Watch Trailer

Close Encounters Of The Third Kind (1977) with Sinhala Subtitles | විශ්වයේ අප හුදෙකලා නැත! [සිංහල උපසිරැසි සමඟ]

මගේ හයවන උපසිරැසි නිර්මාණය සමඟ මෙවර ඔබ වෙත ගෙන එන්නෙ වෙනස්ම ආකාරයක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. ඒ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Steven Spielberg විසින් 1977 දි අධ්‍යක්ෂණය කළ, විශිෂ්ඨ ගණයේ සිනමා නිර්මාණයක් වන Close Encounters Of The Third Kind නම් චිත්‍රපටයයි. ලොව පුරා විවිධ ස්ථානවල වාර්තා…

Close Encounters of the Third Kind (1977)

මගේ හයවන උපසිරැසි නිර්මාණය සමඟ මෙවර ඔබ වෙත ගෙන එන්නෙ වෙනස්ම ආකාරයක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. ඒ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Steven Spielberg විසින් 1977 දි අධ්‍යක්ෂණය කළ, විශිෂ්ඨ ගණයේ සිනමා නිර්මාණයක් වන Close Encounters Of The Third Kind නම් චිත්‍රපටයයි. ලොව පුරා විවිධ ස්ථානවල වාර්තා වුණු පිටසක්වල ජීවීන් සම්බන්ධ සිදුවීම් කිහිපයක් පදනම් කරගෙන ගොඩ නඟපු කතාවක් තමයි මේ චිත්‍රපටය තුල අන්තර්ගත වෙන්නෙ. IMDb දර්ශකයෙ 7.7/10 ක් ලබාගෙන ඇති Close Encounters Of The Third Kind චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ක වියදමින් නිෂ්පාදනය වුණා. එය ඉපැයූ මුළු ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 116 ඉක්මවා යනවා.

මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා:
Richard Dreyfuss – රෝයි නියරි ලෙස
Teri Garr – රොනී නියරි ලෙස
Melinda Dillon – ජිලියන් ගයිලර් ලෙස
Francois Truffaut – ක්ලෝඩ් ලැකෝම්බ් ලෙස

කතාව පටන් ගන්න හැටි පොඩ්ඩක් දැනගනිමු එහෙනම්. 1945 දී අතුරුදන් වූ බවට වාර්තා වුනු ගුවන් යානා සමූහයක්, 1977 දී මෙක්සිකෝවේ සොනේරා කාන්තාරයෙන් හමුවෙයි. වසර 30 කට අධික කාලයක් ගත වූවද ඒ යානා අළුත් පෙනුමක් සහිතව දකින්නට ලැබේ. මුහුද මැද දී අතුරුදන් වීමට ලක්වන COTOPAXI නෞකාව හිටි හැටියේ මොන්ගෝලියාවේ ගෝබි කාන්තාරය මධ්‍යයෙන් හමුවෙයි.

ඒවා එම ස්ථාන වලට ගෙනැවිත් දැමුවේ කවුද?
කිසිවෙකුගේ ඇස නොගැටී ඒවා එතැනට ගෙනැවිත් දැමුවේ කෙසේද?

හඳුනානොගත් පියාසර වස්තුවක් සමඟ සමීප හමුවීමකට පසුව, කේබල් කාර්මිකයෙකු වන රෝයි නියරි හට මුහුණ දීමට සිදුවන්නේ අද්භූත සිදුවීම් මාලාවකටයි. කිසියම් සිදුවීමක් හා බැඳුණු අද්භූත ස්ථානයක් වරින් වර දකින ඔහු, සිහි මුළා ගතියකින් මෙන් තමාට හමුවන විවිධ අමුද්‍රව්‍ය වලින් එම ස්ථානය ආකෘතිකව නිර්මාණය කිරීමට උත්සාහ දරයි. යළිත් පියවි සිහියට එලඹුනත් ඔහුට ඒ ස්ථානය කුමක් දැයි වැටහීමක් නැත. එයින් ඔහුගේ සාමාන්‍ය සාමකාමී ජීවන රටාව උඩුයටිකුරු වන අතර, ඔහුගේ බිරිඳ, රොනී නියරි මෙය ඉවසා ගැනීමට නොහැකි තැන දරුවන් ද රැගෙන නිවස හැර යයි.

අහසින් ආ දීප්තිමත් එළියක් සමඟ තම දරුවා පැහැර ගැනීමට ලක්වන මවක වන ජිලියන් ගයිලර් කෙසේ හෝ තම දරුවා සොයා ගැනීමට උත්සාහ දරයි. වරින් වර අතට අසුවන දෙයින් කොළවල කුරුටු ගෑමට පුරුදු වන ඇය නොදැනුවත්ව මෙන් චිත්‍රයට නඟා ඇත්තේ ද රෝයි විසින් අඳින ලද ස්ථානයමය!

අහම්බෙන් මෙන් ඔවුනට රූපවාහිනියෙන් දකින්නට ලැබෙන්නේ කුමක්ද?
ජිලියන් හට තම අතුරුදන්වූ දරුවා සොයාගැනීමට හැකිවේවිද?
ආරක්ෂක අංශ සහ රජය මහජනතාවගෙන් වසන් කරන රහස කුමක් ද?

මේ ප්‍රශ්න හැම එකකටම පිළිතුරු අවශ්‍ය නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා!! මුල ඉඳන් අගටම කුතුහලයෙන් යුතුව නරඹන්න පුළුවන් හොඳ චිත්‍රපටයක්. මේක බලනකොට නම් 1977 දි හදපු පරණ චිත්‍රපටයක් කියන එක ඔබට අමතක වෙන්න පුළුවන්. ඔන්න එහෙනම් මේකත් බාගෙන බලන්නකො… 🙂 🙂 🙂

Close Encounters Of The Third Kind (1977) on IMDb

 

 

752 MB (720p BR) මෙතනින් බාගන්න

bbea2f37d8ea282b9803b4a0fce53ad4ddf227ab

2.05 MB (1080p BR) මෙතනින් බාගන්න

88EC25AABB989BCAD71FCBA2E1991F924E509866 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,378 downloadsDownload Close-Encounters-Of-The-Third-Kind-1977-with-Sinhala-Subtitles.zip78 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,378 downloadsDownload Subtitles78 KB

25 comments

  1. Chami.S

    Thanks 4 the sub...
    Good Luck...!!!

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

  3. Pramudaya Lal

    ela wadak sahoo digatama demu

  4. Sajith Anthony

    Steven Spielberg Film නම් අනිවා බලන්වා
    සබ් එකට ගොඩාක් ස්තුතියි
    ජය වේවා

  5. yasitha

    ammata udu supiri movie ekakne...sci-fi films aliens lage ewa balanna asa aya meka nam atharinnepa...dan ena daha jarawal wage neme..mama meka gena net eke godak dekala thiyenawa..balannama oni kiyala hithan idapu movie ekak..maxxa bro...thanks hode.....

  6. Lakshan

    ස්තුතියි අය්යේ සබ් එකට

  7. Nishadi Wickrama

    tnx

  8. Kulanjana Maduranga

    niayamai…thanks PRABUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. ROKIya බන්....

    patta bn thanxxxxxxxxxxxxxxxxxxx

  10. Amila Mudalige

    thank you

  11. Tharaka

    මේක ලෝකේ බිහිවෙච්ච හොඳම චිත්‍රපටයක්. සබ් වලට බොහෝම ස්තූතියි! මේ වගේ හොඳම ෆිල්ම් එකක් නිසා ඕන් මාත් බාන්න දැම්මා, 1080p ෆිල්ම් එකම.

  12. Tharaka

    ඔයාට පුළුවන්නම් සහෝ The Black Hole (1979), Silent Running (1972) වැනි චිත්‍රපට වලටත් සබ් දෙන්න. ස්තූතියි!

  13. රොයිලි

    බොහොම ස්තූතියි කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. නලින් පෙරේරා

    ස්තූතියි වේවා කේසර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  15. asitha

    මට නිකමට මතක් උනා මේ ෆිල්ම් එක බලන්න ඇත්නම් කියලා.
    ඒත් එතකොටම මතක් උනා මේකට සිංහල සබක් නෑ කියලා.
    මෙන්න බොලේ දීලා.එල වැඩක් සහෝ.

  16. කසුන්

    මේකට කොමන්ට් එකක් නොදා බැහැ !!! මොකද මම පුංචි කාලේ මේ ෆිල්ම් එක බැලුව මතකයි ,මේ වෙනකං හෙව්වත් මට ෆිල්ම් එක හොයාගන්න බැරි උනා !! කතාව විතරයි මතක තිබුනේ !! බොහොම ස්තුතියි සහෝ සබ් ඇරුනහම මේ ෆිල්ම් එක ගෙනාපු එකම ගොඩක් වටිනව !! ක්ලැසික් දිගටම කරන්න !! මොකද ඒවත් එක්ක හැදුණු වැඩුණු අපිට ආපහු ඒවා බලද්දී දැනෙන්නෙ මාරම ෆීලින් එකක් !! ආයෙත් බොහොම ස්තුතියි සහෝ !!

  17. nidi

    Prabuddha, thank karanna wachana madi. hoya hoya hiti film ekakata oya subs deela thiyenne. niyamai. baiscope site ekatai, oyala wage eka rasa karana hemotamai newathath lokuma loku thank ekak!

  18. Udara Damith B\K

    බොහොම ස්තූතියි

  19. Waruna Kamalawansha

    ස්පිල්බර්ගේ නිර්මාණයක් නම් බලන්නම වෙනවා...... බොහෝම ස්තූතියි උපසරැසියට

  20. Eranga

    Matanam hitahagannath ba 1977 me wage movie ekak haduwa kiyala kohoma unath thanks upasirasata làssana movie eka

  21. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  22. ගිහාන් ප්‍රමුදිත

    බොහෝම ස්තූතියි සහෝ...! :twisted: :mrgreen: ❤

    පුළුවන් නම්, Color Out of Space (2019 ‧ Horror/Sci-fi ‧ 1h 51m) movie එකටත් subtitles දෙන්නකෝ...

  23. Nirosha

    Thank you

  24. Mano

    Godak sthuthi.. Jaya wewa!

  25. sanuk

    Thanks for the Great film

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.