හිතවත් බයිස්කෝප්වාසීන් වෙත අද මන් උපසිරැසි ලබා දෙන්නේ බය නැතුව හොඳයි කියලා කියන්න පුලුවන් වාණිජ චිත්‍රපටියකටයි. මෙම චිත්‍රපටිය action, comedy, horror, කියන කාණ්ඩ වලට අයිති වෙනවා. මෙහි අධ්‍යක්ෂණ කටයුතු මෙන්ම තිර පිටපත් වැඩ කටයුතු ටික කරන්නේ Kevin Lewis. මෙහි ප්‍රධන රංගධරයා වෙන්නේ Nicolas Cage. ඒවගේම…

හිතවත් බයිස්කෝප්වාසීන් වෙත අද මන් උපසිරැසි ලබා දෙන්නේ බය නැතුව හොඳයි කියලා කියන්න පුලුවන් වාණිජ චිත්‍රපටියකටයි.
මෙම චිත්‍රපටිය action, comedy, horror, කියන කාණ්ඩ වලට අයිති වෙනවා. මෙහි අධ්‍යක්ෂණ කටයුතු මෙන්ම තිර පිටපත් වැඩ කටයුතු ටික කරන්නේ Kevin Lewis. මෙහි ප්‍රධන රංගධරයා වෙන්නේ Nicolas Cage. ඒවගේම මෙහි ප්‍රධාන නිෂ්පාදකවරයාත් ඔහුයි. ඇත්තටම මම මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වන්න හේතුවත් පෞද්ගලිකව මන් වඩාත් ආස කරන නළුවෙක් තමා ඔහු. ඔහුගේ රංගනයෙන් හැඩ වූ චිත්‍රපටියක් වෙන Knowing චිත්‍රපටියත් ඒකට හේතුවක්.
2020 ඔක්තෝම්බර් 30, මෙම චිත්‍රපටිය නිකුත් විය යුතු උනත් COVID-19 වසංගත තත්ත්වය නිසා එය 2021 පෙබරවාරි 12 දා දක්වා කල් ගියා. කොහොම උනත් මේකට හොඳ සුභවාදී ප්‍රතිචාර ලැබිලා තිබුනා. විශේෂයෙන්ම Cage ගේ රංගනයට.
මෙම චිත්‍රපටිය IMDB දර්ශකය 5.5ටත්, Rotten Tomatoes අගය 65%කටත්, Metacritic අගය 44%කටත්, ගූගල් පරිශීලකයන්ගේ අගය 87%කටත් කරකවන්න සමත්කම් පානවා.
කතාව ගැන කෙටියොන් කිව්වොත් නෙවාඩා ප්‍රාන්තයේ හේයිස්විල් ගමේදී නිකොලාස් කේජ්ගේ කාර් එක කැඩෙනවා. ඒක හදන්න ගම්වැසියෙක් ඉදිරිපත් උනත් ඒ වෙලේ නිකොලාස් කේජ්ගේ අතේ ප්‍රමාණවත් මුදලක් නෑ. ඒ නිසා කේජ්ට කියනවා තැනක් තියනවා, එතනට ගිහිල්ලා එක රැයක් ඉඳලා, එතැන සුද්ද කරලා දෙන්න. ඒ වෙනුවට කාර් එක හදලා දෙන්නම් කියලා. අන්න ඒ අපූරු තැනට ගියාට පස්සේ හොඳ හොඳ සෙල්ලම් පටන් ගන්නේ. කලින් කිව්වනේ මන් මේක Action ගණයට අයිති කියලා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එතැන ඉඳන් Action ම තමා. ඒවගේම කියන්න ඕනේ නිකොලාස් කේජ්ගේ චරිතයත් මේ කතාවේ ඇතුලේ හරිම අමුතුයි. කොටින්ම කිව්වොත් මේ චිත්‍රපටිය තුල කිසිම වචනයක් නිකොලාස් කේජ් විසින් කතා කරන්නේ නෑ. පැය 1යි විනාඩි 29ක චිත්‍රපටියක ප්‍රධාන නළුවා වචනයක්වත් කතා කරන්නේ නැත්නම් හිතාගන්න මේ කතාවේ තියෙන Action ප්‍රමාණය ගැන.
එහෙමනම් චිත්‍රපටිය නරඹන්න ඔබට අවසරයි. ඒ වගේම අදහසකුත් දක්වන් යන්න කියලා ඉල්ලනවා බයිස්කෝප්වාසීන්ගෙන්. ගිහින් එන්නම්. ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,004 downloadsDownload Willys-Wonderland-2021.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “A.R” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRTONZE MEMBER
JOINING DATE – 2021-02-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
A.R
Subtitles
19 comments
Supun Kaushalya
Anonymous
mata nm me naluwa set wenne na bro
lagadi muge aapu film okkoma charter ewa
hbai meka hodai wge blmuko
jaya wewaShaggy
බොහොම ස්තූතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!lakshan
thanks ................
Rajitha
Full action nm ithin nobala ba neh
එරංග සඳරුවන්
හැබැයි බ්‍රෝ yts එකේ මේකට තිබ්බ රිවීව් නම් එච්චර හොඳ නෑ. ගම්දෝ නොගම්දෝ... දෙලොවක් අතර..
Kantha_DLA
Request:
The Marksman (2021)
Night in Paradise (2020)
Thunder Force (2021)
The Dry (2020)indika75
thanks..
D.Chamara
බොහොම ස්තූතියි .... !
Lahiru Sachintha
The Marksman 2021 sub one 11111
PahasaraDv
Thank you very much 4 sub......
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...
පුළුවනි නම් මෙම ත්‍රාසජනක චිත්‍රපට කිහිපයට උපසිරැසි දෙන්න.
Manhunter 1986
Hannibal 2001
Red Dragon 2002
Hannibal Rising 2007Pramukmili
Thanx bro........................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Dewadithya
Thanks for sub!
sandy
elllla
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සහෝ