවන්තොටුපළට යන අතර වාරෙ සෝයිගේ ඉල්ලීමට සෝයි නතරවෙලා ඉන්න ආරක්ෂිත නිවාසයේ රාත්‍රිය ගත කරන්න තීරණය කරනවා.

ඒත් ඒ රාත්‍රියේදි සෝයිටවත් සෑම්ටවත් සැනසීමෙන් නිදාගන්න ලැබෙන්නෙ නැහැ. නාඳුනන කණ්ඩායමක් ඇවිත් ඒ ආරක්ෂිත නිවාසයට පහරදීලා සෝයිව අල්ලගන්න උත්සහ කරනවා. කොහොම වුණත් සෑම්ගේ උදව්වෙන් සෝයිට එතනින් බේරිලා පැනගන්න පුළුවන් වෙනවා. එතනින් පැනලා ඇවිත් මේ දෙන්නා පාරේ යන පොලිස් මුර සංචාරක රථයකට ගොඩවෙන්නෙ පොලිස් මූලස්ථානයට ගිහින් සිද්දවුණු දේ ගැන කියන්න හිතාගෙන. ඒත් කබලෙන් ලිපට වැටුණා වගේ ඒ පොලිස් කාර් එකේ ඉන්නෙත් දූෂිත නිළදාරීන් පිරිසක්. ඒ අයත් සෝයි පොලිසියට එක්ක යනවා වෙනුවට වෙන තැනකට අරන් යන්න හදන බව සෑම් දැනගන්නවා. ඉතින් එතනදි පොලිසියෙන් බේරෙන්න මේ දෙන්නට ලොකු සටනක් දෙන්න සිද්දවෙනවා.

ඒ කලබලය අස්සෙදි සොයිගේ අතින් පොලිස් නිළදාරියෙක් මැරුම් කනවා. ඉතින් ඒ සිද්දියෙන් පස්සෙ පුද්ගලික ආරක්ෂකයෙක් විදිහට වගෙම ත්‍රස්ත විරෝදී විශේෂඥයෙක් විදිහට කාලයක් තිස්සෙ සේවය කරපු සෑම් දැනගන්නවා කාට හරි සෝයිව මරන්න ඕනිවෙලා තියෙන විත්තිය. තමන් පැටලිලා ඉන්න කරදරයෙන් බේරෙන්න රීමාගේ උදව් ඉල්ලගන්න සෝයි රීමාට කතා කළත් සෝයි ඝාතනයකට සම්බන්ධ නිසා සෝයිට උදව් කරන්න රීමා උනන්දු වෙන්නෙ නැහැ. රීමා වදවෙන එකම දේ වෙන්නෙ සැම්බියානු පොස්පේට් ගණුදෙනුව ගැන විතරයි. ඉතින් අන්තිමේදි සොයිගේ පිහිටට ඉතුරු වෙන්නෙ එපා කියල අහක දාන්න හදපු ආරක්ෂක නිළදාරිනිය, සෑම් විතරයි. එහෙනම් සෝයි, තමන් මේ පැටළිලා ඉන්න අවුල් ජාලාව සෑම්ගේ උදව්වෙන් ලිහාගන්නෙ කොහොමද කියල ඔයාලට චිත්‍රපටය බලද්දි දැනගන්න ලැබෙයි…

පහුගිය ජනවාරි 18 වැනිදා කාටත් මතක තියෙන දවසක්. ඒදා තමයි Netflix ලා Punisher දෙවැනි කතා සමය විකාශය කළේ. ඉතින් Close සිනමාපටයත් Netflix නාළිකාවෙන් විකාශය කළේ ජනවාරි 18 වැනිදා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ කාන්තා අධ්‍යක්ෂකවරියක් වන Vicky Jewson විසින්. තිර පිටපත් නිර්මාණය සිදුකරල තියෙන්නෙ Vicky Jewson සහ Rupert Whitaker දෙදෙනා විසින්. Sherlock Holmes: A Game of Shadows (2011), Prometheus (2012), Unlocked (2017), What Happened to Monday (2017) සහ Alien: Covenant (2017) වැනි සිනමාපට වලට රංගනයෙන් එක්වුණු පුද්ගලිකවම මම කැමතිම රංගණ ශිල්පිණියක් වන Noomi Rapace සමඟින් Olivia Jewson මෙම සලරුවේ ප්‍රධාන චරිත ද්විත්වයට රංගනයෙන් එක්වී තිබෙනවා. Action |Thriller සිනමා වර්ගීකරණයන්ට අයත් වන මෙම සිනමා නිර්මාණයට IMDb දර්ශකයේ 5.6/10 ක අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 39%ක මනාප ප්‍රතිශතයකුත් හිමිවී තිබෙනවා.

“You Have To Fight Back”

★★Destiny Is All★★
★★සියල්ල දෛවයයි★★

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත්  සඳහා අදාළ වේ.

7,075 downloadsDownload Close-2019.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉසුරු සම්පත් සිරිසේන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉසුරු සම්පත් සිරිසේන

Subtitles

7,075 downloadsDownload Subtitles28 KB

42 comments

  1. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata..
    Jaya wewa!

  2. sashan

    thanks machan el ela

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. malithmadhushan45

    බොහොම ස්තුතියි සබ් එකට

  5. Ravindu Rukshan

    Thx

  6. priyanthapremarathna

    thanks bro good job

  7. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේක download කරා විතරයි අද සබ් එකත් දීලා...

  8. sathya

    thanks, bro

  9. chandika1975

    thank you for a subtitle.

  10. ushan

    tnk you godak oyata

  11. ushan

    puluwannam china korean film tikakath denna plz.....

  12. Dilip_kumara

    Thanks sub ekata

  13. Kulanjana Maduranga

    subata thanks

  14. harshani11112

    ස්තුති ඉසුරු සහො

  15. තිසර නියෝ

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

  16. AsithaDilruwan

    Ela saho thanks

  17. indika75

    thanks..

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  19. Sandaru

    Thanks for sub.good luck bro

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  22. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  23. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  24. Pramukmili

    thanxxx bro.........

  25. sathya

    thanks brh

  26. Kelum.Ranasinghe

    Thanks

  27. Sajithlakshan

    thanks ...................

  28. sampath n perera

    oya sub denne kawadath honda film walata ne
    thanks........

  29. aks

    Thanks...

  30. Farmchemie_Roshan

    Thanks mchn....

  31. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  32. sanjeewakbg

    Thanks bro...

    1. krishantha1995

      TNx broo

  33. danumad

    Thanks sahodaraya. Samaharu film balanne loku prashna amathaka karanna. Ehema nethnm loku duk amathaka karanna. E wage ayata me sub wala watinakama samaharawita manasika abadayak berana tharam. e ayatawath eka notherunata e gena hithala sathutu wenna puluwan obathumalata

  34. sanjeewakbg

    thanks bro....

  35. krishantha1995

    Tnx

  36. Ash_CH

    Thnkz

  37. Kasunabayasekara

    Thanks bro

  38. wcr

    Thank You!

  39. nadushanguruge

    Thanks..brdr

  40. Supun_no

    thanks

  41. Sandun Dilaksha

    BluRay සබ් එක දාන්නකො Please