Watch Trailer

Confessions (2010) AKA Kokuhaku Sinhala Subtitles | ඇදුරුතුමියකගේ වියරුව [සිංහල උපසිරැසි සමඟ]

තාත්තත් නැතිව තනියම තමන්ගේ පුංචි දුව හදාගන්න අම්ම කෙනෙකුට ඒ දුව අහිමි වෙලා ගියොත් මොන වගේ හැඟීමක් දැනේවිද? තමන්ගේ දියණිය අනතුරකින් මියගියා නෙවෙයි මරා දැම්මා කියල දැනගන්න ලැබුණොත්, ඒ මිනීමැරුම කරලා තියෙන්නේ තමන් ගුරුවරියක් විදියට උගන්වන තමන්ගේම පන්තියේ ඉන්න ළමයි කිහිපදෙනෙක් නම්…. ඒ වගේම බාලවයස්කරුවන…

තාත්තත් නැතිව තනියම තමන්ගේ පුංචි දුව හදාගන්න අම්ම කෙනෙකුට ඒ දුව අහිමි වෙලා ගියොත් මොන වගේ හැඟීමක් දැනේවිද? තමන්ගේ දියණිය අනතුරකින් මියගියා නෙවෙයි මරා දැම්මා කියල දැනගන්න ලැබුණොත්, ඒ මිනීමැරුම කරලා තියෙන්නේ තමන් ගුරුවරියක් විදියට උගන්වන තමන්ගේම පන්තියේ ඉන්න ළමයි කිහිපදෙනෙක් නම්…. ඒ වගේම බාලවයස්කරුවන් වීම නිසා ඔවුන්ට නීතියෙන් දඬුවම් ලැබෙන්නේ නෑ කියල දැනගත්තොත්….. ගුරුවරිය විදියට සමාව දීල ඒ සිසුන් යහමගට ගන්නවද, නැත්නම් අම්මා කෙනෙක් විදියට පළිගැනීමේ සැලසුමක් දියත් කරනවද?

මටනම් හිතාගන්න බෑ. ඒ වගේම Moriguchi ගුරුතුමියටත් හිතාගන්න බැරි වෙන්නැති. ගොඩක් හිතන්නැති. අන්තිමේදී අම්මා කියන චරිතේ මතුවෙලා පළිගන්න සැලසුම් කරන්න ඇති.

ඉතින් මං මේ පාර අරගෙන එන්නේ 2010 වසරේදී ජපානයේ තිරගතවුණු Kokuhaku කියන ඉංග්‍රීසියෙන් නම් Confessions කියන ෆිල්ම් එක. ඒ ඉංග්‍රීසි නමේ සිංහල තේරුමේ විදියටම කතාව හැදිලා තියෙන්නේ කීප දෙනෙකුගේ පාපොච්චාරණයන් කීපයක් එකතු කරලා. Tetsuya Nakashima කියන අධ්‍යක්ෂකවරයාගේ මේ නිර්මාණයට 7.8 ක IMDB අගයක් හිමිවෙලා තියනවා.

ඉතින් ෆිල්ම් එක ගැන වැඩිය කියන්නේ නෑ. අරගෙනම බලන්න කියල කියන්නම්. සෑහෙන කාලෙකට පස්සේ ගිය සතියේ සබ් එකක් දුන්නට පස්සේ ඊළඟ එකට තව සෑහෙන කාලයක් යයි කියල හිතුණට සතියක් ඇතුළත මේක කරන්න ලැබුණු එක ගැන සතුටුයි ඉතින්.

ඉතින් මට සබ් කරන්න ලබාදුන්නු සිසිල ප්‍රසාද් සහෝදරයා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමටත්, අඩවියට ගොඩවදින හැමෝටමත් ස්තුති කරන ගමන් සුබ දවසක් ප්‍රර්ථනා කරනවා. ඊළඟ සබ් එක තව හොඳට කරන්න මේකෙ අඩුපාඩු කියල ප්‍රතිචාර දක්වන්න කියලත් ඉල්ලීමක් කරනවා පුළුවන්නම්…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DVDRip පිටපත සඳහා අදාළ වේ.

3,396 downloadsDownload Confessions-2010.zip47 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් මධුරංග

Subtitles

3,396 downloadsDownload Subtitles47 KB

24 comments

  1. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  2. dil

    ස්තූතියි.ඔබට ජයෙන් ජය

  3. Shani

    Thkz broo

  4. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. wiki

    Thanks

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  8. isuru

    brother link please

  9. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  10. දහරා මුතු අමා

    බොහොම ස්තූතියි උපසිරැසියට.
    හොඳ කතාවක් වගේ.

  11. Rajitha

    Thanks saho........jayawewa.......!

  12. tharangani

    thanx

  13. asitha

    elama sahi thanks

  14. sanjaya thisara

    හොය හොය හිටපු චිත්‍රපටයක්. සිංහල උපසි‍රැසි දුන්නා කියලා දැනගත්තේ මීට පොඩි වෙලාවකට කලින් ෆේස්බුක් ගෲප් එකක දාල තිබුණු පෝස්ට් එකක් දැකලා. ඒ දැකපු ගමන්මයි මේක ගත්තේ. බොහෝම ස්තූතියි

  15. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  18. srgtd321

    Thanks Bro

  19. sasanka sathyajith

    Thanks for the sub

  20. dilshan

    Thank u

  21. nilanka1212

    thanks

  22. Anonymous

    This subtitle file cannot be opened. Please update it.

    1. Ravindu Heshan - Admin

      Dan Wada

    2. Shami

      Thank you for updating.