සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් සහෘදයිනි සුපුරුදු ලෙසින්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ අනර්ඝතම දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. සිනමාපටය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නට මත්තෙන් මෙම සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් බයිස්…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් සහෘදයිනි සුපුරුදු ලෙසින්ම අදත් වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ අනර්ඝතම දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. සිනමාපටය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්නට මත්තෙන් මෙම සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්වරයකු වන අශාන් විමුක්ති සොයුරාට විශේෂ ස්තුතිය පිරිනමන අතර, මෙම උපසිරැසිය නිර්මාණය කිරීම සඳහා සහය ලබාදුන් සහෝදර උපසිරැසිකරුවකු වන පසිඳු මදුමාල් මල්ලිටත් විශේෂ ස්තුතිය පිරිනමනවා.
කිසිඳු භේදයකින් තොරව දමිළ සිනමා රසික හදවත් සියල්ලගේම පාහේ ආදරය නිරතුරුවම දිනාගත් දකුණු ඉන්දීය සිනමාවේ දක්ෂ සුපිරි නළුවකු වන වික්‍රම් අනර්ඝතම රංගනයක යෙදෙන සිනමාපටයක් ලෙස Cobra 2022 සිනමාපටය හැඳින්විය හැකියි. I 2015 දමිළ සිනමාපටයෙන් පසුව වික්‍රම් තම ප්‍රේක්ෂකයින්ට තවත් නැවුම් අත්දැකීමක් ලබාදෙමින් රිදි තිරයට පැමිණ සිටිනවා. එකිනෙකට වෙනස්ම වූ වේශ නිරුපණ හයක් රඟදක්වන වික්‍රම් තම රංගන ප්‍රතිභාවය තව තවත් මතුකර පෙන්වා තිබෙනවා. 2019 වසරේ මෙම සිනමාපටයේ රූගත කිරීම් ආරම්භ කලත් එවකට ලොවපුරා පැවති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මතුවූ විවිධ බාධක හමුවේ මෙම සිනමාපටයේ රූගත කිරීම් නිම කිරීමට නිෂ්පාදක කණ්ඩායමට වසර තුනක කාලයක් ගතවී තිබෙනවා. මෙම සිනමාපටයේ අධ්‍යෂකවරයා වන R. Ajay Gnanamuthu ගැන යමක් සඳහන් කලහොත් Imaikkaa Nodigal 2018 පෙරළිකාර දමිළ සිනමාපටයෙන් පසුව ඔහු තවත් සුවිශේෂි සිනමා අත්දැකීමක් Cobra 2022 සිනමාපටයෙන් ලබාදී තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් තරුවක් වන Irfan Pathan ගේ තම කුළුදුල් රංගනය මෙම සිනමාපටය තුලින් එළිදක්වා තිබෙනවා.
රාජකාරී කටයුතු අධිකව යෙදි තිබෙන කාලසීමාවක දැඩි පරිශ්‍රමයක් දරා ඔබගේ රසවින්ඳනය වෙනුවෙන් අපගේ විවේක කාලය කැපකර සිංහල උපසිරැසිකරණ කටයුතු වල නියැලෙමින් හැකි අයුරින් ඔබගේ සිනමා රසවින්දනය වෙනුවෙන් වෙහෙසෙනවා. බයිස්කෝප් සිංහලෙන් රසිකයකු වශයෙන් ඔබගේ දිරිගැන්වීම මෙවන් අවස්ථා වලදි විශේෂයෙන්ම අවශ්‍යය වෙනවා. අවසාන වශයෙන් කාර්යබහුල මෙවන් අවස්ථාවකදි මෙම උපසිරැසි නිර්මාණය ඉක්මණින් අවසන් කිරිමට සහය දුන් සහෝදර උපසිරැසිකරුවකු වන පසිඳු මදුමාල් මල්ලිටත් නැවතත් ස්තුතිය පුදකරමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිදු පිහිටයි!

Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි HD / Proper HQ HD / TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
24,199 downloadsDownload Cobra-2022-update.zip235 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ “පසිඳු මධුමාල්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #2022
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Irfan Pathan
- #Kannan
- #M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
- #Must Watch
- #Offbeat
- #R. Ajay Gnanamuthu
- #Sekar Neelan
- #sinhala sub
- #Sinhala Subtitles
- #Srinidhi Shetty
- #Subtitles
- #Vikram
- #උපසිරැසි
- #පසිදු මධුමාල්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
61 comments
Kavi
Anonymous
දෙන්නටම පිං හොදෙයි රාජකාරි කටයුතු අතරෙත් අපි වෙනුවෙන් ඉක්මනින්ම සබ් එක ගෙනාවට
Naveen Mbr
උපසිරැසියට ස්තූතියි දෙන්නටම!
BeMax
Thank you so much mcnla ❤
Sanjeewa Malith
සුපිරි thank u
Anonymous
film eka download karanna be ne brother
Anonymous
ram rao on duty රවී තේජගෙ අලුත් ර්කේ sub ona
Lakindu R
පොඩි පොඩි අලුතින් ආපු සයිට් වල මල්ලිලට රඟන්න දුන්නා ඇති වගේ නේද?
කොල්ලෝ ආයෙත් සීන් එකට බැහැලා..ගැම්මක් තමයි ආ බයිස්කෝප්
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
නියම සිංහලයන්ගේ සිරිතකි ........!!Ravisara
Hashan
Thnx for the sub❤️
Kushan
Sub akta thanks
Samith
Thanks brother
Bandula Withanage
Thank you very much.
oshanda
thanks sahoo
Anonymous
Vikram ge mahaan eka nm patta
Mekath e wagema athi
Jaya wewa sahoNaveen
උපසිරසියට තුති
Anonymous
brother hccopyda thynne
යුරාන් ධනුක (දනුවා)
අම්මෝ වෙඩි වගේ දීලනේ
තරිදු අයියටයි පසිදු මල්ලිටයි බොහෝම තුති
ජයවේවා !!!Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..!!
dulan
ස්තුතියි !
නදීක ගුරුගේ
ෂ්තුතියි ෂහෝදරයා
Buddhika Lakmal (laKMal)
ආපු ගමන්නම දීලා නේ... පට්ට
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Manoj
උපසිරසියට ස්තුතියි
Nadeera
Ramarao On Duty Film eke sub eka one Ravi Teja inna ඉක්මනට දෙන්නකො දවස් 3ක් බලන් ඉදිය දානකම් බලාගෙන අදවත් දෙන්න please
චූටි මල්ලි
එකෙන්ම රෙස්පෙක්ට් හාද?
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Anonymous
Thanks
Indunil
Thank you...
Ramarao on duty 2022 telugu movie eke sub eka one
Idunil Weerasinghe
Thanks brother
Anonymous
elaz
nalin
බොහොම ස්තුතිය
Minol
බොහොම ස්තුතියී .
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Nadeera Umeah
Ramarao On Duty film eka ඉක්මනට දෙන්නකො දවස් කීයක් බලන් ඉදියද
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
indika 75
thanks..
bunny
Thanks buddy
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
thanks machan
Kavishka dulan
Thank you sub ekata
Pramux
Sounds good ..thanks for subtitles ..
kosala
Thanks mcho
Anonymous
Vijay ge ajith ge boru show item wadi masala film box office hit weddi me wage film hit nowena eka nm attatama aparade
Sheron
Great movie ..great subtitles ..keep going ..
විමුක්ති
වික්‍රම්ගෙ ෆිල්ම් තෝරගැනීම නම් වෙනම ලෙවල් එකක තියෙන්නේ,අනිවා බලන්න කස්ටියම,බොහොම ස්තුතියි බයිස්කෝප් මෙවැනි නිර්මාන වලට උපරිම සාදාරනයක් වෙන අයුරින් උපසිරසි නිර්මාණය කරනවට.
Messi
thank you
Rashi Iddamalgoda
Thanks sub ta..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි සහෝ ❤
ඉක්මනින්ම උපසිරැසිය ලබා දුන්නාට
ජය වේවා!