Watch Trailer

Count Dracula (1970) with Sinhala Subtitles | ඩ්‍රැකියුලා [සිංහල උපසිරසි සමඟ]

ආයිබෝං කියුවා. ඔන්න ඉතින් මම බොලාට මගේ අසු දෙවන උපසිරැසිය ඇන්නගෙන තමා ආවේ මේ. අමුතුවෙන් දොඩන්න ඕන නැනේ මේකත් කලින් ඇන්න ආව ඩ්‍රැකියුලා පික්චර් වල තවත් එක කොටහක් කියල. මේක ගැනත් ඉතින් බොලාට කියනවා නම් IMDb 5.8 ඇන්න තියන ක්‍රිස්ටෝපර් ලි කියන හාදයා ප්‍රධාන කෑල්ලට ඉන්න පික්චර් එකක්. ඉතින් මක්කටෙයි තවත්…

Count Dracula (1970)

ආයිබෝං කියුවා. ඔන්න ඉතින් මම බොලාට මගේ අසු දෙවන උපසිරැසිය ඇන්නගෙන තමා ආවේ මේ. අමුතුවෙන් දොඩන්න ඕන නැනේ මේකත් කලින් ඇන්න ආව ඩ්‍රැකියුලා පික්චර් වල තවත් එක කොටහක් කියල. මේක ගැනත් ඉතින් බොලාට කියනවා නම් IMDb 5.8 ඇන්න තියන ක්‍රිස්ටෝපර් ලි කියන හාදයා ප්‍රධාන කෑල්ලට ඉන්න පික්චර් එකක්. ඉතින් මක්කටෙයි තවත් කාලේ කන්නේ අපි එක විඩෙන්ම යමු කතාවට.

මේකත් ඉතින් ඩ්‍රැකියුලා උන්නැහේ ගේ අනිත් පික්චර් වගේමයි. ගොඩහැරේ උන්න ඩ්‍රැකියුලා උන්නැහේ විඩෙන් විඩ ගම් තුලාවෙන් එපිට ඒමත්, ඇවිදින් පොඩිස්සියෝ ටිකක් ඇන්න ඇවිදින් ගැටව් බිල්ලට අරන් තිරිහන් වෙන්න හදන එකත් වැන් හෙල්සින් කියන හාදයා ඊට පරලව යන එකත් බොලාට බලන්න පුළුවන්.

මේ පික්චරේ උවමනා සහ ඇහැක් විදියකට ගන්න. හැම එහෙකටම පැහෙන්න තමා මම මේ වැඩේ හමාර කරලා තියෙන්නේ. වැඩිමනත් මුකුත් දෙසා බාලා මම බෝලාගේ කාලේ කන්නේ නැ. ඊළඟ දොහෙත් තව ඩ්‍රැකියුලාගේම පික්චර් එකක් ඇන්න එනවා කියල වචනේ දෙන ගමන් මම යන්න කියල. ඉතින් ගොහින් එන්නම්.

බොලා ඔක්කොටම රත්නත්තරේ පිහිටයි…!

පසු සටහන..

දැන් ලංකාවේ දකුණේ බාසාව ගැන යන කතාබහ හින්දා තමා මේ ලිපිය මේ විදියට දකින්නේ. මම දකුණේ, මට ආඩම්බරයි ඒක ගැන. සියල්ල විහිළු නම් ගැටළුවක් නැ.. ඒත් සමහර තැන්වල තියන විහිළු පොඩ්ඩක් තදට වදිනවා. හෙහ් හෙහ්.. ඒ හින්දා අපිට ඔය ඕන බාසාවක් එකයි. ඒත් අපි ඔක්කොම බාසාවන් තේරුම් ගත්තත් අපි අපේ බාසාවෙන් ම කතා කලොත් ගඟෙන් පිට පැත්තේ ඔක්කොටම සිංහල වලටත් උපසිරසි දාගන්න වෙනවා.  

Count Dracula (1970) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Count Dracula (1970)

1970 – Jess Franco’s Count Dracula.700MB.23.976fps.ENG

Count Dracula 1970

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

249 downloadsDownload Count-Dracula-1970.Baiscopelk.com_.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

249 downloadsDownload Subtitles63 KB

17 comments

  1. Udara Damith B/K

    බොහොම ස්තූතියි .........................
    .
    .
    .
    .
    .
    .

  2. mithun

    අසංක සහෝ මගෙ ෆිල්ම් එකත් මතක් වෙයි නෙද ඔයට.. දෙනකල් බලම් ඉන්නව.. බ්ලුරෙ කොපි එක ඩව්න්ලොර්ඩින් කරන් නැ උපසිරැසි දෙනකල් ස්තුතියි සහො කරන සෙවෙට ලබාදුන්න චිත්‍රපට වලින් අමතක වෙන් නැති චිත්‍රපට කිහිපයක් තවමත් හිතෙ තියෙ උපසිරැසිත් හොදයි රසවින්දනය තියෙ එක,තම සහෝ ඔන කවුරු මොන බයිලෙ ගැහැවුවත් මම කියල තියෙනව වගෙ සයිඩ් එකට අපු වසනවන්ත උපසිරැසි කරුවෙක් පැරනි චිත්‍රපට වලට අස අය එක දන්නව

  3. Shan

    Mama hithuwe naha umbath me wage baala rali walata ahu weyi kiyala.

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. Web-බුවා

    ආයිබෝංඩ කිව්වා එහෙනම් මෙදා දොහෙත්. මං මේ පිසාච සීයා'ගේ පික්චර්වලට ඒ හැටි මනාපයක් නැති උනාට ටීකාවක් තැපැල් කරන්න ඒක ඒ හැටි අදාළ වෙන් නැතුව ඇති මයේ හිතේ :D
    බොලා ඇතුළු මේ අඩවියට එන,යන පැලපදියම් වෙලා ඉන්න හැම බුවෙකුටම බුවියෙකුටම දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!

    :D :D :D :D :D

  7. ඉෂාන් මදුෂ

    නියමයි.බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
    ජය වේවා!

  8. withanage priyantha

    මෙම චිත්‍රපට මාලාවට නැවතත් පණදුන් අසංක සොයුරාට හදවතින්ම අවංක ස්තුතිය පුදකර
    සිටින අතර,"Dracula" නැමති මෙම චරිතය බිහිවීමට හේතු පාදක වී ඇත්තේ පැරණි සත්‍ය සිදුවීමකි.
    එකළ ට්‍රාන්ස්සිල්වේනියාව යනුවෙන් හැඳින් වූ දැනට "රුමේනියාව" ලෙස හැඳින්වෙන රටේ
    වර්ෂ 1431 සිට 1476 දක්වා "Dracula" නම් වංශාධිපතියෙක් වාසය කරලා තියෙනවා.

    1. withanage priyantha

      නමුත් පසුකාලීනව කුරුසියේ ඇති බලය එනම් ක්‍රිස්තු ධර්මයේ බලය හුවා දැක්වීමට
      මෙම චිත්‍රපට මාලාව නිෂ්පාදනය වෙන්නත් ඇති.
      ඒ කෙසේ වෙතත් ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ වූ නාමයක් "Dracula" චරිතය.
      මෙම සිනමාපට නැරඹීම සඳහාම, එහි ඇති ත්‍රාසය වැඩිකිරීමට මිනීපෙට්ටි වැනි
      ආසන සහිත සිනමාහල් ද එකළ ලෝකයේ බිහි වුවා.
      ඉතිං අසංක සොයුර ඒ තොරතුරු සමඟම අමරණීය චිත්‍රපට සඳහා ම
      උපසිරසි ලබාදෙන ඔබට මගේ ප්‍රණාමය මෙයින් පුදකර සිටින්නෙමි!

  9. praneeth madu

    සබ් පොජජට ස්තූතියි බොලව්

  10. Rumesh Nilantha Jayaweera.

    thanx.sub ekata man- The Monster Squad (1987) - 720p ekata sub denakan balan ennwa

  11. අසිත

    එලම සහෝ අපිත් දකුණේ තමා.
    පුළුවන් නම් Zip & Zap and the Captain’s Island (2016) ෆිල්ම් එකට සබ් දෙන්න.
    ඔබට ජය!!!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. සනත් ගුණතිලක​

    1. Smokin’ Aces (2006) imdb 6.7
    2. Last castle (2001) imdb 6.9
    3. Big fish (2003) imdb 8
    4. The curious case of Benjamin Button (2008) imdb 7.8
    5. Green Zone (2010) imdb 6.9
    6. American Beauty (1999) imdb 8.4
    7. Full metal Jacket (1987) imdb 8.3
    9. Incendies (2010) imdb 8.1
    10. Gran Torino (2008) imdb 8.1

    මේ එක ෆිල්ම් එකකටවත් උපසිරසි නෑ බයිස්කෝප් එකේ. ඔක්කොම සිනමා රසිකයෙක් විදිහට බලන්නම වටින සුපිරි ගනයෙ ඒවා. කොටින්ම මේ ෆිල්ම්ස් වලට අන්තර්ජාලයේවත් කොහේවත් සිංහල උපසිරසියක් හොයාගන්න නෑ. දිගටම පරණ films වලටම සබ් දෙන්න​.. අලුත් films වල සබ් දෙන්න ඕනි තරම් අය ඉන්නවා. ඒත් අපි වගේ පරන films වලට ආස කරන අයට ඔයා කරන්නෙ මිල කරන්න බැරි සේවයක්.. පුලුවන්නම් උඩ දීල තියෙන film ටිකට සබ් දෙන්න බලන්න​. එතනින් සමහර films IMDB top 250 ලිස්ට් එකෙත් තියෙනවා. ඒත් සබක් නෑ කොහේවත්.. සුබ පතනවා. ජය​..

    1. අසිත

      ow mewatath sab denna saho

  14. Lt.

    එල හොඳේ. ටැන්කු වේවා.

  15. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!