හැමෝටම ආයුබෝවන්…! ඔන්න අදත් ආවා තාරක නුවන් දිල්හාරත් එක්ක එකතුව ඔයාලා තවත් බලාගෙන සිටි චිත්‍රපටයක් අරගෙන. දෙසැම්බර් 21 කියන්නේ පහුගිය වසරේ සිනමාලෝලීන්ට උදාවුණු සුවිශේෂීම දවසක්. ඒ වෙන මොකක් නිසාවත් නොවේ. දෙසැම්බර් 21 වැනිදා ලෝකේ බොහෝ තැන් වල බොහෝ රිදීතීරයන්හි චිත්‍රපටයන් බොහොමයක් තිරගත වන්නට පටන් ගැ…


– Maari 2015 චිත්‍රපටයේ පෝස්ටරයක් –
ඉතින් එතනින් නොනැවතුණු බලාජි මෝහන් මහත්තයට මේ නරක දාමරිකයා නැවතත් රිදී තිරයට කැන්දගෙන එන්නට වුවමනා වෙනවා. ඉතින් එය යථාර්තයක් කර ගනිමින් ධනුෂ් ප්‍රමුඛ වොන්ඩබාර් ප්‍රඩක්ෂන් නිෂ්පාදනයෙන් මාරි චිත්‍රපට මාලාවේ දෙවැන්න සඳහා මුල් පියවර තබනු ලැබුවා. ධනුෂ් හට පහුගිය කාලයේ සිනමාව පැත්තෙන් ගෙවුනේ හොඳ කල දසාවක් නොවෙයි. මිනිස්සු අතරට යන්න පුළුවන් තරමේ වාණිජ චිත්‍රපටියක අඩුපාඩුවක් දනුෂ් හට පහුගිය කාලේ පෙන්නුම් කරනු දක්නට ලැබුණා. ඉතින් ඒ අඩුවත් පැත්තකින් තියාගෙන ධනුෂ්ගේ අයිකන් එකක් වගේ වෙච්චි මාරි චිත්‍රපටියේ දෙවැන්න නිපදවන්නට ධනුෂ් ප්‍රමුඛ වොන්ඩබාර් එක්කලා බලාජි මෝහන් වැඩ පටන් ගත්තේ දමිල සිනමාලෝලීන්ගේ හිත් වල තවත් බලාපොරොත්තුවකට ඉඟි එක්කරමින්.
2017 ජූලි 18 දින ඉහත ඡායාරූපය සමාජ ජාලා වෙත නිකුත් වීමත් සමගම මාරි කැරැක්ටර් එකට ආස කරපු හැමෝගෙම මුවට නැගුනේ මොකද්ද, කවද්ද, කවුද, කොහොමද, කියන ප්‍රශ්න වැල විතරයි, ඉතින් මේ හැමදෙයක්ම කුතුහලයක් ලෙස මාස දෙකක් පමණ පුරාවට තිබුණු අතර 2017 වසරේම සැප්තැම්බර් 28 දින මාරි දෙවැන්න සඳහා රංගන දායකත්වය සපයන නළු නිළියන්ගේ නාම ලේඛණය එලි දැක්වීමත් සමග මාරි රසිකයින් නැවතත් කැළඹේන්නට පටන් ගත්තා.

– මාරි දෙවැන්නේ ප්‍රධාන චරිත නිරුපණය කරන නළු නිලියන් පිරිස. –
ඉතින් ඔන්න ඔය විදිහට මාරි රසිකයින්ගේ සිත් වල තිබු කැළඹීල්ල පහව යන්නට ගැනුනා. අවසානයේ ඉතිරි වූයේ මේ චිත්‍රපටිය මොන මල විනාසයක් කරාවිද කියන කුතුහලයයි. සුපුරුදු පරිදි මාරි නොහොත් ධනුෂ් එක්කලා වර්තමාන දකුණු ඉන්දියානු සිනමාවේම ප්‍රේක්ෂක ආදරය හීන් සීරුවේ සොරකම් කරමින් ඉන්න සායි පල්ලවී ප්‍රධාන චරිතය හැඩ කරන බව සැලවීමත් සමග ප්‍රේක්ෂකයින්ගේ සිත් වල තිබු උනන්දුව තව තවත් වැඩිවෙන්නට ගත්තා. ඒ කාලය වෙද්දී සායි පල්ලවී සිටියේ ප්‍රේමම් සහ ෆිදා චිත්‍රපටි වලින් ලැබූ ඉමහත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ රැඳී ඉඳිමින්. ඉතින් සායි පල්ලවීට අමතරව Yatchan(2015),Nibunan(2017)වැනි චිත්‍රපට වල රඟපෑ Krishna Kulasekara, ඊට අමතරව මලයාලි සිනමාවේ දක්ෂයෙකු වන Tovino Thomas, එමෙන්ම දකුණු ඉන්දියානු සිනමාවේ තවත් දක්ෂ නිලියක් වන Varalaxmi Sarathkumarමේ සඳහා රංගන දායකත්වය සපයනු ලබනවා. ඊට අමතර පළමු චිත්‍රපටයේද මාරිගේ යහළුවන් දෙපල වූ සනිකෙලම් සහ අඩිතාන්ගි ගේ චරිත සඳහා මෙවරත් Robo ShankarසහKalloori Vinothරංගන දායකත්වය සපයනු ලබනවා. The Naughtiest Don of our times is back! ලෙසින් තේමා ගන්වමින් ඔබ අප සැම බලාපොරොත්තුවෙන් සිටි මාරි චිත්‍රපටයේ පලමු පෝස්ටරය 2018 වසරේ ජනවාරි පළමුවැනි දින අන්තර්ජාලයට මෙලෙසින් එක් කරනු ලැබූ අතර චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඉන් මාස 12 කට පසු දෙසැම්බර් 8 වැනි දින අන්තර්ජාලයට මුදා හරිනු ලැබුවා.
ඉතින් 2018 වසර ආරම්භයේ පටන් දමිල සිනමාලෝලීන් මග බලා සිටි ඒ චිත්‍රපටිය අගෝස්තු මස රූගත කිරීම් අවසන් කරනු ලැබුවා. පහුගිය වසරේ දෙසැම්බර් 8 පූර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීමෙන් පසුව මා පෙර පැවසු පරිදිම දෙසැම්බර් 21 වැනිදා ලොවපුරා ජනප්‍රිය සිනමාපට රැසකට සමගාමිව මාරි 2 චිත්‍රපටයද තිරගත වීම ආරම්භ වූවා. ධනාත්මක විචාරක ප්‍රසාදය මතින් සාර්ථක ගමනක් ආරම්භ කල මාරි දෙවැන්න ඉතාමත් සාර්ථක අයුරින් සිනමාලෝලීන්ගේ හදවත් අතරට සමීප වූවා.
මෙසේ ලොවපුරා සිනමා චාරිකාව ආරම්භ කරපු ප්‍රේක්ෂක සිත් අතරට ඉක්මණින්ම යන්න ප්‍රධාන හේතුවක් තමයි චිත්‍රපටයේ සංගීතය. ඉන්දියානු සංගීතයේ පුරාවෘතයක් බඳු ඉලෙයරාජාගේ පුත් යුවන් ශංකර් රාජා අතින් නිමවුණු මාරි දෙවැන්නේ සංගීත සංකලනය චිත්‍රපටයට එක් කර තිබෙනුයේ සැබෑම අලංකාරයක්. ඔබ මේ වනවිටත් දන්නවා ඇති රසවිඳ ඇති මේ චිත්‍රපටය වෙනුවෙන් නිකුත් වුනු රවුඩි බේබි ගීතය. ඉතින් එය ඇතුළු ගීත තුනකින් සහ ආකර්ශනීය පසුබිම් සංගීතයකින් යුතු මේ සවුන්ඩ් ට්‍රැක් එක යුවන් ශංකර් රාජාගේ සංගීත දිවිය නවමු සන්ධිස්ථානයක් කරා රැගෙන යන්නට වූවා.
මේ දිනවල අතිශයින් ජනප්‍රිය වෙමින් පවතිනRowdy Babyගීතය ඔබටත් කොහේ හෝ තැනකදී අසන්නට ලැබෙන්න ඇති. ධනුෂ්ගේ පදවැල් වලින් සහ යුවන් ශංකර් රාජාගේ සංගීත සප්ත ස්වරයෙන් හැඩවුණු මේ ගීතය ධනුෂ් විසින්ම ගායනා කරන අතර එය මේ දිනවල යූ ටියුබ් ට්‍රෙන්ඩින් ලැයිස්තුව තුල උඩින්ම ඇත්තේ යුවන්ශංකර්-ධනුෂ් සංකලනය සහ ධනුෂ්-සායිපල්ලවී නර්තන සංකලනය රසිකයින්ගේ හිත් ටිකෙන් ටික ආකර්ෂණය කර ගනිමින්. ධනුෂ් සමග Dheekshitha Venkadeshan නොහොත් Dhee නම් ගායිකාවද මේ සඳහා තමන්ගේ හඬ එක්කර තිබෙන බැව් අමතක කරන්න බෑ. ඒ වගේම මේ ගීතයේ නර්තන අධ්‍යක්ෂණය ප්‍රභූදේවා විසින් තමයි සිදු කර තිබෙන්නේ. ඉතින් මේ මොහොත වනවිටත් මිලියන 140කටත් වැඩිය යූ ටියුබ් Views ප්‍රමාණයක් සහ මිලියන 1.3ක ලයික්ස් ප්‍රමාණයකට හිමිකම් කියන රවුඩි බේබි ගීතය මුලින්ම අන්තර්ජලයට නිකුත් වූයේ Lyrical Video එකක් විදිහට, එයද මිලියන 62ක නැරඹුම් වාර ගණනකට හිමිකම් කියන්නට සමත් වූයේ දකුණු ඉන්දියානු සිනමා සංගීත ඉතිහාසය අලුත් කරමින්. ඒ වගේම ඉලෙයරාජා ගායනා කරන Maari’s Anandhi ගීතයද ඉතාමත් සුපිරි මට්ටමක තිබෙන බව දකින්න ලැබෙනවා.
චිත්‍රපටය පුරාවට දක්ෂ රංගනයක සියලුම නළු නිලියන් නිරත වෙන බවක් අපිට දැකගන්න පුළුවන් මේ චිත්‍රපටියේදී. විශේෂයෙන්ම සායි පල්ලවීගේ නර්තනය අතිශය කැපී පෙනෙන අංගයක් වනවා.රවුඩි බේබි ගීතයේ ඇය ධනුෂ් සමග කරට කර එකිනෙකාට නොදෙවෙනි වෙමින් නර්තනයේ නිරත වන අතර එය ප්‍රේක්ෂකයා ගීතය පුරාවටම ආකර්ෂණය කරගැනීමට සමත් වනවා. ඒ වගේම මාරිගේ පන්ච්-ඩයලොග්ස් ද චිත්‍රපටයට එකතු කරන්නේ මාරම ගැම්මක්. ඒ වගේම ගංගාධාර් බීජා චරිතය නිරූපණය කරන Tovino Thomasද තමන්ගේ චරිතයට එකතු කර තිබෙන්නේ සැබෑම සාධාරණයක්. දමිල සිනමාවේ දක්ෂ දුෂ්ඨ චරිත ගොන්නට තවත් අයෙකු එක් වන හැඩක් හීනියට පෙන්නුම් කරනවා ඔහුගේ රංගනයෙන්. දෙසැම්බර් 21 වන දින ශාරුක් කාන්ගේ Zero, ජෙයම් රවීගේ Adanga Maru වගේ ඉන්දියානු චිත්‍රපටි කීපයක් සමගම සමගාමිව තිරගතවීම ආරම්භ කලද අනෙක් සියල්ලටම හොඳ අභියෝගයක් එල්ල කරමින් සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නට මාරි දෙවැන්න සමත් වන්නේ නොසිතු විරු අයුරින්. මුළු ආදායම සහ බජට් එක සම්බන්ධව තවමත් නිල වශයෙන් තොරතුරක් හොයාගන්නට නොමැති වුවත් වසරේ වාණිජ සිනමාවේ පෙරලියක් කරන්නට මාරි දෙවැන්න සමත් වනවා.
ඒ වගේම විශේෂ දෙයක් තමයි ඔයාල දකින්න ඇති මාරි පලවෙනි චිත්‍රපටියේ ධනුෂ් පැළඳගෙන ඉන්න කණ්නාඩිය(සන්ග්ලාස්එක) ඉතින් ඔන්න ඔය කළු කණ්නාඩිය මාරි වෙනුවෙන්ම විශේෂයෙන් හදවපු එකක් කියලයි අහන්න ලැබුනේ. පලවෙනි චිත්‍රපටියට යොදාගත්තු ඒ කණ්නාඩි දෙක පරිස්සමට තියාගෙන ඉඳලා දෙවනි චිත්‍රපටිය වෙනුවෙනුත් පාවිච්චි කරා කියල තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒක මාරි චරිතය වෙනුවෙන් විශේෂ මිනුම් වලින් සමත් එකක් කියලයි සඳහන් වෙන්නේ.
මේ චිත්‍රපටයේ සිංදු ටිකක් ලස්සනයි ඒ නිසා ඒ සිංදු වලට උපසිරැසි ගන්නවා ඇති අතර, කතාව ගැන නම් කියන්න වුනේ නෑ මොකද කතාව බලන්න පුළුවන් ඒත් මේ උඩ විස්තර ටික දෙමළ සිනමාව ගැන උනන්දු වෙන අයට වටිනවා. චිත්‍රපටය අරගෙනම බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD සහ Proper HD පිටපත් සඳහා අදාළ වේ.
74,044 downloadsDownload Maari.2.2018.Baiscopelk.com_.zip144 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන්” සොහොයුරාට සහ සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER & BRONZE MEMBERS
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
219 comments
chanakahasitha
Ray
Ambbooooooooooooo
Kalpa Pabasara
Thanks for the subtitle brothers.! Keep up the good work.!
pradeep hashan
sub ekata thanks
enakan maga balan hitiyeimesh98
අයියේ danus ට වඩා පල්ලවී අක්කාගේ fan කෙනෙක් ආ....එනකම් බලන් හිටියේ..ඇඟිලි ගැන ගැන...දැම් මේ උදේ පාන්දර නොටිකේෂන් එක ආවා ගමන්..ආයේ මාරම happy . පට්ටම ආ......thank you soo much...ඉස්සරහටත් දිගටම උපසිරස කරන්න යන්න ජය...good luck
Demijr
Thanks bn
Sasindu Dananjana
අම්මෝ උදේ පාන්දර ඩෙටා on කරපු ගමන් ආපු Notification එක
සබ් එකට තෑන්ක්ස් Bro❤️Amilperera
Thnks broo sub ekataa
Malindasadaruwan
Tnq dennatama,ade pandara maari 2 download kara,dn blnna sub hoyddi tami notification eka awa,tnz hoda,mee wada digatama kragena ynna Good Luck
PaSindu MaDumal
ගොඩක් මහන්සි වෙලා සබ හැදලා අපිට දුන්නට ගොඩක් තුති අයියලා දෙන්නා...වැඩියෙන්ම ආස ෆිල්ම් එකේ සින්දුවලත් පාට පාට අකුරින් හැඩවුණු සබ් එක තියෙනවා දැක්කම....අම්මේ....ඒ සතුට කොහෙන්වත් ගන්න බෑ...ආයෙමත් නිදි මරන් මේ වැඩේ ඉවර කරල අපේ බයිස්කෝප් රසිකයන්ට, අපිට දුන්නට...ආදරෙයි අහ්❤️
Meerachith
aniwa machan... eeka etta
Sampath sandaruwan
thanks sub ekata brola
Meerachith
Godak Sthuthi.. Jayasri....
ramenabeysingha
Thanx brosub 1k enakan maga balan hitiye❣
Nakan
Mamath maga balagena hitapu film ekak . Thanks bro.
Thiwanka Mahesh Madusanka
saba supiri...........jayawewa..........
Kungfuuu
Thanks bto subekata
sandun@
adarei❤❤
Nakan
Mamath maga balagena hitapu film ekak . Thanks bro. Udenma dakkama notification eka mara happy.
mohansuraweera
ela brooo
Surangaruwan
IYe sub eka illuwe maari 2 eke, ada weddi dunna..
Anna ekai biscopelk web site ekata api mechchara lan une.
Wish you all the best Biscopelk team.
We with you..Prabodha Madhusankha Hettiarachchi
Sthuthi bros sub rkata supirima movie ekakneeee...
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි ......
ජයවේවා ......Dilshan Kelum
THanks
Gathsara Umesh
Bhooooooooom Sthuthi ❤️
dsdkavishka
Thenks bro sub ekata, good job
tharidu16
thanks. lipiyath ela.
arunasmunasinghe
Thanks brother
Sanjeewa Kalpage
Thanks for sub. Ela aaa
chanakabr
thanx bro saahena dwsk bln hitiya sub ekk denkn ❤❤❤
Eranda Malith 2.0
බොහොම ස්තූතියි සහෝ
lanka777
Thanks
ranga11112
dedenatama bohoma sthuthiy....theruwansaranai
malithmadhushan45
බොහොම ස්තුතියි සබ් එකට
damith_janaranjana
Thanks brothers
madhawa_max
thank u very much brothers
Thilina.1
Kawruhari mata meke balanna puluwan 720 hdrip hari bluray copy ekak ganna thanak kiyannako
ඔෂද ධනංජය
thanx broo
DILEKA
Thanks for the Sub
pansilu2014
thanks bro sub ekata.baiskope hemadama num 1 thama
isuru srinath sjs
නියමයි මචං.. sub eka baiscopelk ekenma denakan thamai balan hitiye.. ජයවේවා..❤️
lahiru..199
Thanks
dedunu
thanks bro....
dil_shan
tnz bro sub ekata
santhusha319
thanks bro
ranga1984
Patta ...thaks a lot bro .
චාරුක ලක්ෂිත
එනකන් යකො බලන් හිටියෙ...
පහරක්...
දිගටම මෙහෙම දාන්ඩො...
ජය...Kavindu Kawmina
tanks bro enakan balan hitiye
THANKS!!!!!!!!Thisal
thanks :)
vimukthipilot
link eka evapan bn
Haritha245
Thank you...!!!!!!
Sandunprabath1230
Thanks සහෝ
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Ela