Watch Trailer

Colour Photo (2020) Sinhala Subtitles | කලු සුදු ආදරේ [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ! කාලෙකින්. මේ ෆිල්ම් එක බාර අරගෙන දැන් කල්පයක් විතර වෙනවා. ඒත් තාක්ශණික දෝශ,විභාග දෝශ කාර්මික දෝශ එකී මෙකී නොකී හැම දෝශයක්ම හින්දා මේක පොඩ්ඩක් පරක්කු උනා. මේ සබ් එක දෙනකන් උපේක්ශාවෙන් බලන් හිටපු බයිස්කෝප් ටීම් එකට මගේ හද පිරි ප්‍රමාණය! 😁ඉතින් ෆිල්ම් එක පැත්තට ගියොත් මේක 2021 ආපූ තෙලි…

කොහොමද යාලුවනේ! කාලෙකින්. මේ ෆිල්ම් එක බාර අරගෙන දැන් කල්පයක් විතර වෙනවා. ඒත් තාක්ශණික දෝශ,විභාග දෝශ කාර්මික දෝශ එකී මෙකී නොකී හැම දෝශයක්ම හින්දා මේක පොඩ්ඩක් පරක්කු උනා. මේ සබ් එක දෙනකන් උපේක්ශාවෙන් බලන් හිටපු බයිස්කෝප් ටීම් එකට මගේ හද පිරි ප්‍රමාණය! 😁ඉතින් ෆිල්ම් එක පැත්තට ගියොත් මේක 2021 ආපූ තෙලිඟු ෆිල්ම් එකක්. තෙලිඟු ෆෑන්ස්ලා කැමති වෙයි මේ ෆිල්ම් එකට.IMDb එකේ 8.1 ක රේටින්ග් එකක් ලැබිලා තියනවා.සන්දීප් රාජ්ගේ අධ්‍යක්ෂනයෙන් සුහස් සහ චාන්දිනී තමයි ප්‍රධාන චරිත ර්ඟපාන්නේ.

ක්‍රිශ්ණා කියන්නේ කට්ට කලු මහන්සියෙන් වැඩ කරන දුප්පත් කොල්ලෙක්. දීප්තී කියන්නේ කිරි පාට ටිකක් වැදගත් පවුලක කෙල්ලෙක්. මේ දෙන්නම යන්නේ එකම කැම්පස් එකට.මේක ඉන්ජිනේරු කොලේජ් එකක්.දෙන්නා දෙන්නගේ පාඩුවේ වැඩ ටික කරන් ගියාට ඉතින් එහෙම බෑනේ චිත්‍රපටියක. ඕන් කොහොමහරි ක්‍රිශ්ණා දීප්තිට ආදරේ කරන්න පටන් ගන්නවා. හැබැයි එයා මේක දීපුට කියන්න යන්නේ නෑ. මොකද මේක 1999 කතාවක්. ඒ කාලේ කලු සුදු භේද කුල භේද ලොකුවට තිබ්බ කාලයක්නේ සමාජේ.ක්‍රිශ්නගේ පාට හින්දා දීපු අකමැති වෙයි කියලා කොල්ලගේ ආදරේ අප්‍රකාශිතව තියනවා. මේ අතරේ කෙල්ලත් එහෙන් මෙහෙන් බැල්ම දානවා හැබැයි ක්‍රිශ්ණා ගනන් ගන්නේ නෑ වගේ පෙන්නනවා. දවසක් හිතා ගන්න බැරි විදියට දීපුම ඇවිත් ක්‍රිශ්ණට ආදරෙයි කියලා කියනවා බැරිම තැන. කොහොමින් කොහොම හරි දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නවා. කලු සුදු ආදරයක්. මේ හින්දම කොලේජ් එකේ අය විහිලු කරයි කියලා ක්‍රිශ්ණා තීරනය කරනවා එයාලගේ සම්බන්දේ ගැන කාටවත්ම නොකියා ඉන්න. කොල්ලා වරද්ද ගත්තේ එතන මට හිතෙන විදියට.ඉතින් දෙන්නගේ හොදම යාලුවෝ දෙන්නා බාලායි පද්මයි ඇරෙන්න මේ ගැන කවුරුවත්ම දන්නේ නෑ.මේ අස්සේ ක්‍රිශ්ණගේ හමේ පාටත් එක්ක මෙයා කොලේජ් එකේ ප්‍රින්සිපල් එක්කත් සීතල යුද්ධයක් යනවා.තව සින්නෝ සෙට් එකක් එක්කත් වලියක් යනවා මේ සීතල යුද්ධේ ප්‍රතිඵලයක් විදියට මේ කලු සුදූ ආදරේ ගැන දෙන්නගෙම ගෙවල් වලින් දැනගන්නවා. 😕

ඊටපස්සේ මොකද වෙන්නේ. මේ දෙන්නගේ මේ කලු සුදු ආදරේ එයාලට පාට කරගන්න පුලුවන් වෙයිද. කවුරු උනත් ආදරේ කරන්නේ හීන ගොඩක් තියා ගෙනනේ.ඉතින් ඒ හීන මේයලට හැබෑ කරගන්න පුලුවන් වෙයිද? දීපු හැමදාම කන්නයියගේ ෆොටෝ එකක් ඉල්ලනවා එයා ගාව තියා ගන්න. ඒත් කන්නයියා ලග දෙන්න ෆොටෝ එකක් නෑ. හැබැයි කන්නයියා අලුතෙන්ම ෆොටෝ එකක් ගහනවා, කලර් ෆොටෝ එකක්. මේ ෆොටෝ එක දීපුට දෙන්න කන්නයියට පුලුවන් වෙයිද?මේ හැමදේටම උත්තර ෆිල්ම් එකේ. හරිම ලස්සන ආදර කතාවක්. .

ලොව වටා සිටින සුවහසක් සැබෑ ආදරවන්තයින්ට ආදරෙන්, කලු සුදු ආදරේ ❤️❤

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

15,086 downloadsDownload Colour-Photo-2020.zip68 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “JAAL” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

JAAL

Subtitles

15,086 downloadsDownload Subtitles68 KB

19 comments

  1. Kevin

    Thanks sister
    Keep it up

  2. Anonymous

    මේක සබ් එක්ක බලලත් කල්පයක් විතර වෙනො

  3. Supun Kaushalya

    මේක නම් බැලුවා කොහොම නමුත් සබ් එකට තෑන්ක්ස්

  4. tv malli

    සබ් එකට ස්තුතියි

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. සිසිල ප්‍රසාද්

    මුලින්ම කියන්න ඕනෙ, කොච්චර බාධක ආවත් බාරගත්ත වැඩේ ඉවරයක් කරපු එක නම් විශිෂ්ඨයි. අද කාලේ ගොඩක් දෙනෙක් ගාව නැති හොඳ ගුණාංගයක්. සබ් එකක් කරන්නද කියලා අහලා, අන්තිමට සබ් එකක් බාරදුන්නට පස්සෙ හිමීට මාරු වෙලා යන අය අතරේ ඔබ හොඳ ආදර්ශයක්. ඒ වගේම, මේක කරමුද කියලා ඇහුවාම බැහැ නොකියා බාරගත්ත එකටත් ස්තුතියි. තෙලිඟු සිනමා රසිකයෙක් නම් නොවරදවාම නැරඹිය යුතුයි කියලා ඉහලින්ම නිර්දේශ කරන්න පුළුවන් චිත්‍රපටයක් මේක. ඒ වගේම තමයි, ගොඩක් චිත්‍රපටි ප්‍රේක්ෂකයා සතුටු කරමින් අවසන් වුණත්, මේ වගේ ඇතැම් චිත්‍රපටි ප්‍රේක්ෂකයාව බොහොම කම්පනයකට පත්කරලා තමයි අවසන් වෙන්නෙ. ඒ හේතුවම වෙන්න ඇති මේ චිත්‍රපටය මේ තරම් දැනෙන්නත් හේතුව.

    ඒ වගේම, චිත්‍රපටය බලලා කල්පයක් වෙන අයට බොහොම ආදරෙන් කියන්නෙ. මේ උපසිරැසිය, චිත්‍රපටය තවමත් නොබලපු අය සහ නැවත නරඹන්න කැමැත්තෙන් ඉන්න පිරිස වෙනුවෙන් පමණයි. ඒ නිසා, බලපු අය තමන්ගෙ පාඩුවෙ බලපු නැති එකක් බලාගෙන ඉන්න.

    1. Nalaka

      මචන් සිසිල උබේ බාසාවෙන්ම කිව්වොත් , මොකෙක් හරි දාපු කමෙන්ට් එකක් අවුල් වුනොත් රෙද්ද උස්සන් උන්ට බනින්න එන වෙලේ අර උඩ sameera සහෝ කියපු අලුත් ෆිල්ම් ටිකට සබ් දුන්නනම් වටින්නේ නැත්ද???

    2. සිසිල ප්‍රසාද්

      හරි මචං එල. උඹ කියන දෙයක් තමයි ඉතිං. ඕන තරම් කට කැඩිච්ච කතා කියන්න. අපි ඔළුව පාත්කරගෙන උඹලා කියන කියන ඒවට සබ් දිදී ඉන්නම්.

  7. Anonymous

    Thanks bro. Keep it up. Good luck

  8. Sameera

    Mandela (tamil)
    Yuvarathna (kannada)
    Jathi Rathnalu (telugu)
    Uppenna (telugu)
    The Priest (malayalam)
    Oya supiri film tikata sinhala sub dunnanam patta...
    Baiscopewasiii hamatama suba aluth awruddak wewa..mn me film 1 nm baluwa...supiriyak thamai..sub 1ta sthuthiii...

  9. Anonymous

    The priest malayalam ekta sub denna plzzz

  10. THEEKSHANAR

    මාරම ලස්සන ෆිල්ම් එකක් මුලදි ටිකක් බෝරින් වුනාට මරු පට්ටෙට දුක හිතෙනව සබට තුති

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Ruwee

    supirima film ekk.....kalin ek parak bluwa.......ayeth blnw

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  14. Waruna Nirman Kulathilaka

    thanks bro sub walata

  15. ishan

    Thanx machn sub ekata

  16. Yash

    Thanks sister ...keep it up ..great work

  17. සාරංග ජේ. ලියනගම

    Thanks