අනිවාර්යයෙන්ම ඔයාල හැමෝම වගේ සංචාරය කරන්න එහෙමත් නැත්නම් ට්‍රිප් යන්න ගොඩක් ආසයි නේද? අපි ට්‍රිප් එකක් එහෙමත් නැත්නම් සංචාරයකට යන්නෙ අලුත් අත්දැකීමක් වගෙම අපි නොදැකපු ස්ථාන, ශාක වර්ග හා සත්ව විශේෂ දැක බලාගන්න වගෙම ඒවා පිළිබඳව අවබෝධයක් ලබාගන්නයි. පොඩ්ඩක් හිතල බලන්න ඔයාල ගියපු සමහර තැන් වලදි ඔයාල පුද…

අනිවාර්යයෙන්ම ඔයාල හැමෝම වගේ සංචාරය කරන්න එහෙමත් නැත්නම් ට්‍රිප් යන්න ගොඩක් ආසයි නේද? අපි ට්‍රිප් එකක් එහෙමත් නැත්නම් සංචාරයකට යන්නෙ අලුත් අත්දැකීමක් වගෙම අපි නොදැකපු ස්ථාන, ශාක වර්ග හා සත්ව විශේෂ දැක බලාගන්න වගෙම ඒවා පිළිබඳව අවබෝධයක් ලබාගන්නයි. පොඩ්ඩක් හිතල බලන්න ඔයාල ගියපු සමහර තැන් වලදි ඔයාල පුදුම කරවන දේවල් දකින්න ඇති නේද? කවදාවත් මෙහෙම දෙයක් නම් දැකල නෑ කියල හිතෙන්න ඇති නේද? මේ වගේ පුදුම හිතෙන, විශ්වාස කරන්න බැරි දේවල් බොහෝමයක් අපේ ලෝකෙ තියනවා. අපේ රටේ වගෙම වෙනත් විදේශ රටවල් වලිනුත් නොයෙක් ආකාරයේ පුදුම හිතෙන දේවල් වගෙම විශ්වාස කරන්න බැරි දේවල් පිළිබඳව අපිට නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා. ගවේශකයින්, සංචාරකයින් වගෙම පරීක්ෂකයින් පවා පුදුමයට පත්කරවන ගණනින් සීමා කළ නොහැකි සොබාදහමේ සැඟවුණු රහස් මේ ආකාරයෙන් අහඹු ලෙස එළිදරව් වෙද්දී, ඔබට සහ මට නිතැතින්ම මතුවන ගැටළුවක් වනුයේ, අපේ මේ ලෝකය පුරාවට කුතුහලය හඹා යන මිනිස් ඇස නොගැටුණු තව කෙතරම් නම් ස්ථාන ඇත්ද, තව කෙතරම් නම් සත්ව විශේෂ හා ශාක විශේෂ ඇත්ද යන්නයි…
ඉතින් අද ඔයාලට අරගෙන ආවෙ සාමාන්‍ය චිත්‍රපට කලාවෙන් බැහැරට ගිය අපූරු කතා පුවතක් රැගත් සිනමා නිර්මාණයක්. Archduke Franz Ferdinand නම් වූ ඔස්ට්‍රියානු රජ කුමරාගේ ඝාතනයත් සමඟින් 1914 ජූලි 28 දින පටන් ඇරඹි පළමු ලෝක යුද්ධ සමයේදී මිනිස් වාසයෙන් බොහෝ ඈතින් පිහිටි දූපතක ඉදිකර තිබූ ප්‍රදීපාගාරයක කාළගුණික නිළදාරී තනතුර වෙනුවෙන් තරුණ නිළදාරියෙක් පත්කරනවා. මේ නිළදාරියාගෙ නම තමයි ආරොන් වින්ඩ්ස්. ඉතින් මේ ආරොන් වින්ඩ්ස් හාදයා වසරක සේවා කාලයක් සඳහා 1914 සැප්තැම්බර් මාසයේදි ප්‍රවාහන නෞකාවකින් මේ දූපතට ළඟාවෙනවා. ඒත් ප්‍රදීපාගාරයට ගියාම මේ ආරොන්ට දැනගන්න ලැබෙනවා කලින් සේවය කළ කාළගුණික නිළදාරියා ආගිය අතක් නැති බව. ඒ වගෙම ප්‍රදීපාගාරයේ තාක්ෂණික ශිල්පියා වශයෙන් සේවය කරන ගෘනර් කියන හාදයත් ටිකක් අමුතු චරිතයක් බව ආරොන් තේරුම් ගන්නවා. ඉතින් මේ විදිහට හුදෙකලා දූපතක වසරක සේවා කාලයක් වෙනුවෙන් තමන්ගෙ රාජකාරිය පටන්ගත්තු ආරොන්ට මුහුණ දෙන්න සිද්දවෙන්නෙ හීනෙකින්වත් නොහිතපු දේවල් වලටයි.
සාමාන්‍යයෙන් ප්‍රදීපාගාරයක් ස්ථාපිත කරන්නෙ නාවික මාර්ග ආසන්නයේ වුණත් මේ කියන ප්‍රදීපාගාරය තියෙන්නෙ නාවික මාර්ග අහලකවත් නෙවෙයි. අනික් පුදුම හිතෙන දේ තමයි ආරොන්ටයි ගෘනර්ටයි කරදරකාර අමුත්තො කට්ටියකුත් ඉන්නවා. ඒත් මිනිස්සු නම් නෙවෙයි, මිනිස් ස්වරූපයට සමාන හැඩරුව තියන තවමත් පරිණාමනයට ලක්වෙමින් ඉන්න මාංශ භක්ෂක ජීවීන් කොට්ඨාසයක්. මේ සත්තු නිරන්තරයෙන්ම රාත්‍රී කාලයේදි ප්‍රදීපාගාරයට පහරදෙනවා. ආරොන්ටයි ගෘනර්ටයි මේ සත්තුන්ගෙන් බේරෙන්න උන් එක්ක සටන් කරන්න සිද්දවෙනවා. පුදුම හිතෙන කාරණේ තමයි ගෘනර්ට මේ සත්තුන්ගෙ ගැහැණු සත්වයෙක් කුළුපග වෙන එක. එයා මෙයාලත් එක්ක ප්‍රදීපාගාරයේම තමයි ජීවත් වෙන්නෙ. අනිත් සත්තුන්ගෙන් කරදර සිද්දවුණත් මෙයාගෙන් නම් කිසිම හිරිහැරයක් වෙන්නෙ නැහැ. මේ විදිහට පුදුම හිතෙන අත්දැකීම් විඳිමින් හුදෙකලා කටුක පරිසරයක රාජකාරිය කරන අතරෙ ආරොන් එයාගෙ අදහස්, සිතුවිලි වගෙම මේ අපූරු සත්ව කොට්ඨාශය ගැන තමන්ගේ නිරීක්ෂණ හා නිගමන සටහන් කරනවා.
ගෘනර් එක්ක රාජකාරිය කරන එක කෙසේ වෙතත් මිනිහා එක්ක ඉන්න එක නම් ආරොන්ට ලේසි පහසු වෙන්නෙ නැහැ. ඉතින් ආරොන් මේ දූපතෙන් පිටවෙලා යන්න තීරණය කළත් ඒකට කිසිම අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ, මොකද කිව්වොත් මේ දූපත් කිට්ටුවට එන ඊළඟ නැව එන්නෙ ආරොන් වෙනුවට එන නිළදාරියා එක්කන් එන නැව විතරයි. ඉතින් ආරොන්ට අවුරුද්දක්ම බලාගෙන ඉන්න සිද්දවෙනවා. මේ අතරෙ දූපතේ ඉන්න සත්තුන්ගෙ කරදරෙත් එන්න එන්නම වැඩිවෙනවා. ඉතින් අවසානයෙදි ගෘනර් වගෙම ආරොන් තීරණය කරනවා මේ සත්තු සමූල ඝාතනය කරන්න. ඒ තීරණෙන් පස්සෙ මේ දෙන්නත් එක්කලා කිව්ව වගේම දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. ඒත් ඒ ප්‍රහාරයෙන් පස්සෙ ආරොන්ට තේරුම් යනවා එයාල හිතපු විදිහ සම්පූර්ණයෙන්ම වැරදියි කියල. ගෘනර් කියන්නෙ තමන් හිතපු විදිහෙ කෙනෙක් නෙවෙයි කියලත් ආරොන් දැනගන්නවා. පරිණාමනයේ අතරමඟ ඉන්න මේ සත්ව විශේෂයත් මිනිසුන් වගෙම බුද්ධිමත් බවත් මිනිසුන් හා සමානවම සංවේදී බවත් ආරොන් තේරුම් ගන්නවා. ඉතින් මේ සත්ව මිනිස් ගැටුමින් ආරොන්ට වගෙම ගෘනර්ට දිනන්න පුළුවන් වෙයිද.. ඇත්තටම ගෘනර් කියන්නෙ කවුද.. ගෘනර්ට කාන්තා සත්වයා එක්ක තියන සම්බන්ධය මොකක්ද.. අවසානයේ ආරොන්ට දූපතෙන් පිටවෙලා යන්න ලැබෙයිද… විස්තරේ ටිකක් අපැහැදිලි වගේ වුණත් මේ කතාව හරි අපූරු වගෙම සංවේදී කතාවක්. චිත්‍රපටය බලද්දි හැමදෙයක්ම තේරුම්ගන්න පුළුවන් වෙයි. එහෙනම් බලලම ඉන්නකෝ…
5.9/10 ක ඉහළ IMDb අගයකට හිමිකම් කියමින් Adventure | Horror | Sci-Fi | Thriller යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව 2017 සැප්තැම්බර් මස 10 දින සිට නිළ වශයෙන් තිරගත්වීම ඇරඹූ Cold Skin සිනමාපටය ඉංග්‍රීසි බසින් නිර්මිත ස්පාඤ්ඤ හා ප්‍රංශ සිනමා මිශ්‍රණයක්. ස්පාඤ්ඤ ජාතික මානවවේදියෙක් හා කතුවරයෙක් වන Albert Sánchez Piñol විසින් රචිත “Cold Skin” නවකතාව පාදක කරගනිමින් නිපදවූ මෙම සලරුව අධ්‍යක්ෂණය කර ඇත්තේ Hitman(2007), Frontier(s)(2007) හා The Divide(2011) යන සිනමාපටවල අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ Xavier Gens විසින් වන අතර තිරපිටපත් නිර්මාණය සිදුකර ඇත්තේ Jesús Olmo සහ Eron Sheean විසින්. Thor(2011), The Three Musketeers (2011), Thor: The Dark World(2013) හා Black Sails රූපවාහිනී කතාමාලාවට රංගනයෙන් දායකවූ Ray Stevenson ඇතුළුව Aura Garrido,Ray Stevenson,John Benfield,Iván González හා Winslow Iwaki යන රංගන ශිල්පීන් මෙම සිනමාපටයට තම රංගනයෙන් දායකවී තිබෙනවා. ස්පාඤ්ඤයේ Lanzarote, Canary Islands හිදී රූගත කිරීම් සිදුකර ඇති මෙම සිනපාපටයේ නිෂ්පාදන කටයුතු සිදුකර ඇත්තේ Babieka, Kanzaman සහ Ink Connection යන සමාගම් මඟිනුයි. මිනිත්තු 108ක කාලයක් පුරාවට ගලායන කතා පුවතක් රැගත් මෙම සිනමාපටයේ බෙදාහැරීම් කටයුතු සිදුකර ඇත්තේ Cinépolis Distribución හා Superfine Films යන සමාගම් මඟිනුයි.
”අපිට කවදාවත් අපි වෛර කරන අයගෙන් ඈත්වෙන්න බැහැ.
මේ තියුණු හේතුව නිසා, අපිට කවදාවත් අපි සැබෑවටම ආදරේ කරන අයට ළං වෙන්න බැහැ.”
– ආරොන් වින්ඩ්ස්.
~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
9,001 downloadsDownload Cold-Skin-2017.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Isuru-Sampath-Sirisena-2018.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
54 comments
macrocomlk
Udara Damith Dissanayaka
ලිපිය කියෙවුවා ගමන් බලන්ඩ ම හිතුන මේක
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
bohoma sthuthi sahooo jaya
dayalk
pls give me link to download this
Charuka00
Bohoma isthuthi saho. Michael Jackson Searching for Neverland film ekatath sub denna puluwanda?
Pushpa Kumara
THANKS SUB EKATA...!!!!!!!!!!!!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!shenal
thank you
viduranga
thanks
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahodaraya ...
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
පුලුවන්නම් La horde (2009) සබ් දෙන්නdanuviraj2
*****thk you ******
AsithaDilruwan
elama saho thanks
sahansudeera
Thank You
Ravindu Rukshan
thx
Chathura Abesiriwardhana
ජය වේවා!
chandima_herath
thanks yalu sun ekata
HARSHANA9211
thanks.....
ruchiralakmal
thanks for the sub
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!raviz
thank you..........
vipulapriyantha-test
Thanks.....
baiscope2017
Godak sthuthiy
wajira
THANKS BRO
Haritha245
THANK YOU
madushangamage
thankes,ishuru bro
TRD
Thanx For Sinhala Sab Bro....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Iroshandharmakeerthi
Thanks bro.
Tarbo
නිසමයි සහෝ ලිපිය ලියලා තියෙන විදිහට බලන්නම හිතෙනවා. අනිවාර්යයෙන් බලනවා හරි. සබ ගත්තා සබට ස්තූති. තවත් මේ වගේ සබ් කරන්න . ශක්තිය දෛර්ය ලැබේවායි පාර්තනා කරනවා
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!malith
Ela ela
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ.
ජයෙන් ජය.හසිත මධුෂාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!
LimeGreenSoda
Nice
Vindaka Lahiru
ela
Manura Sathsarindu
thnx saho
madhusankha
Thanks bro.....
Sandeepmadushan
Thanx brother
roshanst
Thank you
Nandana_kumara
hashan_sandakelum
Sub ekata thanx bro...
chinthaka_priyadrshana
Thank u bro
Nishanfernando
Thanx bro
MAALnath
Thanks .............good luck ......................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!ishanrazor
Thanks bro digatama karagena yanna
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
Chulender kasun
Elassss.........
Thanks.....Priyasath
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Isuru sub ekata............!! Jaya..!!
#Madu