Watch Trailer

Howard Lovecraft and the Frozen Kingdom (2016) Sinhala Subtitles | හෝවාර්ඩ් සහ හිම මිදුණු මායා රාජධානිය [සිංහල උපසිරැසි සමඟ]

හායි යාලුවනේ, ඔන්න අලුත් බයිස්කෝප් එකක් අරන් මම ආවා ඔයගොල්ලෝ හමුවට. මේක මගේ මුල්ම උපසිරැසි ගැන්වීම. ආසාව නිසාම වැඩේ කරන්න භාරගත්තට ඇත්තටම ඒක හිතන තරම් ලේසි වුණේ නැහැ. මොකද මේ චිත්‍රපටිය වෙනුවෙන් තියෙන ඉංග්‍රීසී උපසිරැසි සාමාන්‍ය භාවිතයට වඩා ගොඩක් වෙනස් වචන එහෙමත් ගොඩක් තිබ්බා. ඉතින් ඒ නිසා මේකට හිත…

හායි යාලුවනේ, ඔන්න අලුත් බයිස්කෝප් එකක් අරන් මම ආවා ඔයගොල්ලෝ හමුවට. මේක මගේ මුල්ම උපසිරැසි ගැන්වීම. ආසාව නිසාම වැඩේ කරන්න භාරගත්තට ඇත්තටම ඒක හිතන තරම් ලේසි වුණේ නැහැ. මොකද මේ චිත්‍රපටිය වෙනුවෙන් තියෙන ඉංග්‍රීසී උපසිරැසි සාමාන්‍ය භාවිතයට වඩා ගොඩක් වෙනස් වචන එහෙමත් ගොඩක් තිබ්බා. ඉතින් ඒ නිසා මේකට හිතුවට වඩා වැඩි කාලයක් ගත වුණා.

චිත්‍රපටය 2016 අවුරුද්දේ තමා නිකුත් වෙලා තියෙන්නේ. මේක Animation Fantacy වර්ගයේ චිත්‍රපටයක්. Howard Lovecraft කථා මාලාව 2009 දී Howard Lovecraft හා Frozen Kingdom යන නිර්මාණ සමඟ ප්‍රකාශයට පත් කරන ලද තුන් ඈදුතු නවකථාවන්ගෙන් යුක්ත ය. The sequel Howard Lovecraft හා The Undersea Kingdom යන නිර්මාණයන් 2011 දීත් Howard Lovecraft & The Kingdom of madness 2013 දීත් ප්‍රකාශයට පත් කරන ලද අතර මෙම උපසිරැසි ගැන්වීමට දායක වූ Howard Lovecraft & The Three Kingdoms චිත්‍රපටිය 2014 දී ප්‍රකාශයට පත් කර ඇත. Howard Lovecraft & The Frozen Kingdom කියන මේ මම උපසිරැසි ගන්වපු චිත්‍රපටය Howard Lovecraft කථා මාලාවේ මුල්ම තිර අනුවර්තනයයි. මේකේ අධ්‍යක්ෂණය Sean Patrick O’ Reillyගේ. ඒ වගේම IMDB දර්ශකයේ 5.7ක අගයකට හිමිකම් කියන චිත්‍රපටයක්. මේ චිත්‍රපටිය පැය 1යි, මිනිත්තු 23ක් පුරා දිගහැරෙනවා.

Howard Lovecraft & the Frozen Kingdom චිත්‍රපටයට පාදක වෙන්නේ හිම මිදුණු මායා රාජධානියක් මුදා ගැනීමක් ගැන. මේකෙ ප්‍රධාන චරිතය තමයි Howard කියන්නේ. එයා එයාගේ යාලුවන්ගෙන් ඈත්වෙලා හුදෙකලා ජීවිතයක් ගත කරන කෙනෙක්. එයාගේ විනෝදාංශය තමයි පොත් කියවීම. හෝවාර්ඩ්ගේ තාත්තාත් ඒ වගේ කෙනෙක්. එයා පොත් කියෙව්වා වගේ ම පොත් ලියලා තියෙනවා ලෝකෙ පුරා සංචාරය කරලා. නමුත් ඔහු මේ වන විට සිහි විකලත්වයට පත් වෙලා තමයි ඉන්නේ. සිහිවිකලත්වයෙන් ඉන්න තාත්තා බලන්න හෝවාර්ඩ් ගියාම හිම මිදුණු රාජධානිය ගැන මුලින් ම දැනගන්න ලැබෙනවා. එයාගේ තාත්තා සිහි විකලත්වයෙන් කියවපු දේවල් එයාගේ හිතේ තැන්පත් වෙනවා. හෝවාර්ඩ්ගේ තාත්තා ලෝකෙ වටේ ඇවිදලා ලියපු පොත්පත් අතරින් එකක් එයාගේ අම්මා එයාට දෙනවා. ඒකේ අමුතු භාෂාවකින් ලියලා තියෙන වචන වගයක් කියවන හෝවාර්ඩ් ඒ තුළින් මේ හිම මිදුණු රාජධානියට අරගෙන යනවා.හෝවාර්ඩ් තමන්ගේ තාත්තගේ අඩි පාරේ ගිහින් හිම මිදුණු රාජධානිය බේරාගනීද? ඔයාලම බලන්නකෝ.

මේ සදහා නොමද සහයෝගයක් ලබාදුන් සුමාලි සොයුරියට ස්තුතිවන්ත වෙනවා. උපසිරැසිය අරන් යන ගමන් comment එකක් දීගෙන යන්න අමතක කරන්න එපා. ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.

2,600 downloadsDownload Howard-Lovecraft-and-the-Frozen-Kingdom-2016.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසින්ත ආරියතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-08
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,600 downloadsDownload Subtitles47 KB

29 comments

  1. LahiruPR

    එල සහෝ දිගටම කරන් යන්න.. නවත්වන්න එපා

    1. ariyathilaka

      එල ස්තුතියි මචෝ

  2. Udara Damith Dissanayaka

    PALAWENI EKATA සුබ පතනවා
    ගල්මුල් මල් මැදින් දිගටම යන් ඩ ඕනි හොදේ

    1. ariyathilaka

      Elama thanx macho

  3. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. ariyathilaka

      Thanx macho

  4. Hiranhiru

    පළමුවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්...!
    මම දවස ගානෙම ඇවිත් බලන්නෙ අලුතින් ඇනිමේෂන් ඇවිත් ද කියලා.
    ගොඩක් ස්තුතියි..

    1. ariyathilaka

      Thanx macho

  5. Wayantha Sandaruwan

    ඇනිමේෂන් ඉතින් කොහොමත් අතඅරින්නෙම නෑ. ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට කාලෙකට පස්සෙ තමයි ඇනිමේෂන් එකක් බලන්නෙ ඔයාට පින්සිද්ද වෙන්න. පළමු උත්සාහයට සුභ පැතුම් සහෝ දිගටම
    මේ වගේ නිර්මාණ අරගෙන එන්න කියල ඉල්ලනව, ජය වේවා !

    1. ariyathilaka

      thanx macho

  6. SAjith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

    1. ariyathilaka

      thanx macho

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. ariyathilaka

      thanx macho

  8. හසිත මධුෂාන්

    පලමු උපසිරැසියට සුබ පැතුම්.
    ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි......!
    දිගටම සබ් කරමු.
    ඔබට ජය........!

    1. ariyathilaka

      thanx ela macho

  9. Chaturangagayan

    සුබ පැතුම් , ආරි පුතා.. දිගටම සබ් දෙන්න .

    1. ariyathilaka

      ela ela pluwan widiyata karamu

  10. AsithaDilruwan

    elama saho thanks

    1. hasintha ariyathilaka

      thanx macho

  11. supun bro

    godak thanx bro... digatama sub demu...
    aluth hindi film ekaka sub dennako plz...

    1. hasintha ariyathilaka

      ela macho dannam

  12. shiran1994

    Thanks bro sub ekata

    1. hasintha ariyathilaka

      ela macho

  13. shiransri

    තැන්ක්ස් සහෝ .

    1. hasintha ariyathilaka

      Ela macho

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. hasintha ariyathilaka

      Thanx macho

  15. Sajana_pathirana

    TnQ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.