Watch Trailer

Confirmation (2016) with Sinhala Subtitles | අසම්මත සම්මත කිරීම [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේක මගේ පළමුවෙනි උපසිරැසිය.මම හිතුවට වඩා මේ සබ් එකට කල්ගියා ඒකට හේතු නේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 10 වන සංවත්සරය වෙනුවෙන් අපි කරපු වැඩ කටයුතු. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ලංකාවේ ලාබාලතම විශ්වවිද්‍යාලයක්. ශ්‍රී ලංකාවට අලුත්ම විදියේ විශ්වවිද්‍යාලයක් හඳුන්වාදීමේ උත්සහයක් ලෙසින් 200…

Confirmation (2016)මුලින්ම කියන්න ඕනේ මේක මගේ පළමුවෙනි උපසිරැසිය.මම හිතුවට වඩා මේ සබ් එකට කල්ගියා ඒකට හේතු නේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 10 වන සංවත්සරය වෙනුවෙන් අපි කරපු වැඩ කටයුතු. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ලංකාවේ ලාබාලතම විශ්වවිද්‍යාලයක්. ශ්‍රී ලංකාවට අලුත්ම විදියේ විශ්වවිද්‍යාලයක් හඳුන්වාදීමේ උත්සහයක් ලෙසින්   2006  දී  ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල නිර්මාණය වෙනවා.2016 වසරේ 10 වන සංවත්සරය සැමරුවා . ඒ ගැන ආඩම්බරෙන් කියන්න මෙතන මම අවස්ථාවක් කරගන්නවාට කව්රුත් අමනාප නොවෙයි කියල හිතනවා. පිලුම ගැන කිව්වොත් මේක සත්‍ය කතාවක් 1990 දශකයේ ඇමරිකාවේ සිදුවුණ ආන්දෝලනාත්මක සිදුවීමක් පාදක කොටගෙන නිර්මාණය වුණ මේ පිලුමට IMDB  6.9 ක පමණ අගයක් හිමිව තිබෙනවා. Rick Famuyiwa අධ්‍යක්ෂණය කල මේ බයිස්කෝප් එකේ පිටපත Susannah Grant විසින් ලියා තිබෙනවා.

Kerry Washington, මහාචාර්ය ඇනීටා හිල් ලෙසත් Wendell Pierce විනිසුරු ක්ලැරන්ස් තොමස් ලෙස රංගනයෙන් දායක වෙනවා. ඇමරිකා එක්සත් ජනපද ශේෂ්ඨාධිකරණ විනිසුරු තර්ගුඩ් මාර්ෂල් විශ්‍රාම යාමත් එක්ක 1991 දී ඒ හිස්වුන පදවියට ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් (අපි දන්න ජනාධිපති බුෂ් ගේ පියා) මේ හිස් වුන පදවියට විනිසුරු ක්ලැරන්ස් තොමස්ව නම් කරනවා කතාව පටන් ගන්නේ මෙතන ඉඳන් අපේ රටේ වගේ නෙවෙයි මේ යෝජනාවත් එක්ක සෙනෙට් සභිකයන් මොහු පිළිබඳව සොයාබැලීමක් කරනවා ඒත් එක්ක තමයි මහාචාර්ය ඇනීටා හිල්  මේ කතාවට එන්නේ. ඇය ඒ වන විට ඔක්ලහෝමා විශ්වවිද්‍යාලයේ නීතිය පිලිබඳ මහාචාර්යවරියක් .සෙනෙට් සභිකයන් කළ සොයාබැලීමේදී ඇය අකමැත්තෙන් වුවත් ඇයට වාචිකව ක්ලැරන්ස් තෝමස් අතින් සිදුවුණ ලිංගික අතවරයක් ගැන කරුණු හෙළිකරනවා.ඇයට එය අත්දකින්න වෙන්නේ ක්ලැරන්ස් තෝමස් යටතේ වැඩ කරද්දී ඔහුගේ කාර්යාලයේදී වසර ගණනාවකට පෙරදී.එත් එක්කම මෙය ඉතා විශාල ආන්දෝලනාත්මක සිදුවිමක් වෙනවා. අධිකරණයට නොගොස් සෙනෙට් සභිකයන් ඉදිරියේ මේ චෝදනා විභාගවීම  සිදුවෙනවා. මේ සිදුවීමට පාදක වෙන්නේ කළු ජාතිකයන් දෙදෙනක් වුනත් ඇමරිකාවේ වර්ණ භේදවාදය පිලිබඳ මෙන්ම ලිංගික අතවර පිළිබඳව විශාල කතිකාවතක් එකල ඇමරිකාව තුළ නිර්මාණය වෙනවා.ඒ වගේම ඇමරිකානු කාන්තාවගේ ඉදිරියට පැමිණීම මේ සිදුවිමත් එක්ක කැපී පෙනෙන ලෙස ඉහල ගොස් තිබෙනවා.මේ සිදුවීම ඇමරිකානු නීති ක්ෂේත්‍රයේ ලිංගික අතවර නිර්වචනය කිරීමෙදි යොදාගන්නා කඩඉම් සිදුවීමක් බවටද පත් වෙනවා.

මේ මගේ ප්‍රථම උපසිරැසිය, මේ බයිස්කෝපය තුළ එකල ජනමාධ්‍ය තුළ විවිධ පුද්ගලයන් දැක්වූ අදහස් එලෙසින්ම හා ප්‍රතිනිර්මාණය කොට අඩංගු වෙනවා.ඒ නිසාම අගක් මුලක් නැති අදහස් කීපයක් අඩංගු වෙන තනි ප්‍රකාශ පරිවර්තනය කරන්න ලේසි වුනේ නැහැ. අනික නිවේදකයන් තමන් ඉදිරිපත් කරන දෙය සෑහෙන කැටයම් දාලා හරියට අපේ රටේ කට්ටිය වගේ කියන නිසා ටිකක් අමාරු වුනා තේරුම් හදාගන්න.යම්කිසි වැරද්දක් තියෙනවනම් පෙන්නා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.මේ සබ් එක කරද්දී මගේ බැචාලාගෙන් ලැබුණු සහය මම අනිවාර්යෙන්ම සිහිපත් කරන්න ඕනේ.ඔවුන් නොමැතිනම් මෙය කරගන්නට නොහැකිවෙන්න ඉඩ තිබුණා.

විනිසුරු ක්ලැරන්ස් තොමස් චෝදනා වලින් ගැලවෙයිද ඔහුට ශේෂ්ඨාධිකරණ විනිසුරු පදවිය හිමිවෙයිද? මහාචාර්ය ඇනීටා හිල් මොන ආකාරයකින් කාන්තාවක් ලෙස ඇයට එන බාධක වලට මුහුණ දේවිද?

 

Confirmation (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Confirmation.2016.BDRip.x264-ROVERS

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

613 downloadsDownload Confirmation-2016.zip80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉරේශාන් මධුමාධව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉරේෂාන් එම්. පතිරණ

Subtitles

613 downloadsDownload Subtitles80 KB

11 comments

  1. දමිත්

    ස්තුතියි සහෝ..
    ජයෙන් ජය.

  2. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  3. nuwan kanchana

    මල්ලි , ඇත්තටම සතුටුයි අපේ කැම්පස් එකේ තවත් ෆිල්ම් උන තියෙන එකෙක් දකින්න ලැබුන එකට.. ගුඩ් ලක් ..

    1. Irreshan

      බොහොම ස්තුති අයියේ.

  4. අසිත

    elama saho thanks

  5. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks IRESHAN saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  6. Dulanga

    Thanks

  7. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජය වේවා...!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Lisa

    Thanks so much for entering our "Check it out" challenge at Shelly's Images this week. Good luck in the draw. Please check back tomorrow to see if you are a winner and find out all about our next challenge (ps. It's a YUMMY one;3luv&#)9!n huggzJen Leeflang

  10. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි