Watch Trailer

Maari 2 (2018) Sinhala Subtitles | නරකම දාමරිකයා නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

හැමෝටම ආයුබෝවන්…! ඔන්න අදත් ආවා තාරක නුවන් දිල්හාරත් එක්ක එකතුව ඔයාලා තවත් බලාගෙන සිටි චිත්‍රපටයක් අරගෙන. දෙසැම්බර් 21 කියන්නේ පහුගිය වසරේ සිනමාලෝලීන්ට උදාවුණු සුවිශේෂීම දවසක්. ඒ වෙන මොකක් නිසාවත් නොවේ. දෙසැම්බර් 21 වැනිදා ලෝකේ බොහෝ තැන් වල බොහෝ රිදීතීරයන්හි චිත්‍රපටයන් බොහොමයක් තිරගත වන්නට පටන් ගැ…

හැමෝටම ආයුබෝවන්…! ඔන්න අදත් ආවා තාරක නුවන් දිල්හාරත් එක්ක එකතුව ඔයාලා තවත් බලාගෙන සිටි චිත්‍රපටයක් අරගෙන. දෙසැම්බර් 21 කියන්නේ පහුගිය වසරේ සිනමාලෝලීන්ට උදාවුණු සුවිශේෂීම දවසක්. ඒ වෙන මොකක් නිසාවත් නොවේ. දෙසැම්බර් 21 වැනිදා ලෝකේ බොහෝ තැන් වල බොහෝ රිදීතීරයන්හි චිත්‍රපටයන් බොහොමයක් තිරගත වන්නට පටන් ගැනුණු දිනය වීමයි. ඉතින් අන්න ඒ දවසෙම නිකුත් වෙච්ච තවත් සුපිරිම චිත්‍රපටියක් තමයි මාරි 2 චිත්‍රපටිය කියන්නේ.  මාරි කියන්නේ දෙමල සිනමාවේ එන අතිශය ජනප්‍රිය චිත්‍රපටි මාලාවක්. ඉතින් මේ චිත්‍රපටි මාලාවේ පළමු වැන්න 2015 වසරේ ජූලි 17 වැනිදා බලාජි මෝහන්ගේ අධ්‍යක්ෂණයෙන් කල එලි බහින්නේ දමිල සිනමාවට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාව හට අද්විතීය සිනමා අද්දැකීමක් ලබාදෙමින්. එකල ඉන්දියානු රුපියල් කෝටි 20ක් වැය කරමින් නිපදවූ එම චිත්‍රපටිය ලොවපුරා තිරගතවීමෙන් ඉන්දියානු කෝටි රුපියල් 55ක ආදායමක් උපයාගනු ලැබුවේ ධනාත්මක විචාරක විවරණ සහ ඉහල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගනිමින්. පරවියන් පිලිබඳ දැඩි උනන්දුවකින් සහ පිරිසිදු ආශාවකින් පසුවන ග්‍රාමීය මැරයෙක් වටා ගෙතුණු කතාවක් සමගින් නිමවුණු එම චිත්‍රපටිය සඳහා රංගන දායකත්වය එක් කරනු ලැබුයේ ධනුෂ් සමගින් කාජල් අගර්වාල්. ඉතින් ඒත් සමගම ඉන්දියාවේ මෙන්ම ලංකාවේද අතිශයින් ජනප්‍රිය වූ මාරි චරිතය ඉන්දියානු සිනමාව ගැන උනන්දුවක් දක්වන අය අතර අද වනවිට නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතින් 2015 වසරේ ඔබේ පරිඝනක තිරයට මාරිව එක්කගෙන එන්න මටයි සඳුන් අයියටයි අවස්තාව ලැබුණා. අද වගේ මතකයි දෙන්නත් එක්ක එක රැයින් ගේම ගහලා සිංහල උපසිරැසි සමගින් ඔබ වෙත අරගෙන ආපු හැටි. ඉතින් එදා අපි දෙන්නට ඒ අවස්ථාව ලැබුණු එක ගැන අද වනවිට දෙන්නටම තියෙන්නේ හීන් ආඩම්බරයක්. ස්තුතිවන්ත වෙනවා මුලින්ම එය අපිට බාර දුන්නු ඇඩ්මින්වරුන්ට සහ අපව දිරිමත් කල සියලුම බයිස්කෝප්වාසින් හට එදා ඒ චිත්‍රපටයට ලබාදුන් ප්‍රතිචාර වෙනුවෙන්.

– Maari 2015 චිත්‍රපටයේ පෝස්ටරයක් –

ඉතින් එතනින් නොනැවතුණු බලාජි මෝහන් මහත්තයට මේ නරක දාමරිකයා නැවතත් රිදී තිරයට කැන්දගෙන එන්නට වුවමනා වෙනවා. ඉතින් එය යථාර්තයක් කර ගනිමින් ධනුෂ් ප්‍රමුඛ වොන්ඩබාර් ප්‍රඩක්ෂන් නිෂ්පාදනයෙන් මාරි චිත්‍රපට මාලාවේ දෙවැන්න සඳහා මුල් පියවර තබනු ලැබුවා. ධනුෂ් හට පහුගිය කාලයේ සිනමාව පැත්තෙන් ගෙවුනේ හොඳ කල දසාවක් නොවෙයි. මිනිස්සු අතරට යන්න පුළුවන් තරමේ වාණිජ චිත්‍රපටියක අඩුපාඩුවක් දනුෂ් හට පහුගිය කාලේ පෙන්නුම් කරනු දක්නට ලැබුණා. ඉතින් ඒ අඩුවත් පැත්තකින් තියාගෙන ධනුෂ්ගේ අයිකන් එකක් වගේ වෙච්චි මාරි චිත්‍රපටියේ දෙවැන්න නිපදවන්නට ධනුෂ් ප්‍රමුඛ වොන්ඩබාර් එක්කලා බලාජි මෝහන් වැඩ පටන් ගත්තේ දමිල සිනමාලෝලීන්ගේ හිත් වල තවත් බලාපොරොත්තුවකට ඉඟි එක්කරමින්. 2017 ජූලි 18 දින ඉහත ඡායාරූපය සමාජ ජාලා වෙත නිකුත් වීමත් සමගම මාරි කැරැක්ටර් එකට ආස කරපු හැමෝගෙම මුවට නැගුනේ මොකද්ද, කවද්ද, කවුද, කොහොමද, කියන ප්‍රශ්න වැල විතරයි, ඉතින් මේ හැමදෙයක්ම කුතුහලයක් ලෙස මාස දෙකක් පමණ පුරාවට තිබුණු අතර 2017 වසරේම සැප්තැම්බර් 28 දින මාරි දෙවැන්න සඳහා රංගන දායකත්වය සපයන නළු නිළියන්ගේ නාම ලේඛණය එලි දැක්වීමත් සමග මාරි රසිකයින් නැවතත් කැළඹේන්නට පටන් ගත්තා. 

– මාරි දෙවැන්නේ ප්‍රධාන චරිත නිරුපණය කරන නළු නිලියන් පිරිස. –

ඉතින් ඔන්න ඔය විදිහට මාරි රසිකයින්ගේ සිත් වල තිබු කැළඹීල්ල පහව යන්නට ගැනුනා. අවසානයේ ඉතිරි වූයේ මේ චිත්‍රපටිය මොන මල විනාසයක් කරාවිද කියන කුතුහලයයි. සුපුරුදු පරිදි මාරි නොහොත් ධනුෂ් එක්කලා වර්තමාන දකුණු ඉන්දියානු සිනමාවේම ප්‍රේක්ෂක ආදරය හීන් සීරුවේ සොරකම් කරමින් ඉන්න සායි පල්ලවී ප්‍රධාන චරිතය හැඩ කරන බව සැලවීමත් සමග ප්‍රේක්ෂකයින්ගේ සිත් වල තිබු උනන්දුව තව තවත් වැඩිවෙන්නට ගත්තා. ඒ කාලය වෙද්දී සායි පල්ලවී සිටියේ ප්‍රේමම් සහ ෆිදා චිත්‍රපටි වලින් ලැබූ ඉමහත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ රැඳී ඉඳිමින්. ඉතින් සායි පල්ලවීට අමතරව Yatchan(2015),Nibunan(2017)වැනි චිත්‍රපට වල රඟපෑ Krishna Kulasekara, ඊට අමතරව මලයාලි සිනමාවේ දක්ෂයෙකු වන Tovino Thomas, එමෙන්ම දකුණු ඉන්දියානු සිනමාවේ තවත් දක්ෂ නිලියක් වන  Varalaxmi Sarathkumarමේ සඳහා රංගන දායකත්වය සපයනු ලබනවා. ඊට අමතර පළමු චිත්‍රපටයේද මාරිගේ යහළුවන් දෙපල වූ සනිකෙලම් සහ අඩිතාන්ගි ගේ චරිත සඳහා මෙවරත් Robo ShankarසහKalloori Vinothරංගන දායකත්වය සපයනු ලබනවා.  The Naughtiest Don of our times is back! ලෙසින් තේමා ගන්වමින් ඔබ අප සැම බලාපොරොත්තුවෙන් සිටි මාරි චිත්‍රපටයේ පලමු පෝස්ටරය 2018 වසරේ ජනවාරි පළමුවැනි දින අන්තර්ජාලයට මෙලෙසින් එක් කරනු ලැබූ අතර චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඉන් මාස 12 කට පසු දෙසැම්බර් 8 වැනි දින අන්තර්ජාලයට මුදා හරිනු ලැබුවා.  ඉතින් 2018 වසර ආරම්භයේ පටන් දමිල සිනමාලෝලීන් මග බලා සිටි ඒ චිත්‍රපටිය අගෝස්තු මස රූගත කිරීම් අවසන් කරනු ලැබුවා. පහුගිය වසරේ දෙසැම්බර් 8 පූර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීමෙන් පසුව මා පෙර පැවසු පරිදිම දෙසැම්බර් 21 වැනිදා ලොවපුරා ජනප්‍රිය සිනමාපට රැසකට සමගාමිව මාරි 2 චිත්‍රපටයද තිරගත වීම ආරම්භ වූවා. ධනාත්මක විචාරක ප්‍රසාදය මතින් සාර්ථක ගමනක් ආරම්භ කල මාරි දෙවැන්න ඉතාමත් සාර්ථක අයුරින් සිනමාලෝලීන්ගේ හදවත් අතරට සමීප වූවා.  මෙසේ ලොවපුරා සිනමා චාරිකාව ආරම්භ කරපු ප්‍රේක්ෂක සිත් අතරට ඉක්මණින්ම යන්න ප්‍රධාන හේතුවක් තමයි චිත්‍රපටයේ සංගීතය. ඉන්දියානු සංගීතයේ පුරාවෘතයක් බඳු ඉලෙයරාජාගේ පුත් යුවන් ශංකර් රාජා අතින් නිමවුණු මාරි දෙවැන්නේ සංගීත සංකලනය චිත්‍රපටයට එක් කර තිබෙනුයේ සැබෑම අලංකාරයක්. ඔබ මේ වනවිටත් දන්නවා ඇති රසවිඳ ඇති මේ චිත්‍රපටය වෙනුවෙන් නිකුත් වුනු රවුඩි බේබි ගීතය. ඉතින් එය ඇතුළු ගීත තුනකින් සහ ආකර්ශනීය පසුබිම් සංගීතයකින් යුතු මේ සවුන්ඩ් ට්‍රැක් එක යුවන් ශංකර් රාජාගේ සංගීත දිවිය නවමු සන්ධිස්ථානයක් කරා රැගෙන යන්නට වූවා.  මේ දිනවල අතිශයින් ජනප්‍රිය වෙමින් පවතිනRowdy Babyගීතය ඔබටත් කොහේ හෝ තැනකදී අසන්නට ලැබෙන්න ඇති. ධනුෂ්ගේ පදවැල් වලින් සහ යුවන් ශංකර් රාජාගේ සංගීත සප්ත ස්වරයෙන් හැඩවුණු මේ ගීතය ධනුෂ් විසින්ම ගායනා කරන අතර එය මේ දිනවල යූ ටියුබ් ට්‍රෙන්ඩින් ලැයිස්තුව තුල උඩින්ම ඇත්තේ යුවන්ශංකර්-ධනුෂ් සංකලනය සහ ධනුෂ්-සායිපල්ලවී නර්තන සංකලනය රසිකයින්ගේ හිත් ටිකෙන් ටික ආකර්ෂණය කර ගනිමින්. ධනුෂ් සමග Dheekshitha Venkadeshan නොහොත් Dhee නම් ගායිකාවද මේ සඳහා තමන්ගේ හඬ එක්කර තිබෙන බැව් අමතක කරන්න බෑ. ඒ වගේම මේ ගීතයේ නර්තන අධ්‍යක්ෂණය ප්‍රභූදේවා විසින් තමයි සිදු කර තිබෙන්නේ. ඉතින් මේ මොහොත වනවිටත් මිලියන 140කටත් වැඩිය යූ ටියුබ් Views ප්‍රමාණයක් සහ මිලියන 1.3ක ලයික්ස් ප්‍රමාණයකට හිමිකම් කියන රවුඩි බේබි ගීතය මුලින්ම අන්තර්ජලයට නිකුත් වූයේ Lyrical Video එකක් විදිහට, එයද මිලියන 62ක නැරඹුම් වාර ගණනකට හිමිකම් කියන්නට සමත් වූයේ දකුණු ඉන්දියානු සිනමා සංගීත ඉතිහාසය අලුත් කරමින්. ඒ වගේම ඉලෙයරාජා ගායනා කරන Maari’s Anandhi ගීතයද ඉතාමත් සුපිරි මට්ටමක තිබෙන බව දකින්න ලැබෙනවා.  චිත්‍රපටය පුරාවට දක්ෂ රංගනයක සියලුම නළු නිලියන් නිරත වෙන බවක් අපිට දැකගන්න පුළුවන් මේ චිත්‍රපටියේදී. විශේෂයෙන්ම සායි පල්ලවීගේ නර්තනය අතිශය කැපී පෙනෙන අංගයක් වනවා.රවුඩි බේබි ගීතයේ ඇය ධනුෂ් සමග කරට කර එකිනෙකාට නොදෙවෙනි වෙමින් නර්තනයේ නිරත වන අතර එය ප්‍රේක්ෂකයා ගීතය පුරාවටම ආකර්ෂණය කරගැනීමට සමත් වනවා. ඒ වගේම මාරිගේ පන්ච්-ඩයලොග්ස් ද චිත්‍රපටයට එකතු කරන්නේ මාරම ගැම්මක්. ඒ වගේම ගංගාධාර් බීජා චරිතය නිරූපණය කරන Tovino Thomasද තමන්ගේ චරිතයට එකතු කර තිබෙන්නේ සැබෑම සාධාරණයක්. දමිල සිනමාවේ දක්ෂ දුෂ්ඨ චරිත ගොන්නට තවත් අයෙකු එක් වන හැඩක් හීනියට පෙන්නුම් කරනවා ඔහුගේ රංගනයෙන්. දෙසැම්බර් 21 වන දින ශාරුක් කාන්ගේ Zero, ජෙයම් රවීගේ Adanga Maru වගේ ඉන්දියානු චිත්‍රපටි කීපයක් සමගම සමගාමිව තිරගතවීම ආරම්භ කලද අනෙක් සියල්ලටම හොඳ අභියෝගයක් එල්ල කරමින් සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නට මාරි දෙවැන්න සමත් වන්නේ නොසිතු විරු අයුරින්. මුළු ආදායම සහ බජට් එක සම්බන්ධව තවමත් නිල වශයෙන් තොරතුරක් හොයාගන්නට නොමැති වුවත් වසරේ වාණිජ සිනමාවේ පෙරලියක් කරන්නට මාරි දෙවැන්න සමත් වනවා. ඒ වගේම විශේෂ දෙයක් තමයි ඔයාල දකින්න ඇති මාරි පලවෙනි චිත්‍රපටියේ ධනුෂ් පැළඳගෙන ඉන්න කණ්නාඩිය(සන්ග්ලාස්එක) ඉතින් ඔන්න ඔය කළු කණ්නාඩිය මාරි වෙනුවෙන්ම විශේෂයෙන් හදවපු එකක් කියලයි අහන්න ලැබුනේ. පලවෙනි චිත්‍රපටියට යොදාගත්තු ඒ කණ්නාඩි දෙක පරිස්සමට තියාගෙන ඉඳලා දෙවනි චිත්‍රපටිය වෙනුවෙනුත් පාවිච්චි කරා කියල තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒක මාරි චරිතය වෙනුවෙන් විශේෂ මිනුම් වලින් සමත් එකක් කියලයි සඳහන් වෙන්නේ. 

මේ චිත්‍රපටයේ සිංදු ටිකක් ලස්සනයි ඒ නිසා ඒ සිංදු වලට උපසිරැසි ගන්නවා ඇති අතර, කතාව ගැන නම් කියන්න වුනේ නෑ මොකද කතාව බලන්න පුළුවන් ඒත් මේ උඩ විස්තර ටික දෙමළ සිනමාව ගැන උනන්දු වෙන අයට වටිනවා. චිත්‍රපටය අරගෙනම බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD සහ Proper HD පිටපත් සඳහා අදාළ වේ.

74,069 downloadsDownload Maari.2.2018.Baiscopelk.com_.zip144 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍” සොහොයුරාට සහ සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER & BRONZE MEMBERS
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

74,069 downloadsDownload Subtitles144 KB

Part of the Maari collection — every film in order.

219 comments

  1. chanakahasitha

    Ela

    Reply
  2. Ray

    Ambbooooooooooooo

    Reply
  3. Kalpa Pabasara

    Thanks for the subtitle brothers.! Keep up the good work.!

    Reply
  4. pradeep hashan

    sub ekata thanks
    enakan maga balan hitiye

    Reply
  5. imesh98

    අයියේ danus ට වඩා පල්ලවී අක්කාගේ fan කෙනෙක් ආ....එනකම් බලන් හිටියේ..ඇඟිලි ගැන ගැන...දැම් මේ උදේ පාන්දර නොටිකේෂන් එක ආවා ගමන්..ආයේ මාරම happy . පට්ටම ආ......thank you soo much...ඉස්සරහටත් දිගටම උපසිරස කරන්න යන්න ජය...good luck

    Reply
  6. Demijr

    Thanks bn

    Reply
  7. Sasindu Dananjana

    අම්මෝ උදේ පාන්දර ඩෙටා on කරපු ගමන් ආපු Notification එක
    සබ් එකට තෑන්ක්ස් Bro❤️

    Reply
  8. Amilperera

    Thnks broo sub ekataa

    Reply
  9. Malindasadaruwan

    Tnq dennatama,ade pandara maari 2 download kara,dn blnna sub hoyddi tami notification eka awa,tnz hoda,mee wada digatama kragena ynna Good Luck

    Reply
  10. PaSindu MaDumal

    ගොඩක් මහන්සි වෙලා සබ හැදලා අපිට දුන්නට ගොඩක් තුති අයියලා දෙන්නා...වැඩියෙන්ම ආස ෆිල්ම් එකේ සින්දුවලත් පාට පාට අකුරින් හැඩවුණු සබ් එක තියෙනවා දැක්කම....අම්මේ....ඒ සතුට කොහෙන්වත් ගන්න බෑ...ආයෙමත් නිදි මරන් මේ වැඩේ ඉවර කරල අපේ බයිස්කෝප් රසිකයන්ට, අපිට දුන්නට...ආදරෙයි අහ්❤️

    Reply
    1. Meerachith

      aniwa machan... eeka etta

      Reply
  11. Sampath sandaruwan

    thanks sub ekata brola

    Reply
  12. Meerachith

    Godak Sthuthi.. Jayasri....

    Reply
  13. ramenabeysingha

    Thanx brosub 1k enakan maga balan hitiye❣

    Reply
  14. Nakan

    Mamath maga balagena hitapu film ekak . Thanks bro.

    Reply
  15. Thiwanka Mahesh Madusanka

    saba supiri...........jayawewa..........

    Reply
  16. Kungfuuu

    Thanks bto subekata

    Reply
  17. sandun@

    adarei❤❤

    Reply
  18. Nakan

    Mamath maga balagena hitapu film ekak . Thanks bro. Udenma dakkama notification eka mara happy.

    Reply
  19. mohansuraweera

    ela brooo

    Reply
  20. Surangaruwan

    IYe sub eka illuwe maari 2 eke, ada weddi dunna..
    Anna ekai biscopelk web site ekata api mechchara lan une.
    Wish you all the best Biscopelk team.
    We with you..

    Reply
  21. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi bros sub rkata supirima movie ekakneeee...

    Reply
  22. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි ......
    ජයවේවා ......

    Reply
  23. Dilshan Kelum

    THanks

    Reply
  24. Gathsara Umesh

    Bhooooooooom Sthuthi ❤️

    Reply
  25. dsdkavishka

    Thenks bro sub ekata, good job

    Reply
  26. tharidu16

    thanks. lipiyath ela.

    Reply
  27. arunasmunasinghe

    Thanks brother

    Reply
  28. Sanjeewa Kalpage

    Thanks for sub. Ela aaa

    Reply
  29. chanakabr

    thanx bro saahena dwsk bln hitiya sub ekk denkn ❤❤❤

    Reply
  30. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  31. lanka777

    Thanks

    Reply
  32. ranga11112

    dedenatama bohoma sthuthiy....theruwansaranai

    Reply
  33. malithmadhushan45

    බොහොම ස්තුතියි සබ් එකට

    Reply
  34. damith_janaranjana

    Thanks brothers

    Reply
  35. madhawa_max

    thank u very much brothers

    Reply
  36. Thilina.1

    Kawruhari mata meke balanna puluwan 720 hdrip hari bluray copy ekak ganna thanak kiyannako

    Reply
  37. ඔෂද ධනංජය

    thanx broo

    Reply
  38. DILEKA

    Thanks for the Sub

    Reply
  39. pansilu2014

    thanks bro sub ekata.baiskope hemadama num 1 thama

    Reply
  40. isuru srinath sjs

    නියමයි මචං.. sub eka baiscopelk ekenma denakan thamai balan hitiye.. ජයවේවා..❤️

    Reply
  41. lahiru..199

    Thanks

    Reply
  42. dedunu

    thanks bro....

    Reply
  43. dil_shan

    tnz bro sub ekata

    Reply
  44. santhusha319

    thanks bro

    Reply
  45. ranga1984

    Patta ...thaks a lot bro .

    Reply
  46. චාරුක ලක්ෂිත

    එනකන් යකො බලන් හිටියෙ...
    පහරක්...
    දිගටම මෙහෙම දාන්ඩො...
    ජය...

    Reply
  47. Kavindu Kawmina

    tanks bro enakan balan hitiye
    THANKS!!!!!!!!

    Reply
  48. Thisal

    thanks :)

    Reply
    1. vimukthipilot

      link eka evapan bn

      Reply
  49. Haritha245

    Thank you...!!!!!!

    Reply
  50. Sandunprabath1230

    Thanks සහෝ

    Reply

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.