Watch Trailer

Cooties (2014) with Sinhala Subtitle | සෝම්බි ළමයි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තවත් ලස්සන කොමඩි ෆිල්ම් එකක් අරං ආවා. 2014 තමයි මුලින්ම එලියට ඇවිත් තියෙන්නේ. ඒත් හොඳ කොපියක් ආවේ ළඟදි. සමීර අයියට ස්තූති කරනවා ෆිල්ම් එක වෙන් කරල දුන්නට. දැනට IMDB අගය 6.0 ක් අරං තියනවා. eng සබ් එකේ නම් ගොඩක් ටයිම් වලයි සමහර වචන වලයි අවුල් තිබ්බා. ඒත් උපරිමේට කරල තියෙන්නේ. ඒ වගේම අනික්…

Cooties 2014

ඔන්න මම තවත් ලස්සන කොමඩි ෆිල්ම් එකක් අරං ආවා. 2014 තමයි මුලින්ම එලියට ඇවිත් තියෙන්නේ. ඒත් හොඳ කොපියක් ආවේ ළඟදි. සමීර අයියට ස්තූති කරනවා ෆිල්ම් එක වෙන් කරල දුන්නට. දැනට IMDB අගය 6.0 ක් අරං තියනවා. eng සබ් එකේ නම් ගොඩක් ටයිම් වලයි සමහර වචන වලයි අවුල් තිබ්බා. ඒත් උපරිමේට කරල තියෙන්නේ. ඒ වගේම අනික් ෆිල්ම් වලට වඩා සිංහල තේරුම විතරක් දැම්මට සැබෑ අර්ථය ගන්න බැරි තැන් තිබ්බා ගොඩක්. ඒ තැන් වල ඉංග්‍රීසි වචනෙත් දාල තේරුම් ගන්න පුළුවන් විදිහට දාල තියෙන්නේ. ඒ වගේම එක හාදයෙක් නිතරම පාපන්දු වචනත් දානවා. ඒවත් ඒ විදියටම දාල තියෙන්නේ. ඒ නිසා අවුලක් වෙන එකක් නෑ කියල හිතනවා. Elijah Wood, Rainn Wilson දෙන්නත් ඇතුළුව තවත් ප්‍රධාන චරිත විදිහට රඟපාන කිහිප දෙනෙක්ම ඉන්නවා.

ෆිල්ම් එක ගැන කියන්න කලින් තව පොඩි දෙයක් කියන්න තියනවා. මේ කූටීස් කියන්නෙ ප්‍රබන්ධ ළමා රෝගයක්. මේ රෝගෙ වැළඳුනහම ළමයි සෝම්බි බවට හැරෙනවා වගේ දෙයක් තමයි වෙන්නේ. ඇමරිකා සහ කැනඩාව වගේ රටවල භාවිත කළා සෙල්ලමක් විදිහටත්. අල්ලන සෙල්ලමක් වගේ තමයි සෙල්ලම (හරියට මිනිස්සුයි සෝම්බි අතර). බෝඩ් සෙල්ලමකුත් තියනවා. මේ ෆිල්ම් එකට අදාලව නම් අල්ලන සෙල්ලම සහ වැළඳෙන රෝගය තමයි අදාළ වෙන්නේ. මේ සෙල්ලමේදි මෙයාල විශේෂ වචන සහ වාක්‍ය ඛණ්ඩ භාවිත කරනවා. දැන් එහෙනම් මම ෆිල්ම් එක ගැන කියන්නම්.

පටන්ගන්නකොටම කුකුල් ගොවිපොලකින් කෑම වලට මුසු වෙනවා වයිරසයක්. මේ කුකුල් මස් වලින් හදන කෑම කන අය සෝම්බි බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ කෑම කාලා වෙන කෙනෙක් ඇල්ලුවත් ස්පර්ශයෙන් බෝ වෙන රෝගයක් මේක. හැබැයි වයිරසය පැතිරෙන හැම කෙනාම සෝම්බි වෙන්නේ නෑ. සමහර අයට පොඩි බඩේ අමාරුවක් වගේ හැදිල ශේප් වෙනවා. එහෙම වෙන්නෙ කොයි වගේ අයටද? ඇයි එහෙම වෙන්නෙ කියන එක ෆිල්ම් එකේ මැද හරියෙදි දැනගන්න පුළුවන්. කථාව ගෙතෙන්නේ පාසලක් වටා තමයි. පාසලට රෝගය එනවා ළමයෙක්ගෙන්. මේ පාසලේ ළමයිනුත් සාමාන්‍ය ළමයි විදිහට හැදුන අය නම් නෙවෙයි. ඒ කොහොම අයද? කොහොමහරි ගුරුවරු සෙට් එකක් විතරක් බේරිලා ඉන්නවා. ඒත් ඉස්කෝලෙ ඇතුලෙ කොටු වෙලා. එයාලට පැනගන්න පුළුවන් වෙයිද? ඇතුලෙ ඉන්නකං ආසාදිත ළමයිගෙන් බේරිලා ඉන්නෙ කොහොමද? ඒ වගේම මේ ඔක්කොම පට්ට කොමඩි එක්ක බලන්න පුළුවන්. ඉතිං මෙයාලව බේරගන්න පිට කවුරුත් එන්නෙත් නෑ. ඒ ඇයි? රෝගය නැති කරන්න පුළුවන් වෙයිද? මේ ඔක්කොම බලන්න ෆිල්ම් එක බාන්නම වෙනවා.

හරි එහෙනම් අදට ඇති නෙහ්. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!

Cooties (2014) on IMDb

 

 

699 MB (720p WEB-DL) කොපිය මෙතනින් බාගන්න

7CA02F318A06073E0BC988E92A926DEC89270C55

1.39 GB (HD) කොපිය මෙතනින් බාගන්න

C1092A8E469A5A7EF9B0DBAA830DB4305465A835   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,770 downloadsDownload Cooties_2014_baiscopelk.zip91 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

2,770 downloadsDownload Subtitles91 KB

12 comments

  1. නලින්

    ස්තුතියි අචින්ත සහෝ!

    ජය වේවා!

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. thisal

    එල එල ආතල් එකට බලන්න මරු එකක් වගෙ!!!

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  7. Sanka

    fatta bro.thanks

  8. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. CHAMARA

    THANKS ACHINTHA MALLI.

  10. lakshitha

    thnx madumal :D

  11. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  12. HummerDanu

    thanks bro