හිරාන් ගනේපල්ල සොයුරාගේ ලිපිය… සුබ දවසක් වේවා හැමෝටම.අද මම ඔයාලට අරගෙන අවේ ටිකක් පරණ චිත්‍රපටියක උපසිරසියක්. මේක මට අරන් දීපු සිසිල ප්‍රසාද් අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.. මේක ටිකක් විතර අබිරහස් චිත්‍රපටියක්.ඔයාලා මේ චිත්‍රපටිය download කරන්න කලින් මේකේ trailer එක බලලා ඉන්නවනම් හොදයි. චිත්‍රපටිය ගැ…
හිරාන් ගනේපල්ල සොයුරාගේ ලිපිය…
සුබ දවසක් වේවා හැමෝටම.අද මම ඔයාලට අරගෙන අවේ ටිකක් පරණ චිත්‍රපටියක උපසිරසියක්. මේක මට අරන් දීපු සිසිල ප්‍රසාද් අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා..
මේක ටිකක් විතර අබිරහස් චිත්‍රපටියක්.ඔයාලා මේ චිත්‍රපටිය download කරන්න කලින් මේකේ trailer එක බලලා ඉන්නවනම් හොදයි. චිත්‍රපටිය ගැන කිව්වොත්… මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Rodrigo García.මෙම චිත්‍රපටයට 5.9ක imdb අගයක් ලැබිලා තියෙනවා. මෙම චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2008 ඔක්තෝම්බර් 20.විනාඩි 93 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටිය අයත්වන්නේ Romantic, Mystery, Thriller ගණයටයි.මෙහි ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන චරිත දෙකක් ඉන්නවා.ඒ තමයි මානසික වෛද්‍යවරිය වන ක්ලේරා සමර් සහ එරික් ක්ලාක්.ක්ලේරාගේ චරිතයට පන පොවන්නේ Anne Hathaway. එතකොට එරික්ගේ චරිතය රඟ පාන්නේ Anne Hathaway.චිත්‍රපටියේ පසුබිම් කතාව ලියලා තියෙන්නේ Ronnie Christensen.නිෂ්පාදකයා තමයි Joseph Drake.තරමක විතර පිස්සු ගතියක් මේ කතාවේ තියනවා..
එහෙනම් චිත්‍රපටිය දිහාවට හැරෙමු. චිත්‍රපටියේ කතාව සාරාංශයක් විදිහට ගත්තොත් මේකේ තියෙන්නේ ගුවන් අනතුරක් ගැන.ගුවන් අනතුරට පත් වෙච්ච මගියන්ට ඔවුන්ගේ මතකය නැති වෙලයි තියෙන්නේ.ඉතින් මේ මගියන්ට එයාලගේ මතකයන් ආපහු ගන්න උදව් කරන්නේ දොස්තර කෙනෙක්…දොස්තරත් සෑහෙන්න මහන්සි වෙනවා ගුවන් අනතුර ඇත්තටම උනේ කොහොමද කියලා දැනගන්න….ටික දවසක් යද්දී මේ දොස්තරගේ ලෙඩ්ඩු එකින් එක අතුරුදහන් වෙන්න පටන් ගන්නවා.දොස්තරටත් මේක ගැන සැක හිතෙනවා..එක ගුවන් මගියෙක් හින්දා දොස්තරගේ මුළු ජීවිතේම වෙනස් වෙනවා.ඒ ගුවන් මගියා තමයි එරික්.මේ චිත්‍රපටියේ අන්තිම ටික බලනකන් කිසිම දෙයක් තේරෙන්නේ නෑ.හැබැයි මේකේ හරි ලස්සන කතාවක් තියෙන්නේ… අන්තිමට මේ චිත්‍රපටයේ චරිත වලට එන ප්‍රශ්න වලට ලැබෙන්නේ හිතන්නෙවත් නැති උත්තර.එහෙනම් හැමෝටම චිත්‍රපටිය බලන්න ආරාදනා කරනවා….
පෙර පළවූ ලිපිය…
මේ ෆිල්ම් එක ගැන කියන්න විස්තර ගොඩක් නෑ..ඒ උනාට ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙන ගානට කියන්නම් මම..ඊට පස්සෙ ෆිල්ම් එක බලනවද නැද්ද කියල ඔයාලම තීරණය කරන්න..කතාව මෙහෙමයි..එක්තරා මගී ප්‍රවාහන ගුවන් යානයක් කඩාගෙන වැටෙනව මගීන් විශාල ගනනක් එක්කම..පසුව මින් බේරෙන මගීන් දරුණු විදියට මානසික කම්පනය පත් වෙනව…ඒ අයගේ මානසික තත්ත්වය යහපත් කිරීම සදහා එක්තරා වෛද්‍යවරියකට නියම වෙනව..මේ වෛද්‍යවරිය හා මගීන් අතර තමයි ච්ත්‍රපටයේ කතාව ගොඩනැගෙන්නෙ..මේ අණතුරට පත්වූ මගීන්ව විවිධ පුද්ගලයන් ලුහුබදිනව..කොහොම උනත් කතාව මුල ඉදලම අභිරහස් ගතියක් තමයි තියෙන්නෙ..ඒ අභිරහස විසදෙන්නෙ අන්තිම මොහොතෙ..නමුත් අපි හීනෙන් වත් නොහිතන විදියේ විසදුමක් තමයි ලැබෙන්නෙ මේ අභිරහසට..එකම වගේ කථා වලට සීමා වෙලා ඉන්න කෙනෙක්ට වටිනව මේ වගේ කතාවක් බලන එක..මොකද අන්තිම මොහොත දක්වාම අපේ හිතේ කුතුහලයක් තමයි රදෙන්නෙ..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.
4,876 downloadsDownload Passengers-2008.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Hiran-Eranda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018/02/19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
32 comments
a sweet thing
nuwansl.blogspot
බොහෝම ස්තුතියි දෑනුවත් කිරීමට,, බලන්න හිතෙනවා.
Ramraj
අයියෝ මේකට කමෙන්ට් දාලා නෑනේ. මම නම් මේක බලලා නෑ. ඒත් විස්තරයට අනුව නම් බලන්න හිතෙනවා.
Viraj
බොහොම ස්තූතියි
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)Tharaka
සිංහල උපසිරැසියට ස්තූතියි! ජය වේවා! බුදු සරණයි!
geeganagamage
බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ . ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි බයිස්කෝප් එකේ මීට කලින් දුන්න සමහර ෆිල්ම් වල සබ් download කරන්න බැහැ . ටිකක් ඒ ගැන බලන්න පුලුවන්නම් ලොකු උදවූවක් සහෝ .
Hiran Eranda
සහෝ.....ඔයා සබ් මැෂින් එකෙන් බානවනම් google chrome එකේ incognito කියලා mode එකක් තියෙනවා....ඒක on කරලා සබ් එක බාන්න....එතකොට හරියයි......incognito mode එක on කරගන්නනම් shift+ctrl+n බොත්තම් ටික එක සැරේ ඔබන්න......
Arrow T
Thank you
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
නිවන්දක සුබසිංහ
elama ela thanks bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Smug118
Thanks
Suranjan
Thanks machan......jayawewa.....!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Lithum2011
Thanks.. Nice one saho..
Shemil90
Thank you bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
supun bro
jaya jaya aluth hindi film ekakata sub demuda....
supun bro
jaya jaya wewa ! aluth hindi film ekakata sub demuda....
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!malith
Ela ela
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරාන් සහෝ.
ජයෙන් ජය.හසිත මධුෂාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!
LimeGreenSoda
ThankYou
Max Nuwan
meketh sub eka denawada yaluyuuu The Evil Dead 2 | Return to Finish (2018)
saduhiru1
උපසිරැසියට බොහොම ස්තූතියි ..............
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!යුරාන් ධනුක
උපසිරැසියට තුති සහෝ...
madhusankha
Thanks bro.....
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Rukshan37
Ela
Advertisement

One of the best films i have watched this year! Anne Hathaway ladies and gentlemen!