2013 පෙබරවාරි මාසේ 13 වැනිදා ආරම්භ කරමු පිස්සු වැඩක් අද වෙනකොට 150 වැනි කඩයිම දක්වා ඇවිත්. වසර තුනකට වඩා කාලයක් නම් ගත වෙලා තියනවා හැබැයි කියන්න ඕනේ දැනුනෙවත් නැහැ. මුල් කාලේ උපසිරැස කරන්න පිස්සුව වැඩි කල අපේ විකියට හද පුරා ස්තුතිවන්ත වෙනවා මෙතනට එන්න අඩිතාලම දැම්මට. ඔය එකක්ම බයිස්කෝප් මාමා තමයි කො…

2013 පෙබරවාරි මාසේ 13 වැනිදා ආරම්භ කරමු පිස්සු වැඩක් අද වෙනකොට 150 වැනි කඩයිම දක්වා ඇවිත්. වසර තුනකට වඩා කාලයක් නම් ගත වෙලා තියනවා හැබැයි කියන්න ඕනේ දැනුනෙවත් නැහැ. මුල් කාලේ උපසිරැස කරන්න පිස්සුව වැඩි කල අපේ විකියට හද පුරා ස්තුතිවන්ත වෙනවා මෙතනට එන්න අඩිතාලම දැම්මට. ඔය එකක්ම බයිස්කෝප් මාමා තමයි කොයි වෙලේ අමාරුවේ වැටුනත් පිහිටට ඉන්නේ, ඒ වගේම අනික් කෙනා තමයි අපේ 001 උත්තමයා බොහොම ස්තුතියි දෙන්නටම මේ තරම් කලක් දැක්වූ සහයෝගයට. අනික් මතක් කල යුතුම කෙනා තමයි අපේ BA උපාධියක් හිමි ශාන් විමුක්ති… මේකා නැත්නම් මම පටන් ගත්ත කතා භාගයක් මග, මම මොකක් ගත්තත් පස්සේ අදින්න ඉන්නේ විමා තමා, බුකියේ මොනවා කියලා බයිට් කොලත් බල්ලා වගේ අහගෙන සබ් එක කරලා දෙනවා. ඒ වගේමයි අද අපි නතර නැතත් හැමදාම නිහඬ සේවයක් කල අපේ වාසල අයියා. ඔය කස්ටිය එකක්ම සිරියා, දිනිදු අයියා, ඩොකා, තිසාහාමි, අපේ හිතාදර නලින් අයියා, මහසෝනා මලයා, ජෝනා, පුසා, ඒ වගේම අපේ තිසර කොල්ලා, කැලුම් අයියා, ඩිලා, සදුනා වගේ බොහොම පිරිසක් ඉන්නවා මතක් කරන්න. අනේ තව පිරිසක් අමතක වුනා නෙමෙයි ඔක්කොම ලියන්න ගියොත් ලිපියේ වෙන් ඉඩක් නැති වෙනවා. මුන් ටික කිව්වේ නැත්නම් කනක් ඇහිලා ඉන්න නැති වෙන නිසා. උඹලගේ කාටවත් මම නොදන්නවයි…. 🙁
ඔය හැමෝම වගේම මේ ඔක්කොටම මුල්‍යමය ආදාරය් දක්වන මව හා පියා අමතක කරනන් බැහැ. බොහොම පින් ඒ දෙන්නට. ඒ ගමන්ම කියන්න ඕනේ මම මේක පටන් ගත්ත කාලේ වගේ නෙමෙයි දැන් උපසිරැස කරන පිරිස වැඩි, භාගත කරන පිරිස වැඩි ඒ වගේම අපි කරන උපසිරැස ප්‍රමාණයත් වැඩි. නමුත් වැටෙන කමෙන්ට් ප්‍රමාණය නම් අන්තිම සවුත්තුයි. ඒ වගේමයි හොඳ නාට්‍යමය කතාවක් කලොත් බාගත කරනා පිරිසත් බොහොම අල්පයි… ඉතින් එහෙම කාලෙක අපේ උපසිරැසකරුවන් ඔක්කොටම හිස නමා අචාර කරමින් හැරෙමු චිත්‍රපටය දිහාවට.

2000 වසරේ නිර්මාණය වුන අතිවිශිෂ්ටම සිනමා පටයක් වන Crouching Tiger, Hidden Dragon තමයි ඒ වසරේ හොඳම විදෙස් චිත්‍රපටය ඇතුළු ඔස්කා සම්මාන 4ක් දිනාගන්න සමත් වුනේ. ඉතින් වසර 16 ක් ඇවෑමෙන් සෘජු නෙට්ෆ්ලික්ස් ඉදිරිපත් කිරීමක් ලෙස තමයි මේ එම කතාන්තරයේ දෙවැනි දිගහැරුම අපි වෙත එන්නේ. මෙවර අධ්‍යක්ෂණය Woo-Ping Yuen අතින්, කලින් වතාවේ වගේම මෙවරත් Du Lu Wang අතින් රචිත ග්‍රන්ථය ථංඅයිඑ මේ සඳහා පාදක කරගෙන තියෙන්නේ.
මේ වනකොට IMDB දර්ශකයේ 6.3 ක අගයක් ලබාගෙන තියන මේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටය ඊට අමතරව වික්‍රමාන්විත, ෆැන්ටසි හා නාට්‍යමය කියන කාණ්ඩයන් නියෝජනය කරනවා. කලින් වතාවේ උණගස් උඩ ඇවිදිමින්, පියාඹමින් කල සරඹ මෙවරත් ඕනවට වඩා බලාගන්න හැකි ඔබට. කොහොමත් ඉතින් මෙවැනි චිත්රපටිවැල ක්රියාමද අඩුවක් නැහැ නෙව.
මෙවර ගිය වතාවේ නළු නිළියන්ගෙන් නැවත එන්නේ Michelle Yeoh පමණයි ඒ ඇය කලින් රංගනයේ යෙදුන යූ ෂූ ලියන් චරිතය වෙනුවෙන්මයි. මෙවර ඊට අමතරව Donnie Yen (IP Man සිනමා පට පෙලේ වීරයා), Harry Shum Jr., Natasha Liu Bordizzo වගේම තවත් විශාල පිරිසක් එක්කාසු වෙනවා. ධානව කාලය වෙන්නේ පැය 1 මිනිත්තු 40ක්. දැන් හැරෙමු කතාව පැත්තට.
කලින් චිත්‍රපටයෙන් කලක් ගත වෙලා දැන්, මේ වෙනකොට ලී මූ බායි මියගිහින්, ඒ වගේමයි ටියා උතුමාණනුත්, ඔහුගේ අවමංගල්‍ය වෙනුවෙන් සහභාගී වෙන්න දැන් හුදෙකලා ජිවිතයක් ගෙවන ෂූ ලියන් එනවා නැවතත් ටියා නිවස වෙත. නමුත් අතර මග දී ඇයට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඇය ලේසියෙන්ම ඒ පිරිසට තනියම පහර දෙනවා විතරක් නෙමෙයි දිනනවා, මේ ප්‍රහාරයෙන් එක චරිතයක් කැපී පේනවා. කොහොම හරි ඇය සමත් වෙනවා ටියා නිවස වෙත යන්න එතකොට තමයි මේ ප්‍රදේශය හොල්ලන් ඉන්න ලෝටස් නම් සංවිධානයක් ගැන දැනගන්න ලැබෙන්නේ ඇයට. ඔවුන් ඇයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ වෙන විට නැති වෙලා යි ප්‍රසිද්ධ ලී මූ බායිගේ අසිපත හොරාගන්න ඔවුන් උත්සහ කරනකම්.
පලාවන් දෛවය හැටියට නම් ලද ඒ අසිපත යොදාගෙන සටන් කල කිසිවෙන් මෙතෙක් සටනකින් පරාජය වෙලා නැහැ, ඒක නිර්මාණය කරලා තියෙන්නේ පුරාණයේ නැතිවී ගිය ශිල්ප ක්‍රමයක් භාවිතා කරලා. ලෝටස් නායකටා වෙන ඩයි මේක ලබාගන්න තමයි උත්සාහය. ඉතින් මේ එක්කම ලියන් හට තවත් සිත් ගන්නා චිතයක් ඇදුනා ගන්න ලැබෙනවා. ඒ චරිතය තනිකරම නිදාන කතාවක්. ඒ වගේම මෙතෙක් මිය ගියා යැයි හිතන කෙනෙක් එනවා කතාවට.
ඒ එන්නේ කවුද ? අවසානයේ අසිපතට මොකක් වේවි ද? ලෝටස්වරුන් සටනින් ජය ගනීවි ද? මේ ඔක්කොම බලාගන්න ඔබට බාරයි දැන්. විශේෂයෙන් ස්තුතියිවන්ත වෙන්න ඕනේ විමාට මේක එයා වෙන්කරගත්ත චිත්‍රපටයක් මට 150 වෙනුවෙන් දෙන්න ලග පාත එකක් නොතිබ්බ නිසා ඉල්ලු පමාවෙන් මට මේක දුන්නට බොහොම ස්තුතියි එහෙනම්. එහෙනම් මේ සතියේ බෙවුල්ෆ් කොටසින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය වේවා.
15,899 downloadsDownload Crouching-Tiger-Hidden-Dragon-Sword-of-Destiny-2016.zip175 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
91 comments
LAhiru
Pasindu
Thanx...Thanx...Thanx...Thanx...Thanx...Thanx...Thanx...Thanx...
PJ
Thax.
නලින්
150ක් වෙනකල් මේ ක්‍රියාවලියේ නියැලෙන එකත් එච්චර ලෙසි පහසු නැහැ නේව, අපි නොදන්නා මිනිසුන්ගේ රසවින්දන වෙනුවෙන් මේ කල මෙහෙයුම අති විශිෂ්ඨයි. ඉදිරි කඩයිම් ටිකත්, එවගේම ජිවිතයේ සියළුම කඩ ඉම් සමිර මල්ලිට අභියෝග නොවේවා. සැම සියල්ලම ඉතාම පහාසුවෙන් ජය ගන්න මේ පිනම ඇති. ජය වේවා!
Lahiru
supiri film eka....
Thanks........මධුකප්‍රිය පෙරේරා
හම්මේ 150ක් උපසිරසි කළා කිව්වම සෙල්ලමක් ඈ..
අවුරුදු තුනක් එකදිගට අල්ලාගෙන ඉදපු එකම මදැයි...
උපසිරසි 150කින් වසර තුනක් කීදෙනෙක්ගේනම් හිත් සතුටු වෙන්න ඇතිද.
නියමයි සහෝ.ඉක්මනට 200 කඩඉමටත් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
උපසිරසියට තුති.ඉදිරියටත් උපසිරසි කිරීමට අවශ්‍ය කාලය හා ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා.tharindu madushanka
thanks thanks
Dushan
උපසිරසියට ස්තුතියි.තව තවත් උපසිරසි කරන්න ලෑබේවා.
එල්.සී. දමැල්
150 සුභ පැතුම් සමීර අයියේ... :)
එහෙනම් මීටත් වඩා වේගයකින් 200න් හම්බ වෙමු... :D
ජය...JM Mahinda
thanks bro :)
asitha
ela
jaya wewa!!!!ඉසුරු දිල්ශාන්
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ!
ඒවගේම 150 කඩයිමට හදවතින්ම සුභ පතනවා!
ඊලගට 200නේ?
ජය!!!!!!!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015me film walatath sub denna please….
සුරේෂ් ජයතිලක
ඔන්න 150ට මගෙනුත් උණුසුම් සුභ පැතුම් සමීරයො ! :-) ඉක්මනටම 200ත් ගහන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව :D
දිල්ශාන් සචින්ත(සචී)
200ත් ගහමු ඉක්මනටම.....සුබපැතුම්.ජයවේවා.
Ishan
Good luck saho... digatama sub damu...
කේ.යූ.ජී. උදාර
150 ට ඔන්න මගෙනුත් සුබ පැතුම්............
දිගට ම මේ වැඩේ කරගෙන යමු. සිංහල සබට බොහොම ස්තූතියි සමීර......Global
Congratulation Bro....!
Macbeth 2015 Movie ekata sub denna barida Bro.....Darshana
සින්හල සුබ් එකට ස්තුතියි සහෝ.. 150 සබ් එකට සුබ පැතුම් ..
geeth
150 සුභ පැතුම්
200න් හම්බ වෙමු…
ජය…devinda
mcn hada piri meuwa eka magen.elzzzzzz.kynna vachana na bro.gdk pin.
prasanna
supire machan
Chämàrá Sâmpáth
150 වෙනි උපසිරැසි ගැන්වීම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා සමීර අයියේ.
ඒවගේම උපසිරැසියට ගොඩක් තුති.
එහෙනම් 200 වෙනි කඩයිම්ට ලගා වෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා වගේම දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය කාලය ලැබේවා....
ජය වේවා..!!!හේමන්ත
Thanks... සුභ පැතුම්..
sanj7
Jaya wewa thanx
pradeep
thanks bro, keep it up!!!
ලහිරු චානක
එළ සමීරයෝ. 150ක් ගැහුවා එහෙනම්. ජය වේවා..!!!
Nikagoda Nagitha
subapethum. !
Sanath Indika
thx sahooo
sajeevi
150 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්......
thisal
සින්හල සබ් එකට ස්තුතියි සහෝ.. 150 සබ් එකට සුබ පැතුම් ..
Kasun Upeksha
150 වෙනි උපසිරැසි ගැන්වීම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා
mahesh
හදවතින්ම සුභ පතනවා
janith
Thanks saho.. Attack on Titan,Attack on Titan: End of the World Movies walatath sub denna. jaya wewa..!!!
mithun
150 වෙනි උපසිරැසිය වෙනුවෙන් හදවතින්ම සුභ පැතුම් අයියෙ ..
ඔය උපසිරැසි කරපු ෆිල්ම් වලින් ගොඩක් බලල තියෙනව එ ඔක්කම උපරිමයි .. නියම චිත්‍රපට ඉදිරියටත් ලස්සන චිත්‍රපට ටිකක් අපි වෙනුවෙන් ලබාදෙයි කියල විස්සව කරනව.. මෙ සතුට හැමදාම තියෙන්න කියා පර්තනා කරනව **ඔබටත් බයිස්කෝප් පවුලෙ හැමොටමත් ජයෙන් ජය.Saman Prasad
අප්පා...
කරුණා අක්කා 150 ගැහුවා එහෙනම්... :D
හදවතින්ම සතුටුයි ඒක ගැන නම්...
උඹේ ස්පීඩ් එකෙන් මටත් සබ් කොටන්න පුළුවන් වුණා නම් කියලා තමා මාත් ප්‍රාර්ථනා කොරන්නේ.
උඹ ඉතින් ඒ තරමට වේගෙන් දෙනවා නොවැ.
හාඩ් එකේ ඉඩ ලැබුණ ගමන්ම මේක බාන්න දානවා.
උඹ ඉතින් කලොත් වැදගත් ෆිලුමක් තමා කියලා අපි කවුරුත් දන්නවා නොවැ.
අනික ඉතින් උඹේ ලිපි ගැනත් මතක් නොකර බෑ.
සයිට් එකේ ඉන්න තවත් එක්තරා හොඳම ලිපි සම්පාදකයෙක් තමා...
සබට තුති වේවා...!!!
සබ් කරන්න අවැසි ශක්තිය වැඩි වේවා...!!!
(දැන් ඉතින් පොරොන්දු වුණා වගේ කමෙන්ට් එක වෙනුවෙන් 50 ඩයලොග් කාඩ් එකක් දාහන් මතක ඇතුව)
ආ... මාව මතක් කළාටත් ස්තූතියි...!!!හසන්ත මාලිංග
150 වන උපසිරැසියට හදවතින්ම සුබ පතනව සමීර සහෝ...
ඉක්මනටම 200ත් ගහමු,
ඉදිරියටත් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවායි පතනව
ඒ වගේම උපසිරැසියටත් බොහෝම ස්තූතියි සහෝ,
ජය වෙවා :D :DRavindu Deshapriya
හම්මේ....
දිගු ගමනක් ඇවිත් නොවැ..(ඔන්න සැමී අයියගේ වචනෙන්ම)
අපෙනුත් හදපිරි සුබ පැතුම් ඔන්න...
තවත් ඉදිරියටම යන්න ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාථනා කරනවා...
සහ සබට තෑන්ක්ස්ස් !!!!!!!!!!තාමර දෙනුවන්
එහෙනම් සමීර අයියා 150ත් ගැහුවා නේද? ඒකටත් නියම ෆිලුමක්නේ තේාරගෙන තියෙන්නේ. 150 වෙනි උපසිරැසියට සුබපැතුම්. අනිවා මේක බලනවා. 200, 250, 300 කඩඉමුත් ඉක්මනින්ම පහු කරන්න පුළුවන් වෙන්න කියලා පතනවා.
LAKSHAN
150 සුභ පැතුම් සමීර අයියේ…
Nuwantha
150වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ.
මේක නියම ෆිලුමක්.
බොහොම ස්තූතියි!!!lahiru
150 වෙනි උපසිරැසි ගැන්වීම වෙනුවෙන් ජය වේවා....................200ත් ගහන්නඉක්මනටම.
Jack
පට්ටයි මචෝ..
150 වෙනි කඩයිමට සුබ පැතුම්.
නියම ෆිලුමක් තමා තෝරගෙන තියෙන්නේ..
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයෙන් ජය.....Amila Kaushalya
150 සුභ පැතුම් සහෝ 200ත් ගහන්නඉක්මනටම
සබ් එකට ස්තුතියිEra
ඡය......
Sachin Perera
Adoo pattai sameera thanks mchng
තිසර
වැඩි වැඩියෙන් සබ් කරන්න හැකියාව ලැබේවා
Kalum Gunasekara
150 කඩයිමට මගෙනුත් උණුසුම් සුභපැතුම්. බොහොම ස්තුතියි සමීර මලේ උපසිරැසියට. කාලෙකින් ඔයාගේ උපසිරැසියක් බලන්න යන්නේ. ඉක්මණින් ම 200වන කඩඉම පසුකරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Sanjaya
150ක් උපසිරසි සුබ පැතුම්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයෙන් ජය…..Chami.S
Congratulations..!!!!
Thanks & Good Luck...!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thaNKZ