සෙහෙර් සේති. කියන දෙයක් කනකට ගන්නෙ නැති මහ පණ්ඩිතයෙක්. හැබැයි ඉන්දියාවෙ ඉන්න ජනප්‍රියම vlogger කෙනෙක්. ඒ වගේම හැම දෙයක් ගැනම නරක රිවීව් තමයි දෙන්නෙ. මේ සෙහෙර්ගෙ පවුලෙ හැමදාම වාර්ෂික පවුලෙ හමුවක් තියෙනවා. තමන්ගෙ දුවල ගැන පම්පෝර් ගහන ආන්ටිලයි, කසාද බඳින්නෙ කවදද කියල අහ අහ කරදර කරන ආන්ටිලගෙනුයි බේරෙන්…

සෙහෙර් සේති. කියන දෙයක් කනකට ගන්නෙ නැති මහ පණ්ඩිතයෙක්. හැබැයි ඉන්දියාවෙ ඉන්න ජනප්‍රියම vlogger කෙනෙක්. ඒ වගේම හැම දෙයක් ගැනම නරක රිවීව් තමයි දෙන්නෙ. මේ සෙහෙර්ගෙ පවුලෙ හැමදාම වාර්ෂික පවුලෙ හමුවක් තියෙනවා. තමන්ගෙ දුවල ගැන පම්පෝර් ගහන ආන්ටිලයි, කසාද බඳින්නෙ කවදද කියල අහ අහ කරදර කරන ආන්ටිලගෙනුයි බේරෙන්න සෙහෙර් යනවා ඔෆිස් එකේ එසයින්මන්ට් එකකට.
මනාලි වල කෑම්ප් උජි-ධර්! ඒ කෑම්ප් එකෙන් පොරොන්දු වෙනවා හොඳම කඳු නැගීමෙ අත් දැකීම් ලබා දෙනවා කියල. මේකෙ සාමාන්‍ය සංචාරක පැකේජ් තියෙනවා. හැබැයි එයාලගෙ තනි පැකේජ් එකකුත් තියෙනවා. ඔය නලු නිලියෝ බිස්නස් කාරයො එහෙම ඒ පැකේජ් එක තමයි ගන්නෙ.
ගාන දන්නවද? ලක්ශ 5ක්?
කඳු නැගීමයි කෑම්ප් ගැනයි මෙලෝ මගුලක් නොදන්න සෙහෙර් ඉතින් මේකත් වංචාවක්, ඔක්කොම එලිකරන්න ඕනෙයි කියල හිතාගෙන මේ කෑම්ප් එකට පිටත් වෙලා යනවා. ඒ ගිය වෙලාවෙ ඉඳන් සෙහෙර් ඒකෙ අඩුපාඩුමයි හොයන්නෙ. ඒත් එයාට වැඩි දෙයක් හොයා ගන්න බැරි වෙනවා. ඉතින් ටික දවසක පුහුනුවකින් පස්සෙ සෙහෙර්ගෙ චාරිකාව පටන් ගන්නවා. ඒ කෑම්ප් එකේ අයිතිකාරයා කරන් සේගල් එක්ක.
ඉතින් මේක් අප් නැතුව කඳු නගින්න බැහැයි කියල යකා නටන සෙහෙර් එක්ක කරන් කඳු නැග්ගෙ කොහොමද කියල කතාව බලලම දැනගමුකො.
මේ චිත්‍රපටිය තිරගත වෙන්නෙ 2019 සැප්තැම්බර් මාසෙ 20 වෙනිදා. අධ්‍යක්ශනය කරන්නෙ සනී ඩියොල්. රංගනයෙන් දායක වෙන්නෙ Sahher Bambba සහ සනී ඩියොල්ගේ පුත් Karan Deol. Karan ගෙ වගේම Sahher ගෙත් පලවෙනි චිත්‍රපටිය තමයි මේ.
සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Sachet-Parampara සහ Tanishk Bagchi . ඒ වගේම ලස්සන සිංදු ටිකකුත් මේ චිත්‍රපටියෙ තියෙනවා.
මේ චිත්‍රපටිය ආදායම් අතින් නම් එච්චර සාර්තක වුනේ නෑ. කෝටි 60ක වියදමකින් නිපැයුවත් කෝටි 10ක ආදායමක් තමයි ලබාගන්නෙ
හැමෝටම බලන්න කියල ආරාදනා කරනවා. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD පිටපත් සඳහා අදාළ වේ.
7,684 downloadsDownload www.Movcr_.to_.-Pal-Pal-Dil-Ke-Paas-2019-Hindi-Proper-HDRip-.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
8 comments
Isirajanith
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Anonymous
Thank You
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!isuru srinath sjs
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ..!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ransilu
THANK YOU
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Pal pal Dil Ke Paas (2019) Sinhala Subtitles | ජීවිතය වෙනස් කල ගමනක්… [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/Pal-Pal-Dil-Ke-Paas-2019.jpg)

Aiyo koti 50 iwarai sub ekata thanks supiri ela