Watch Trailer

Walter (2020) Sinhala Subtitles | නොකියු අපරාධයක්..! [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන් සියලුදෙනාට ආයුබෝවන් කියමින් අද ඔබගේ රසවින්ඳනය සඳහා අද පැමිණියේ මේ වසරේම තිරගතවුන දමිළ චිත්‍රපටයක් සමඟින්.! සිංහල උපසිරැසිකරණයේ මහ ගෙදර බයිස්කෝප් සිංහලෙන් විසින් ඔබගේ සහ ඔබගේ පවුලේ විනෝදාස්වාදය සඳහා ලබාදී ඇති විවිධ වර්ගයේ සිනමාපටයන් රූපවාහීණි කතාමාලා කතා නරඹමින් නි…

බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියන් සියලුදෙනාට ආයුබෝවන් කියමින් අද ඔබගේ රසවින්ඳනය සඳහා අද පැමිණියේ මේ වසරේම තිරගතවුන දමිළ චිත්‍රපටයක් සමඟින්.! සිංහල උපසිරැසිකරණයේ මහ ගෙදර බයිස්කෝප් සිංහලෙන් විසින් ඔබගේ සහ ඔබගේ පවුලේ විනෝදාස්වාදය සඳහා ලබාදී ඇති විවිධ වර්ගයේ සිනමාපටයන් රූපවාහීණි කතාමාලා කතා නරඹමින් නිවෙස් වලම සිට මේ දිනවල පවතින කොව්ඩි – 19 නොහොත් මාරාන්තික කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට රජය සහ සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්ෂක අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙස බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම වෙනුවෙන් ඉල්ලා සිටිනවා.

” ඉන්දියාවේ සෑම පැය විසිහතරකට වරක්ම කුඩා දරුවන් සිව් දෙනකු අතුරුදහන් වේ.!”
” සෑම පැය දාසයකට වරක්ම තමිල්නාඩුවේ පමණක් දරුවකු අතුරුදහන්වේ.!”

චිත්‍රපටය ගැන තොරතුරු කිහිපයක් කීවොත් 2020 මාර්තු මස 13 දින ලොව පුරා තිරගත කල මේ චිත්‍රපටය Action,Crime,Thriller ඝණයට අයත් වෙනවා. චිත්‍රපටයේ කතාව තිර රචනය සහ අධ්‍යක්ෂණය U. Anbarasan විසින් සිදුකර තිබෙනවා. Shruthi Thilak විසින් නිෂ්පාදනය සිදුකර ඇති අතර ප්‍රධාන චරිතයන් Sibiraj සහ Samuthirakani සමඟින් Natarajan Subramaniam විසින් හොබවනු ලබනවා.

චිත්‍රපටයේ කතාව දෙසට අවදානය යොමුකර බලන්නට ප්‍රථමයෙන් චිත්‍රපටය තුල තිබෙනා විශේෂිත වූ දෙයක් ගැන මුලින් සඳහන් කර සිටින්නම් ඔබ මීට පෙර අසා තිබෙනවද බොම්බේ ලේ කියන වචනය එහෙමත් නැත්තන් Bombay Blood කියන වචනේ සමහර අය විද්‍යා ක්ෂේත්‍රයෙන් hh රුධිරය කාණ්ඩය විදියට අහලත් ඇති සමහරු චිත්‍රපට බලන අතර අහල දැකලා ඇති.! කොහොමින් හරි 1952 වසරේදි Bombay Blood නමින් හැඳින්වෙන ඉතා දුර්ලභ ඝණයේ රුධිර කාණ්ඩය අප අසල්වැසි ඉන්දියාවේ මුම්බායි නොහොත් බොම්බායේදි වෛද්‍ය Y. M. Bhende විසින් සොයාගෙන ඇත. මුලින්ම බොම්බේ නඟරයේදි සොයාගත් නිසා එය Bombay Blood ( බොම්බේ බ්ලඩ් ) ලෙසින් නම්කර තිබෙනවා.මෙය කෙතරම් දුර්ලභයිද කිවහොත් මිනිස් ජනගහනයෙන් 0.0004% ක ප්‍රමාණයක් එනම් මිලයනයකට 04 ක් ලෙසින් ඉතාමත් දුර්ලභ ඝණයේ රුධිර කාණ්ඩයක් වේ.මෙම රුධිර කාණ්ඩය තිබෙන තැනැත්තකු හට හදිසියේ රුධිරය ලබා දීමක් සිදුකිරීමට අවශ්‍යය උවහොත් වෙනත් වර්ගයක රුධිර කාණ්ඩයක් ලබාදීම කල නොහැකි වන අතර මේ වර්ගයේම රුධිරය ලබාදීම අත්‍ය අවශ්‍යය වේ.

තමන්ට පැවරෙන රාජකාරිය අකුරට ඉටු කරන වෝල්ටර් නම්වු අවංක පොලිස් නිලධාරියකු වටා කතාව ගෙතී තිබෙනවා. කුම්භකෝණම් ප්‍රදේශයේ මහඇමති විසින් මැරයකු වෙඩි තබා ඝාතනය කරන ලෙස පොලිසියට නියෝග කර සිටිනවා. ඒ නියොගයට අනුව වෝල්ටර් විසින් එම මැරයා ඝාතනය කිරිමෙන් පසු වෝල්ටර්ගේ ජිවිතය නොසිතුවිරු ලෙස කණපිට පෙරලෙනවා.ඔහු රාජකාරි කරනා නඟරයේ එක දිගට කුඩා දරුවන් අතුරුදහන් වීමට පටන් ගන්නා අතරතුරදි වෝල්ටර් ගේ ජිවිතය පවා නැතිවී යාමට තරමේ වතාවරණයක් උදාවෙනවා. තව දුරටත් කතාව කීමෙන් ඔබගේ රසවින්ඳනයට සිදුවන බාධාව නවතාලීමට කතාව ගැන විස්තර කිරීම මෙතැනින් නවත්වන අතර අද සමාජයට ඉතාමත් ගැලපෙන විදියේ ආදර්ශ සහ පණිවිඩ වගේම දැනුමට එක් කර ගත යුතු කරුණු රැසකින් සමන්විත මේ චිත්‍රපටය නරඹා ඔබද එම ආදර්ශ පණිවිඩ සහ දැනුමට එකතු කරගැනීමට අවශ්‍ය දෑ ලබාගන්නා ලෙසත් ඉල්ලා සිටිමින් මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි ගැන්වීමට අවස්තාව ලබාදුන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සංස්කාරකවරයෙකු වන තිසර සහෝටද මෙම උපසිරැසිය ඉක්මණින් ඔබවෙත ගෙන ඒමට මුලින්ම උපකාර කල මා රාජකාරි කරනා ස්ථානයේම රාජකාරි කරනු ලබන ජානක කැලුම් බණ්ඩාර සොයුරාට විශේෂ ස්තුතියි පුදකරමින් අදට සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිදු පිහිටයි..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

16,058 downloadsDownload Walter-2020.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

16,058 downloadsDownload Subtitles54 KB

24 comments

  1. malithmadhushan45

    නියමයි අයියේ සබ් එකට ස්තුතියි

    1. Anonymous

      Meke film eka download karaganne kohomada bn

    2. isuru srinath sjs

      www. baiscopedownloads . co එකට යන්න.

  2. Hemantha De Silva

    ස්තුතියි තරිඳු....
    අපි නිවාඩු පාඩුවේ පාලුව මකාගන්න ඔබ දෙන සිනවාම රස විඳිනවා..
    ඔබ වැඩ කරන අස්සේ පාලුව මකාගන්න සබ් දෙනවා...
    ස්තුතියි.... වැඩ අස්සේ කරන මෙහෙයට...

  3. Prabodha20

    Sthuthi obata.

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. kolitha

    Thanx bro..

  6. ramcharan

    thanks bro
    thawath supiriyak wage
    aththatama me dwas tike tmai patta thriller movies tikak baluwe
    loku budget dala , supiri actors la karana baala film walata wada mewa tamai supiri
    digatama me wage film demu
    jaya wewa

  7. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට..... ෆිල්ම් නැත්නම් මේ දවස්වල පිස්සු හැදෙනවා.දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා... දෙවි පිහිටයි....ජය වේවා.....

    1. gihan-pasindu

      Photo save kranna bari ai.. "alert protected image" kiyla watenwa

  8. indika75

    thanks..

  9. Kavinu

    kahaani චිත්‍රපටියෙත් බොම්බෙ බ්ලඩ් ගෲප් එක ගැන කියවුණා නේහ්!!
    උපසිරැසියට ස්තූතියි තරිඳු අයියෙ... නයිට් ටයිම් ඩේටා සරණයි එහෙනම් මේකටත්...

  10. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..

  11. vimukthi

    thanks kollo....

  12. Nilush Angana

    Sub ekata thanx

  13. arawindasunimal

    thanks sub ekata jayawewa

  14. D.Chamara

    bohoma sthuthi

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Anonymous

      Ela

  16. Aravinda

    සුපිරියි මචං සබ් එකට ස්තුතිය

  17. Jeewantha77

    Thanks for the sub Tharindu.
    Film 6/10

  18. Ishini_A

    සබ් එකට ගොඩක් ස්තුතියි. අනේ කරුණාකරලා Mundasupatti (2014)tamil movie එකටත් සිංහල සබ් ලබා දෙන්න..

  19. Anonymous

    Tanx sub ekata

  20. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!