Watch Trailer

Ottaal (2014) with Sinhala Subtitles | ළමාවිය අහිමි වූ කුට්ටප්පායි..! [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් බයිස්කෝප් වාසී සියළුම දෙනාට…! සුපුරුදු විදියට අදත් ආවේ මලයාලම් ෆිලුමකටම උපසිරැසි අරගන තමයි. ෆිලුම Ottaal(2014). IMDB අගය 8.2/10ක් ලබාගැනීමට මේකට හැකිවෙලා තියනවා. ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jayaraj කියන විශිෂ්ට මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින්. මලයාලම් සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම…

සුභ දවසක් බයිස්කෝප් වාසී සියළුම දෙනාට…!

සුපුරුදු විදියට අදත් ආවේ මලයාලම් ෆිලුමකටම උපසිරැසි අරගන තමයි. ෆිලුම Ottaal(2014). IMDB අගය 8.2/10ක් ලබාගැනීමට මේකට හැකිවෙලා තියනවා. ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jayaraj කියන විශිෂ්ට මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින්. මලයාලම් සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම නිර්මාණය වූ මෙම චිත්‍රපටයට Ashanth K. Sha කුට්ටප්පායි ලෙසත්, Kumarakaom Vasudevan කුට්ටප්පායිගේ සීයා ලෙසත් රංගනයෙන් දායක වෙලා තියනවා. කතාව සහ තිර රචනය සඳහා Joshi Mangalath සහ සංගීතය සඳහා Kavalam Narayana සහ  Panicker දායක වෙලා තියනවා. මෙය නිර්මාණය වෙලා තියෙන්නේ Anton Chekhov නම් රුසියානු රචකයා විසින් රචිත “Vanka” නම් කෙටිකතාව ඇසුරෙන්.

කතාව ගැනත් පොඩ්ඩක් කියනවනම්, මේක ප්‍රධාන චරිතය තමයි කුට්ටප්පායි කියන ළමයා. කුඩා අවදියේ දීම දෙමව්පියන් අහිමි වීම නිසා කුට්ටප්පායි ජීවත් වෙන්නේ එයාගේ සීයත් එක්ක. සුන්දර පරිසරයක් තුළ පරිසරයත් සමඟම ජීවත් වෙන මේ පුංචි කුට්ටප්පායිගේ එකම අරමුණ වෙන්නේ ඉගනගන්න එක. ඒත් කුට්ටප්පයිට තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න ලැබෙන්නේ නෑ. කතාව වැඩිය කියන්න ගියොත් බලන්න දෙයක් නැති වෙන නිසා ඉතුරු ටික ඔයාලට බාරයි. මේක පැය 1යි මිනිත්තු 20ක් වගේ කෙටි කාලයක් තියන ෆිලුමක් නිසා, කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. ෆිලුමේ පරිසර පසුබිම් එහෙමත් ගොඩක් ලස්සනයි. ඒ නිසා හැමෝටම ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා.

මේ ෆිලුම සම්මාන රාශියකට හිමිකම් කියනවා. කේරල අන්තර්ජාතික සිනමා උළෙල තුලදී අති විශාල සම්මාන ප්‍රමාණයක් ලබා ගැනීමටත්,  2015 නොවැම්බර් මාසයේ ගෝවාහිදී පැවැත්වූ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල තුලදී  Indian Panorama හි කොටසක් සඳහා තෝරාගත් මලයාලම් චිත්‍රපට හතරෙන් එකක් බවටද මෙය පත් වී තිබෙනවා. තවත් ලස්සන මලයාලම් චිත්‍රපටියකින් හමුවෙමු. පුංචි ස්තුතියක් කරන්න ඕන. මගේ ඊ මේල් සඳහා රැයක් දවාලක් නොමැතිව ප්‍රතිචාර දැක්වීමෙන් සහයෝගය දක්වන හසන්ත වික්‍රමරත්න, යශෝධ ශ්‍රීමාල් සහ අසංක ප්‍රදීප් රණතුංග යන සහෝදරයන්ට ගොඩක් ස්තුතියි.

ජයම වේවා…!!!

Ottaal (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

TamilRockers.lv – Ottaal (2017) Malayalam DVDRip x264 400MB ESubs

TamilRockers.lv – Ottaal (2017) Malayalam DVDRip x264 700MB ESubs

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,393 downloadsDownload Ottaal-2017.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

SPD

Subtitles

5,393 downloadsDownload Subtitles37 KB

26 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  2. කමල් දේශප්‍රිය

    අප වෙනුවෙන් මේ කරන සේවාවට බෙහෙවින් ස්තුතියි සහෝ. මේක පට්ටම කතාවක් තියන ෆිලුමක් ඉදිරියටත් අප වෙත මෙවැනි අනර්ඝ නිර්මාණ ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. බුදුසරණයි

  3. kumara

    ඔබට බොහෝම ස්තූතියි....... මේක පට්ට ෆලුම.... ජයවේවා.... බොහෝම පිං

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. හේමන්ත

    මලයාලම් එකක් නම් අත ඇරල කොහොමද..?
    ස්තුතියි මල්ලි…

  7. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ,දැන්නම් එක දිගටම මලයාලම් ෆිලුම් එයි වගේ.දිගටම මේ විදියට මලයාලම් ෆිලුම් වලට සබ් දෙන්න ශක්තිය,ධෛර්යය වගේම කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා,ජය!

  8. එල්.සී. දමැල්

    මේක හොඳයි වගේ... හැබැයි වෙලාවනේ ප්‍රශ්ණේ...
    කමක් නෑ නිවාඩු වෙලාවක මේක බලන්න උත්සහ කරන්න ඕනේ...
    බොහොම ස්තුතියි උපසිරසට...
    දිගටම උපසිරස කරමු...

  9. sunimal

    මගයාලමි නමි බැලිල්ලක් තමයි... හොද ෆිල්මි එකක් වගේ සබි එකට ගොඩාක් ස්තුති... දිගටම මලයාලමි දෙමු....

  10. mahesh babu

    Thank's for sub bro...
    Malayalam thriller movies tikak demuko
    Jaya wewa

  11. Chalana

    thnx bro...

  12. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ප්‍රදීප් මැක්ස්...

    සුපිරිම චිත්‍රපටියක්..
    හැමදෙනෙක්ටම නරඹන්න ආරාධනා
    කරනවා.. බලලා ⁣කොමෙන්ටුවක්
    නොදාම බැරි නිසා දාන්නම හිතුනා.
    ඇත්තටම ඉස්සර පාසල් කාලෙ සිංහල පෙල
    පොතක තිබ්බ ලස්සන කතාවක්
    ඉතාමත් ලස්සනට ගැලපෙන
    විදියට රුපරචනය කරලා. රුසියානු කතාවට
    කිසිම අසාදාරනයක් කරලා නැ.
    මෙ වෙනුවෙන් සබ නිර්මානය
    කරපු ඔබ සැමට තුති...
    ජය.. !

  15. Kulanjana Maduranga

    niayamai…malayalam films nm athirin na....ela ahh....thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Menu

    Thank you :)

  17. sunimal

    නියමයි සහෝ ... මලයලම් නම් බැලිල්ලක් තමයි... ගොඩක් ස්තුති සබි එකට... එ වගේම බයිස්කෝප් ඩවුන්ලෝඩි එක හරහා ඔබලා කරන්නේ ලොකු උදවිවක්... ලින්ක් දුන්නේ නැති කාලේ.. ලින්ක් හොයලාම ෆිල්ම් බලන්න එපා වුනා..... දිගටම මෙි වගේ වැඩෙි කරන් යමු.... කියමයි....

  18. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දැන් මලයාලම් වලට හොඳ ප්‍රතිචාර තියෙනවා නෙහ්. :P
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  19. Hiran

    මාගේ ගෞරවණීය ප්‍රණාමය!!!

  20. එල්.සී. දමැල්

    මලයාලම්නම් බලනවා දැන් කට්ටිය...
    බොහොම ස්තුතියි නිවාඩුවක බලමි... :)

  21. Mahesh

    harima lassana duka hithena katawak.
    sub ekata bohoma sthuthi
    tawa malayalam ewa karanna
    jaya wewa...!!!

  22. Chathura

    බොහොම ස්තූතියි... ජය!!

  23. nidi

    නළුවරණය, දර්ශන තල, රංගනය, කැමරාකරණය, අධ්‍යක්ෂණය ඔක්කොම සුපිරිිිියි. ඊට නොදෙවැනි විදියට ඔබේ සබ්ස්. ඕනෑම කෙනෙකුට උපරිමව රස වින්දනය කළ හැකි චිත්රපටයක්. spd, මෙහෙම film එකක් අපට තිළිණ කළාට බොහොම පින්.

  24. Su

    Thanks sub ekata..

  25. isurukaravita

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…....

  26. Lalani Maduwanthi

    Thank you malli