ගප්පි? මේ නම අහපු ගමන් ගොඩක් අය හිතන්නෙ මේ මොන විදිහෙ කතාවක්ද කියලා. මොකද ගප්පි කියන්නෙ මාලු වර්ගයක්නෙ. ඔව්. මේ කතාවෙ ගප්පි මාළුවො ගැන තමයි තියෙන්නෙ. හැබැයි පොඩි වෙනස්කමක් එක්ක. ගප්පි කියන නමින්ම හදුන්වන මෙම චිත්‍රපටිය නිකුත් වුණේ 2016 අගෝස්තු 5 වන දිනයි. පැය 2යි මිනිත්තු 38ක් දක්වා දිවයන මෙය නිශ්…

ගප්පි? මේ නම අහපු ගමන් ගොඩක් අය හිතන්නෙ මේ මොන විදිහෙ කතාවක්ද කියලා. මොකද ගප්පි කියන්නෙ මාලු වර්ගයක්නෙ. ඔව්. මේ කතාවෙ ගප්පි මාළුවො ගැන තමයි තියෙන්නෙ. හැබැයි පොඩි වෙනස්කමක් එක්ක.
ගප්පි කියන නමින්ම හදුන්වන මෙම චිත්‍රපටිය නිකුත් වුණේ 2016 අගෝස්තු 5 වන දිනයි. පැය 2යි මිනිත්තු 38ක් දක්වා දිවයන මෙය නිශ්පාදනය කර තිබෙන්නේ මුකේෂ් ආර් මෙහ්තා, A.V අනූප් සහ C.V සාරථී යන ශිල්පීන් විසිනුයි.
අධ්‍යක්ෂනය සහ රචනය ජෝන් පෝල් ජෝර්ජ් විසින්. මෙම චිත්‍රපටිය drama/comedy ගණයට අයත් චිත්‍රපටයක්. බෙදා හැර තිබෙන්නේ E4 Entertainment වෙතින්. මෙයට ලැබී ඇති imdb දර්ශකය ඇසුවොත් ඔබට මෙය නරඹන්නම හිතේවි. Imdb 8.1 ක අගයක් හිමිකරගෙන ඇති මෙම නිර්මාණය කෝටි 3.1 ක ආදායමක් උපයා ගැනීමට සමත් වෙලා තිබෙනවා.
මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ළමා නළු චේතන් ජයලාල් (ගප්පි), ටොවිනෝ තෝමස් (තේජස් වර්කෙයි), ස්රී නිවාසන් (ආමිනාගේ සීයා) යන පිරිස විසින්.
මිකායිල් කියන්නෙ මේ කතාවේ ප්‍රධානම චරිතය. මිකායිල්, ගප්පි වගාවක් කරනවා. ඒ වගේම ගප්පියො විකුණනවා. මේ නිසා කොළණියෙ හැමෝම මේ පිරිමි ළමයව හදුන්වන්නේ ‘ගප්පි’ යන නමින්. ගප්පිගේ තාත්තා ධීවරයෙක්. ගප්පි කුඩා කාලයේදීම තාත්තා මුහුදේදී මියයනවා. තාත්තා මිය ගිය ශෝකයෙන් ගප්පිගෙ අම්මගෙ ශරීරය පණ නැති ඔත්පල කෙනෙකු බවට පත් වෙනවා. තාත්තා මිය ගියාට පස්සෙ ගප්පි තමයි අම්මව බලාගන්නේ. අම්මව නාවලා, පිරිසිදු කරලා, කවලා, පොවලා ගප්පි අම්මව ආදරෙන් බලාගන්නවා.
මේ ගප්පිගෙ හිතේ ලොකු ආශාවක් තියනවා එයාගෙ අම්මට අලුත් පන්නයේ රෝද පුටුවක් අරන් දෙන්න. ඉතින් ගප්පි, ගප්පි මාළුවෝ විකුණලා ලැබෙන සල්ලි බොහොම පරෙස්සමින් ඉතිරි කරගන්නවා.
මේ කොළණියේම ඉන්නවා ලස්සන ගෑණු ළමයෙක්. එයාගෙ නම ආමිනා. ගප්පි ක්‍රිස්තියානි වුණත් ආමිනා මුස්ලිම් දැරිවියක්. ආමිනාගේ ලස්සන කොතරම්ද කියනවානම් ගප්පි ඇතුළු මුළු කොළණියේම පිරිමි ළමයි ඉන්නෙ ඇයට වහ වැටිලා. නමුත් මේ ආමිනාගේ හිත ඇදිලා යන්නෙ ගප්පිට විතරයි.
මෙහෙම දින ගෙවිලා යද්දි මේ කොළණියට පාලමක් හදන්න ඉන්ජිනේරු මහත්මයෙක් එනවා. ඔහු නමින් ‘තේජාස් වර්කෙයි’. ඔහුගේ සම්ප්‍රාප්තියත් සමග ගප්පිගේ සහ ඔහුගේ ජීවිතවල යම් වෙනස්කමක් සිදුවෙනවා. මේ විදිහට තමයි කතාවෙ ආරම්භය සිද්ධ වෙන්නෙ.
ඉතින් මේ මගේ පළමු මලයාලම් උපසිරැසි ගැන්වීම. මේ වගේ චිත්‍රපටයකට උපසිරැසි ලබාදීමට හැකි වීම ගැන සතුටු වෙනවා. මෙම කතාවට උපසිරැසි නිර්මාණය කිරීමට ලබාදුන් ශාන් විමුක්ති සොහොයුරාට බොහොම ස්තූතිවන්ත වන අතරම වෙනදා වගේම මගේ උපසිරැසි ගැන්වීම් වලින් මාව දිරිමත් කරන මගේ අක්කා (ගයේෂා සත්සරණි) ටත් මගේ ස්තූතිය පිරිනමනවා. විශේෂයෙන්ම කිව්වොත් මෙම චිත්‍රපටිය මම පෙරදී කළ උපසිරැසි ගැන්වීම් වලට වඩා වෙනස් ගණයේ චිත්‍රපටියක්. ඒ නිසා සියළු දෙනාටම නරඹන්න ආරාධනා කරනවා.
අවසාන වශයෙන් උපසිරැසිය ගෙන ඒමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරනවා. එහෙනම් නැරඹීම ඔබට බාරයි. නැවතත් නව උපසිරැසියකින් හමුවෙමු. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
8,601 downloadsDownload Guppy-2016.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
32 comments
thisal
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..!
Soori
චුට්ටක් පරක්කු වුනාට කමක් නෑ. ඉක්මනින් ගෙනාවනේ. බොහෝම ස්තුතියි උපසිරැසියට සොනාලි සොයුරියේ....!!!
දමිත්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සොනාලි.
ජයෙන් ජය.කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.....ජය වේවා....!!!
widuranga
elamaaaaaa
Helili Hemamali
එල එල නගේ
Kulanjana Maduranga
niayamai…malayalam nm aniwaryen balanawa...thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
තරිඳු රසාංග
බොහොම ස්තුතියි සොනාලි,මලයාලම් උපසිරැසිකරුවන්ගේ පොඩි අඩුවක් තියෙන නිසා මලයාලම් එකක් තෝරගත්ත එක නම් ගොඩක් වටිනවා.ඉස්සරහටත් මේ විදියේ මඟහැරුණු මලයාලම් ඒවා හොයලා දෙන්න බලමු,ජය!
ඩොක් අයියා
තැන්කු වේවා සොනාලි තාරිකා නංගියෝ
D.Chamara
bohoma sthuthi naga . jaya....
yohan sewwanda
ty dear
Hemantha De Silva
ස්තුතියි සොනාලි....
මලයාලම් සිනමාව ගැන සිංහල ප්‍රෙක්ෂකයන් අතරේ /ල්ලක් ඇත්වෙලා තියෙන කාලයක් මේක.
මලයාලම් සිනමා රසිකයෙක් විදියට නැවතත් ස්තුතියි.
ස්තුතියි බයිස්කෝප්.Rukshan Liyanage
රූ සිත්තමකට කතාකරන්න පුලුවන් නම් මලයාලම් එකක්ම වෙන්න ඔනී. එකත් මෙනන් මෙවගේ කතාවක්..
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Thilina Chamara
thank you
KA VEE SHA
කවුරු හරි පින්වතෙක් මේකේ ලින්ක් එක දීල යන්නකො..
rangika Kariyawasam
ෆටිටම වැඩක් නංගා.මලයාලමි රෑ සිත්තමක් උපසිරැසි ගැන්වීම පිළිබඳව බෝම ස්තුතියි .ඉදිරියටත් අලුත්ම මලයාලමි ෆිලුමි උපසිරැසි ගන්වන්නට ආරාධනා කරනවා.
ජයහෝ...sumed
උපසිරැසියට ස්තූතියි සහෝදරී.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
SPD
බොහොම ස්තුතියි සහෝදරිය.
මලයාලම් ෆිලුමකට උපසිරසි කරපු එක ගැන විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා.
බයිස්කෝප් මලයාලම් ලිස්ට් එකේ උඩට අලුත් එකක් ඇවිත්ද කියල දවසකට දෙතුන් වතාවක් බලනවා.
මේක දැකපු ගමන් බැලුවේ උපසිරය කරලා තියෙන්නේ තරිඳු ද චතුරද කියල.
එතකොට දැක්කේ අලුත් නමක්, සොනාලි තාරකා.
දිගටම මලයාලම් ෆිලුම් වලට උපසිරසි ලබා දෙන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලත් ඉල්ලා සිටිනවා.
ජයෙන් ජයම වේවා...!!!shasith sandaruwan
මලයාලම් ෆිල්ම් ගොන්නට තවත් එකක්
බෝම තුති උපිසිරැසියට.
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!DILSHAN KALINGA
සබට තුති වේවා නංගි..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharu
Tnq
Dharshana Kasun
Thanks..
නවින් නිසල්
පින් සිද්ද වෙච්චාවේ..
Malakasj
Thz
Aravinda Munasingha
thank you sonali
Menaka Herath
ස්තූතියි සබට සහෝ....
තවත් නිර්මාණකරනයට ශක්තිය ධෛර්ය ලැබේවා....!!!!!!Nidi
සුපිරියි සොනාලි සුපිරියි!
අම්මෙකුගේ සෙනෙහස, පුතෙකුගේ අසීමිත ආදරය, දුගී බවේ ගිලුණු ගැටවරයෙකුගේ අභිමානය, නූගත් ගැටවරයන්ගේ මානසිකත්වය, උගතෙකුගේ මහන්තත්වය, අවස්ථාවාදී දේශපාලනඥයෝ, අහිංසක- එහෙත් ස්වාර්ථයම පතන රාජකාරි කරන්නෝ අතරට අදරැති සීයෙකුත් එකතු වුණාම මෙච්චර ලස්සන ෆිලුමක් හැදෙයි කියලා හිතන්නවත් බෑ. විස්කම් වැඩක්.
සොනාලි, ගොඩාක් ස්තුතියි මේ වගේ ෆිල්ම් එකක් නියමෙට සබ්ස් එක්ක අපට තිලින කළාට!
සතුට හාස්‍යය තරහව ආදරය වගේම දුකත් අඩු නැතිවම තියෙනවා. බලන අය පරෙස්සමින්.....
Pasindu_Amanda
බොහොම ස්තූතියි සබ් එකට..අදාල වීඩියෝ පිටපත නම් හොයාගත්තෙ ගොඩක් අමාරුවෙන් මොකද ටොරන්ට් වල සීඩ්ස් මදි හන්දා ස්ලෝ.ඩිරෙක්ට් ලින්ක් ගොඩක් බොරුවට ඇඩ් දාලා වටේ යවනවා..
#පුළුවන් නම් මේ වගේ සුපිරි චිත්‍රපටියක් අපේ අනිත් ප්‍රේක්ෂකයන්ට බලන්ව ඩිරෙක්ට් ලින්ක් එකක් baiscopedownloads වෙබ් එකට දාන්න කියලත් ඉල්ලනවා...
ජය වේවා බයිස්කෝප්Chamod edirisinghe
2015 ozhivudivasathe kali Meke subtitles denn plwn nm loku deyk,so imdb 7.2 tyn ekk,plz can you see it
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks (y)