Watch Trailer

Come Play (2020) Sinhala Subtitles | ලැරී එක්ක සෙල්ලම් කරන්න [සිංහල උපසිරසි සමඟ]

ලැරීගේ කතාව මේ ඉන්නේ ලැරී ලැරීට කවදාවත් සෙල්ලම් කරන්න හම්බෙන්නේ නෑ එයා වෙනස් කෙනෙක් නිසා එයාට හැමෝම විහිළු කරනවා ඔහු උසයි, සුදුමැලියි, කෙට්ටුයි ඒ වගේම එයා එයාගේ මූණ හංගගෙන ඉන්නේ ඔහු ඔයාලා දන්න ලෝකෙන් ආපු කෙනෙක් නෙමෙයි ලැරී ඔයාගේ ජනේල් අතරින් ඔයා දිහා බලන් ඉන්නවා ලැරීට ඕන යාළුවෙක් විතරයි ඔයා ලැරීගේ…

ලැරීගේ කතාව

මේ ඉන්නේ ලැරී
ලැරීට කවදාවත් සෙල්ලම් කරන්න හම්බෙන්නේ නෑ
එයා වෙනස් කෙනෙක් නිසා එයාට හැමෝම විහිළු කරනවා
ඔහු උසයි, සුදුමැලියි, කෙට්ටුයි
ඒ වගේම එයා එයාගේ මූණ හංගගෙන ඉන්නේ
ඔහු ඔයාලා දන්න ලෝකෙන් ආපු කෙනෙක් නෙමෙයි
ලැරී ඔයාගේ ජනේල් අතරින් ඔයා දිහා බලන් ඉන්නවා
ලැරීට ඕන යාළුවෙක් විතරයි

ඔයා ලැරීගේ යාළුවෙක් උනොත් එයා ඔයාව හැමදාම ආරක්ෂා කරනවා

 ඔලිවර් කියන්නේ Non-verbal Autism එහෙමත් නැත්තම් “ඔටිසම්” කියන මොළය වර්ධනය අඩාල වෙන ආබාධායට ගොදුරු වෙලා  කතා කරන්න හැකියාව නැති උන ළමයෙක්. ඒ නිසා එයා පාසලේදිත් උසුළු විසුළු වලට ලක් වෙනවා වගේම එයාට කිසිම යාළුවෙකුත් නෑ. ඔලිවර්ගේ අම්මා මේ  ගැන ගොඩක් දුක් වෙනවා වගේම ඔලිවර්ට යාළුවෝ හොයලා දෙන්නත් ගොඩක් මහන්සි වෙනවා. එක දවසක් ඔලිවර්ගේ තාත්තට අයිතිකාරයෙක් නැති ටැබ් යන්ත්රොයක් හම්බෙලා එයා ඒක ඔලිවර්ට ගෙනත් දෙනවා. මේ අතර ඔලිවර්ට යාළුවෝ නැති නිසා එයාගේ අම්මා ඔලිවර්ගේ පන්තියේ ඉන්න යාළුවෝ කට්ටියකට ගෙදර එන්න කියලා රැයක් ගත කරන්න කියලා ආරාධනා කරනවා. මේ එක ළමයෙක් එදා රෑ ඔලිවර්ගේ ටැබ් එකේ තිබිලා “ලැරීගේ කතාව” කියලා චිත්‍ර කතාවක් කියවනවා. කතාව කියවලා ඉවර කරන්නත් කලින්ම අද්භූත දේවල් ගොඩක් සිද්ධ වෙනවා වගේම ඒ සිදූවීම් මෙයාලගේ ජීවීත ගොඩක් වෙනස් කරනවා. වැඩි විස්තර කියන්නේ නෑ හොල්මන් චිත්රපටවලට ආසට අනිවාර්යෙන්ම මේක බලන්න කියලා ආරාධනා කරනවා.

 ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේම ඉක්මනට 2020 ඔක්තෝම්බර් 30 නිකුත් උන අළුත්ම චිත්‍රපටයක් අරන් ආවා. මේ චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂනය Jacob Chase අතින් සිදු වෙලා තියෙනවා. 5.8 ක හොඳ IMDb අගයකුත් මේ නිර්මාණයට ලැබිලා තියෙනවා. ඒ වගේම 84%ක ගූගල් පරිශීලක මනාප ලබාගැනීමටත් මෙය සමත් වෙලා තිබෙනවා. චිත්‍රපටිය Horror\Thriller යන කාණ්ඩ වලට තමයි වර්ගකරණය වෙලා තියෙන්නේ. Let Go (2011) , Magic Camp (2020) , Ibiza (2018) වැනි චිත්‍රපටවල රඟ පෑ සුරූපි නිළි Gillian Jacobs ඔලිවර්ගේ මව සාරා ලෙසත්, Undearwater (2020) , Peppermint (2018) වැනි චිත්‍රපටවල චරිත හෙබවු John Gallagher Jr. ඔලිවර්ගේ පියා මාර්ටි ලෙසත්, ළමා නළු Azhy Robertson ඔලිවර් ලෙසත් චරිත නිරූපනය කරනවා. ඒ වගේම හැමදාම අපිට කොමෙන්ට් කරන අපේ රසිකයන්ටත් විශේෂයෙන්ම ස්තූතී කරනවා. මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙක් වෙන සමන් ප්‍රසාද් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. තෙරුවන් සරණයි !

          සීමා මායිම් නැති එකම බැඳීම යාළුකමයි. . . .

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB-Rip පිටපත් සඳහා අදාළ වේ.

6,986 downloadsDownload Come-Play-2020.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

6,986 downloadsDownload Subtitles26 KB

15 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  2. Deegayu Abeysekera

    isthuthi me karana wadeta

    digatama karagena yanna

  3. Pasindu Madumal

    සබට තුති යුරාන් අයියේ ❤️

  4. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  5. Suranjan

    Thanks jayawewa....!

  6. Anonymous

    thanx bro

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  9. Anonymous

    thanks bro

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. MAALNATH

    Thanks ............good luck ...

    1. Tharuka

      Thanks bro

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  13. Dewadithya

    Thanks for sub!

  14. Arawinda Sunimal

    thanks sub ekata