Watch Trailer

The Osiris Child (2016) With Sinhala Subtitles | ඔසයිරිස් හි දරුවා [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. ඔන්න මම අද අරගෙන එන්නේ 2017 වසරේ නිකුත් වුණ ප්‍රධාන වශයෙන් Sci Fi ගණයට අයත් චිත්‍රපටයක්. හැබැයි මේක බාරඅරගෙන තිබ්බෙනම් මම නෙමේ. මමත් එකපාරක් ඉල්ලුවා එතකොටත් මේක අරගෙන තිබ්බේ. පහුගිය දවසක මම තවත් සහෝදරයෙක් එකක් එකතුවෙලා Snatched 2017 කියන චිත්‍රපටයට උපසිරැසි ගෙනා‍වා. ඒකට මම හවුල්…

සුබ දවසක් ඔබ සැමට. ඔන්න මම අද අරගෙන එන්නේ 2017 වසරේ නිකුත් වුණ ප්‍රධාන වශයෙන් Sci Fi ගණයට අයත් චිත්‍රපටයක්. හැබැයි මේක බාරඅරගෙන තිබ්බෙනම් මම නෙමේ. මමත් එකපාරක් ඉල්ලුවා එතකොටත් මේක අරගෙන තිබ්බේ. පහුගිය දවසක මම තවත් සහෝදරයෙක් එකක් එකතුවෙලා Snatched 2017 කියන චිත්‍රපටයට උපසිරැසි ගෙනා‍වා. ඒකට මම හවුල් වුනේ එයා ගොඩක් කාර්යබහුල හින්දයි. මේ චිත්‍රපටයත් එයාම බාරගත්ත එකක් තමා. නමුත් කාර්යබහුලත්වය නිසා එයා මේක මට කරන්න කිව්වා. ආසාවෙන් මේ චිත්‍රපටය ගත්තට කරගෙන යද්දි තමා තේරුනේ Sci Fi චිත්‍රපටයකට උපසිරැසි ගන්වනවා කියන්නේ කොච්චර අමාරු දෙයක්ද කියලා. ඒ මොකද කියනවානම් මේවගේ අඩංගු සමහර වචන ගොඩක් අසීරුයි. ඉතින් කොහොමින් කොහොම හරි ඔන්න සබ් එක කරලා අ‍රගෙන ආවා. ඇත්තටම කිව්වොත් මේක මගේ පළවෙනි Sci Fi චිත්‍රපට උපසිරැසිය. අඩුපාඩු එහෙම ඇති. ඒවා උපරිමයෙන් මගහරවාගෙන ඉස්සරහට උපසිරැසි ගේන්න තමයි ඉතින් බලාපොරොත්තුව. හරි ඔය ඇති එහෙනම් ඒ ගැන. දැන් මම ස්තූති කරන්න පටන් ගන්නවා. මුලින්ම මම මේකට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මට මේක කරන්න කියලා දුන්නා අපේ පැතුම් චතුරංග අයියාට. එයා නැත්තම් මට මේක කරන්න වෙන්නෙ නෑ. ඊළඟට මට තව ගොඩාක් උදව් කරපු රවිඳු රුක්ෂාන් සහෝට, කළිඳු වසූක අයියාට, නිලුපුල් මධුකප්‍රිය අයියාට ගොඩක් ස්තූති වන්ත වෙනවා. තව නම් කී නොකී සියලු දෙනාට මම ස්තූති වන්ත වෙනවා. හැමදාම සබ් ගන්න කමෙන්ට් දාන සියලු දෙනාටත් ස්තූතිවන්ත වෙනවා.

ආරම්භය ඇති කියලා හිතුනා. එහෙනම් ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කරන්නම්. මේක රිලීස් වුනේ මට හොයාගන්න පුළුවන් වුන විදියට නම් 2017 මැයි 18 දිනයි. මේක ජාත්‍යන්තරව එළිදැක්වුන දිනයයි. ඉතින් මේක මූළිකවම අයිති වෙන්නේ Action, Adventure, Drama එහෙම නැත්තම් සිංහලෙන් කිව්වොත් ක්‍රියාදාම, ත්‍රාසජනක, නාට්‍යමය කියන වර්ගවලටයි. නමුත් මේකෙ ප්‍රසාරණය වුන වර්ගීකරණයක් තියනවා. ඒකත් මම කියන්නම්. ඒ තමයි Action, Adventure, Drama, Horror, Sci Fi, Thriller. මේක පැයයි විනාඩි 35ක පමණ කාලයක් ධාවනය වෙනවා. තව දෙයක්, හැබැයි මේකට ගොඩාක්ම ඉහළ IMDB අගයක්නම් ලැබිලා නෑ. ඒ අගය තමා 5.7. ඡන්ද 3007කින් තමා ඒ අගය ලැබිලා තියෙන්නේ. තව මේක ගැන විස්තර කිව්වොත් මේකෙ අධ්‍යක්ෂක හා මේක ලියලා තියෙන්නේ Shane Abbess. මම මේකෙ චරිත ටිකත් කියන්නම්. Sy Lombrok – Kellan Lutz, Lieutenant Kane Sommerville – Daniel MacPherson, Indi Sommerville – Teagon Croft ඔය තමා චරිත ටික. මුලින් චරිතයත් පසුව පණපොවපු කෙනාගේ නමත් දාලා තියනවා. මේක Lionsgate ආයතනය බෙදාහැරීමත් XYZ Films ආයතනය නිෂ්පාදනයත් කරලා තියනවා. තව දෙයක් තියනවා. මේකෙ අගය පහළ වුනත් මේ චිත්‍රපටය සුපිරි චිත්‍රපටයක් කියලත් කියන්න ඕණ.

ඉතින් කතාව ගැන කිව්වොත්, මේකෙදි වෙන්නෙ මේ කට්ටිය ඉන්නේ අභ්‍යවකාශයේ. කේන් වැඩකරන්නේ අභ්‍යවකාශ අයතනයක. මේ ආයතනය හිරගෙදරක් පාලනය කරනවා. මේ හිරගෙදර කොහොමහරි ඉන්න හිරකාරයෝ කඩනවා. තව වෛරස් එකක් පිටවෙනවා. මේ වයිරස් එක් මගින් වෙන්නේ ඒ වයිරසය වැලඳුන කෙනා ක්‍රීටර් නම් සතෙක් බවට පත්වෙනවා. මේ සත්තු මිනිස්සු මරාගෙන කන තත්වයකට පත්වෙනවා. මේ සත්තුන්ගේ කේඨය බැරිවෙලාවත් ගෑවුනොත් එහෙම ඒ ගෑවුන පුද්ගලයාත් ඒ ජාතියේ සතෙක් බවට පත්වෙනවා. ඉතින් මේක ව්‍යාපත් වෙන්න පැය 23ක් තියනවා. මේ පැය 23 ඇතුළත කේන් එයාගෙ දුව ඉන්ඩිව බේරගන්න යනවා. ඉතින් ඔය යන අතරතුරේ කේන්ට සයි කියලා කෙනෙක්ව හම්බවෙනවා. මෙයා එක්ක එකතු වෙලා දුවව බේරගන්න යන අතරතුරේ මහන්සිය නිවාගැනීමට කැෆේ එකකට ගොඩවෙනවාත මේ කැෆේ එක ගාව බස් එකක් තියනවා. කොහොම කොහොම හරි මේ කට්ටියම අර බස් එකේ ඉන්ඩිව බේරගන්න යනවා. ඉන්ඩි ඉන්න තැනට ගියාට පස්සේ ඒ ප්‍රදේශයත් අර ක්‍රීටර්ස්ලා වටකරලා. ඉතින් ඉන්ඩි හොයාගෙන කාමරේට ගියාට පස්සේ ඉන්ඩි එහි පේන්න නෑ. ඉන්ඩිට මොකද වුනේ? අන්තිමේදි කේනට, සයිට මොකද වෙන්නේ? කියලා දැනගන්න ඔයාලම මේ චිත්‍රපටය බලන්නකෝ. සේරම මම කියන එක හරි නෑනේ.

!!!!! ජය වේවා !!!!!
෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

8,051 downloadsDownload The-Osiris-Child-2016BD.zip92 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

C. R. ජයලත්

Subtitles

8,051 downloadsDownload Subtitles92 KB

26 comments

  1. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ!... දිගටම කරගෙන යමු, ජය වේවා!..., :-)

  2. oshanda

    උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ!

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  4. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  5. Malinda

    SUB EKATA THANKS BRO. ETH WISTHARE KIYEWWAMA KARAKAWALA ATHERIYA WAGE UNA.

  6. ashan lankanath

    Thanks ............good luck ....................

  7. thisal

    ස්තුතියි

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  10. Eshan chathuranga

    පුලුවන් විදියට The X Files tv series එකට සබ් දාන්න පටන් ගන්න..

  11. Udara Damith B/K

    SUPIRIYI

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. shehan

    snatched movie eke visthare thamai mulin dala thiyenne

  14. Rajitha

    Thanks machan.......jayawewa.......!

  15. අසිත

    elama saho thanks

  16. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි…!!
    ජයෙන් ජයම වේවා…!!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. kelum chathuganga abeysekara

    thanks

  19. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසිය,
    ජය වේවා…!

  20. ridma vidarshana

    meka 2016 da 2017 da.download karanna pennanne 2016 kiyala

    1. C. R. ජයලත්

      ඕක 2016 සහෝ. මම තොරතුරු ගත්ත තැන තිබ්⁣ෙබ් 2017කියලයි. ඒකයි ලිපියේ ඒක තියෙන්නේ

  21. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  22. yohan

    thanks sub ekata

  23. Nipuna Madhushan

    ela

  24. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  25. Anonymous

    Thank you for the sub bro..