Watch Trailer

Croft (2013), Tom Clancy’s the Division: Agent Origins (2016),The Punisher Dirty Laundry (2012) with Sinhala Subtitle | ලේඩීස් ෆස්ට්, මාරාන්තික වසංගතය, පනිෂර් [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දු වෙච්ච විදිහටම ඔන්න ඉක්මනට තුන්වෙනි උපසිරසියත් අරගෙන ආවා.තුන්වෙනි එක වෙනුවෙන් තුනක්ම අරගෙන තමයි මේ එන්නෙ.හැබැයි මේවා කෙටි චිත්‍රපට.හැබැයි විශේෂයෙන් කියන්නම ඕනේ, මේවා කෙටි චිත්‍රපට වුනාට ගුණාත්මක බාවයෙන් ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා.මේ තුනම ඉතාමත් ප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩා දෙකක් හා සුප්‍රකට මාව…

Croft - Fan Film (2013)

           පොරොන්දු වෙච්ච විදිහටම ඔන්න ඉක්මනට තුන්වෙනි උපසිරසියත් අරගෙන ආවා.තුන්වෙනි එක වෙනුවෙන් තුනක්ම අරගෙන තමයි මේ එන්නෙ.හැබැයි මේවා කෙටි චිත්‍රපට.හැබැයි විශේෂයෙන් කියන්නම ඕනේ, මේවා කෙටි චිත්‍රපට වුනාට ගුණාත්මක බාවයෙන් ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා.මේ තුනම ඉතාමත් ප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩා දෙකක් හා සුප්‍රකට මාවල් වීර චරිතයක් තේමා කොටගත් චිත්‍රපටයක් වෙනුවෙන් නිෂ්පාදනය වූ කෙටි චිත්‍රපට.මේ තුනම ගැන පුංචි විස්තරයක් වෙන වෙනම කියන්නම්කො.

Croft (2013)
‘ලේඩීස් ෆස්ට්’ කියලා කතාවක් තියෙනවනෙ.ඉතින් ඒ කතාවට ගරුකරමින් මේ කාන්තාවගෙන්ම පටන්ගන්නම්.’ලෝරා ක්‍රොෆ්ට්’ කිව්වම ඔයගොල්ලොන්ට කාවද මතක් වෙන්නෙ.එක සැරේටම මතක් වෙන්නෙ නෑ නේද…හැබැයි මං මෙහෙම කිව්වොතින්…TOMB RIDER…මෙහෙම කිව්වමනම් ඉතින් නොදන්න කෙනෙක් ඉන්න බෑ.ලොව පුරා වෙසෙන්නා වූ සියලුම පරිගණක ක්‍රීඩා ලෝලීන් ඉමහත් ආදරයෙන් වැලදගත් Tomb Rider ක්‍රීඩා මාලාවේ සුපිරි වීර චරිතය තමයි ලෝරා ක්‍රොෆ්ට් කියන්නෙ.මේ ගේම් එක ගහපු කට්ටිය දන්නවා කොච්චර සුපිරි ගේම් එකක්ද කියලා මේක.මේ කාන්තා වීර චරිතය යොදා ගනිමින් සැකසු විශේෂිත කෙටි චිත්‍රපටය තමයි Croft කියන්නෙ.විශේෂයෙන්ම කියන්න ඕනේ මේ චිත්‍රපටය සඳහා කිසිඳු ආකාරයක ටොරන්ට් පිටපතක් හෝ ඉංග්‍රීසි උපසිරසියක් අන්තර්ජාලයේ තිබුනේ නෑ.ඒ වුනත් මේ චිත්‍රපටයේ තියෙන සුපිරිම ඝනයේ ක්‍රියාදාම නිසා මේක අත හැරලා දාන්න හිතුනේ නෑ.අන්තිමට පැය ගානක් ඔට්ටු වුනාට පස්සේ සබ් එකක් හම්බුනා.ඒකත් Arabian භාෂාවෙන් කරපු එකක් කියපන්කො.මොනවා කරන්නද ඉතින්…Google Translater වලින් අමාරුවෙන් ඉංග්‍රීසි වලට පරිවර්තනය කරලා ඊට පස්සේ සිංහල සබ් දැම්මා.google වලින් පරිවර්තනය කරනකොට ගොඩක් වැරදි වෙනවා.ඒ නිසා ආපහු පාරක් දෙබස් වලට සවන් දීලා නිවැරදි තාවය පරීක්ෂාකරන්න වුනා.ඒ උනත් සමහරවිට අඩු පාඩු තියෙන්න පුළුවන්.ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේක ඩවුන්ලෝඩ් කරන්න දීලා තියෙන්නේ youtube ලින්ක් එකක්.මොකද මං කලින් කිව්වා වගේම මේකට කිසිඳු ටොරන්ට් පිටපතක් නිකුත් වී නෑ.ඒ නිසා කට්ටිය දීලා තියෙන ලින්ක් එකට ගිහිල්ලා IDM එකෙන් හරි video downloader එකක් හරි පාවිච්චි කරලා මේක බාගන්න.එහෙම නැතුව කට්ටිය මගේ ජාතිය අමතන්න නම් එපා 😀 මෙච්චර කට්ටක් කාලා මේක ගෙනාපු හේතුව ඔයාලට තේරේවි මේක බැලුවට පස්සේ.සම්පුර්නයෙන්ම ක්‍රියාදාම අඩංගු සුපිරිම චිත්‍රපටයක්.

Tom Clancy’s the Division: Agent Origins (2016)
මේක ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මං හිතන්නෙ.වර්තමානයේ ලොව ජනප්‍රියම පරිගණක ක්‍රීඩාවක්.ගොඩක් කට්ටියට මේක ගහන්නත් බැරිව ඇති මොකද මේකට අවශ්‍ය කරන මූලික පරිඝනක සුදුසුකම් ඉතාමත් ඉහල නිසා.ඒ නිසා කට්ටිය මේක බලලාවත් හිත හදාගන්නකෝ.කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.ලෝකය පුරාම දරුණු වසංගතයක් පැතිර යනවා.මේ වසංගතය ආරම්භ වූ ආකාරය කිසිවෙක් දන්නේ නෑ.ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පමණක් මිලියන ගණනක් මියගොසින්.මෙවැනි තත්වයක් මත රජයට තව දුරටත් පාලනය ගෙනයාමට හැකියාවක් නෑ.නාදුනන කණ්ඩායම් විසින් අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරමින් පුළුස්සා දමන්නට පටන්ගන්නවා.
මේ මොහොතේ තමයි එක විශේෂිත වූ බලකායක් නැගී සිටින්නෙ.කණ්ඩායමේ ඔක්කොම හතරදෙනයි.මොවුන් විවිධ ප්‍රදේශයන්හි විසිර සිටින්නන්.කිසිවෙක් දන්නේ නෑ මොවුන් මෙවැනි බලකායකට අයත් බව.අති නවීන අවි ආයුධ වලින් සන්නද්ධ,ප්‍රභලම සටන් පුහුණුවක් ලැබ සිටින මොවුන් සතුව ඇත්තේ එකම අරමුණයි.එනම් නීතිය හා සාමය ප්‍රතිස්ථාපනය කිරීමයි.

The Punisher Dirty Laundry (2012)
පනිෂර් කිව්වම නොදන්න කෙනෙක් නෑනේ.තවත් එක් මාවල් වීර චරිතයක්.මෙයා ඉන්න චිත්‍රපටි කීපයක්ම බයිස්කෝප් එකෙන් දීලා තියෙනවා.ඒ වගේම මෙයා ඉන්න ඩේයාඩෙවිල් කතා මාලාවත් මේ දවස්වල අපේ කට්ටිය බලනවා ඇතිනේ.මේවා බලපු කට්ටියට මෙයා ගැන පොඩි හරි දැනීමක් ඇතිනේ.මොහුගේ විශේෂත්වය තමයි, සටනට ගිය විට ඉවක් බවක් තොරව පහර දීම.ඒ වගේම ගිනි අවි,ගිනි කෙලි වලට නම් දරාපු පුද්ගලයෙක්.මෙයාගේ පොඩි වැඩ කෑලි ටිකක් මේකෙනුත් බලාගන්න පුළුවන් වේවි.

එහෙනම් ඉතින් කියන්න තියෙන ටික ඔක්කොම කිව්වා.දිග වැඩිවුනාද මන්දා.මට මේ අවස්තාව ලබා දීම සම්බන්ධයෙන් අපේ බයිස්කෝප් සහෝයුරන්ට ස්තුතිය පිරිනමනවා.එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු. එතකන් හැමෝටම ජයවේවා…!

 

American Hero (2015) on IMDb

 

 

Croft මෙතනින් බාගන්න

  Due to copyright issues, we do not provide any torrent links. Tom Clancy’s the Division Agent Origins (2016) 720p WEBRip [DayT.se]
The Punisher Dirty Laundry 2012 Web-DL 720P x264 MP4 – Ofek

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,256 downloadsDownload Croft.2013.Baiscopelk.com_.rar19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

4,256 downloadsDownload Subtitles19 KB

33 comments

  1. Udara Damith B\K

    .......................................ගොඩක් ස්තුතියි ......................

  2. Udara Damith B\K

    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  3. Nuwan

    Thanx Sub Ekata Macho......

  4. nilantha

    thank saho

  5. Sanjaya

    Patta Aaaa.... Thanks Sub akata

  6. Kulanjana Maduranga

    niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. නුවන්

    ස්තූතියි සහෝ...

  8. Malinda

    බොහොම ස්තුතියි සහෝදරයා.....
    නියම වැඩක්......
    ජය වේවා......

  9. අනුර

    wechcha mahansiyata godakma thnzzzzzz...............

  10. tharin

    ela wadak machan..

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. bobby

    Thank you friend.all the best

  13. දිල්ශාන් සචින්ත(සචී)

    උපසිරසියට තුති...දිගටම සබ් දෙමු...සුබපැතුම්.

  14. Shadow

    Tnx tnx ... :) :)

  15. EDIRI

    FILM 3 TAMA THIYANAWADA BRO

    1. සිසිල ප්‍රසාද්

      ඔවු සහෝ.ෆිල්ම් තුනටම සබ් දීලා තියෙන්නෙ :D

  16. sus

    Croft (2013) link eka nene saho..
    Hw can I download.. pls help

    1. සිසිල ප්‍රසාද්

      දීලා තියෙන්නෙ youtube ලින්ක් එකක්.IDM එකෙන් හරි video downloader එකක් හරි පාවිච්චි කරලා ඩවුන්ලෝඩ් කරගන්න සහෝ :D

  17. EDIRI

    SUB OK BRO THANKS

  18. melan

    thanks bro

  19. Samith

    බොහොම ස්තූතියි ප්‍රසාද් අයියේ....

  20. isuru

    thnx so much

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිසිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Rajitha

    Thanks machan.....jayawewa......!

  23. lahirulg

    අපේ අම්මා....... ජාති සහෝ ජාති......(y) 8-) 8-) 8-) 8-) 8-) 8-)

  24. තරංග

    බොහෝම ස්තුතියි ඔබට... අප වෙනුවෙන් වන මහන්සියට...

  25. Uditha Erangana

    Macho flm3ma patta.....ath punisher wala kohoma dawnload karath winadi10ka kotasak witharayi enne....aa kotasa tama 149mb kiyala pennanne......croft kiyana film1th ehemayi....youtube wath mokakinwath dawnload karaganna ba...karagaththath bagayayi enne...Tom Clancy's the Division Agent Origins (2016) film1keth mn hithana widihata kotas aduyi....mokada winadi30yi film1 tiyenne....aa kotasa tama 400mb ganak widihata pennanne.....kauruhari danna kenek me supiri film 3ma okkoma dawnload karaganna widihak kiyanawada????admin machan...help1k dipanko....

    1. සිසිල ප්‍රසාද්

      මචං මේ තුනම කෙටි චිත්‍රපටි.ඔයා කියපු run times තමයි තියෙන්නෙ.සාමාන්‍ය ෆිල්ම් වගේ පැය ගණන් යන්නේ නෑ.නැතුව කොටස් අඩු නෑ.කතා 3ම බලන්න.බැලුවාම ඔයාට තේරේවි කොටස් අඩු නැතිව කතාව සම්පුර්නයෙන්ම ඉවරවෙනවා කියලා.

  26. wayantha

    ගොඩක් ස්තූතියි සහෝ sub එකට, මේ වගේ නිර්මාණත් අපිට සමීප කරනවට ගොඩක් ස්තූතියි. දිගටම sub කරන්න. ජය වේවා !

  27. Thishan Eranga

    ගොඩක් ස්තුතියි sahoo Sub ekata

  28. Janith220

    ela good luck............

  29. Devindakulathilakakithmini

    Thanks bro

  30. nilanka

    thanks