මලයාලම්,බයිස්කෝප් අඩවියේ නැගී එන චිත්‍රපට භාෂාව කිව්වොත් මම හිතන්නේ ඒකෙ වැරැද්දක් නෑ .මොකද දැන් ඉස්සරට වඩා මලයාලම් චිත්‍රපටවල උපසිරැසි බාගත කරන අයත්,ඒවට කමෙන්ට් කරන අයත් සැලකිය යුතුලෙස වැඩිවෙලා තියෙනවා.ඒ වගේම මලයාලම් ෆිලුම් වලට ලැබෙන කමෙන්ට් වලින් බයිස්කෝප් රසිකයින් මලයාලම් ෆිලුම් වලට දක්වන කැමැත්…

 

මලයාලම්,බයිස්කෝප් අඩවියේ නැගී එන චිත්‍රපට භාෂාව කිව්වොත් මම හිතන්නේ ඒකෙ වැරැද්දක් නෑ .මොකද දැන් ඉස්සරට වඩා මලයාලම් චිත්‍රපටවල උපසිරැසි බාගත කරන අයත්,ඒවට කමෙන්ට් කරන අයත් සැලකිය යුතුලෙස වැඩිවෙලා තියෙනවා.ඒ වගේම මලයාලම් ෆිලුම් වලට ලැබෙන කමෙන්ට් වලින් බයිස්කෝප් රසිකයින් මලයාලම් ෆිලුම් වලට දක්වන කැමැත්ත හොඳින් පිළිඹිබු වෙනවා.ඒ වගේම අලුත් මලයාලම් ෆිලුමක් ආවාම ඒකට උපසිරැසියක් එනකල් බලාගෙන ඉන්න අය බිහිවෙලා තියෙනවා.තමන් බලන්නේ මලයාලම් ෆිලුමක් කියලා දැනගෙන බලපු කෙනෙක් කොහොමටවත් ආයේ මලයාලම් ෆිලුම් බලන එක අත අරින්නේ නෑ .මොකද ඒවටම ආවේණික වුනු කතා ශෛලය ඉන්දියාවේ වෙනත් කිසිම ෆිලුමක අපිට දැකගන්න වෙන්නේ නෑ .ඉතින් මේ විදියේ ඔයාලා ආසාවෙන් බලන මලයාලම් ෆිලුම් ගැන නිතර චිත්‍රපට බලන අයටත් හඳුන්වලා දීලා,බයිස්කෝප් මලයාලම් රසිකත්වය වැඩි කරන්න එක් වෙන්න කියලා ආරාධනා කරනවා! මොකද ඒ විදියට රසිකත්වය වැඩි වුනාම චිත්‍රපටයක උපසිරැසි ඉක්මනින්ම ලබාගන්න පුළුවන් වෙයි වගේම මග ඇරුණු,ඔයාලා බලන්න කැමති මලයාලම් චිත්‍රපටවල උපසිරැසි හැම එකක්ම පාහේ ඔයාලට ලබා ගන්නත් පුළුවන් වෙයි.

ෆිලුම ගැන කතා කලොත්,මේක මේ අවුරුද්දේ මාර්තු මාසයේ තිරගත්වීම් අරඹපු චිත්‍රපටයක්.මලයාලම් චිත්‍රපටවල අප සාමාන්‍යයෙන් දකින සමහර නළු නිලියන් මේකෙත් දැකගන්න පුළුවන්.මේක අයත්වෙන්නේ Comedy Drama කාණ්ඩයන්ට.ඒ වගේම මලයාලම් නළු නිළියන්ගේ වගේම විචාරකයින්ගේත් ප්‍රසාදය මේ ෆිලුමට හම්බෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා.ෆිලුමට 100කට ආසන්න IMDb පරිශීලකයන්ගේ ඡන්දයත් ඇතුළුව සැලකිය යුතු IMDb අගයක් ලැබිලා තියෙනවා(අගය පල්ලෙහා තියෙනවනේ!).කොහොමවුනත් ඡන්ද ප්‍රමාණය වැඩි වීමත් එක්ක මේකට ලැබිලා තියෙන IMDb අගය තවත් වැඩිවෙයි කියලා හිතන්න පුළුවන්.

චිත්‍රපටය පටන් ගන්නේ සයිරා බානු සහ ජෝෂුවා පීටර් කියන අය ජීවත් වෙන ගෙදරක උදේ ඇතිවන සිද්දියකින්.ජෝෂුවා කියන්නේ නීති විද්‍යාලයේ දෙවෙනි වසරේ සිසුවෙක්.සයිරා කියන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කරන ලියුම් බෙදන කෙනෙක්.මේ කියන දවසේ උදේ සයිරා එයාගේ රියදුරු පරීක්ෂණයට යනවා.කොහොමවුනත් වෙනදා වගේම මෙයාට ඒක සමත්වෙන්න වෙන්නේ නෑ .මේ අතර ඇනී තරවාඩි කියලා කේරලයේ ජනප්‍රිය නීතිඥවරියක් ගැනත් ෆිලුම අපිට කරුණු කියනවා.ජෝෂුවාගේ කොලේජ් එකේ මේ කියන දවසේ විරෝධතාවයක් පැවැත්වෙනවා.ජෝෂුවා ඒකෙ ෆොටෝ ගන්න ඒකට සම්බන්ධ වෙනවා.කොහොමවුනත් මේ විරෝධතාවය කරපු අය සහ පොලිසිය අතර ඇතිවන ගැටුමක් නිසා ජෝෂුවා ට පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්නත් සිද්ද වෙනවා.මේවගේ දේවල් එක්ක මේ අයගේ ජීවිත ගෙවිලා යද්දී ජෝෂුවා හුඟ කාලයක ඉඳලා දැකපු හීනයක් සැබෑ කරගන්න එයාට අවස්ථාවක් එනවා.ඒත් ඒකට එයාට විවිධ බාධා මතු වෙනවා.ඒ බාධා වලින් ජෝෂුවා ව ආරක්ෂා කරගෙන එයාව ඉස්සරහට එක්කගෙන යන්න මේ සයිරා ලොකු උත්සාහයක යෙදෙනවා.ඒ කතාව තමයි ෆිලුමේ අඩංගු වෙන්නේ.ඇත්තටම මේ ජෝෂුවා,සයිරා කියන්නේ කවුද? ඒ දෙන්නා අතරේ තියෙන්නේ මොනවගේ සම්බන්ධයක්ද,ඇනී තරවාඩි මේ අයගේ ජීවිත වලට සම්බන්ධ වෙන්නේ මොන විදියකටද?ජෝෂුවාගේ හීනය මොකක්ද?එයාට ඒක සැබෑ කරගන්න පුළුවන් වෙයිද? මේ කියන දේවල් ඔයාලා ෆිලුම බලලම හොයාගන්නකෝ!

මේ ෆිලුමේත් හොඳ පිටපතක්  නිකුත් වෙලා සතියක් වගේ ඇතුලත උපසිරැසිය මේ විදියට පල කරන්න පුළුවන් කම ලැබුණා.මේ විදියට දින ගණනක මහන්සියේ ප්‍රථිපලය ඔයාලට එක ක්ලික් එකකින් පහසුවෙන්ම බාගෙන යන්න පුළුවන්.ඉතින් ඒ දේට කළගුණ සැලකීමක් විදියටවත් තව තත්පර කිහිපයක් අරගෙන උපසිරැසිය ගැන අදහසක් පල්ලෙහායින් දාගෙන යන්න කියලා මතක් කරනවා.මොකද ඕනෙම උපසිරැසිකරුවෙක් තමන්ගේ වැඩේ ගැන තෘප්තියක් ලබන්නේත් තවත් උපසිරැසි ඉස්සරහට ඉක්මනින් ලබා දෙන්න කටයුතු කරන්න බලගැන්වීමක් ලබන්නේත් මේ කමෙන්ට් වල තියෙන දේවල් දැකලා.ඒ විදියට බැලුවාම මේ පලකරන අදහසේ ප්‍රතිලාභය අවසානයේ තමන්ටම කැරකිලා එනවා.ඒ වගේම අඩුපාඩු තියෙන තැන්වලදී ඒවත් මතක් කරන්න.

එහෙනම් තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු,එතෙක් ඔබට ජය! 

 

C/O Saira Banu (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

CO Saira Banu (2017) Malayalam DVDRip x264 700MB ESubs

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,556 downloadsDownload CO-Saira-Banu-2017.zip79 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

තරිඳු රසාංග

Subtitles

5,556 downloadsDownload Subtitles79 KB

54 comments

  1. Dinu

    ස්තූතියි සහෝදරය

  2. manoj

    thanks machan ubala karana de watinakama kiyala nima karnna ba

  3. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    ඇත්තටම දැන් බිහිවෙන හිංදි,දෙමල වලට වඩා මලයාලම් චිත්‍රපට ගොඩක් හොදයි. බොරු විකාර ගහගැනිලි එහෙම නෑනේ..දිගටම මේ වගේ චිත්‍රපට වලට උපසිරැසි ලබා දෙන්න සහෝ..!
    :::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::

  4. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy shoodaraya.....
    Ikmninm thwth upasiresiykin hmuwrmmoo.......

  5. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  6. mahesh babu

    Thank's for sub bro...
    "7th day' malayalam filumata sub demu
    Jaya wewa

    1. තරිඳු රසාංග

      7th day දෙන්නම් සහෝ,හැබැයි වැඩ එක්ක ටිකක් කල් යයි!

  7. Yukthi Sudheera

    Thank u very much bro... Malayalam films kohomat hoda kathawak tiyenawa... Ohoma yan ohoma yan saho....

  8. SPD

    අඩෝ.. මේකට නම් සබක් ඒවි කියල හිතුවෙම නෑ. හොඳ කොපියක් ඇවිත් මේ තරම් ඉක්මනට අපිට සිංහල සබක් ලබාදීම පිළිබඳව මා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මලයාලම් ෆිල්ම්වල රසිකත්වය වගේම මලයාලම් උපසිරසිකරුවන් ප්‍රමාණයත් වැඩිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.අන්තිමට බයිලා ගහන්න ගිහින් කියන්න ආව දේත් අමතක වුනානේ. බොහොම ස්තුතියි මචං උපසිරසියට. දිගටම මලයාලම් ෆිල්ම් දෙමු කියල කියන්නේ නෑ ඉතිං කොහොමත් දෙනවනේ. ජයම වේවා....!!!

  9. Krishan Madusanka

    ඇත්ත කතාව මලයාලම් ෆිල්ම් වල සිත් ගන්නා දෙබස් තියෙනවා.ගොඩක් ස්තුතී

  10. anjana

    niyamayi saho......elama

  11. Kulanjana Maduranga

    niayamai…malayalam films nm balannama ona ...thawa malayalam films denna.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Dilan

    Thanks saho...supiri film ekak..obata jaya wewa saho.....

  13. dedunu

    බොහොම ස්තුතියි උපසිරසියට.
    බුදුසරණයි..! ජය වේවා..!

  14. chathum dilshan

    thnx saho

  15. Sajith Thilakarathne

    thanks sho sub ekata..

  16. pubudu

    හිතුවෙ නෑ මේ තරම් ඉක්මනට මේකට සබ් දෙයි කියල
    ස්තුතියි සබ් එකට

  17. sunimal

    නියමයි සහෝ නියමයි මලයාලමි ෆිල්ම් වල තියෙන රසිතන්වය හරි වෙනස් එකක් මෙිකේ තියෙන ඔක්කොම මලයාලමි ෆිල්මි මම බැලුවා... අලුත් සබි එකක් update වෙනකොට එක මලයාලමි ද කියලා ඉස්සෙල්ලම බලන්නේ.. දිගටම මෙ වගේ මලයාලමි ෆිල්මි දෙමු... ජය වෙිවා....

  18. jinji

    Dhruva film ekata subtitle dennako.

  19. rangika Kariyawasam

    නියමයි මල්ලි.මෙි ෆිලුමට ඉක්මනටම සබ දෙන්න පුලුවන් වෙයි කියලා හිතු⁣වෙම නෑ.ෆටිටයි මල්ලා. එල.ආසාවෙන් බලන්නෙ අපි මලයාලි ෆිලුමක්ම තමා.Alamara..Take Off මලයාලමි ෆිල්ම් වලටත් ඉක්මනට සබි ඔිනා මචන්...ජය හෝ.....

    1. තරිඳු රසාංග

      Take Off (2017) නම් අපේ සහෝදර උපසිරසිකරුවෙක් භාරගෙන තියෙනවා.ඒක එයා ඉක්මනින් අරගෙන එයි.තියෙන වැඩත් එක්ක තෝරා බේරාගෙන තමයි උපසිරැසි කරන්න වෙලා තියෙන්නේ.ඒ හින්දා තවත් අලුත් ෆිලුමක් ආවාම ඒකෙ සබ් ගේන්නම්!

    2. Pavani

      Bandslam 2009 film eke sub genath tikak balanna plz....eka dala thiyena eka dwnld karana be

  20. sanjeewa perera

    ඉදිරියතත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ඔබට ජය

  21. salinda

    elama jaya ..

  22. හේමන්ත

    බොහා් මලයාලම් චිත්‍රපටි වල තියෙන Thriller ලක්ෂණයට තමයි ගොඩක්ම කැමති. මලයාලම් චිත්‍රපටි වලට රහ වැට්ටුවෙත් බයිස්කෝප්ලම තමයි. මං හිතන්නේ මේකෙ තියෙන ඔක්කොම දැන් බැලුවද කොහෙද?
    ස්තුතියි මල්ලි....! ස්තුතියි බයිස්කෝප්...!!

  23. buddy

    elaaaaaaaaaaaaaa

  24. mahinda silva

    thanks bro....

  25. D.Chamara

    bohoma sthithi sahooo niyamai thanks

  26. Menaka

    ela machan puluwannan Dulquar Salmange film seratama sub diyan
    budusaranai

  27. Akila Udara

    film eka banna link ekk dennako

    1. තරිඳු රසාංග

      baiscopedownloads.com සයිට් එකට ගියොත් ලේසියෙන්ම බාගන්න පුළුවන්.

  28. Indrajith

    thanks for the subtitle

  29. banda...

    jayawewa...

  30. Chalana

    thnx bro...

  31. Gayan

    Thanks Saho

  32. sunimal

    නියමයි සහෝ ... මලයලම් නම් බැලිල්ලක් තමයි... ගොඩක් ස්තුති සබි එකට... එ වගේම බයිස්කෝප් ඩවුන්ලෝඩි එක හරහා ඔබලා කරන්නේ ලොකු උදවිවක්... ලින්ක් දුන්නේ නැති කාලේ.. ලින්ක් හොයලාම ෆිල්ම් බලන්න එපා වුනා..... දිගටම මෙි වගේ වැඩෙි කරන් යමු.... කියමයි....

  33. Eranda

    ස්තූතී සහෝ...මලයාලම් නම් ඉතින් බැලිල්ලක්ම තමා....

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Chami.S

    Thanks..
    Good Luck..

  36. Pavani

    Sub valata thnkz yaluvaaaa.... malayalam katha gdk ewa hodai eththa eka kathavak beluva knk aphu malayalam katha balana ekanm atharinne nehe...

  37. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    මලයාලම් වලට හොඳ ප්‍රතිචාර තියෙනවා නෙහ්.
    මටත් හිතෙනවා තෙළිඟු පැත්තකින් තියලා මලයාලමක් කරලා බලන්න. :P
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  38. vajira

    dhurva theligu film eke sub dennakoo

  39. vajira

    dhurva theligu film eke sub dennakooo

  40. Shaz. Lee

    Thanks bro.. keep it up (y)

  41. janani

    dulqure salmange film okkogema sub denna

  42. Chathura

    බොහොම ස්තූතියි සබ් එකට… ජය වේවා !!
    Angamaly Diaries කියන මලයාලම් ෆිල්ම් එකට සබ් එක දෙන්න බලනවද පොඩ්ඩක්..

  43. Menu

    Thank you

  44. kasun

    malayalam digatama karanna Thanks.

  45. තරිඳු රසාංග

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි!
    7th Day (2014) න් නැවත හමුවෙමු!

    1. SPD

      I am waiting.....

  46. එල්.සී. දමැල්

    ස්තුතියි කිව්වා!!!!!

  47. Mahesh

    supirima film ekak story eka niyameta tiyenawa
    sub ekata bohoma sthuthi
    tawa tawath malayalam film walata sub karanna.
    jaya wewa...!!!

  48. malith

    Ela ela

  49. Anonymous

    Superb