යක්ෂ ගෝත්‍රික ස්වරූපය උසුලන්නා වූ, රොද ගැසුණු හිස කෙස් ඇත්තාද වූද, හෙල්ලයකින් සන්නද්ධව, සදහටම සාමයෙන් පිරී ඉතිරී ගියා වූද, ධාර්මික වූද, ඇඳුම් පැළඳුම් ලෙස දිශා සතරක් සහිත ශ්‍රේෂ්ඨ දේවොත්තම ශිව දෙවිඳුන් වෙත මාගේ නමස්කාරය වේවා!!! හිමාලයානු කඳුකරය ආශ්‍රිත පෙදෙසක ජීවත් වන්නාවූ, ශිව දෙවියන්ගේ බැතිමතෙකු ව…
යක්ෂ ගෝත්‍රික ස්වරූපය උසුලන්නා වූ, රොද ගැසුණු හිස කෙස් ඇත්තාද වූද,
හෙල්ලයකින් සන්නද්ධව, සදහටම සාමයෙන් පිරී ඉතිරී ගියා වූද,
ධාර්මික වූද, ඇඳුම් පැළඳුම් ලෙස දිශා සතරක් සහිත ශ්‍රේෂ්ඨ දේවොත්තම
ශිව දෙවිඳුන් වෙත මාගේ නමස්කාරය වේවා!!!
හිමාලයානු කඳුකරය ආශ්‍රිත පෙදෙසක ජීවත් වන්නාවූ, ශිව දෙවියන්ගේ බැතිමතෙකු වූ, වෘත්තියෙන් කඳු තරණය සිය ජීවනෝපාය කරගත් මිනිසෙක්. දිනක්, අහම්බයෙන් මෙන්, ජීවිත කාලයක් පුරාවට සොයමින් සිටි, සිය ආත්ම සහකාරිය ඔහුගේ නෙත ගැටෙනවා. පළමු හමුවීමෙන්ම එකිනෙකා ආකර්ෂණය නොවූවත්, තරුණියගේ ජීවිතය බේරාගැනීමත් සමගින්, මේ ආදර කැදැල්ල, ටිකෙන් ටික දළු ලා වැඩෙනවා. කාලයක් ගතවෙත්ම, ඔවුන්ගේ ආදරයේ සංඛේතයක් ලෙස, නව සාමාජිකාවක් මෙම කැදැල්ලට එකතු වෙනවා. නමුත්, බලාපොරොත්තු විරහිතව සිදුවූ මෙම සිදුවීමෙන් පසුව, තරුණිය ආපසු සිය මව්බිම වන, බල්ගේරියාව බලා පිටත්වෙනවා. ආදරයේ සංකේතයක් සමගින්, තරුණයා මෙලොව තනිවෙනවා.
කාලය ටිකෙන් ටික ගතවෙලා යනවා. කාටවත් නොදැනීම, අවුරුදු නවයක් ගතවෙනවා. සිය ප්‍රාණ සම වැනි වූ, මෙලොව තමාට හිමි එකම වස්තුව, දිනෙන් දින උස් මහත් වෙනවා. නමුත්, හදිසියේ එක් දිනකදී සියල්ල වෙනස් වෙනවා. සිය මව පිළිබඳව මෙම දියණියට සත්‍ය වැටහෙනවා. එහි ප්‍රතිපලයක් ලෙස, සිය මව දැකීමේ අරමුණින්, මෙම කුඩා දැරිය, සිය පියා සමගින්, මවගේ මව්බිම වන, බල්ගේරියාව බලා ගමන් කරනවා. මෙතුවක් කාලයක් පුරාවට දැකගත නොහැකිවූ සිය ආදරණීය මවගේ වත දැකගැනීමේ අරමුණින් දිරිගැන්වෙන්නාවූ මෙම කුඩා දැරිය, නාදුනන කණ්ඩායමක් විසින් හදිසියේ පැහැරගනු ලබනවා.
තාත්තා කෙනෙක්ට මෙලොව ඇති වටිනාම සම්පත තමයි තමන්ගේ දරුවන්. තමන්ගේ එකම දරුවා අහිමි වීමෙන්, මේ තාත්තාගේ සිහිය විකල් වෙනවා. මෙලොව තමන්ට ඉතිරිව සිටියාවූ එකම සම්පත වූ, සිය දියණිය සොයමින්, අදාළ පුද්ගලයින්ගෙන් දරුණු ලෙස පලිගැනීමයි මොහුගේ අරමුණ වන්නෙ. මෙම ආදරණීය පියාගේ බලාපොරොත්තු ඉටු වේවිද…?
අජය දේව්ගන්…ලොකු කුඩා සියළු දෙනාගේම ආදරය දිනාගනිමින් දශක ගණනාවක මුළුල්ලේ සිය රංගන ප්‍රතිභාවෙන් බොලිවුඩය ඔපමට්ටම් කළ ප්‍රතිභා පූර්න නළුවෙක්… ඕනෑම අසීරු චරිතයක් සඳහා සාධාරණත්වයක් ලබාදිය හැකි, සම්මානනීය නළුවෙක්… 2015 වර්ෂයේ ජූලි මස 31 වෙනි දින නිකුත්වූ, අති සාර්ථක, Drishyam චිත්‍රපටයෙන් පසුව, ප්‍රධාන රංගන දායකත්වයක් සහිතව ප්‍රේක්ෂක ඔබ සැම හමුවන පැමිණෙන ප්‍රථම වතාව… වසර අවසානය ප්‍රේක්ෂකයින් හට වසන්තයක් කරමින්, 2016 වර්ෂය වෙනුවෙන් මෙම රංගධරයා සිය රංගන ප්‍රතිභාව මුසු කරන්නාවූ පළමු සහ අවසාන සිනමා සිත්තම තමයි Shivaay.
Shivaay චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරනුයේ 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මස 28 වෙනි දිනයි. දීපවාලි උත්සවයට සමගාමිව සිය තිරගතවීම ආරම්භ කල මෙම චිත්‍රපටයට, ආරම්භක දිනයේ පටන්ම දැඩි අභියෝගයන් හට මුහුණ පෑමට සිදුවූවා. එනම්, කරන් ජොහාර් අධ්‍යක්ෂණය කල, Aishwarya Rai Bachchan, Ranbir Kapoor, Anushka Sharma ආදී, දැවැන්තයින් ප්‍රධාන රංගන දායකත්වය සැපයු Ae Dil Hai Mushkil චිත්‍රපටය සහ, දකුණු ඉන්දීය ජනකාන්ත නළු, Karthi සහ සුරූපි නිළි Nayantara රංගන දායකත්වය ලබාදෙන Kaashmora යන චිත්‍රපටද, Shivaay චිත්‍රපටයට සමගාමීව කරට කර තරඟයක නියැලෙමින් එකම දිනයකදී තිරගතවීම ආරම්භ කිරීමත් සමගමයි. මෙම හේතුව නිසාවෙන්ම, ඉහත කී චිත්‍රපට අතුරින් ආදායම් වාර්තා අතින් දෙවැනි ස්ථානය හිමි වූ මුත්, ප්‍රේක්ෂකයින්ගේ සහ විචාරකයින්ගේ විචාර වලට අනුව, ඉහත චිත්‍රපට ද්විත්වයම පසුකර යමින්, අතිශය ඉහළ මට්ටමේ ප්‍රේක්ෂක සහ විචාරක ඇගයීමක් ලබාගැනීමට shivaay චිත්‍රපටය සමත්කම් දැක්වූවා.
අජය දේව්ගන් නම් අසහාය රංගන ශිල්පියාගේ තවත් සැඟවුණු දක්ෂතාවයක් හෙළිකරමින්, ප්‍රථම වතාවට ඔහුගේම අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන දායකත්වය යටතේ, ඉන්දියානු රුපියල් බිලියන එකක අති දැවැන්ත ධනස්කන්ධයක් වියපැහැදම් කරමින්, අති නවීන තාක්ෂනය මැනවින් උපයෝගී කරගනිමින්, හොලිවුඩ් චිත්‍රපටයක් හා සමාන අන්දමින් නිෂ්පාදනය කෙරුනා වූ මෙම ඇති දැවැන්ත නිර්මාණය, හයදහසකට අධික වූ ප්‍රේක්ෂක ජනතාවකගේ මනාපයෙන් IMDB දර්ශකයේ 6.6 ක අගයක් රඳවා ගනිමින්, මේ වන විටත් සිය බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව ලෙස, ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් බිලියන 1.5 ක මුදලක් උපයාගෙන අවසානයි.
සංගීත අධ්‍යක්ෂක Mithoon ගේ සුමියුරු සංගීතයට Arijit Singh, Sunidhi Chauhan, Mohit Chauhan, Sukhwinder Singh ආදී බොලිවුඩ් පුරවරය මන්මත් කළ ගායක ගායිකාවන්ගේ මනෝරම්‍ය ගී නාදයෙන් අලකෘත වී ඇති මෙම අනභිබවනීය සිත්තම, ප්‍රේක්ෂක ඔබ සැම හට නවතම අත්දැකීමක් වන බවට නම් කිසිඳු සැකයක් නොමැත. Action, Adventure, Drama යන කාණ්ඩ ඔස්සේ, ඉන්දියාවේ හිමාලය කඳුකරය සහ බල්ගේරියානු රාජ්‍ය කේන්ද්‍රකොට ගනිමින්, අතිශය මානුෂීය කරුණක් ඉස්මතු කරලමින් දිවයන්නාවූ මෙම කතා පුවත, පවුලේ සියළු දෙනාටම එක සේ රසවිඳිය හැකි අනර්ඝ නිර්මාණයක් ලෙස සහතික කල හැකිය. එමෙන්ම, විචාරක මතයන්ට අනුව, විශිෂ්ඨ මට්ටමේ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට සමගින්, කරට කර තරඟයක් ලබාදිය හැකි චිත්‍රපටයක් ලෙස, ඔවුන් මෙම චිත්‍රපටය හඳුන්වාදෙනවා.
එසේ නම්, චිත්‍රපටය නැරඹීමට ප්‍රථම වහා වහා ඔබගේ ආසන පටි තද කරගන්න… බිඳකට වත් හුස්ම ගැනීමට සිත යොමු නොකරන්න… ඔබගේ අවධානය වෙනතක යාවි… පුරා හෝරා තුනකට ආසන්න කාලයක්, ඔබටත් හොර රහසේ, ඔබගේ සිත චිත්‍රපටය තුල සැරිසරමින්, එය හා මුසුවේවි… ක්‍රියාදාම චිත්‍රපටයක් වූවත්, ඔබටත් නොදැනීම, විටෙක ඔබේ දෑස් කඳුලින් තෙත් වේවි… ඒ බවට මා පොරොන්දු වෙන්නම්…
තවත් මෙවැනි වූ චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!
අදාල පිටපත්
WEB-DL පිටපත්
Shivaay.2016.1080p.WEB-DL.H263.DD5.1-DDR
Shivaay.2016.720p.WEB-DL.H263.DD5.1-DDR
Shivaay (2016) 720p WEB-DL 1.1GB – MkvCage
HD පිටපත්
Shivaay (2016) Hindi 576p HDTV x264 AAC ESubs – Downloadhub
Shivaay 2016 Hindi 576p HDTV x264 AAC ESubs
Shivaay (2016) 720p HDRIP 1.2GB – NBY
Shivaay (2016) Hindi 720p HDRip x264 AAC 5.1 – Downloadhub
www.TamilRockers.cm – Shivaay (2016) Hindi 720p HDRip x264 3.6GB
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
26,188 downloadsDownload Shivaay-2016.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
95 comments
chandima
mindika
Thanks !!!!
thushan kularathna
අම්මෝ ඇති යාන්තම් සැහෙන කාලයක් බලාගෙන හිටියේ එනකම්....
ඔන්න මම තමයි 1.....
සුපිරි හොදේ......
අදම බලන්න ඕනේ ........Pavara
amme thanx godak kal balan hitiya ekak
thanx sub ekata :)
යුශාන් පියුමාල්
niyamai macho
yumal
thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!!
silent$
Pattaaaaaaaaaneeeeeeeeeeeeeee
Kasun Widusha
Elama kiri lipiyath supiriyatama thiyenawa aiye,aniwa belillak thamai.Force 2 ekatat sub denda ,Jaya wevaa
Prabodha Madhusankha Hettiarachchi
Sub ekta sthuthi patta fim ekak..m
Dhanuka Kumara
thanks macho
ays
hdrip akata sub aka gelapenne nane.
Sisila Prasad
දීලා තියෙන නමින්ම තියෙන කොපි විතරක් ගන්න, සහෝ.
මොකද, මේ ෆිල්ම් එකේ, HDRIP උනාට, එක එක කොපි වල, එක එක ටයිමින්ග් තියෙන්නෙ.
හැබැයි, ඕනෙම කොපියක්, පොඩ්ඩක් sync අරගෙන බලන්න පුළුවන් කිසිම අවුලක් නැතිව.
Lahiru
අම්මෝ හෙන කාලයක් බලාගෙන හිටියේ මේකේ සබ් දෙනකං...තැන්කූ සහෝ..ඩංගල් එකෙත් ආපු ගමන් සබ ඕනි...
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......kapila
patta pilumiya balan hitiye
deepu ekata patta thanks machoooooooooooooooNipun
බොහෝම ස්තූතිය සබ් එකට.....
SUN VIDEO
thanks
මධූ
tnx sisila prasad. mn balaporotthuwen hitapu film 1k tama me.
thisal
බොහෝම ස්තූතිය
Chalana Rukshan
thnx bro...
Kulanjana Maduranga
niayamai…denakm balan hitapu filumak..thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……
සුරේෂ් ජයතිලක
තද තද :-D
Ranga Prasanna
Thank you yakoooooooooooooooo............. mama marenawa thawa sathiyak giya nam meka balanne nathiwa idala..... ela Sisila brooo
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
බුදුසරණයි..ජය වේවා..!sujeewa
ස්තුතියි සහෝ සබ් එකට..
සචින් අකලංක.
thanx.Ayi mechchara parakku wune ae dil hai mushkiluth me dawasemayi release wune.eth eke hoda copy ekak patagala awa.mata hithenne me filuma asarthakayi kiyala.
Sisila Prasad
ෆිල්ම් එක බලලම කියන්නකෝ, සාර්ථකද අසාර්ථකද කියලා, සහෝ :)
Imdb වල, 6000+ vote වලින් 6.6 ක අගයක් තියෙනවා.
බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියානු රුපියල් බිලියන එක හමාරයි.
ෆිල්ම් එකක හොඳ කොපියක් ඉක්මනට ආවේ නැහැයි කියලා, ඒ ෆිල්ම් එක අසාර්ථක එකක් කියලා කියන්න බැහැ, සහෝ.Web-බුවා
මං නම් දන්න විදියට නම්, හොඳ සාර්ථක, ඒ වගේම පට්ට ජනප්‍රිය film වල BluRay release එක එන්න ප්‍රමාදයි. කලින් එනවා කියන එක විහිළුවක්. මොකද, පොඩ්ඩක් හිතලා බලන්න MARVEL ,DC, DISNEY වගේ සමාගම්වල films අපි දන්නවා සමහර වෙලාවට අන්තර්ගතය අතින් පොඩි පොඩි හැලහැප්පීම තිබ්බට, එව්වා ආදායම් සහ ජනප්‍රියත්වය අතින් නම් එකෙන්ම සාර්ථකයි. ඉතිං පොඩ්ඩක් බොරුනම් හොයලා බලන්න ඒ වගේ චිත්‍රපටි වැඩිමනක් මලාටවත් තුන් මාසෙකින් මෙහා br තියා web-dl එකවත් එන්නේ නෑ ගොයියෝ. web හරි web-dl ආවත් ඒකත් කලාතුරකින්. br නම් මැරුවත් එන්නේ නෑ. මොකද film එක බෙදාහරින සමාගම දන්නවා "අපේ චිත්‍රපටිය සාර්ථකයි. මාසයක් ගියත් අපේ චිත්‍රපටිය බලන්න ප්‍රේක්ෂකයෝ ඕන තරම් තාමත් එනවා. ඉතිං අහවල් එහෙකටැයි bluray disk වලට ගහලා shop වලට දාලා දැන්මම කෙළවගන්නේ යසට run වෙන film එකක්. ඊට වඩා නරකද මාස තුන 4ක් තියෙටර් එකේ පෙන්නලා, ඒකෙන් හොයන්න පුළුවන් තරම් හොයාගෙන, ආපහූ bluray diskවලට ගහලා ඒකෙනුත් හොයන්න පුළුවන් තරම් හෙව්වොත්. (මං,බොලාලා ඇතුළු තවත් බහුතරයක් net එකේ තියෙන පිටපත් කොල්ලකෑවට, :P මේ ලෝකේ තාමත් posh පොරවල් ඉන්නවා $15ක් - $20ක් ගෙවලා bluray disk එකම ගන්න. අපේ ගෙවල් පැත්තෙන් එහෙම එකෙක් ඉන්නවා. lol බොරු නෙමේ. :D ) ඉතිං එහෙම කලින් bluray එන්නේ අර වගේ ලෙසට hall වල run කරන්න බැරි, ජනප්‍රියත්වය අතින් කෙසේ වෙතත් අනිවා අදායම් අතින් නම් අසාර්ථක film වල තමයි. මොකද අදාළ film එක බෙදාහරින සමාගමට ගහන්න තියෙන අවසාන තුරුම්පුවත් ඒක. අදායම් වාර්තා තියන්න තියා, film එක හදන්න යට කරපු වියදමවත් හොයා ගන්න එපෑයි. මොන ගේමක් හරි ගහලා. ඉතිං වාසනාවකට මේ ලෝකේ bluray කියලා දෙයක් තියෙනවා. lol. :D ඒ වගේ අඩු අදායම් film තමයි එහෙම ඉක්මනට හෝ කෙළින්ම bluray වලට එන්නේ. ඒ වගේ ගොඩක් තියේ. මට හැම එකක්ම මතක නෑ.
eg :- Death race 2050 (2017)
Kindergarten Cop 2 (2016)ඉතින් ඒ අතින් බැලුවාම මේ film එක අනිවා සාර්ථක ඇති. තාමවත් br ඇවිත් නෑ. web-dl එක ඇවිත් තිබ්බෙත් ඊයේ නොවැ.
ජය! :)
සචින් අකලංක
සොරි හිත රිදුනනම්....මොනව වුණත් මම බාගෙන බැලුවා.මොනව වුණත් අගය කරන්න වටිනවා ෆිල්ම් වලට දාන නම් නම්.
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Hemal
Thank you verymuch bro
Thili
aiye tnks.oua dunnoth patta filumak tama.ohoma yan aiualata godak pin.balan hitiye denakam.tawa aluth ewa ona.aiye FORCE 2 ekata sub denne nadda.ekatat dennakooo ikamanata.
ආසිරි ප්‍රියන්ත
ටහිකෙන වචන ටිකක් නේ ඕයි ලිපියට දාලා තියෙන්නේ.
තැන්ක්ස් සබට හොදේ.Mahesh
Sub ekata thanx bro
nimodh
machan ara 3 gb file ekata sub support krnne nadda..sub ynne godak late wela machan
Web-බුවා
සබ් එක යන්නේ ටිකක් ප්‍රමාද වෙලා නම් film එක බලන අතරතුරේ, km player එකේ දී නම් "{[" ලකුණ පාවිචිචි කරලා, සබ් එක ටිකක් පිටිපස්සට ගන්න. බොහෝ දුරට හරියයි.
ජය! :)
wasana
sub file 1 thiyenne
Sisila Prasad
සමාවෙන්න. මං දැන් දැක්කේ ඒක.
ඇඩ්මින් තුමන්ලව දැනුවත් කිරීමක් කරන්නම් මං, ඉතුරු සබ් එකත් අප්ලෝඩ් කරන්න කියලා.
සබ් එක හදිසිම නම්, මේ නම උඩ click කරලා, facebook එකෙන් මට මැසේජ් එකක් දාන්න. මං සබ් එක එවන්නම්.Sisila Prasad
උපසිරැසි ගැටළු සියල්ලම නිරාකරණය කළා.
Sumal
Thanks
Malith
Patta machn
Thanksසිසිත සමරතුංග
බොහොම ස්තූතියි සහෝ... පොඩි නිවැරදි කිරීමක්.. මේ අජේ දෙව්ගන්ගේ ප්‍රථම අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය නෙවේ... මීට කලින් ඔහු 2008දී U Me Aur Hum චිත්‍රපටය සඳහා අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ රඟපෑම යන ත්‍රිත්වයම කළා...
Sisila Prasad
සමාවෙන්න සහෝ. නොදැන වෙච්ච වරදක් ඒක.
දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොමත්ම ස්තුතියි.simran
yaaaaa. with his lovely wife kajol
සිසිත සමරතුංග
සමාව ඉල්ලන්න දෙයක් නෑ මචං...
Viraj
thanks saho sub ekata
Web-බුවා
මම නම් ගොඩක් වෙලාවට හින්දි බලන්නේ නෑ. ඒත් මං අජේට හෙන කැමතියි. :D මේක br ආවාම බලනවා.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!ජය! :)
Sisila Prasad
Br කොපි එනකම් නම් ඉන්න එපා සහෝ. මොකද, මේ ෆිල්ම් එක stra gold චැනල් එකට විකුනලා තියෙන්නෙ. ඒ නිසා, ෆිල්ම් එකේ br කොපියක් තියා, තව කොපියක් වත් එන එක නම් ෂුවර් නැහැ. මේ සබ් එක දීලා තියෙන්නෙත්, ටීවී චැනල් එකෙන් පෙන්නපු කොපියකට. ඒ නිසා, ෆිල්ම් එක බලන්න ආසාවක් තියෙනවා නම්, මේ තියෙන කොපියක් එක්ක බලන එක හොඳයි.
Downloadhub 1GB කොපිය අරගන්න. ඒක හොඳයි.
තවත් හොඳටම බලන්න ඕනේ නම්, 3.6GB කොපියම ගන්න. BR කොලිටියටම තියෙනවා.
ජය...!!!Web-බුවා
දැනුවත් කිරීම ගැන ස්තූතියි සහෝ!
ජය! :)
Kavinda Athukorala
Sisi aiyee malu
Bhagya Madushan
thanks
sudarshana fdo
ela supiri ...................
Akila Prashantha
HDRip ekata sub eka galapennatho....
Sisila Prasad
HD කොපි ගණනාවක්, එක එක ටයිමින් වලින් නිකුත් වෙලා තියෙනවා, සහෝ.
ඔයාට අහුවෙන්න ඇත්තෙත් එයින් කොපියක්.
Kmplayer එකේ [ සහ ] key වලින් සබ් එක පොඩ්ඩක් sync කරගන්න බලන්න.
Nirodha uthpala
Lipiya keyavaddema me vachana sisilayage keyala teyenna vadi velavak giye na niyama vadak aiyaaaa thx soo much for sub digatama demu obata jaya
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
lahiru
thanks saho
Kamal
thanks sisila bro!
samee
supiri machan wade nam
samee
macho wena linjk ekak nadda meka baganna
Sisila Prasad
උපසිරැසි ගැටළු සියල්ලක්ම නිරාකරණය කර ඇති අතර, ගැටළු මතුවූ සියලු දෙනා, නැවත උපසිරසි ඩවුන්ලෝඩ් කරගෙන, උත්සාහ කර බලන්න
Ravindu Rukshan
thanks sisila bro!
Chamal Perera
Thanks sisila ayya
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ela thaz broooo