Flint Lockwood කියන්නෙ ටිකක් අමුතු හාදයෙක්. මෙයා ඉන්නෙ Swallow Fall කියන ගම්මානෙ. මෙයාගෙ තියෙන අමුත්ත තමයි අමුතු අමුතු දේවල් හොයාගන්ඩ තියෙන ආශාව. ඒ කියන්නේ මෙයා නවනිපැයුම්කරුවෙක්. හැබැයි මෙයාගෙ මේ වැඩවලට සහයෝගය පළ කරන්නෙ මෙයාගෙ අම්මා විතරයි. අම්මා මෙයාව මේ ලෝකෙ දාල ගියහම මෙයා තාත්තා එක්ක තනිවෙනවා.…

Flint Lockwood කියන්නෙ ටිකක් අමුතු හාදයෙක්. මෙයා ඉන්නෙ Swallow Fall කියන ගම්මානෙ. මෙයාගෙ තියෙන අමුත්ත තමයි අමුතු අමුතු දේවල් හොයාගන්ඩ තියෙන ආශාව. ඒ කියන්නේ මෙයා නවනිපැයුම්කරුවෙක්. හැබැයි මෙයාගෙ මේ වැඩවලට සහයෝගය පළ කරන්නෙ මෙයාගෙ අම්මා විතරයි. අම්මා මෙයාව මේ ලෝකෙ දාල ගියහම මෙයා තාත්තා එක්ක තනිවෙනවා. මේ තාත්තානම් අම්ම වගේ නෙමෙයි. එයාට ටිකක් තාක්ෂණේ රුස්සන්නෙ නැහැ. තාක්ෂණ භීතිකාවක් වගේ එකක් තියෙනවා. ඒ හින්දා උන්දැගෙන් කොල්ලගේ වැඩවලට කිසි සහයක් නෑ.
මෙයාලගෙ ගමේ සාඩින් ඇහුරුම් කම්හල වැහිල ගිහිල්ලා ගමටම කෑම නැතුව මහ නරක කල දසාවක් ලබන්නෙ ඕq ඔය අතරෙයි. ඉතිං මෙයත් තමන්ගෙ නව නිපැයුමක් පරීක්ෂා කරල බලන්ඩ මේක හොඳ අවස්ථාවක් කර ගන්ඩ හිතනවා. ඒක කෑම හදන යන්ත්‍රයක්. අමුද්‍රව්‍ය විදිහට වුවමනා වතුර විතරයි. හැබැයි මේක තවම පර්යේෂණ මට්ටමේ!
මුළු ගමම වැඩේට කැමති වුණාට දවසක්දා දැඩි විදුලි බලයක් එකවරම මේකට ලැබීම නිසා පුපුරලා විසිවේනවා අහසට. එදායින් පස්සෙ තමා මරුම වැඩේ වෙන්නේ. මෙන්න බොලේ කෑම වහින්ඩ ගන්නවා. මේකෙන් මේ ගම ලෝකප්‍රසිද්ධ වෙනවා. සංචාරකයො වැල නොකැඩී ඇදෙනවා. ගම්මුන්ට කෑම නොමිලේ. සංචාරකයො එන හින්ද කොයි අතිනුත් සරුයි. මේ අස්සෙ පුරපති ගහන්නෙ වෙනම ගැටයක්. නමුත් මේක එන්ඩ එන්ඩම නරක අතකට හැරෙන බව Flintට විතරක් දැනෙනවා. මොකද දැන් දැන් වැහි නෙමේ කුනාටුත් එන හින්දා. නවත්තගන්ඩනම් අහසටම යන්ඩ වෙයි වගේ. ඒකට උදව්වටත් කෙනෙක් හම්බෙනවා. කාලගුණය ගැන කටයුතු කරන කෙල්ලෙක්. එන්ඩ එන්ඩම වැඩේ දරුණුයි. දැන්නම් වැඩේ ආවදානම්. මේක නවත්තන්ඩ බැරි වෙයිද? එතකොට පුරප්තිතුමා කරන්ඩ හදන්නෙ මොකද්ද? තාත්තගෙ ප්‍රතිචාරය මොකක් වෙයිද?
තව පොඩි දෙයක් තියෙනවා කියන්ඩ. ඒක තමා හොඳම ආරංචිය. මේකේ 2වෙනි කොටස මේ අවුරුද්දේ එනවා. ඒකත් දෙන්නම්. ඊට කලින් මේක බලල ඉමුකෝ සිංහල එක්ක. මේ පළවෙනි එක! දෙවෙනි එකත් දෙන්ඩනම් ඉතිං මගේ හිතට සතුටක් ඕනෙ. ඔයාලගෙ සතුට වෙනුවෙන් මම වෙච්චි මහන්සියෙන් මට සතුටක් නොලැබුණොත් ඒකට හිත දෙන එකක් නැති වෙයි. ඒ නිසා කමෙන්ට් එකක් කාරියා දාල මගේ හිතේ දොල සංසිඳවන්ඩ කමෙන්ට් පිදේනියක් දුන්නොත් හොඳ හිටී…
මීට පෙර දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරා විසින් පළ කළ ලිපිය.
ඔන්න පොඩි පොඩිහිටියන්ට සහ වැඩිහිටියන්ට එකසේ රස විඳින්න පුලුවන් ලස්සන ඇනිමේෂන් බයිස්කෝප් එකක් අද අරගෙන ආව. මේක නිකම්ම නිකම් ඇනිමේෂන් එකක් නෙමෙයි. සති ගානක් ඉහලම රෑන්කින් වල තිබුන, IMDB රේටින් වල 7.5ක් ගත්ත ඇනිමේෂ්න් එකක්. මේ ෆිල්ම් එක පොතක අනුසාරයෙන් නිර්මානය වුනු ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ හොඳ කොපියක් නිකුත් වෙලානම් දැනට සතියක් විතර ඇති. මේ සඳහා ගොඩක් ප්රිසිද්ධ සහ දක්ෂ නලු නිලි පිරිසක් හඬකැවීමෙන් දායක වෙලා තියෙනව. කතාව මේකයි. Flint Lockwood කියන්නෙ එයගෙ වයසෙ පසුවන අනිත් ලමයින්ගෙන් ටිකක් වෙනස් කෙනෙක්. පොඩි කාලෙ ඉඳලම විද්‍යාව සම්බන්ද නව සොයාගැනීම් සහ පරීක්ශණ තනියෙම කරනව. හැබැයි මෙයගෙ යාලුවන්ගෙන් සහ ඇතැමුන්ගෙන් මෙයා කොන් වෙනව. නමුත් මෙයාගෙ අම්මට ලොකු විශ්වාසයක් තියනව කවදාහෝ තමාගෙ පුතා ලෝකෙට අලුත් නිර්මානයක් බිහිකරයි කියල. ඒ දේ මෙයා කරන්නෙ හරිම අමුතු විදියටයි. කියන්න ඕනෙ විශේෂ දෙයක් තියනව. ඒ තමයි, පුන්චි ලමයෙක්ගෙ මානසිකත්වය මෙන විදියටද කුඩා කාලෙ ඉඳලම ගොඩ නගන්නෙ. ඒව සාර්ථක වෙන්න දෙමාපියන් මොනාද කරන්න ඕනෙ, ඒ වගේම තමන් ගන්න උත්සාහයක් කවදාවත් වතුරෙ යන්නෙ නැති බව. පොඩි ලමයින්ට මෙ ෆිල්ම් එකෙන් ඒ වගේ ගොඩක් හොඳ පනිවිඩයක් අවසානයේදි දෙනව, රසවත් කතාවක් එක්කම.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
4,872 downloadsDownload Cloudy.with_.a.Chance.of_.Meatballs.2009.zip156 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/සිහින-ලහිරු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිහින ලහිරු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/08/31
Subtitles by
සිහින ලහිරු
Subtitles
97 comments
Suvin
chamila
හොඳම සමූහ බ්ලොග් අඩවියට මගේ සුබ පැතුම් :P
Santa
තූතී අපිත ගෝලයා මාමී කාතූන් ගෙනල්ලා...ඉහි ඉහි...
Harshana
best wishers ....
අසෙනිය කුසුම '09
රාජකීය විද්යාලීය සිංහල භාෂා හා සාහිත්ය ඒකකය මඟින් පවත්වනු ලැබූ "අසෙනිය කුසුම" කලා උළෙල හා සමගාමීව සංවිධානය කරන ලද සිංහල බ්ලොග්කරණ තරඟාවලියේදී "හොඳම සමූහ බ්ලොග් අඩවිය" සම්මානයෙන් "බයිස්කෝප් සිංහලෙන්" වෙබ් අඩවිය පිදුම් ලැබූ වගයි...kathu
WOW..!! Really..?? Best wishes for your effort..!! Keep up the good work.....!!!
Ram raj
onna mamath banawa.
chathurarcrc
ෆිල්ම් එකට ජය වෙවා
බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට අපෙන් සුබ පතුම්.
රොයිලි
බාමි බාමි!!!!!!!!!
ashan
all the Best...... thankx
nilanthaherath
niyamai, mage subapatum.oho yan. oho yan
mahen
baiscope akata jaya wewa
all the best
ඩිලාන්
මේ ඇනිමේෂන් ෆිල්ම් එක නම් නියමයි...
ආපු ගමන් camera කොපි එක බෑලුව.
බයිස්කෝප් වෙබ් අඩවියට අපෙන් සුබ පතුම්.... :)Anonymous
All the best.
apen suba patum.Uraj Deemantha
කාලෙකින් කාටූන් එකක්..... :D බාමි බාමි..... :)
SSSS
:D thxxx :D
ඉන්දික
මගේ පොඩි එකීට මේ දවස්වල බලන්න හොද චිත්තර පටියක් නැතිව මට මාර වාතයක් වෙලා හිටියේ බැරිම තැන ටොම් ඇන්ඩ් ජෙරී ගේ පරණම කාටුන් ගොඩක් ගිහින් දුන්නා මචෝ උඔට පිං සිද්ධ වේවා මාව බේරලා දුන්නාට දුන්මම බානවෝ.......
loku putha
lokko mara seen eka kiyanne
mama meka bawa et sound enne nane mula tike witarai enneදිනුෂ්ක උදාර ( රොකියා )
පොඩි දවසකට එලියට ගිහින් හිටපු නිසා, මේ පැත්තෙ එන්න බැරි උනා. කමෙන්ට් කරපු සැමටම ස්තූතියි.
AL1717
Mage Download list Eke Thama Maga Enawa meka .Aniwa Banna One...
Hey Hey thanksdewage55
vacation gihin apu gamanmai awe maga arichha godak honda films thiyenawa baganda,Roily, gura macho, mage suba pathum sammanayata.
maduranga
ath mathanan 1 ahchara alluwe na
bt okMK
ela machan meka patta movie eka Astro boy ake hoda copyak tiyenam danawada
ebhathiya
meka ela web ekak ne !! thanks film walata !! :)
good web !!ebhathiya
link eka wada na!!!!!!!! :(
සමිර මල්ලි
අය්යා මෙ කාටුන් ඒකෙ ලින්ක් ඒක වැඩ කරන්නෙ නැ පොඩ්ඩක් චෙක් කරන්න..... :)
H1N1
onna dwnld karanna damma !!!!!!!!! balamu ...hodai wage !!!!!!!
H1N1
@Sameera - try thz one ...Its wrkng properly .....
http://www.torrentreactor.net/torrents/3590491/Cloudy-with-…Ramraj
එළ ෆිලම් එක.මටත් තිබුනානම් ඒ වගේ යන්ත්‍රයක්. දැනවා හොද ෆේස්ට්‍රි ෂොප් එකක්.
narmi
link eka weda karanne na ne :(
Kasun.D
mama meka balala thiyenawa..maxxa movie ekak
eranda
හොඳ ෆිල්ම් එක.
ඒත් සිංහල සබ් තිබුන නම්...dj
patta patta amcho
Isuru
animation nam loweth balanwa thnxxxxxxxxx
thusitha
bohoma thnxxx saho
quik
thanks
wow
wow... maru :D
kasun
පිං සිද්ධ වේවා
chami
thnxxxxxxxxxxxxxx
lasidu
ෆිල්ම් එක නම් නියමයි… :) :)
MaDUKZz
niyami machn
mihin ලංකා
එල එකක් වගේ බලන්න ඕනේ
naleen
:) jaya weywa :)
was
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!
vee
maxxa macho tahwath animation subs dahan,,,
janaka
ela ela macho
f_live
ස්තුතියි මචන් :)
hh
jayama weywa saholata apita pattama films subs dala geyna akata
Harsha Lahiru
බොහොම ස්තුතියි සහො
HeLLo BuNNy
Kind Of awesome movie! I like It !!!
“චූටී මල්ලි”
ආ......මේක බලලා තියෙයි මචන්
සබට තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
meka man balua! ela! maara joly movie eka! aththatama mehema unaa nam niyamai....