ඉතින් කොහොමද යාළුවනේ. සෑහෙන කාලෙකට පස්සේ, හරියටම කිව්වොත් මගේ 9 වෙනි සබ් එක පළවුණු 2016 මාර්තු වල ඉඳල අවුරුදු එක හමාරකටත් වැඩි කාලෙකට පස්සේ තමයි මං මගේ 10 වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන මේ පැත්තට ගොඩවැදුණේ. ඉතින් ඔන්න කාලෙකින් ලැබුණු විවේකයක් අතරේ සබ් එකක් කරා අලුතින්. මුලින්ම ස්තුති කරන්න ඕන මේ සබ…

ඉතින් කොහොමද යාළුවනේ. සෑහෙන කාලෙකට පස්සේ, හරියටම කිව්වොත් මගේ 9 වෙනි සබ් එක පළවුණු 2016 මාර්තු වල ඉඳල අවුරුදු එක හමාරකටත් වැඩි කාලෙකට පස්සේ තමයි මං මගේ 10 වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන මේ පැත්තට ගොඩවැදුණේ. ඉතින් ඔන්න කාලෙකින් ලැබුණු විවේකයක් අතරේ සබ් එකක් කරා අලුතින්.
මුලින්ම ස්තුති කරන්න ඕන මේ සබ් එක කරන්න මට දුන්නු අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා ඇතුළු බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලේ හැමෝටමත්, බයිස්කෝප් වෙනුවෙන් සබ් කරන සහෝදර සහෝදරියෝ හැමෝටමත්, අපි කරන සබ් අරගෙන ෆිල්ම් බලන්න එන ඔයාල ඔක්කොටමත්.
ඉතින් මගේ 10 වෙනි උපසිරැසි නිර්මාණය විදියට අරගෙන ආවේ ස්පාඤ්ඤ චිත්‍රපටියක්. The Invisible Guest (2016) කියල ඉංග්‍රීසියෙන් හඳුන්වන මේකෙ නියම නම Contratiempo. මේක 2016 කියල තිබුණට ඇත්තටම තිරගත වීම ආරම්භ වුණේ මේ 2017 වසරේ ජනවාරි මාසයේ. Oriol Paulo කියන අධ්‍යක්ෂක වරයාගේ නිර්මාණයක් වෙච්ච Crime, Mystery, Thriller කියන කාණ්ඩයන්ට අයත් මේ චිත්‍රපටියට IMDB ratings වල 8.0ක අගයක් හිමිවෙලා තියනවා.
ඉතින් මේක පරිවර්තනය කරද්දී නම්, ගම් මම ඉංග්‍රීසි වචන වලින්ම යොදාගත්තා. මොකද ස්පාඤ්ඤ උච්චාරණය වෙනස් නිසා. මං හිතනවා ඒක ගැටළුවක් වෙන එකක් නෑ මේක රසවිඳින්න. ඉතින් හොඳට ප්ලෑන් කරලා මොළෙන් ගහන ගේමක් ගැන කියවෙන මේකෙ කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු.
Adrian Doria කියන්නේ හොඳම ව්‍යාපාරිකයාට හිමි සම්මාන පවා ලබපු දක්ෂ තරුණ සමාගම් හිමිකරුවෙක්. දවසක් හෝටල් කාමරයකදී ඔහුගේ අනියම් බිරිඳ ඝාතනයට ලක්වෙනවා. කාමරයේ සිටි එකම කෙනා මොහු නිසා ඔහුව අත්අඩංගුවට ගන්නවා. ඒත් ඔහු කියන විදියට තවත් කෙනෙක් ඉඳල තියනවා. ඒත් දොර ජනෙල් ඔක්කොම ඇතුළෙන් අගුලු දාපු කාමරෙන් ඔහු ගියේ කොහොමද?. ඉතින් ඔහු කියන විදියට සැලසුම් කරපු උගුලකට අහුවෙලා ඉන්න ඔහු ඒකෙන් බේරගන්න ඔහුගේ නීතිඥයා විසින් බාරදෙන්නේ Virginia Goodman කියන කවදාවත් පැරදිලා නැති දක්ෂ නීතිඥවරියට. කතාව පටන්ගන්නේ ඇප පිට ඉන්න Doria හමුවෙන්න මේ නීතිඥවරිය ඔහුගේ නිවසට එන අවස්ථාවෙන්. ඔවුන්ට ඔක්කොම සිදුවීම් ගලපලා බේරෙන්න සැලසුමක් හදාගන්න තියෙන්නේ පැය 3යි.
ඉතින් ඒ හෝටල් කාමරේ සිදුවුණේ මොකක්ද, ඒකෙ හිටිය කෙනා අද්භූත විදියට අතුරුදහන් වුණේ කොහොමද, කාටද ඕනේ මේ ව්‍යාපාරිකයව උගුලකට අහුකරන්න, ඒ උගුලෙන් මෙයාව බේරගන්න නීතිඥවරියට හැකි වෙයිද. මේවට උත්තර ෆිල්ම් එක අරගෙනම බලන්න කියල තමයි කියන්න වෙන්නේ. මේකෙ අවසානය…… හිතුවෙවත් නැති දෙයක් වෙයිද? අරගෙනම බලන්නකෝ.
ඉතින් ඉක්මණට හෝ පහුවෙලා ඉඩ තියන වෙලාවක තවත් සබ් දෙන්න බලාපොරොත්තු වෙන නිසා පුළුවන්නම් මේකෙ හොඳ නරකත් කියල යන්න. එතකොට ඊළඟ එක වඩා හොඳට කරන්න පුළුවන් වෙයි.
හැමෝටම සුබ දවසක්…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
19,950 downloadsDownload The-Invisible-Guest-2016.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
62 comments
Kasun Lakshan
buddhi
tnks saho sub akt
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා!Gathsara Umesh Kumara
Mm kmthim wrgeye ekk..
Bhom sthuthiyi ayye...
Jyweea..Purni
නියමයි බොකා අයියේ. මගෙ රෙකෝඩ් එක කඩන්න න තව 27ක් කොටන්න ඕන. මේ කපේදි නම් බැරිවෙයි වගේ
Mayura
මං උඹට කියල තියනවනේ නම හරියට දාපන් කියල
Mayura Suraj
බොක්කා අයියා බන්... නම හරියට දාපන්. නැත්තන් මන් නෙවෙයි කියල අහුවෙනවා
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Mayura Suraj
මං උඹට කියල තියනවනේ නම හරියට දාපන් කියල
Mayura Suraj
අහ් වැරදි තැන කමෙන්ට් උනෙ
Lahiru
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ බයිස්කෝප් වලට ගහන්න බයිස්කෝප් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරවj
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි.Chami.S
Thanks..
Good Luck..dilan lakmal
Ela macho thanks sub ekata
Udara Damith B/K
ela
හැමෝටම සුබ දවසක්
dinidu
meke sub eka download karanna bariyooo.download click karama page not foun kyla watenwa
දමිත්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දිල්ෂාන් සහෝ.
ජයෙන් ජය.Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!wiki
උපසිරැසියට බොහොම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharangani
thanx
dinidu
උපසිරස ඩව්න්ලෝඩ් කරන්න බැනේ බන්.කරන විදිය කයපන්කෝ.
Dulanga
Thanks
madu
Thank you
Nipun
Supiri movie ekak. Sub ekata thanks.. Jaya....!!!!
Chandika Fdo
Sub ekta thanks bro Hoda movie ekak
Saranga J. Liyanagama
ස්තූතියි මචන් සිංහල උපසිරැසියට..
Piyumal Dissanayaka
බොහොම ස්තූතියි සහෝ.නියම වැඩක්
NimeshR
thanks machan
Mahesh ruwan
බොහොම ස්තුතිය
thanks machan
sampath n perera
උපසිරැසියට බොහොම ස්තුතියි
EN12500772
supiri film eka.. thanks sub walata
sathyajith
Thanks for the sub
D.Chamara
bohoma stuthi sahooo
madhusankha
Thanks bro....
ruchiralakmal
Thanks for the sub
rangikafrancis
me movie eka download karanna widihak kiyanna
Amila Mudalige
සබ් එකට ස්තූතියි
Amalka Himeshan
Thanks sub ekata
Charith_W
සබ් එකට ස්තූතියි.... :)
krish1127
godak kaaleka idan balanna hitiya film ekak,ada thamai balanne.Thank you saho!!!!!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
roshjayathilake
Cannot download invisible guest subtitle .....pls send me this...
4Sadith
tnx pattaay bro
chinthaka_priyadrshana
Thank U Very much bro......
akhila upendra
niyama film ekak. bohomma sthuthiy sub ekata. honda deyak karanna shakthiya dhairyaya digatama labewa kiyala prarthana karanawa.
Lakshan1327
Thanks bro
Uchitha_induranga01
Thanks sub ekata.jaya wewa..
NimeshR
Meka patta plot twist film ekak... sub ekata thanks... Mirage (2018) movie ekatath sub denna puluwan nm godak hodai
janakamilantha
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Invisible Guest (2016) Sinhala Subtitles | විඳවීමකින් තොරව ගැලවීමක් නොමැත.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/The-Invisible-Guest.jpg)

Hammo patta sahoo!!!!!!!!!!!!!!!!
mee dan baanawa..
Sub eka dunnat godaaaak sthuthiyi
karana siyalu wada sarthaka wenna one