ඔන්න අද මං අරගෙන ආවෙ පරණ චිත්‍රපටියක්. 1986 අවුරුද්දෙ තිරගත්වුණු Commando Fury කියන හොංකොං චිත්‍රපටිය තමයි ඒ. මේක එක එක රටවල්වල විවිධ නම් වලින් තිරගත වෙලා තියෙනවා. හොංකොං – Commando Fury AKA Women’s Prison ප්‍රංශය – La prison des tortures ග්‍රීසිය – Antarsia stis gynaikeies fylakes නෙදර්ලන්තය – Gir…

ඔන්න අද මං අරගෙන ආවෙ පරණ චිත්‍රපටියක්. 1986 අවුරුද්දෙ තිරගත්වුණු Commando Fury කියන හොංකොං චිත්‍රපටිය තමයි ඒ.
මේක එක එක රටවල්වල විවිධ නම් වලින් තිරගත වෙලා තියෙනවා.
හොංකොං – Commando Fury AKA Women’s Prison
ප්‍රංශය – La prison des tortures
ග්‍රීසිය – Antarsia stis gynaikeies fylakes
නෙදර්ලන්තය – Girls in the Tiger Cage
තායිවානය – Concentrational Camp for Girls/The Imprisoned
බටහිර ජර්මනිය – Aufstand im Frauenlager
මේක Godfrey Ho /(Chester Huang)ගෙ අධ්‍යක්ෂණයක්. මිනිත්තු 81ක ධාවන කාලයක් තියෙන මේ චිත්‍රපටිය ඇත්තටම Prison Brake එකක් කිව්වත් නිවැරදියි. මේ චිත්‍රපටියෙ Video 2ක් YouTube එකේ තියෙනවා. ඒ දෙකෙන් ගුණාත්මක තත්ත්වය වැඩි Video එකට තමයි මම මේ උපසිරැසිය හැදුවෙ. (YouTube එකේ Wu Tang Collection – Commando Fury කියලා ටයිප් කළාම මේ චිත්‍රපටි කොපිය හොයාගන්න පුළුවන්.) ඇත්තටම කිව්වොත් මේකට ඉංග්‍රීසි උපසිරැසියක් හොයාගන්න බැරිවුණා. හංගේරියන් (Hungarian) උපසිරැසියක් විතරයි හොයාගන්න පුළුවන් වුණේ. ඒ උපසිරැසියට තමයි මේ සිංහල උපසිරැසිය හැදුවෙ. Video එකට ගැලපෙන්න කාල රාමු (Time lines) හදන්නත් වුණා.
කතාව පැත්තට හැරුණොත් දෙවන ලෝක යුද්ධ කාලයේ රැඳවුම් කඳවුරක් තුළ ඉන්න කාන්තා සිරකරුවන්ට විවිධ වධ හිංසා පමුණුවනවා. කඳවුරේ අණ දෙන නිලධාරි සහ ඔහුගේ සහායකයින් එකතුවෙලා ඉතා වැදගත් මයික්‍රොෆිල්ම් එකක් හොයන්න තමයි මේ සිරකාරියන්ට වධ දිදී ප්‍රශ්න කර කර මේ වෙහෙසෙන්නෙ. මේ අතර සිරකාරියන් කිහිපදෙනෙක් එකතුවෙලා කඳවුරෙන් පැනලා යන්න සැලසුමක් ක්‍රියාත්මක කරනවා. මේ සිරකාරියන්ට මේ හිරගෙදරින් පැනගන්න පුළුවන් වෙයිද? ඒකට උදව් කරන්නෙ කවුද? උදව් කරන අයට අත්වෙන ඉරණම මොකක්ද? උත්තර ඔක්කොම මේකෙ තියෙනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය You Tube පිටපත සඳහා අදාළ වේ.
1,741 downloadsDownload Commando-Fury-1986.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
9 comments
හසිත මධුෂාන්
indika75
thanks..
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :)
Suranjan
Thanks jayawewa......!
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..!!
Udara Damith Dissanayaka
niyamayi.................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!