Watch Trailer

ClownTown (2016) with Sinhala Subtitles | උමතු විකටයින්ගේ නගරය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න යාළුවෝ කට්ටියක් ඉන්නවා. එයාලා මිනීමරුවෝ වගයකට කොටුවෙනවා. ඊටපස්සේ මිනීමරුවන්ගෙන් බේරෙන්න මෙයාලා පුලුවන් තරම් උත්සහ කරනවා. ඉතින් මේ යාළුවන්ගෙන් අන්තිමට කී දෙනාටද බේරිලා යන්න ලැබෙන්නේ? ඔන්න ඔය විදියේ චිත්‍රපට වලට කැමති අයට ගැලපෙන එකක් අරගෙන තමා මේ වතාවේ ආවේ. ඔය උඩ කිව්වා වගේ විදියේ ඒවට මගෙත් පොඩි…

ඔන්න යාළුවෝ කට්ටියක් ඉන්නවා. එයාලා මිනීමරුවෝ වගයකට කොටුවෙනවා. ඊටපස්සේ මිනීමරුවන්ගෙන් බේරෙන්න මෙයාලා පුලුවන් තරම් උත්සහ කරනවා. ඉතින් මේ යාළුවන්ගෙන් අන්තිමට කී දෙනාටද බේරිලා යන්න ලැබෙන්නේ? ඔන්න ඔය විදියේ චිත්‍රපට වලට කැමති අයට ගැලපෙන එකක් අරගෙන තමා මේ වතාවේ ආවේ. ඔය උඩ කිව්වා වගේ විදියේ ඒවට මගෙත් පොඩි කැමැත්තක් තියෙන නිසා තමා මේක කරන්න හිතුවේ. හැබැයි ගොඩක් වියදම් කරලා තියෙන, හොද ජනප්‍රිය නළු නිලියෝ ඉන්න මහා ලොකු චිත්‍රපටියක්නම් නෙමෙයි. ඒ නිසා අර මං කිව්ව විදියේ ඒවට කැමති අයට විතරක් බොහෝ විට මේක දිරවාවි. ඒ නිසා බාගන්න අය හොයලා බලලා බාගත මැනවි. පොඩි ත්‍රිල් එකකට නරකමත් නෑ ඉතින්. 2016 සැප්තැම්බර් 30වෙනිදා තමයි මේක නිකුත්වෙලා තියෙන්නේ. Horror,Thriller කාණ්ඩයට අයිතිවෙන අතර imdb අගය 4ක් තමයි ලබාගෙන තියෙන්නේ. කතාව මෙහෙමයි.

බ්‍රැඩ්, සාරා, මයික්, ජිල් කියලා යාළුවෝ හතරදෙනෙක් ඉන්නවා. මෙයාලා ප්‍රදර්ශනයක් හොයාගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් පාරවල් නොදන්න නිසා අවන්හලකට ඇවිත් මෙයාලා පාර දැනගන්න බලනවා. මෙතනදී ශෙරිෆ් කෙනෙක්ගෙ මාර්ගයෙන් අන්තිමේදී පාර දැනගෙන කට්ටිය ගමන පිටත්වෙනවා. ඒත් මඟක් දුර යද්දී තමයි ජිල්ගේ ෆෝන් එක නැතිවෙලා කියලා දකින්නේ. ජිල්ට මතක්වෙනවා අවන්හලේ ෆෝන් එක දාලා ආවා කියලා. ඒකෙ ජිල්ගේ පෞද්ගලික විස්තර ගොඩක් තියෙන නිසා ඒක අනිවාර්යෙන්ම හොයාගන්න ඕනෙ කියලා ජිල් කියන නිසා කට්ටිය ඔන්න ෆෝන් එකට කෝල් කරලා බලනවා. පිරිමි කෙනෙක් තමා කතාකරන්නෙ. ෆෝන් එක අරගන්න නගරයකට එන පාර කියනවා එහේදී දෙන්නම් කියලා. ඉතින් කට්ටියට ෆෝන් එක අරගන්න ඕන නිසා මෙයාලා ඒ කිව්ව තැනට යනවා. පාළුවට ගිය නගරෙකට තමයි කට්ටිය යන්නේ. එක මිනිහෙක්වත් හොයාගන්න නෑ. එනවා කිව්ව කෙනා එනකම් මෙයාලා බලාගෙන හිටියත් ආවෙ නැති නිසා කට්ටිය ටිකක් නගරේ වටේ ඇවිදින්න යනවා කාවහරි හොයාගන්න. හැබැයි ඉතින් මෙයාලට පස්සෙ තමයි තේරෙන්නෙ ලේසියෙන් ගැලවිලා යන්න බැරි තැනකටයි ඇවිල්ලා තියෙන්නේ කියලා. එක මිනිහෙක්වත් නැති වුනාට පිස්සු මිනීමරු විකටයෝනම් නගරෙ හැමතැනම. එහෙනම් කට්ටියට මොනාවෙයිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්නකෝ. ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!

ClownTown (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

3,496 downloadsDownload ClownTown-2016.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

3,496 downloadsDownload Subtitles27 KB

15 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. Mithun

    මාත් මෙ පැටිකිරියේ මුවි වලට හෙන ආසයි අතල් එකෙ බලන්න පුළුවන් .. හෙතුව එකයි.. ඔන්න එ නිසා ඩව්න්ලොර්ඩින් කරගන්නව බ්ලුරෙ ප්‍රින්ට් එකකුත් තියෙන එකෙ .. ඇත්තටම කිව්වොත් පොඩි ෆන් එකක් තියෙනව රැක තනියම කොම් එක ලග ඉදම් බලද්දි මෙවගෙ එකක් රිලැස් එකෙ .. එ නිසා මෙවගෙ හොර් ෆිල්ම් කොච්චර දුන්නත් අමනාපයක් නෑ ඔං නොකිව්වට මාත් හොර් කොල්ලෙක් තමා.. .සබ් එක ගත්ත බොහොම ස්තුතියි සහෝදරයා

  3. asitha

    elama saho thanks

  4. sandaru

    thanxxxx broher....

  5. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. prabodha

    Thanks bro sub ekata....!

  7. Rajitha

    Thanks bro......jayawewa.....!

  8. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    පුලුවන්නම් ඉදිරියෙදී Black Butler (2014) live action ෆිල්ම් එකට සබ් දෙන්න
    ජය වේවා!

  9. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. Chandika

    Ela downlod kara patta movie ekak

  13. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    **************බුදුසරණයි*************

  14. janith

    patta

  15. chinthaka

    Thank you very much bro..........