ඔන්න මගේ නමවෙනි සිංහල උපසිරැසිය අරගෙන ගොඩක් කාලෙකට පස්සේ මේ පැත්තේ ආවා. චිත්‍රපටිය සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටියක්, නම Naqaab 2007 වසරේදී තමයි තිරගත වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටිය Baazigar(1993), Ajnabee(2001), Race(2008), වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Abbas-Mustan අධ්‍යක්ෂක දෙපලගේ. ඔවුන්ගේ චිත්‍රපට…
ඔන්න මගේ නමවෙනි සිංහල උපසිරැසිය අරගෙන ගොඩක් කාලෙකට පස්සේ මේ පැත්තේ ආවා. චිත්‍රපටිය සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටියක්, නම Naqaab 2007 වසරේදී තමයි තිරගත වෙලා තියෙන්නේ.
මේ චිත්‍රපටිය Baazigar(1993), Ajnabee(2001), Race(2008), වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Abbas-Mustan අධ්‍යක්ෂක දෙපලගේ. ඔවුන්ගේ චිත්‍රපට සියල්ලක්ම පාහේ ත්‍රිලර්, මිස්ටරි, ක්‍රයිම් ගණයට වැටෙන චිත්‍රපටයි. මේ චිත්‍රපටයත් එලෙසමයි. අබ්බාස් මස්තාන් දෙපලගේ ප්‍රියතමයන් දෙදෙනෙකු වන බොබී ඩියෝල් සහ ආක්ෂේ ඛන්නා මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවන්ගේ භූමිකාව රඟ දක්වන අතර ප්‍රධාන නිළියට චරිත දායකත්වය සපයන්නේ නවක නිළි ඌර්වශී ෂර්මායි. මේ ඇයගේ ප්‍රථම සිනමා රංගනය වන අතර ඉන් පසු ඇය රිදී තිරයේ මතක හිටින චරිතයකට තම රංගන දායකත්වය සපයා නොමැත. බොහෝදුරට අබ්බාස් මස්තාන්ගේ චිත්‍රපටයකට කතා තේමාව ඔවුන් ලබාගන්නේ හොලිවුඩ් චිත්‍රපටයක් හරහා. මේ චිත්‍රපටයත් 2003දී තිරගත වූ Dot the I නමැති චිත්‍රපටය අනුසාරයෙන් නිපද වී ඇත.
කතාව ගැන මම කෙටියෙන් සඳහන් කරන්නම්, කරන්(බොබී) පොහොසත් පුද්ගලයෙක්, ඔහු සෝෆියා(ඌර්වශී) නමැති දුප්පත් තරුණිය සමඟ විවාහ ගිවිසගෙන ඉන්නේ, මොවුන් වාසය කරන්නේ ඩුබායිවල. ඉතින් එක්තරා අවහන්ලකදී සෝෆියාට යම් චාරිත්‍රයක් ඉටු කිරීම උදෙසා එහි සිටින තරුණයෙකු සමඟ නර්තනයේ යෙදෙන්න වෙනවා. ඒ සඳහා අවස්තාව උදාවෙන්නේ විකීට(ආක්ෂේ) ඉතින් ඉන් පසුවදීත් යම් යම් හේතූන්වලට සෝෆියාට සහ විකීට මුණගැහෙන්න වෙනවා. විකී සෝෆියාගෙන් ආදරය අයදිනවා. සෝෆියා මුලින්ම අකමැති වුණත්, සෝෆියාට කෙමෙන් කෙමෙන් විකී ගැන ආදරයක් ඇති වෙනවා. තව දෙයක් මෙතනදී සෝෆියා සමඟ හාද වෙන්න කියලා රෝහිත් කියලා කෙනෙක් විකීට දුරකතනයෙන් බලපෑම් කරනවා, ඒ වගේම ඔවුන් දෙදෙනා මුණ ගැසෙන විට කවුරුන් හෝ විඩීයෝ කරනවා.
ඉතිං කරන්-සෝෆියා-විකී මේ ආදරයට මොනවා වේවිද?
විකීට බලපෑම් කරන රෝහිත් කවුද?
විකීව සහ සෝෆියාව විඩීයෝ කරන්නේ කවුද?
මේවට පිළිතුරු හොයන්න නම් චිත්‍රපටය බලන්න වෙනවා, ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේක සාමාන්‍ය තුන්කොන් ආදර කතාවක් නම් නෙවෙයි. හැමවිටම ප්‍රේක්ෂකයාව තුෂ්නිම්භූත කරන්න, නැත්තම් විකාර කරන්න අබ්බාස් මස්තාන් අධ්‍යක්ෂක දෙපල සමත් වෙනවා. මේ චිත්‍රපටයේදී ඔවුන් ඒ දේ කොතරම් සාර්ථකව ඉදිරිපත් කරලා තියෙනවද කියලා නරඹන ඔබම තීරණය කරන්න.
තව දෙයක් විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ චිත්‍රපටයේ සීඩ්ස් තියෙන ටොරන්ට් එකක් හොයාගන්න බොහොම අමාරු වුණා, රොයිලි සහෝදරයාගේ ආධාරයෙන් සීඩ්ස් තියෙන ටොරන්ට් එකක් අන්තිමේදී හොයාගත්තා, මේ ඩීවීඩී පිටපතේම ඉංග්ලිෂ් උපසිරැසියත් තියෙනවා.. දැන් එහෙම කිව්වම බයවෙන්න එපා, රස වින්දනයට කිසිම බාධාවක් නැහැ ඒකෙන්… උපසිරැසි අකුරුවලට කහපාට වර්ණය යොදලා තියෙන්නේ… එය යම් තරමකට කාටහරි බාධාවක් නම් KM Player එකෙන් බලන අයට පුළුවන් බොටම් මාර්ජින් එක තමන්ට වුවමනා පරිදි ලොකු කරලා බලන්න. චිත්‍රපටය ඉහත කී ප්ලේයර් එකේ ප්ලේ කරලා Right Click – Subtitles – Bottom Margin යන විධානය ලබා දෙන්න.
ඉතිං වෙනදා වගේම මට මේ උපසිරැසියටත් බොහොම කාලයක් ගත වුණා… ලොකු මහන්සියක් දැරුවා.. එහෙනම් ගිහිං උපසිරැසියක් එක්ක ආයේ එන්නම්, පොඩි පොඩි අඩුපාඩු තිබුණොත් සමාව ඉල්ලන අතරේ යන ගමන් පොඩි අදහසක් පල කරගෙන යන්න කියලා ඉල්ලනවා. මොකද මොන අමාරුකම් තිබුනත් තව උපසිරසියක් කරන්න හිතෙන්නේ ඔයාලගේ අදහස් දැක්කමයි. එහෙනම් තව සිංහල උපසිරසියකින් හම්බ වෙමු. ගිහින් එන්නම්.
737 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
FD00957A64B8ACCF5247B3D4055BC2D2290E5B61 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
827 downloadsDownload Naqaab-2007.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
11 comments
ඉසුරු දිල්ශාන්
isuru neranjan
ada mama palaweniya tnx mcn sub 1ta
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ
සුපිරි කතාවක් , සුපිරි ෆිලුමක් වගේ
බලන්න වටින එකක් වගේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!!!
ජයෙන් ජයම වේවා !!!!kavinda
thank you
නලින් පෙරේරා
ස්තුතියි සිසියා!
ජය වේවා!
thisal
තැන්ක්ස් මෙක මරු වගෙ
Kulanjana Maduranga
niayamai…thanks SISITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
achi
උපසිරැසියට ස්තූති මචං.
ජය!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි සිසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasitha Dulanjan
ස්තූතියි සහො සබ් එකට.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Naqaab (2007) with Sinhala Subtitle | යතාර්ථවාදී සිනමාව [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Naqaab-2007.jpg)

තෑන්ක්ස් සහෝ!
ජය!!!