Watch Trailer

The Man Who Knew Infinity (2016) with Sinhala Subtitles | අනන්තය දත් මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

මාස දෙකක නිහැඬියාවකට පස්සෙ මම ඔබ වෙත ගෙන එන්නෙ, 2016 වසරේ අප්‍රේල් 8 වැනිදා නිකුත් වුණු තවත් අපුරු සිනමා නිර්මාණයක්. මේ බ්‍රිතාන්‍ය චිත්‍රපටයට පාදක වුණේ 1991 දී රොබට් කානිගේල් විසින් මෙ නමින් ම රචනා කළ ග්‍රන්ථය යි. අග්‍රගණ්‍ය ඉන්දීය ගණිතඥයෙක් ලෙස සැලකෙන ශ්‍රීනිවාසම් රාමනුජන්ගේ ජීවිතය සහ ඔහුගේ උපදේශ…

The Man Who Knew Infinity (2015)

මාස දෙකක නිහැඬියාවකට පස්සෙ මම ඔබ වෙත ගෙන එන්නෙ, 2016  වසරේ අප්‍රේල් 8 වැනිදා නිකුත් වුණු තවත් අපුරු සිනමා නිර්මාණයක්. මේ බ්‍රිතාන්‍ය චිත්‍රපටයට පාදක වුණේ 1991 දී රොබට් කානිගේල් විසින් මෙ නමින් ම  රචනා කළ ග්‍රන්ථය යි. අග්‍රගණ්‍ය  ඉන්දීය ගණිතඥයෙක් ලෙස සැලකෙන ශ්‍රීනිවාසම් රාමනුජන්ගේ ජීවිතය සහ ඔහුගේ උපදේශක G. H. හාඩි සමඟ ගොඩනගා ගත් මිත්‍රත්වය විදහා දැක්වෙන සත්‍ය කතාවක් මෙයට පදනම් වෙනවා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ  (IMdB ratings) 7.2/10 ක අගයක් ලබාගත් මෙම චිත්‍රපටය, Matt Brown ගේ අධ්‍යක්ෂණයක්.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා:
Dev patel – ශ්‍රීනිවාසම් රාමනුජන් ලෙස
Jeremy Irons – මහාචාර්ය ජී. එච්. හාඩි ලෙස
Devika Bhaise – ජානකි (රාමනුජන්ගේ බිරිඳ) ලෙස
Toby Jones – ලිට්ල්වුඩ් ලෙස
Jeremy Northam – බර්ට්‍රන්ඩ් රසල් ලෙස

1887 වසරේ දෙසැම්බර් 22 දින උපත ලද ශ්‍රීනිවාසම් රාමනුජන්,  ඉන්දියාවේ කල්කටාවේ ජිවත් වුණු, අතිශය ආගමනුකුල ජිවිතයක් ගත කළ,  බ්‍රාහ්මණ වංශික පුද්ගලයෙක්. ඔහුගේ කෙටි ජිවිත කාලය තුල, සාධනයකින් තොරව හුදු පරිකල්පනයෙන්  ඉදිරිපත් කළ 3900 කට ආසන්න ගණිතමය ප්‍රතිඵල වැඩි ප්‍රමාණයක් අද වන විට සත්‍ය බවට සාධනය කෙරී තිබෙනවා. පවුලේ ආර්ථික ප්‍රශ්න නිසා රාමනුජන්  විධිමත් අධ්‍යාපනයක් ලබා නො තිබුණත්, ඔහුගේ සහජ ප්‍රඥාව යොදාගෙන, හුදෙකලාව ස්වයං අධ්‍යයනයෙන් කළ විවිධ ගණිත පර්යේෂණ ඇසුරින්, ඔහු විසින් දායාද කළ නව සිද්ධාන්ත නිසා ඔහුව ගණිත ඉතිහාසය තුල ඔයිලර්, ගවුස් සහ ජැකොබී වැනි විශිෂ්ට ගණයේ ගණිතඥයන් හා සම තත්වයෙහි ලා සලකනවා.

විධිමත් අධ්‍යාපනයක් නො ලැබුව ඔහු කොහොමද මෙහෙම විශිෂ්ට ගණිතඥයෙක් වුණේ? සාධනයකින් හෝ පැහැදිලිව වටහා ගත හැකි ඔප්පු කිරීමකින් තොරව ඔහු එම ගණිතමය ප්‍රතිඵල ලබා ගත්තේ කොහොමද? ඔහු ස්ව-අධ්‍යයනයෙන් ගණිත දැනුම ගවේෂණය කළා. ඔහු විශ්වාස කළේ තමන්ට මෙසේ නිවැරදි සමීකරණ හා සිද්ධාන්ත පිලිබඳ දැනුම ලබා දෙන්නේ ලක්ෂ්මි දෙවඟනගේ එක ස්වරුපයක් ලෙස සැලකෙන නමක්කාල්/ නාමගිරි දෙවඟන බව යි. මේ ගැන වරක් ඔහු මෙහෙම  ප්‍රකාශ කළා,

“….කිසිම සමිකරණයකින් මට ඇති වැඩක් නැහැ,
ඒක දෙවියන්ගේ සිතුවිල්ලක් නෙවෙයි නම්….”

රාමනුජන්ගේ සුවිශේෂී දක්ෂතා වලින් එකක් නම් ක්ෂණිකව ගැටළු වලට පිළිතුරු දීමේ හැකියාව යි. වරක් ඔහුගේ කාමර සගයෙක් වුණු චන්ද්‍ර මහලනොබිස් ඔහුට ගණිතමය ගැටළුවක් ඉදිරිපත් කළා.

“1 සිට n දක්වා අංකනය කළ ගෙවල් සහිත විථියක ඔබ ඉන්නවා. ඒ අතර පිහිටන එක්තරා  (X) නිවසකට වමෙන් පිහිටන නිවෙස් වල සඳහන් සංඛ්‍යා එකතුව සහ දකුණෙන් පිහිටන නිවෙස් වල සඳහන් සංඛ්‍යා වල එකතුව  සමානයි නම්, සහ n සංඛ්‍යාව 50ත් 500ත් අතර සංඛ්‍යාවක් නම් x සහ n හි අගයන් මොනවාද? “

මේක පිළිතුරු  කිහිපයක් තිබුණු ද්විවිචල්‍ය ගැටළුවක්. මේ ගැන හිතපු රාමනුජන් පිළිතුර ලෙස දුන්නෙ සන්තත භාගයක් (continued fraction).එහි ප්‍රශ්නයට පිළිතුරු සියල්ල අඩංගු වුණා. විමතියට පත් මිතුරා එය කළ අන්දම රාමනුජන් ගෙන් විමසු විට ඔහු කිව්වේ මෙහෙමයි,

“ඒක සරල යි. ප්‍රශ්නය අහපු වෙලාවේම මට තේරුණා, පිළිතුර සන්තතික භාගයක් බව. මොන සන්තතික භාගය ද කියලා මම මගෙන් ම අහනකොට උත්තරේ එක වරම මගේ මනසට ආවා.”
[“The Man Who Knew Infinity,”(1991),Kanigel, Robert, page 7 of Prologue]

රාමනුජන් ට අනුව, නමක්කාල් දෙවඟන ඔහුට දර්ශනය වී, ඔහුට ගණිතමය සමීකරණ යෝජනා කරන අතර, ඔහු විසින් පසුව එය සත්‍යාපනය කර බලයි. එවැනි එක සිද්ධියක් ඔහු සඳහන් කරන්නේ  මෙසේ යි:

“නින්දේ අතරතුර, මා අසාමාන්‍ය අත්දැකීමක් ලැබුවෙමි. රුධිරය ගලා ඒමෙන් නිර්මාණය වුණු රතු තිරයක් මට දර්ශනය විය. එක්වරම මතු වූ අතකින් එහි ලියැවෙන්නට පටන් ගත්තේ ය. ඒ අතින්  ඉලිප්සීය අනුකල ගණනාවක් ලියැවිණි. ඒ සියල්ල මගේ මතකයේ රැඳුනි. අවදි වූ සැණින් මා ඒ සියල්ල කොළයක ලියා තැබුවෙමි!”
[Ktz. Michael(2011). Tibetan Dream Yoga. Bodhi Tree Publications.]

ඔහුගේ ගණිතමය සොයාගැනීම් සටහන් පොත් හතරක අන්තර්ගත වුණු බව කියවෙනවා. එයින් තුනක් ඔහු එංගලන්තයට යන්නට පෙර සිදු කළ ගණිතමය ගවේෂණ වෙනවා. ඒ සටහන් පොත් තුන 1957 දි වෙළුම් දෙකකින් යුතුව ඉන්දියාවේ Tata Institute Of Fundamental Research (TIFR) මගින් ප්‍රකාශයට පත් කෙරුණා. ඔහුගේ සිව්වන සටහන් පොත හඳුන්වනු ලබන්නේ “අතුරුදන් වූ සටහන් පොත ” නමිනු යි. අපිළිවෙලට සැකසුණු  පිටු 87කින් සමන්විත වුණු එම සිව්වන සටහන් පොත , රාමනුජන්ගේ මරණයෙන් පසු හාඩි වෙත යවනු ලැබුවේ ඔහුගේ භාර්යාව විසින්. රාමනුජන් ඉන්දියාවට නැවත පැමිණි පසු ඔහුගේ ජිවිතයේ අවසන් කාලය තුල කළ ගණිතමය සොයාගැනීම්  එහි අන්තර්ගත වුණා.  
ඔහුගේ ජිවිතයේ අවසන් වසරේදී,  වසර ගණනාවක් තිස්සේ අභිරහසක් ව පැවතුණු දළ තීටා ශ්‍රිත ()Mock Theta Functions)  අනාවරණය කර ගත්තා.

මනුෂ්‍ය නො වන ප්‍රාණීන්ගේ ප්‍රත්‍යක්ෂ ඇසුරින් හෝ අධ්‍යාත්මිකව දියුණු කරගත් මනසින් දැනුම ලබාගෙන ගොඩනගා ගන්නා සංකල්ප හෝ ප්‍රවාද බටහිර විද්‍යාවෙන් හෝ ගණිතයෙන් පිළිගන්නේ නැහැ. නමුත්  එය පුරාණ පෙරදිග රටවල දැනුම ලබා ගැනීමේ ක්‍රමවේදයක් ලෙසයි සැලකෙන්නේ. රාමනුජන් එවැනි ක්‍රම භාවිතයෙන් ගණිතමය සොයාගැනීම් ගණනාවක් කළා. ඔහුගේ මිත්‍ර හාඩිගේ දැඩි බලකිරීම මත යි රාමනුජන් තමන්ගේ නව ගණිත ප්‍රවාද තර්කානුකුල ලෙස සාධනය කරන්නේ.  මේ අනුව රාමනුජන් නම් අගනා දියමන්තිය ඔපදැමීමේ කිර්තිය හිමි වන්නේ මහාචාර්ය ජී. එච්. හාඩි මහතා හට යි.

චිත්‍රපටය ආරම්භයේදී ම මේ වගේ අපුර්ව වැකියක් ප්‍රකාශය කෙරෙනවා,
“මා හිතන්නෙ, හැමවිට ම ඉංග්‍රීසි ජාතිකයෙකුටත්, ඉන්දියානුවෙකුටත්  එකිනෙකා පැහැදිලිව වටහා ගැනීමට අපහසු යි.”
නමුත් මේ  අපුර්ව සිනමා කෘතියෙන් විවරණය වෙන්නෙ බටහිර සිනමාකරුවෙකුගේ ඇසින් රාමනුජන් නම් සාම්ප්‍රදායික ඉන්දීය මිනිසාව දුටු අන්දම, සහ ඔහු ව වටහා ගත් අන්දම යි.
 
මේ විශිෂ්ට ගණිතඥයාගේ විචිත්‍රාද්භුත, සංවේගජනක ජිවිත කතාන්දරය දැන් ඔබට සිංහල උපසිරසි සහිතව රස විඳින්න පුළුවන්.

මේකත් බාගෙන බලන්නකො !!  අමතක නොකර Comment එකකුත් දාලා යන්න!

 
ආයුබෝවන්!
ඔබට ජය වේවා!!

Flight of the Navigator (1986) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The.Man.Who.Knew.Infinity.2015.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

8,173 downloadsDownload The-Man-who-knew-infinity-2015.zip87 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles

8,173 downloadsDownload Subtitles87 KB

44 comments

  1. Nirodha uthpala

    Bohoma pin brro thx for sub

  2. Mayura

    එනකම් බලන් හිටපු ෆිල්ම් එකක්. ඒ වගේම ලිපියත් නියමයි. ජය කේසර

  3. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා..!!

  4. thisal

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. දමිත්

    ස්තුතියි සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය

  6. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  7. Prabuddha Kulatunga

    meka nam elama ekak wage.thank you :D :D

  8. pubudu

    මේක නම් බලන්නම ඕන ....
    සබ් එකට ස්තුතියි ....

  9. chin

    Supiri pahadili kirimak...balannama hithenawa

  10. අසිත

    elama saho thanks

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Dileepa

    sub eka enakan balan hitiye

  13. Chalana Rukshan

    thnx bro...

  14. නිරෝෂ්

    ස්තුතියි ප්‍රබුද්ධ සහෝ.ජයවේවා !

  15. Dulanga

    Thanks

  16. pamitha himi

    itha hodai

  17. Ruwan

    thanks a lot....

  18. Sineth madushan

    thankz bro

  19. Sam Fisher

    thank you machooooooo

  20. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  21. Udara Damith B/K

    මන් මෙයා ගැන මෙයා දුන්න සමීකරණ
    විසදපු ඒවා
    බැරිවුණ ඒවා ගැන විදුසර පත්තරේ සති ගානක් කියෙවුවා
    එනිසා මේක බලනවා

  22. ප්‍රේමකුමාර

    ප්‍රබුද්ධ ලියවිල්ලක් සහිතව අප වෙත තිළිණ කළ උපසිරැසියට ස්තූති.

  23. Damith

    thankz sub ekata

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Nirosha Dilshan

    හොද කතාවක් වගේ. අරගෙනම බලන්න ඔනෙ. ස්තූතියි,

  26. ප්‍රබුද්ධ කේසර විතානගේ

    හැමෝගෙම යහපත් ප්‍රතිචාර වලට ස්තුතියි!
     :) 
    ජය වේවා!!

  27. Thusitha Kumara

    මෙවන් අපූරු සිනමා නිර්මාණ උපසිරැසි ගන්වනවාට බෙහෙවින් ම ස්තුතියි.

  28. Nuwan

    "miltons secret"sub denna bro

  29. anuradha

    thnax bro

  30. Supun preemal

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.....!

  31. Nipun

    Sub download wennaneh bro 404 not working error eka enwa

  32. Helili Hemamali

    නියමයි.. මේ වගේ නිර්මාණ වලට සාර්ථක උපසිරැසියක් කරන්න හැමෝටම බෑ.. ඔබේ හැකියාව
    විශිෂ්ටයි. තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා!

  33. Ishara

    Digatama karagena yanna wade niyamai

  34. madhusankha

    Thanks bro.....

  35. juthi

    patta film eka.. thanks mekata sub eka dunnata

  36. Hashan M. Priyadarshana

    Patta, supiri film ekak bro thanks sub eka dunnata..
    Jaya wewa!

  37. Thanujaya Bandara

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  38. sampath n perera

    thanks

  39. sampath n perera

    thanks

  40. mangalaP

    Thank you...

  41. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  42. Malith Samarawickrama

    important movie ekak wage.thank sub ekata.

  43. Michael Fawcett

    sub eka damage kiyala kiyanawa download karata passe

    1. Ravindu Heshan - Admin

      Dan Wada

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.