Watch Trailer

Crooked House (2017) Sinhala Subtitles | ලියොනීඩීස් පවුලේ අවුල [සිංහල උපසිරසි සමඟ]

මම මුළින්ම මේ චිත්‍රපටියේ හොඳ කොපියක් දැක්කේ මීට මාසෙකට විතර උඩදි. මට ඒ වෙලාවේ නම් හිතුනේ අනිවා මේ චිත්‍රපටියට සබ් කරන්න කවුරු හරිම භාර ගෙන ඇති කියලා. ඒ නිසා මං ඒ ගැන තවත් හොයන්න ගියේ නෑ. ඒත් මීට දවස් දෙක තුනකට කලින් මේ චිත්‍රපටියේ බ්ලූරේ කොපියක් රිලීස් වෙලා තියෙනවා දැක්කා. හැබැයි ඒ වෙනකොටත් මේකට ස…

මම මුළින්ම මේ චිත්‍රපටියේ හොඳ කොපියක් දැක්කේ මීට මාසෙකට විතර උඩදි. මට ඒ වෙලාවේ නම් හිතුනේ අනිවා මේ චිත්‍රපටියට සබ් කරන්න කවුරු හරිම භාර ගෙන ඇති කියලා. ඒ නිසා මං ඒ ගැන තවත් හොයන්න ගියේ නෑ. ඒත් මීට දවස් දෙක තුනකට කලින් මේ චිත්‍රපටියේ බ්ලූරේ කොපියක් රිලීස් වෙලා තියෙනවා දැක්කා. හැබැයි ඒ වෙනකොටත් මේකට සබ් එකක් හදල තිබුනේ නෑ. නිකමට වගේ අහල බැලුවම තමයි දැන ගන්න ලැබුනේ චිත්‍රපටියට සබ් කරන්න කවුරුවත් භාර ගෙන නෑ කියලා. ඉතින් මේක සුපිරි චිත්‍රපටියක් නිසා දෙපාරක් හිතන්නේ නැතුව මං සබ් එක හදන්නම් කියල වැඩේ භාර ගත්තේ. මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ රහස් පරීක්ශක කතා ලෝකයේ අග රැජින විරුදාවලිය ලත් අගතා ක්‍රිස්ටිගේ මේ නමින්ම තියෙන නව කතාවක්. මේ චිත්‍රපටිය අධ්‍ය්ක්ශණය කරල තියෙන්නේ Gilles Paquet-Brenner විසින්. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Gillian Anderson, Christina Hendricks, Glenn Close, Max Irons, Stefanie Martini, Amanda Abbington, Terence Stamp ඇතුළු නළු නිළි පිරිසක්. මේ චිත්‍රපටියට ලැබිල තියෙන IMDb අගය 6.3. Rotten Tomatoes වෙබ් අඩවියෙන් 69% ප්‍රතිශතයක් මේ චිත්‍රපටියට දීලා තියෙනවා.

සොෆියා කියලා තරුණියක් තමන්ගේ පැරණි පෙම්වතා වන චාල්ස් මුණ ගැහෙන්න ඔහුගේ කාර්යාලයට එනවා. ඇය කියනව තමන්ගේ සීයා, ප්‍රසිද්ධ ධනවතෙක් වෙන ඇරිස්ටීඩ් ලියොනීඩීස් හෘදයාබාධයකින් මිය ගියා කියලා. ඒත් ඇය විස්වාස කරනවා ඒ හෘදයාබාධය කෘතීමව ඇති කරපු එකක්, ඒ කියන්නේ කවුරු හරි විසින් ඔහු ඝාතනය කරල කියලා. ඒ වගේම තමයි ඇය විස්වාස කරනවා ඒ මීනීමරුවා තවමත් ඇයගේ ගෙදර ඉන්නව කියලා. ඉතින්, දැන් රහස්පරීක්ශකයෙක් වෙන චාල්ස්ට, ඇය කියනව ඇයගේ ගෙදරට ඇවිත් පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්න කියලා. ඊට වඩා කතාව මං කියන්න යන්නෑ. අගතා ක්‍රිස්ටිගේ නවකතා කියවල තියෙන මටත්, අන්තිමට මේකේ මිනීමරුවා/ මිනීමරුවන් කවුද කියල හෙළි උනාම මොකුත් හිතාගන්න බැරි උනා. හීනෙකින් වත් හිතපු නැති කෙනෙක්/ කීප දෙනෙක් තමයි වැඩේ දීලා තියෙන්නේ.

ඇත්තටම තව කල් අරගෙන මේ චිත්‍රපටිය ගැන තව දේවල් කියන්න තිබුනත්, මේ සබ් එක දැනටමත් දීලා තියෙන්න ඕන එකක් නිසා තමයි ඒ තොරතුරු නොදාන්න හිතුවේ. ඒ වගේම තමයි අගතා ක්‍රිස්ටි ගැන කරන්න ඉඳපු පොඩි හැඳින්වීමත් පස්සට කල් දාන්න වෙනවා. අගතා ක්‍රිස්ටිගෙම තවත් ප්‍රසිද්ධ නව කතාවකින් නිර්මාණය කරපු Murder On The Orient Express චිත්‍රපටියට සබ් එක හදල ගේනකොට අගතා ක්‍රිස්ටි ගැන සම්පූර්ණ තොරතුරු එක්ක හොඳ ලිපියක් හදන්නම්. ඒ චිත්‍රපටියෙත් බලන්න පුළුවන් හොඳ කොපියක් ආපු ගමන්ම සබ් එක කොටල දෙන්නම්.

හරි එහෙනම්, තව අලුත් නිර්මාණයකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

5,080 downloadsDownload Crooked-House-2017.zip64 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-10-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කල්හාර වික්‍රමසිංහ

Subtitles

5,080 downloadsDownload Subtitles64 KB

38 comments

  1. jstar

    hoda wadak thawath me wagema sub genna obata dahirya shakthiya labenna prarthana karanawa. all the best...

  2. Malinda

    detective stories nam aniwa balanawa.

  3. Wayantha Sandaruwan

    අම්ම සුපිරි කතාවක් වගේ. ගොඩක් ස්තුතියි සහෝ උපසිරසට. ජය වේවා!

  4. Prabodha Madhusankha Hettiarachchi

    Supiri bro thank uu.

    1. Prabodha Madhusankha Hettiarachchi

      Murder On The Orient Express meketh br copyak awilla

  5. anthimaya

    Thanks

  6. SanjulaJeter

    thanks!

  7. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  8. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Ara N Madhu

    Thanks alot

  11. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  12. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ......!

  13. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!

  14. jagath55

    Thanks

  15. TharakaWAS

    thanks

  16. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  17. Udara Damith Dissanayaka

    අගතා ක්‍රිස්ටි අක්කා ගේ කක නම් සුපිරියට ඇති
    මන් එයේ පොත් කාගෙන කියවනවා

  18. Sajithlakshan

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

  19. AsithaDilruwan

    elama saho thanks

  20. subodha

    Thanks

  21. Kavinga

    thank you
    ela ela

  22. Sajmadu

    Thanx ela.

  23. Hasala Sathyajith

    tanx bro

  24. Dushan Tharuka

    thanks

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. King_Hunther

    එළකිරි සහෝ.බොහොම ස්තුතියි සබ් එකට.මටත් අසයි සබ එකක් කරන්න.

  27. irosh

    super brooo.

  28. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  29. Chamath15

    Thanxxx broooio

  30. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  31. Nidi

    අගතා ක්‍රිස්ටිගේ කතාවක් නිසා බාගත්තා. කුතුහලය අන්තිම දක්වාම තියෙනවා. රහයි.....
    සබ්ස් ටිකත් හොඳයි.
    හැබැයි ඇක්ෂන් ෆිල්ම්ස් බලන අයට නම් අල්ලන්නෙ නැතිව වගේ!
    ස්තුතියි කල්හාර!

  32. nirosha

    අගතා ක්‍රිස්ටිගෙ කතාවක් නිසා බලන්න හිතුන.කතවනම් සුපිරි. අවසන් වෙනකන් හිතාගන්න බෑරි උනා මිනීමරුව කවුද කියල. මෙකෙ හෑබෑයි පොයිරොයිට්නෑති නිසාද හොහෙද මෙක සාර්තකව තනියෙම රහස් පරික්ශකයට විසද ගන්න බෑරි උන එක ගෑන.

  33. nirosha

    මගේ අදහසක් තමයි බයිස්කෝප් එකෙ ෆිල්ම් එකක් හොයද්දි උදාහරනයක් වශයෙන් අගතා ක්‍රිස්ටිගෙ කතවක් පාදක කරගනිමින් නිපද ඌ චිත්‍ර පටා වගී ලේසියෙන් හොයගන්න පුලුවන් විඩියෙ ක්‍රමයක් හදන්න පුලුවන්නම් ලොකු දෙයක්

  34. [email protected]

    agatha christige katahwak nam deparak hitanna deyak naa .thanks mchan sub ekata

  35. Ruchira

    Athmy supiriyk meka nam sherlock holmes wagema thama end eka nam mn hennen wath hithuwe ne wagema aparada karyat mn hituwa ekenk wath newe.. Thanks saho agatha kristige thwa me wage movies wala sub de..

  36. Kanchana

    Thank

  37. Kanchana

    උපසිරැසි වලට ස්තුතියි.. Online බලන්න පුළුවන් විදියට හදලා දෙන්න පුලුවන් ද