සර් ඩේවිඩ් ඇටන්බරෝ, මේ මොහොත වන විට ජීවතුන් අතර වටිනාම මිනිසුන් කිහිපදෙනා අතරට නම් කල හැකි කෙනෙකු බව කීවොත් එහි වරදක් නෑ. 1926 වසරේ උපත ලැබූ ඔහු ඉන්පසු මිනිස් ශිෂ්ටාචාරයේ ඇති වූ ලෝක යුදධ, කාර්මිකරණයේ ව්‍යාප්ත වීම, සඳ තරණය කිරීමේ පටන් එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරන යන්ත්‍ර සූත්‍ර බිහිවීම, ගුවන්විදුලිය…

සර් ඩේවිඩ් ඇටන්බරෝ, මේ මොහොත වන විට ජීවතුන් අතර වටිනාම මිනිසුන් කිහිපදෙනා අතරට නම් කල හැකි කෙනෙකු බව කීවොත් එහි වරදක් නෑ. 1926 වසරේ උපත ලැබූ ඔහු ඉන්පසු මිනිස් ශිෂ්ටාචාරයේ ඇති වූ ලෝක යුදධ, කාර්මිකරණයේ ව්‍යාප්ත වීම, සඳ තරණය කිරීමේ පටන් එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරන යන්ත්‍ර සූත්‍ර බිහිවීම, ගුවන්විදුලිය, රූපවාහිනිය, පරිගණකය, අන්තර්ජාලය, ඉන්පසු ස්මාර්ට් ජංගම දුරකත දක්වා මෑත ඉතිහාසය තුළ සිදුවුණු තීරණාත්මක වෙනස්වීම් සියැසින් දුටු සාක්ෂිකරුවෙකි. ඒ සියලුදේටම වඩා සන්නිවේදකයෙකු, ස්වභාවධර්ම විද්‍යාඥයෙකු ලෙස පෘථිවියේ අස්සක් මුල්ලක් නෑර සැරිසැරුවෙකි. උත්තර අර්ධගෝලයේ හිම තලාවන් අතරද, අත්ලාන්තික් සයුරේ නිල් තල්මසුන් සමගද, වැලි කාන්තාර සහ සදාහරිත වනාන්තර අතර ද සැරිසරමින් මෙතෙක් ලොව නොදුටු අරුමැසි සත්ත්වයන් ඒ ඒ බිම්කඩ වලට ස්වදේශක ජනකණ්ඩායම් මුල් වරට ලෝකයට අනාවරණය කලේ ය. සොබාදහම පිලිබඳ, ඔබත් මමත් නිවසේ සිට සුවපහසුව නරඹන වාර්තාමය වැඩසටන් නිපදවීම පිළිබඳ පුරෝගාමී වූයේ ඔහු ය. ලෝකයේ විවිධාකාර පරිසර පද්ධතීන් මෙන්ම ජීවයේ පරිණාමය පිළිඳව ඔහු ඉදිරිපත් කල වැඩසටහන්වල දැනුමෙන් පරම්පරා ගණනක් පෝෂණය වී තිබේ.
දැන් ඒ මිනිසා ගෙවමින් සිටින්නෙ ජීවිතයේ සැඳෑ සමයයි. ලෝකය පිළිබඳ මෙතෙක් අත්දුටු දෑ ඇසුරෙන් මිනිස් වර්ගයාගේ අනාගතය පිළිබඳ ඔහුට කීමට යමක් ඉතිරිව තිබේ. එහෙත් ඒ පණිවුඩය එතරම් සුබදායි එකක් නොවේ. මිනිසාද, ගස් කොළ සතුන් සමගම සොබාදහම නම් විශාල ජාලයෙහි එක පුරුකක් පමණක් බව කීවේ රතු ඉන්දියානු නායක සියැටල් ය. දැන් මිනිසා සැම අතින්ම බලවතෙකු වී, ලෝකයේ පාලකයා වී තමන්ගේ කෙටි කාලීන ආර්ථික වාසි වෙනුවෙන් සොබාදහමේ ජාලය විනාශ කර දමමින් සිටියි. එනම් දිගුකාලීනව ඔහු තමන්වම විනාශයේ මුවදොර දක්වා ගෙනයමින් සිටියි. 1930 දශකයේ පෘථිවියේ සමස්ත වන වැස්ම 60% අගයක් ගෙන තිබූ අතර අද එය 30% ආසන්නයට පැමිණ තිබේ. ලෝකයේ සමස්ත වැසි වනාන්තර හරි අඩක් මේ වනවිට සහමුලින් වැනසී ගොස් හමාරය. මේ හේතුවෙන් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ඉහළයාම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා උතුරු දකුණු ධ්‍රැව ආශ්‍රිත අයිස් දිය වීම, සාගරයේ මූලික ආහාර ප්‍රභවය මෙන්ම පෘථිවියේ ඇති ඔක්සිජන් ප්‍රමාණයෙන් අතිශ්‍ය බහුතරය නිපදවන කුඩා සාගර ජීවීන් විනාශ වීම, පානීය ජලය හිඟ වීම, මේ ආදී අර්බුද ගණ්නාවකට අප මුහුණපා සිටී. David attenborough විසින් 2019 ලෝක ආර්ථික සමුළුවේ තම දේශනයක් අතර තුර උතුරේ හිම දියවීම නිසා පීඩා විඳින වල්රස් සතුන් ගේ දර්ශන පෙළක් ඉදිරිපත් කරයි. එය නරඹන්නන්ගේ දෑස් වලින් කඳුළු කඩා හැලෙයි. අපි අපේ පැවැත්ම වෙනුවෙන් පෘථිවියේ අනෙක් ජීවීන්ට වේදනාව උරුම කරදීමට තරම් ආත්මාර්ථකාමි ජාතියක් වූයේ කෙසේ ද?
2020 වසරේ Netflex ආයතනය විසින් බෙදාහරිනු ලැබූ මෙන්ම ලෝකයේ විවිධාකාර පරිසර පද්ධතීන් පිළිබඳ අසමසම රූපමය පෙළහරක් වූ A life on our planet වාර්තා වැඩසටහන තුළින් David Attenborough සියවසකට ආසන්න තම දිවිසැරියෙහි සැමරුම් නැවත මෙනෙහි කරයි. කැලෑ බෙරි පඳුරු අතරේ උනන්දුවෙන් දුව පනිමින් හිඳ ගහ කොළට පෙම් බැඳීමට ගත් කුඩා දරුවා ලෝකයේ එතෙක් මිනිස් පා පහස නොලත් බිම් කඩවල් තුල ජීවයේ පැවැත්ම සොයා යන සංචාරකයෙකු වූ අයුරු විස්තර කරයි. කාලයත් සමග තමා දැක පුරුදු ගහ කොල සතුන් වියැකී යමින් පරිසරය තුළ සිදුවූ වෙනස්වීම ඔහු පැහැදිලි කරයි. මේ අනුව අනාගතයේ එළඹීමට අනිවාර්ය වූ විනාශයන් ගෙන් ගැලවීමට නම් අප කල යුත්තේ කුමක් දැයි මෙම වැඩසටහනින් ඔහු යෝජනා කරයි. අපටත් අප දරු පරම්පරාවන්ටත් ඉදිරියට මුහුණපෑමට සිදුව ඇත්තේ කවර තත්ත්වයකටදැයි අප දැන සිටිය යුතුය. අප නොදැන අප ගමන් කරමින් සිටින්නෙ කොයි දිසාවකට දැයි අවබෝධ කරගත යුතුය. ඒ නිසා Life on our planet සෑම මිනිසෙකුම අනිවාර්යයෙන් නැරඹීය යුතුය. මේ මිනිසාගෙ හඬට අප සවන්දිය යුතුය.
“අපි විසින් පරිසරය රැකබලාගනු ලැබුවොත්, පරිසරය විසින් අපව රැක බලා ගනීවි”
ඔහු පවසයි.
“බුද්ධිමත් කම හෝ, කාර්‍යශූර බව ප්‍රමාණවත් නෑ. අපට දැන් වඩාත්ම අවශ්‍යවී තිබෙන්නෙ ප්‍රඥාව “
A life on our planet සොබාදහමට පෙම් බැඳ ඒ සමග තම ජීවිත කාලය ගත කල මුනිවරයෙකුගේ ප්‍රකාශනයකි.
සටහන – හෂාන් රන්දික ඩයස්
තවත් උපසිරසකින් හමුවෙමු…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
4,414 downloadsDownload David-Attenborough-A-Life-On-Our-Planet-2020.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
19 comments
losaka
යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
ගොඩක් ස්තුතියි සහෝ මේ වාර්තාමය වැඩසටහන්වලට සබ් කරනවට හරි වටිනවා :) :) ...
ජය වේවා.!Sanjaya Lakmal Liyanage
බොහොම ස්තූතියි සහෝදරයා.... BBC මගින් නිපදවා බෙදා හැරි මෙතුමාගේ වැඩසටහන් බොහොමයක් නරඹා ඇත්තෙමි.මෙයත් එවැනිම වටිනා දැනුමක් ලැබෙන බැව් නිසැකයි.යලිත් ස්තූතියි...!!
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
prabash
thanks
Colombiana (2011) BrRip walata sub dennakoKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Pasindu Madumal
වටිනවා,
සබට තුති සහෝවිමා
නියමයි.
මලයා මේ වගේ දේවල් ගැන උනන්දුවක් දක්වන එක ගැන සන්තෝසයි.
අපි නැති දවසක මේ වගේ ඒවා තනි වෙන්නෑ :)Pasindu
Thank you
sampath n perera
thanks....
bandara
සොභාදහම ගැන තියෙන ඩොකියුමන්ට්‍රි චිත්‍රපටි විරළයි. මිනිස්සුන්ට සොභාදහම ගැන මහක් උනේ කොවිඩ්19 ආවට පස්සෙ.සියලු දේ සිදුවන්නේ සොභාදහමේ නියමයන්ට අනුව බව මිනිසා දැනගතයුතුමයි..බොහොම ස්තූතියි මැල් මහත්තයෝ ඔබට..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal
මේ වගේ වාර්තාමය වැඩසටහන්වලට සබ් දෙනවට ස්තූතියි....
Thusitha Kumara
යුග පුරුෂයෙකුගේ අපූරු නිර්මාණයක්. මෙවන් විශිෂ්ඨ නිර්මාණ උපසිරැසි ගන්වා කරන මෙහෙවරට බෙහෙවින් ම තුති.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prabodha Jayakody
Thanks...
sahaja
Thank for sub... The Big short (2015) sinhala sub denna puluwanda?
wasantha senadheera
David attenborough....ආදරෙයි හැමදාමත්....මිහි මඩලට දක්වන්නාවු දයාවට....සබ් එකට ගොඩක් ස්තුතියි.....
Advertisement
මෙක නමි සෑහන්න වටිනවා බොහොම ස්තුතියි උපසිරසට ජය වෙිවා