Watch Trailer

The Iron Giant (1999) Sinhala Subtitles | පිටසක්වළ රොබෝ මිතුරා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. මුලින්ම හැමෝටම සුභ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේක තමයි මගේ පළමුවැනි උපසිරැසි ගැන්වීම. මම පළවෙනියටම උපසිරැසි දාන්න හිතුවේ ද අයන් ජයන්ට් ෆිල්ම් එකට. ද අයන් ජයන්ට් ෆිල්ම් එක 1999 දී ඇමෙරිකාවේ වෝනර් බ්‍රදර්ස් සමාගමෙන් නිකුත් කරපු ඇනිමේෂන් චිත්‍රපටියක්. මේක ළමයින්ට විතරක් නෙමෙයි ඕන…

කොහොමද යාලුවනේ. මුලින්ම හැමෝටම සුභ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේක තමයි මගේ පළමුවැනි උපසිරැසි ගැන්වීම. මම පළවෙනියටම උපසිරැසි දාන්න හිතුවේ ද අයන් ජයන්ට් ෆිල්ම් එකට. ද අයන් ජයන්ට් ෆිල්ම් එක 1999 දී ඇමෙරිකාවේ වෝනර් බ්‍රදර්ස් සමාගමෙන් නිකුත් කරපු ඇනිමේෂන් චිත්‍රපටියක්. මේක ළමයින්ට විතරක් නෙමෙයි ඕනෑම් කෙනෙකුට බලලා රස විඳින්න පුලුවන් ෆිල්ම් එකක්.අපි දැන් මේ ෆිල්ම් එකෙ කතාව ගැන පොඩ්ඩක් දැන ගමු.

මේ කතාව පටන් ගන්නේ 1957 ඔක්තෝබර් මාසයේ ස්පුට්නික් හෙවත් ලොව ප්‍රථම චන්ද්‍රිකාව රුසියාවෙන් ගුවන් ගත කලාට පස්සේ. මේ නිසා ප්‍රබල රටක් වෙච්ච ඇමරිකාව භය වුනා රුසියාවෙන් චන්ද්‍රිකාව මගින් ඔවුන්ගේ රට ගැන ඔත්තු බලයි කියලා.මේ නිසා ඇමෙරිකාවේ බුද්ධි අංශ රටේ වෙන දේවල් ගැන හොඳ අවදානයකින් හිටියේ.මේ කලබල අස්සේ ඇමෙරිකාවේ රොක්වෙල් ප්‍රදේශයට නාඳුනන වස්තුවක් කඩාගෙන වැටෙනවා. මේ වස්තුව ඇමෙරිකානු හමුදාවේ රේඩාර්වලට අහු වුනත් ඒක වැටෙන තැන හඳුනගන්න ඔවුන් අපොහොසත් වෙනවා.මේ වස්තුව වෙන මොකක්වත් නෙමෙයි පිටසක්වලින් පෘතුවියට කඩාගෙන වැටුනු රොබෝ කෙනෙක්. මේ රොබෝ ගැන කියනවා නම් සම්පූර්නයෙන්ම ලෝහවලින් හැදුණු අඩි 100ක් විතර උස රොබෝ කෙනෙක්.එයා ආහාරයට ගන්නේ ලෝහ විතරයි. තමන්ගේ සිරුරට හානියක් වුනොත් ඒක තමන්ටම අලුත්වැඩියා කර ගන්න මේ රොබෝට පුලුවන්. මෙයා හරිම අහිංසකයි. ඒ වුනත් කවුරු හරි මෙයාට තුවක්කුවක් වගේ ආයුධයකින් පහර දුන්නොත් මෙයා ඉතා විනාශකාරී අවියක් බවට පත් වෙනවා.මේ දැවැන්ත රොබෝව මහලු ධීවරයෙක්ට දක්නට ලැබෙනවා. එයා මේ ගැන අනිත් අයට කියුවත් ඔහු පිස්සෙක් කියලා හිතලා අනිත් අය ඔහුව විශ්වාස කරන්නේ නෑ.කොහොම නමුත් ඔහු මේ ගැන ඇමරිකානු රජයට දැනුම් දෙනවා.

ඊට පස්සේ තමයි හොගාර්ට් හියුස් කියන කුඩා පිරිමි ළමයා මේකට සම්බන්ධ වෙන්නේ. හොගාර්ට්ගේ පියා නෑ. ඔහුගේ මව විතරයි ඉන්නේ. හොගාර්ට්ගේ අම්මා රොක්වෙල් කියන නගරයේ කුඩා අවන්හලක් පවත්වාගෙන යනවා.හොගාර්ට්ට එහෙදී ඩීන් මැකොපින් කියලා යාලුවෙකුත් හම්බ වෙනවා. ඩීන් එක එක සුන්බුන් වලින් නිර්මාණ කරන කෙනෙක්. ඒ වගේම මේ අවන්හලට එන මිනිස්සු අර කඩා වැටුනු වස්තුව ගැනත් කතා වෙනවා හොගාර්ට්ට ඇහෙනවා.එක දවසක් හොගාර්ට් තනියම ගෙදර ටීවී බල බල ඉන්නකොට එක පාරටම ටීවී එක පේන්නේ නැතුව යනවා. හොගාර්ට් ඇන්ටනාවට මොකක්ද වුනේ කියලා බලන්න වහලෙට නැග්ගහම දකින්නේ හීනෙකින්ව හිතපු නැති දෙයක්. ඒ ඇන්ටනාව යෝද රොබෝ කෙනෙක් විසින් ගිල දමනවා. මුලින් හොගාර්ට් බියට පත් වුනත් ඔහු මේ යකඩ යෝධයා පස්සෙන් යනවා. මේ යෝධයා අහු වෙන ඕනෑම ලෝහයක් ගිල දමනවා. කොහොම හරි මෙයා විදුලි බලාගාරයක යකඩ කනු ගිල දාන්න ගිහින් අධික ලෙස විදුලි සැර වදිනවා. එතකොට හොගාර්ට් තමයි මෙයාව බේර ගන්නේ.ඒ ආකාරයට මේ දෙන්නා මිතුරන් බවට පත් වෙනවා.හොගාර්ට් මේ යකඩ දැවැන්තයාව ඩීන්ගේ වැඩපොළේ හංගගෙන ඉන්නවා.

මේ අතරේ මේ නාඳුනන වස්තුව ගැන හොයන්න ඇමෙරිකානු රජයෙන් නියෝජිතයෙක්ව මේ නගරයට එවනවා.එයාගේ නම කෙන්ට් මෑන්ස්ලි. එයාගේ එකම බලාපොරොත්තුව තමයි මේ අද්භූත යෝදයා ගැන හොයලා එහෙම කෙනෙක් ඉන්නවනම් රජයට දැනුම් දීලා හමුදාව ගෙන්නල එයාව විනාශ කලා දාන එක.එයා මේ ගැන පරීක්ෂණ කරන අතර වාරයේ එක දවසක් එයාට අහම්බෙන් හොගාර්ට්ව හම්බ වෙනවා.හොගාර්ට් ගැන මෙයාට සැක හිතුනු හින්දා එයා කරන්නේ හොගාර්ට්ගේ ගෙදර කුලියට නවාතැන් අරගෙන මේ ගැන පරීක්ෂන කරනවා. පස්සේ හොගාර්ට්ගෙයි යකඩ රොබෝවාගෙයි ලොකුම හතුරා වෙන්නේ මේ කෙන්ට් තමයි. මේ රොබෝව මෙයාගෙනුයි අනිත් අයගෙනුයි වසන් කරලා හංගගෙන තියාගන්න හොගාර්ටුයි එයාගේ මිත්‍ර ඩීනුයි නොගන්න උත්සහයක් නෑ. ඔයාලම බලන්නකෝ. ඉතින් මේ රොබෝව ඇමරිකානු රජයෙ නියෝජිතයාගෙන් වසන් කරන්න මේ දෙන්නට පුලුවන් වෙයිද? එහෙම නැත්තන් බැරි වෙයිද? මේ ගැන් දැන ගන්න අනිවාරයෙන්ම මේ ෆිල්ම් එක බලන්න.

මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ ටෙඩ් හියුස්ගේ අයන් මෑන් කියන ප්‍රබන්ධ පොත ඇසුරින්. මේක බ්‍රැඩ් බර්ඩ් කියන අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයක්. මේක වෝනර් බ්‍රදර්ස් සමාගමේ නිෂ්පාදනයක්. මේකේ අයන් ජයන්ට් ට හඬකවන්නේ සුප්‍රකට හොලිවුඩ් නලු වීන් ඩීසල්. හොගාර්ට්ට හඬ කවන්නේ එලි මැරින්යන්තල් කියන නලුවා . මේ ෆිල්ම් එක ඇමෙරිකානු ඩොලර් මිලියන 31.3ක ආදායමක් ලබලා තියෙනවා.මේක ඇත්තටම ගොඩක් ලස්සන ෆිල්ම් එකක්. මේක බැලුවහමම ඔයාලට ඒක තේරෙයි. ආ තව දෙයක් තියෙනවා. මම මුලිනුත් කියුවා වගේම මේක මගේ පළවෙනි සබ් එක. මේකේ වැරදි ඇති. ඒවාට සමාව ඉල්ලනවා. ස්තූතියි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,061 downloadsDownload The-Iron-Giant-1999.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගයත්‍ර ප්‍රේමතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිඳු ගයත්‍ර ප්‍රේමතිලක

Subtitles

3,061 downloadsDownload Subtitles36 KB

28 comments

  1. Udara Damith Dissanayaka

    ......................බොහොම ස්තුතියි.................

  2. Udara Damith Dissanayaka

    man eka
    mata jaya wewa

  3. Maleesha pathirana

    Mm meka balnna hitiye...1st sub ekata godk Hoda film ekk hoyagna tiyenne...tawa ekk karamu.tnq sub ekta...
    -Maleesha

  4. Ishan Madusha

    නියමයි.පළමු උපසිරැසියට සුබපැතුම් සහෝ
    බොහොම ස්තූතියි

  5. Soori

    පළමු උත්සාහයට මගෙනුත් සුබ පැතුම්..!!
    ජය වේවා !!

  6. Subhash13

    Niyama wadak

  7. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  8. raviz

    thank you very much.....

  9. Malinda

    Thank you bro

  10. shiransri

    තැන්ක්ස් සහෝ ..ලස්සන FILME එකක් වගේ බලල හොද නරක කියන්නම් .දැනට ගොඩක් ඉස්තුති SUB වලට

  11. Hiranhiru

    පළමු උපසිරැසියට සුබ පැතුම්....!
    දිගටම සබ් දෙන්න.
    තෙරුවන් සරණයි...!

  12. yohan

    නියමයි.පළමු උපසිරැසියට සුබපැතුම්

  13. එල්.සී. දමැල්

    බයිස්කෝප් අඩවියට සාධරයෙන් පිලිගන්නවා කවිඳු...
    ස්තුත්යි උපසිරසට

  14. DilZ

    thgnx 4 sub

  15. DilZ

    palamu sabata sthutiyi... digatama denna jaya wewa!!!!!

  16. tharaka vidumal

    elz

  17. [email protected]

    නියමයි. නියමයි . පළමු උපසිරැසියට සුබපැතුම්

  18. Kavindu Gayathre

    ඔබ සියලු දෙනාගේ අදහස්වලට බෙහෙවින් ස්තූතියි.

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. D.Chamara

    bohoma sthuthi sahooo niyamai degatam kargena yamuo jaya...

  21. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  22. Arrow T

    Thank you so much

  23. AsithaDilruwan

    elama saho thanks
    godak kal balan hitiya sab denakm

  24. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කවිඳු සහෝ.
    ජයෙන් ජය.

  25. IreshSampath

    Thanks

  26. Hiranhiru

    ගොඩක් ස්තුතියි උපසිරැසිය දුන්නාට. දිගටම ඇනිමේෂන් වලට දෙන්න අනිවා බාගන්නවා.. තෙරුවන් සරණයි..!

  27. Bhawantha Chamod

    thanks.

  28. priya

    බොහොම ස්තුතියි