බයිස්කෝප් එකේ මම අන්තිමට සබ් එකක් කරලා දැනට අවුරුද්දකටත් කිට්ටු නිසා අලුතින් එකක් කරන්න මම හිතාගත්තේ වැඩත් එක්ක පොඩි විවේකයක් ලැබුන වෙලාවක. ඒකට මම තෝරාගත්තේ කොකෝ (2017). මම වගේ කාටුන් පිස්සෝ එනකම් මග බලාගෙන හිටපු ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. මේ වෙනකොට කතන්දරේ IMDB රේටින් 8.8ක් අරගෙන, කුනු තක…

බයිස්කෝප් එකේ මම අන්තිමට සබ් එකක් කරලා දැනට අවුරුද්දකටත් කිට්ටු නිසා අලුතින් එකක් කරන්න මම හිතාගත්තේ වැඩත් එක්ක පොඩි විවේකයක් ලැබුන වෙලාවක. ඒකට මම තෝරාගත්තේ කොකෝ (2017). මම වගේ කාටුන් පිස්සෝ එනකම් මග බලාගෙන හිටපු ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. මේ වෙනකොට කතන්දරේ IMDB රේටින් 8.8ක් අරගෙන, කුනු තක්කාලි මීටරේ 97%ක් එනකම් කරකවලා තියෙනවා.
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Lee Unkrich, Adrian Molina කියන දෙන්නා විසින්. හඬ කැවීමේ දායකත්වය ප්‍රධාන වශයෙන්ම Anthony Gonzalez, Gael García Bernal, Benjamin Bratt සහ තවත් අය විසින්. චිත්‍රපටයට ගිය වියදම අහන්න ලැබුණු හැටියට ඩොලර් මිලියන 175ක්. මේ වෙනකොට ආදායම විතරක් මිලියන 500ත් පැනලා තියෙනවා. මේක Pixar Animation Studios සහ Walt Disney එකතු වෙලා කරපු තවත් වැඩක්.
මේ කතාවට පාදක වෙලා තියෙන්නේ Día de los Muertos, (මළවුන්ගේ දවස) කියන මෙක්සිකානු සංස්කෘතියේ නිවාඩු දවසක් පදනම් කරගෙන. එයාලා තමන්ගේ මියගිය සිහි කරලා නෑදෑ පිරිවර, මුතුන්මිත්තන් මතක් කරලා ඔවුන් කැමති වෙලා හිටපු දේවල්, ආහාර පාන ඔවුන්ට පුජා කරනවා. ඒ වගේම මේ පුජාවන්ට ඒ ඒ නෑදෑයින්ගේ පින්තුරයක් තියන එකත් අනිවාර්යයි. මොකද ඔවුන් විශ්වාස කරනවා මළවුන්ගේ ලෝකයේ ඉඳලා මේ දෙන පුද පුජා භාරගන්න මුතුන්මිත්තන්ගේ ආත්ම වලට එන්න හැකිවෙන්න නම් එයාලගේ පින්තුරයක් පුජාවට තියන්නම ඕනි කියලා.
මේ මෙක්සිකානු සංස්කෘතිය නිසා උපසිරසි කරද්දී මමත් අලි අමාරුවක වැටුනේ. සබ් එක තියෙන්නේ මික්ස් වෙච්ච භාෂාවකින්. ගොඩක් තැන් වලට භාවිත කරලා තිබුණු ස්පාඤ්ඤ භාෂාවේ වචන වලට තේරුම් ගූගල් කරලාවත් හොයාගන්න අමාරුයි. විශේෂයෙන්ම කියන්න ඕනි මේකේ තියෙන සින්දු ගැනත්. භාෂා දෙක තුනක ස්පාඤ්ඤ අච්චාරුවක් නිසා මම ඒවා ලඟින් යන්න තෙර්රුමක් දැම්මා. ඒකෙන් චිත්‍රපටිය රස විඳින්න බාදාවක් වෙන එකක් නෑ. ඒ වගේම සමහර වචන වල ඇත්තම තේරුම නොදා, වඩාත්ම ගැලපෙන තේරුමක් දාලා ඇති කතාව රස විඳින්න ලේසිවෙන්න. කොහොම උනත් ඒවගේ වචන වල තේරුම එතනම දාල ඇති වෙනමම. ඒ නිසා කාටවත් ප්‍රශ්නයක් ඇති වෙන එකක් නෑ.
කතාව පැත්තට හැරුනා නම් හරි දැන්. මේ කතාවේ කියවෙන්නේ මෙක්සිකෝවේ සෙන්ට් සිසිලියා වල ඉන්න අවුරුදු 12ක පොඩි පිරිමි ළමයෙක් වටේ. නම මිගෙල්. එතකොට කොකෝ කියන්නේ එයාගේ ආච්චි අම්මගෙත් අම්මට. මිගෙල්ගේ පවුලේ අය පාරම්පරික සපතේරුවන්. එයාලට ඕනි මිගෙල්වත් මේ රස්සාවට එකතු කරගන්න. එත් මිගෙල්ට තියෙන්නේ වෙනම හීනයක්. එයා ආසා කරන්නේ එයාගේ වීරයා, මහා සංගීතඥ “අර්නස්ටෝ ඩි ලා කෲස්” වගේ සංගීතඥයෙක් වෙන්න. හේතුව මේ කොල්ලටත් පරම්පරාවෙන් ආපු ගායන වාදන හැකියාවක් තියෙනවා. හැබැයි පවුලේ අයට නම් සංගීතය කියන්නේ වහකදුරු වගේ. ඒකට හේතුව පරම්පරා ගානක් උඩදී ඒ පවුලේ සිද්ද උන අවාසනාවන්ත සිද්දියක්. ඒ නිසා මිගෙල් සංගීත භාණ්ඩයක් අතපත ගාන්නෙත් ගෙදරට හොරෙන්.
පවුලේ අය මළවුන්ගේ දවසේ උත්සවය සමරන්න සුදානම් වෙනකොට මිගෙල් හදන්නේ සංගීත තරඟයකට ඇතුලත් වෙන්න. අවාසනාවට වැඩේ ගැස්සිලා ගෙදර අයට මිගෙල්ගේ වැඩ ටික අතේ මාට්ටු වෙනවා. ඔය අවු අස්සේ මිගෙල්ට දැනගන්න ලැබෙනවා අර්නස්ටෝ ඩි ලා කෲස් ගැන ලොකු රහසක්. ඉතින් ගෙදර ඇති උන ප්‍රශ්නයි එයා දැනගත්තු දේවලුයි නිසා මිගෙල් පැනලා යනවා ගෙදරින්. එහෙම ගිහින් එයා වැටෙන්නේ තවත් අමාරුවකට.
මළවුන්ගේ දා රෑ මිගෙල් අතින් සිද්ද වෙන අත්වැරැද්දක් නිසා එයාව එකපාරටම මළවුන්ගේ ලෝකෙට යැවෙනවා. ඉර පායන්න කලින් එයාට ආපහු එන්න උනේ නැත්නම් එයත් මියගිය කෙනෙක් වෙනවා. ඉතින් එයා ඒකෙන් බේරෙන්නේ කොහොමද? එයාට උදව් කරන්නේ කවුද, මේ හැම දෙයක්ම දැනගන්න නම් කතාව බලන්න වෙයි ඔයාලට. මොකද මෙච්චර දිග හෑල්ලක් කියෙව්වට ඒ ටික මුළු කතන්දරෙන්ම පොඩිම පොඩි කොටසක් විතරයි. වැඩියෙන් රස කතන්දරේ තියෙන්නේ පස්සේ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
35,721 downloadsDownload Coco-2017.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/MalindaPitigala1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මාලින්ද පිටිගල
Subtitles
178 comments
Kelum chethiya
Maleesha pathirana
Ade appa tnq
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 -2017 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Subhash13
Niyama wadk.
vidushan sajith
:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahodaraya upasirasata..m
Gathsara Umesh
Bhooom sthuthiyi....
Damru Ravihara
Thanks for sub
Arrow
Patta
විමා
උපසිරසට බොහොම ස්තුතියි සහෝ
අනිවා බලන එකක්
imdb ටොප් 250න් එකක්
මෙදා සැරේ ඔස්කා ලැබෙයි බොහෝ දුරට :Dgeeganagamage
බොහෝම ස්තුතියි අපිට බලන්න මේ වගේ සුපිරි කාටුන් අරගෙන එනවට .
niroshan viraj
sub ekata thank u machan
dulina sandakelum
niyamaie broo
Shashindu Thiwanka
උපසිරසට බොහොම ස්තුතියි
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...udara nuwan kumara
ස්තුතියි…….
S.janitha
thank you
ajith fernando
බොහොම ස්තූතියි
THE NEW FOLDER
thanks brother
for subtitleNilush Angana
Sub ekata thanx
Dilanfcb10
Sub ekata thanx bro
Maleesha pathirana
Meka tikk book of life eke copyk wge...eka balapu ewunta tereyi...
sanjeewakbg
thanks bro.....
තිවංක මංගල
thanks bro
yohan
MAXXA BRO TY SUB EKATA
rasara
Sub ekata thanks bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..ආසාවෙන් බලන් හිටපු කතාවක්.BR ආව ගමන් බලන්න ඕනි...ජය වේවා!
amali Padmasiri
Tanks......V Much
amali Padmasiri
Thanks......V Much
neramp
thanks a lot broooo
Amanda Sandu
Thanks for the subtitles.
Dinidubro
Me movie eka hora copy da danne na neda ayiya
Malinda
Original copy thawama release wela ne.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
chethana lakshan
THANKS!
asiri999
thanks bokka thada thada
Damith Ramanayake
thanks bro good work
shiransri
පට්ට මචන් ..ගොඩක් ඉස්තුති .අපි ඉතින් ANIMATION පිස්සොනේ ..තැන්ක්ස් ලොක්ක ...පුළුවන් වෙලාවක තව එකක් දෙන්න
Hiranhiru
මං දැන් බලන්නෙ ඇනිමේෂන්ම විතරයි.
ගොඩක් ස්තුතියි සහෝ..
තෙරුවන් සරණයි...!ravindu lakshan
සබ් ඵනකම් උන්නෙ
DilZ
Br ම බලනවා thnx 4 සබ්
thumara dilani
thanks
ගොඩක් ස්තුතියි සහෝ..
තෙරුවන් සරණයි…!hasithmiuru
thanks bro
nhcsampath
බොහොම ස්තුතියි සහෝ... වැඩි වැඩියෙන් උපසිරැසි කරන්නට ශක්තිය ලැබේවා...###
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DilZ
DilZ
දිගටම සබ් ලබා දීමට ශක්තිය ලැබේවා
LimeGreenSoda
NiceWork
NEYO
Thanks Brother...
4devinda
bohoma stuti saho ....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි.......