කොහොමද යාළුවනේ, අද මම ඔයාලට අරගෙන ආවා 2020 වසරෙ නිමැවුණු Horror, Romance, Sci-Fi ගණයෙ චිත්‍රපටයක්. අපේ ගොඩක් අය Sci-Fi වලට කැමතියිනෙ. ඉතිං මේක විනාඩි 101ක් පුරාවට ඔයාලට රසවිඳින්න පුළුවන්. Isak Borg, Dena Hysell-Cornejo යන අය විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන මෙය රචනා කරලා තියෙන්නෙත් Isak Borg විසින්මයි.…

කොහොමද යාළුවනේ, අද මම ඔයාලට අරගෙන ආවා 2020 වසරෙ නිමැවුණු Horror, Romance, Sci-Fi ගණයෙ චිත්‍රපටයක්. අපේ ගොඩක් අය Sci-Fi වලට කැමතියිනෙ. ඉතිං මේක විනාඩි 101ක් පුරාවට ඔයාලට රසවිඳින්න පුළුවන්. Isak Borg, Dena Hysell-Cornejo යන අය විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන මෙය රචනා කරලා තියෙන්නෙත් Isak Borg විසින්මයි. මේක නිකුත් කරලා තියෙන්නෙ 2020 ජූනි 2වෙනිදා ඉංග්‍රීසි මාධ්‍යයෙන්. IMDb දර්ශකයෙ අගය 5ක් ලෙසත් සටහන් වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිත Sean Faris, Sarah Roemer, James Saito වගේ අය රංඟනයෙන් දායක වෙනවා. මූලිකවම මෙහි නිෂ්පාදන දායකත්වය ගැන මේ ටික තමයි කියන්න තියෙන්නෙ.
අද ලෝකෙ තාක්ෂණය තියෙන්නෙ කොතනද? ඒවාට අත්පත් කරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ මොනවද? බැරි වෙලා තියෙන්නෙ මොනවද? මේ ප්‍රශ්න වලට උත්තර අපි හරියටම දන්නෙ නෑ. මොකද සමහර දේවල් ප්‍රසිද්ධ උනාට සමහර දේවල් අප්‍රසිද්ධියේ තියෙන්න ගොඩක් ඉඩකඩ තියෙන හින්දා. එදිනෙදා ජීවිතයෙදි අපිත් ගොඩක් බලවත් මෙවලමක් පාවිච්චි කරනවා. ඒක තමයි ස්මාර්ට් ජංගම දුරකතනය. විවිධ යෙදුම්, ඔන්ලයින් සහ ඕෆ්ලයින් ක්‍රීඩා අපිව කොහෙටද ගෙනියලා තියෙන්නෙ? අපේ ජීවිතයෙ එදිනෙදා රාජකාරි වලින් පස්සෙ ඉතිරිවෙලා තියෙන කාලය වැඩිපුරම වෙන්වෙලා තියෙන්නෙ මේකට නේද? මේකෙ හොඳ නරක කියන්න තරම් මම බුද්ධිමත් කෙනෙක් නොවුනත් මට හිතෙනවා එක තැනකට වෙලා ඇඟක් හොල්ලලා මහන්සි නොවී අපිව තියාගන්න මේකට හැකියාව ලැබිලා තිබෙන බව. කාලයත් එක්ක අවසානයේ අවුරුදු 60, 70කට පස්සෙ එන ලෙඩ දැන් අවුරුදු 30 පටන්ගද්දිම අපිට හැදෙන්න පටන් අරන්. පෞද්ගලිකවම මගෙ අදහස මේක හොඳ මෙවලමක් යහපත් භාවිතයට ගන්නවනම්. හැබැයි මේවා නැති කාලෙ මිනිස්සු මීටවඩා සතුටින් සමඟියෙන් උන්නා කියලා මං හිතනවා. මම දන්නෙ නෑ, ඔයාලම කල්පනා කරලා බලන්න. ඒ ගැන මේතරම් කිව්වෙ මේ කතාවත් ජංගම යෙදුමක් සම්බන්ධව ඈඳෙන හින්දා. අපි කතාවෙ සාරාංශය ටිකක් බලමු,
වික් බෙකට් කියන්නෙ හාවඩ් සරසවියෙ ඉන්න අතිදක්ෂ පයේෂක ශිෂ්‍යයෙක්. එයාගෙ අරමුණ තමයි යහපත් ලෝකයක් නිර්මාණය කිරීම. එතනදි එයා තෝරගන්නෙ මිනිසුන්ට යහපත් හැඟීම් ආරෝපණය කිරීමේ මාර්ගය. ඉතිං එයා ඒ සම්බන්ධව පරීක්ෂණ පටන්ගන්නවා එයාගෙ හොඳම යාළුවා උන හෙන්රිත් එක්ක. හැබැයි මේ පරීක්ෂණ බලධාරීන් අවසර නොදුන් ඒවා. අන්තිමේ මෙයාලව පරීක්ෂණ අතරතුරේදි අහුවෙනවා. ඒකෙ ප්‍රථිඵලය වෙන්නෙ එයාලව විශ්වවිද්‍යාලයෙන් අස්කරන එක. ඒ වෙද්දිත් සාර්ථකත්වය ආසන්නයේ තිබ්බ පරීක්ෂණය ඉදිරියට කරගෙන යන්න මාර්ගයක් පෑදෙනවා. මට කියන්න අමතක උනානෙ. ඔහුගෙ සොයාගැනීම තමයි ආදරයක් අඩුවෙන් ලැබූ හෝ නොලැබූ, දුකින් ඉන්නා අයට වෙන කෙනෙකුගේ සිතේ තිබෙන ප්‍රීතිය සතුට ජංගම දුරකතන යෙදුමක් මඟින් සම්ප්‍රේෂණය කිරීම. ඔවුන් ඒකට නම තියන්නෙ සතර බඹ විහරණ වලින් එකක් වන “මුදිතා” හෙවත් පරම සන්තුෂ්ටිය යන නමින්. කොහොමහරි පස්සෙ මෙයාලගෙ මේ වැඩේ ගැන මුළු ලෝකයම කතා කරන්න පටන් ගන්නවා. එක් එක් අයගෙ මතවාද වලට මුහුණ දෙන්න වෙනවා. ඒවගේම තාක්ෂණික ගැටළු වගයක් පැණනැගෙනවා. වික්ට ඕනෙ මොනම දෙයක් හරි කරලා මේක සාර්ථකත්වයට පත් කරන්න. ඉතිං එයා ඒ වෙනුවෙන් මොනවද කරන්නෙ? ඒක සාර්ථක වෙනවද? මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්නනම් මේක බලන්නම වෙනවා.
පුළුවන් තරම් ඉක්මනින් තවත් සබ් එකක් අරන් එන්නම්, එතකල් පරිස්සමෙන් සෞඛ්‍යාරක්ෂිතව නිරෝගිමත්ව ඉන්න.
ඔබට ජය…!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
5,223 downloadsDownload Algorithm-Bliss-2020.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
23 comments
Supun Kaushalya
Anonymous
Thanks brother
Digtma aluth ewa demuRed
පහරක් වගේ
එල එලM,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
කාලෙකින් සබක් අරන් ඇවිත් මේක නම් සුපිරියක් වගේ! අනිවා බැලිල්ලක් තමයි ඉතින්!
Kevin
Thanks kollo
Jaya wewaAnonymous
Yuvarathnaa(2021-kannada) movie ekta sub denna puluwn nm tamilmv eke original thynow
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
Thanks bro
Mahesh
තෑන්ක්ස් සබ් එකට
මෙ දවස්ටිකෙ තව අලුත් ඒව දෙමුAnonymous
තද කොර
Lakshansilva18
thanks, mewatath sub dennako
The Last House on the Left 2009
Frailty 2001
Arlington Road 1999
Primal Fear 1996
K Pax 2001indika75
thanks..
Pramukmili
Thanx bro................
Anonymous
Thanx bro....
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Anonymous
එලම මචන් ඉස්සරහටත් මේ වගේම සබ් ඕනෙ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Sandun
Thnx broo
සාරංග
Tnx for the sub !
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
UDARA DAMITH
siraaaaa kathawa
Dewadithya
Thanks for Sub!
Advertisement
තෑන්ක්ස් සහෝ