මේ ලෝකය පුදුමාකාර එකක් විටෙක අපි පිළිසරණක් හොයා යන තැන තවත් විටෙක අපිට අපායක් වීමට අවස්ථාවක් නැත්තේම නැහැ. මේ කතාව වෙන් වෙන්නේ එහෙම අසරනයක් පිරිසක් වෙනුවෙන්. එහෙම ඔවුන්ගේ කතාව රිදී තිරයට එනවිට ඔවුන් මේ ලෝකය හැර ගිහින් වෙන්න පුළුවන් බොහොම දුරට ඒ මෙවන් පීඩනයක් දරාගත නොහැකි වීමෙන් නොමගයාමෙන්. නමුත් පණ…
මේ ලෝකය පුදුමාකාර එකක් විටෙක අපි පිළිසරණක් හොයා යන තැන තවත් විටෙක අපිට අපායක් වීමට අවස්ථාවක් නැත්තේම නැහැ. මේ කතාව වෙන් වෙන්නේ එහෙම අසරනයක් පිරිසක් වෙනුවෙන්. එහෙම ඔවුන්ගේ කතාව රිදී තිරයට එනවිට ඔවුන් මේ ලෝකය හැර ගිහින් වෙන්න පුළුවන් බොහොම දුරට ඒ මෙවන් පීඩනයක් දරාගත නොහැකි වීමෙන් නොමගයාමෙන්. නමුත් පණ බේරාගත්තවුන් ඔවුන්ගේ කතාව තවත් පිරිසක් හා එක්ව ලෝකයට කියන්නට මේ දරූ වෑයම වෙනුවෙන් ඔබේ කාලයත් මදක් වෙන් කරන්න කියලා ඉල්ලා සිටිනවා මුලින්ම. මොකද එදා ඇමරිකාවේ බොන්ස්ටන් නගරය හෙල්ලූ මේ කතාව හෙට අපේ රටේ අපේ ගමේ වෙන්න පුළුවනි, එයින් මිදෙන්න අපේ අවබෝධය දැනුවත් කම බොහොම වැදගත්.
මෙය සත්‍ය කතාවක් මත පදනම් වෙලා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. 2001 වසර වෙනකොට බොස්ටන් ග්ලෝබ් හි නව සංස්කාරකවරයා හැටියට මාර්ටි බැරන් එක්කාසු වෙනවා. ඔහු යුදෙව් ආගමිකයෙක්. ඔහුගේ පැමිණීම එකක්ම ඔහුගේ අවදානය යොමු වෙන කාරණයක් වෙන්න එම ප්‍රදේශයේ පිය නමක් විසින් සිදුකල ළමා අපචාරයක් සම්බන්ධ සිදුවීමක්. නමුත් මේ පිළිබද වැඩි අනාවරණයක් සිදුවෙලා නැහැ ඒ අවස්තාව වෙනකොට. ඉතින් ග්ලෝබ් පුවත්පත සතුව තියන ඉතාම සුක්ෂම හා කඩිසරම ආයුධයක් වන “ස්පොට්ලයිට්” කණ්ඩායම මේ වෙනුවෙන් යොදවන්න ඔහු කටයුතු කරනවා. ස්පොට්ලයිට් කණ්ඩායම තමයි ඇමරිකා එක්සත් ජනපදය තුල ක්‍රියාත්මක වෙන පැරණිතම පුවත්පත් ගවේෂණ කණ්ඩායම වෙන්නේ. මාර්ටිගේ ඉල්ලීමක් එකක් වෝල්ටර් රොබින්සන් ඇතුළු පිරිස තමුගේ වැඩ කටයුතු ආරම්භ කරනවා නමුත් බොහොම පැතිවලින් කරදර කම්කටොලු එක්ක වෙනවා. හරි තොරතුරක් ගන්න නැහැ සම්බන්ධ පාර්ශව බිය ගන්වනවා. නීතිමය ලිපිගොනු නැහැ ඒවා යට ගහනවා, සහවනවා වගේ බොහොම දේ මැද්දේ ඔවුන් සොයා ගන්නවා මෙය නිකම්ම එක පුජකයෙක් හා එක අපචාරයක් සම්බන්ධ සිදුවීමක් නොවන බව.
මෙය බොස්ටන් නගරය තුල පමණක් සිදු වන්නක් නොවන බව දැනගන්නට ලැබීම එකක් සිද්ධිය බොහොම බරපතල ලෙස නිරාවරණය වෙන්න ගන්නවා. දශක ගණනාවක් ඇතුලත සිදුවුණා සිදුවුම් සිය ගණනක් දහස් ගණනක් ඔවුන්ගේ මේ ප්‍රයත්නය හැරයා ජනතා අවධානයට යොමු වෙන්නේ මෙවන් අසරණ කුඩා දරුවන්ගේ ජිවිත විනාශ කරනනා පාපතරයන් නීතියේ රැහැනට හෙන එමින්. මේ පුවත්පත් ආවරණය එකක් කතෝලික පල්ලියට ඔවුන්ගේ ක්‍රියා කලාපය තව දුරටත් වැහුන දුරක් පිටුපස ගෙනයාමට නොහැකි වෙනවා. ගොදුරු වුවන් ස්වේච්ඡාවෙන් නිතිය ඉදිරියට පැමිණීමට පටන් ගන්නවා.
පුලිට්සර් ත්‍යාගය නම් වූ පත්තර කලාමේ ඔස්කා සම්මානය දිනාගත් මෙම විමර්ශනය දැන් ඔබට අකුරක් ඉලක්කමක් නෑර බරාගන්නට ලැබේවි. ඒ Josh Singer, Tom McCarthy දෙදෙනාගේ රචනයෙන්. Tom McCarthy තමයි මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නෙත්. පැය 2 මිනිත්තු 10 වගේ කාලයක් දිව යන මෙම සලරුව IMDB දර්ශකයේ 8.2ක් වගේ ඉහල අගයක් ලබාගෙන හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 170 වැනි ස්ථානය දිනාගන්නත් සමත් වෙලා තියනවා. ඒ වගේමයි ටොරන්ට් ටෝමාටෝ 93% වගේ ඉහල අගයකුත් Metacritic හි 93% ක අගයකුත් ලභාගෙන අතිශය ඉහල විචාරක ප්‍රේක්ෂක පැසසුමක් හිමිකර ගැනීමට සමත් වෙලා තියනවා.
මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත ඇතුළු සම්මාන 6 වෙනුවෙන් නිර්දේහ්ස වෙන්නත් සමත් වුන මෙම චිත්‍රපටය එහි දී 2016 වසරේ හොඳම චිත්‍රපටය හා හොඳම තිර පිටපත වෙනුවෙන් සම්මාන දිනාගන්න සමත් වුනා. මෙතැන් පැවැත්වුන සම්මාන උළෙල වල සම්මාන 114 සඳහා නාම යෝජනා ලබන්නත්, ඒ වගේම සම්මාන 102 දිනා ගන්නත් සමත් වෙලා තියනවා. ඒ වගේමයි ඇමරිකානු චිත්‍රපට මණ්ඩලය මගින් මෙම චිත්‍රපටය American Film Institute Awards 2015 අතරටත් නම් කිරනු ලැබ තිබෙනවා.
Mark Ruffalo, Michael Keaton, Rachel McAdams, John Slattery, Stanley Tucci, Brian d’Arcy James, Liev Schreiber, හා Billy Crudup වගේ පිරිසක් තමයි මෙහි රංගනයෙන් දායක වෙන්නේ. විශේෂයෙන්ම මාර්ක් රෆලෝ මතක් කල යුතුමයි ඔහුගේ රංගනය ගැන නම් කියන්න වචන නැහැ. ඇත්තටම හලක් නියම නළුවෙක්…
ලිපිය ටිකක් දිග වුනත් අපේ විමාට ස්තුතියි නොකර යන්න බැහැ, මෙහෙම එකක් තියනවා බන් මරු කතාව කරමු ද? ඇහුව සැනින් මේක කරන්න කැමැත්ත පලකරන්න තරම් ඔහු කාරුණික වුනා. නමුත් මේ චිත්‍රපටය ඔහුට නම් දෛවයේ සරදමක් වගේ… දන්නා පිරිස දන්නවා මම මේ කියන කාරණය…. 😉
මෑත අතීතයේ සිදුවුණ මේ සත්‍ය කතාව දැන් ඔබට භාරයි එහෙනම් තවත් උපසිරැසක් එකක් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා…
වෙනත් මේ සිදුවීම සම්බන්ධ වැදගත් තොරතුරු පහත ලින්ක් වලින් බලාගන්න පුළුවන්.
Sexual abuse scandal in the Catholic archdiocese of Boston
Survivors Network of those Abused by Priests
ප.ලි : සමීර මේක කරමුද කියල අහපු ගමන්ම කැමත්ත පළකරපු මුල්ම හේතුව උනේ මේක, කාගෙන් කොහොම වෙච්ච වරදක් උනත් ඒ වරද වරදක් විදියට දැකල, තමන් ජිවත් වෙන සමාජයේ මුල් බැසගත්ත තමන්ගේම ආගමේ පුජකවරුන්ගෙන් සිද්දවෙච්ච බරපතල ඝණයේ වැරදි නිර්භීතව ලොවට හෙළ කරන්න තරම් හයියක් තිබ්බ මිනිසුන් පිලිබඳ ගෙතුන සැබෑම කතාවක් නිසාමයි, ඒ විතරක් නෙමේ මේ පුවත්පත් වේදීන්ට පුවත්පත් කලාවේ ඉහලම සම්මානය වන පුලිට්සර් සම්මානය ලැබෙනකොට ඔවුන් වෙනුවෙන් නිමවුණ සිනමාපටයට 2016 වසරේ හොඳම සිනමාපටයට හිමි ඔස්කා සම්මානය ලැබෙනව, ලංකාවේ මේ දේ උනානම්…
~ විමා
490 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න
F9782770D8DDFE8FDBB667E3D6330320BC2BB70F900MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
EF0E5F1E68DBE529D016E9B8E54F1571C35B7B5A1.16 GB (720p BR) කොපිය මෙතනින් බාගන්න
58ECB0F3F6E69704D2127F592FD38CC453F8C163 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,048 downloadsDownload Spotlight.2015.zip251 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” හා “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
59 comments
samapth
Helitha Winsuka
Thanks for the subtitle
Christoper Nolan ගේ Insomnia සහ Martin Scorsese ගේ Goodfellas යන විශිෂ්ට සිනමාපට වලටත් subtitle ලබාදෙන්නේ නම් ගොඩක් වටිනවා .
Saketha Pulasthi
"Mark Ruffalo" මගෙ ආසම නලුවා ඉන්න මේ ෆිල්ම් එක බලන්න පරක්කු කළේ සිංහල සබ් නැති නිසා.අනිවා දැන්ම බලන්න පටන් ගන්නවා. :D
උපසිරසියට බොහොම ස්තූතියි :)
Kulanjana Maduranga
niayamai…thanks VIMA & SAMEERA sahola..sub ekata..digatama sub demu.jaya wewa……
darshi
ගොඩාක් ස්තුතියි
mithun
මම මෙකෙ ලිපිය කියවන්න කලින් මුලින්ම බැලුවෙ රෙටින් එක..imdb රෙටින් එක 8.2 දැක්කහම එක අකුරක් නෑර ලිපිය කියෙව්ව එකටම.. පිස්සු හැදෙනව නියම කතාවක් වගෙ... බලන්න ඉස්සෙල්ල කියන්නෙ මෙව තම චිත්‍රපට .. මෙ ටිකෙ වැටුන චිත්‍රපට එක්ක බලද්දී ඇති යාන්තම් මෙ වගෙ ෆිල්ම් එකක් දුන්න
සිංහල උපසිරැසියට බොහොම තුති ඔයාලට .. නරබලම බලමුකො මෙ චිත්‍රපට එහෙනම් .. නැවත පාරක් ස්තුතියි මහන්සිවෙල උපසිරැසි දාපු සහොදරයො ඔක්කටම..mithun
2015 වසරෙ අපූ රෙටින් එක වැඩි මෙ වගෙ චිත්‍රපට තියෙනවනම් උපසිරැසි ලබාදෙන්න කියා ගොඩක් ගෞරවයෙන් ඉල්ලනව බයිස්කෝප් ටිම් එකෙන්.. විකාර ෆිල්ම් නැතුව සිරියස් මුවී ,true story, horror මුවී වගෙ චිත්‍රපට වලට උපසිරැසි දෙනව නම් ඇත්තමයි ගොඩක් අසාවෙන් ඔයාලට ෆිං දිල අරන් බලනව.. බයිස්කෝප් සයිඩ් එකටත් ,ටිම් එකටත් ජයෙන් ජය..
Yashiru Shehan
tnx sahoola 2nnatama
vikum08
අම්මෝ මේකට සබ් දෙනකම් මාසයක් විතර බලාගෙන හිටියා. දෙන්නටම ස්තූතියි.
me
Thanks
Nuwan
Kalekata passe niyama film ekak wage.. good job guyz... thanlz a lot :-)
asitha arp
thanks
Dulanga
Thanks
thisal
ගොඩාක් ස්තුතියි
hasitha prasad
මමත් මේ දවස් වල imdb හයි රේටින් ෆිල්ම් හොය හොයා බලනවා. .
සබ් හදනවා කියන්නේ හරි අමාරු වැඩක්. එහෙම අමරුවෙන් මේ කරන දේ හරි වටිනවා.
ෆිල්ම් එක බාලා බලලා හොඳ නරක කියන්නම්.බොහොම ස්තූතියි.roshan
බොහොම ස්තූතියි.
සාෂා ස්වර්ණලතා
ගොඩක් ස්තුතියි..
oscar nominate වුනදා ඉදන් බලන්නමයි හිටියේ..
එත් sub එක්කම බලනවා කියලා ටිකකට කල් දැම්මා,
ස්තුතියි ආයෙමත්..vikum
patta filmuk nee..aye ahanna deyak na...onna banna damma..jaya wewa baiscope team ekata..
Tharaka
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.
Pasan Maheesanda Rooparathne
රේටින්ග්ස් වැඩි නම් ඕන දෙයක් බලනවා... ගොඩක් ස්තූතියි විමා අයියා.ඔයා දුන්නොත් පට්ට.
නිරෝෂ්
ස්තුතියි විමා/සමීර සහෝ.ජයවේවා!
Sajeevi
Thanks
නලින්
සුපිරි ෆිළුමක් කියලා දැන දැන අත හරින්න ඕනේ නැහැ නේව. ඕන්න බෑවා.. ස්තුතියි අපේ කොල්ලෝ දෙන්නටම, ජය වේවා!
Dushan
උපසිරසියට ස්තුතියි.තව තවත් උපසිරසි කරන්න ලෑබේවා.
දේශාන්
thank you very much
asitha
bohoma pin.
jaya wewa!!!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015me film walatath sub denna please….
DDT
උපසිරැසියට බොහොම ස්තූතියි !
ගිය සතියෙ සඳුදා උදේම මේක බෑවා. එක එක වැඩ නිසා තවම බලන්න උනේ නෑ, දැන් ඉතින් සිංහල සබ් එක්කම බලන්න පුළුවන්.
Kasun Upeksha
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.
කේ.යූ.ජී. උදාර
දෙනකම් බලාන උන්නෙ.
දෙන්නට ම ස්තූති කරන ගමන් ම ඔන්න මාත් ගන්නවා.Sanath Perera
මේ වගේ සුපිරි බයිස්කෝප් එකක් නොබලා කොහොමද? ආ...
මං සත්‍ය කතානං ඉතින් මග හරින කෙනෙක් නෙමේ. ඒ හින්දාම මම අර ගත්තා...
බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම මේකට සබ් එක දුන්නට...Sajith Anthony
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.
Saman Prasad
උඹගෙ ෆිල්ම් ගැන අහන්න දෙයක් නෑනෙ ආයෙ...
බාන්න දාන එක තමා තියෙන්නෙ ඉතින්...
සබට තුති...!!!
ජය වේවා...!!!ප.ළි. : උඹට මේ පාර වැලන්ටයින් සමරන්න හම්බුණේ නෑ කිය කිය සමීරයට දෙහි කප කප හිටියෙ මේ ෆිලුම උඹට වැලන්ටයින් දවසෙත් කොටන්න උන නිසා නේද??? :3
Amila Mudalige
Thank You
yeshu
tnx
Chami.S
Thanks..
Good Luck...Sanindu Lakkitha
Thnx saho... Good luck...
Chami
Thanks
තිසර නියෝ
ඩබලගේ උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබලාට ජය#Hail_Hydra
tharindu
thank you very much saho...!!!
Gayan
tanks my bro sub akta
රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabath
Thanks Bro..
venuka
pattai
rachi
සුපිරි සබ් එකක්. ස්තූතියි දෙන්නටම...
Ravin
Thanks
Prasad Kandamulla
එනකන් බලන් හිටියේ,,,,,,
සබ්'''එකට'''''''ගොඩාක්'''ස්තුතියි''''සහෝ'''''Nishan
Thanx bro
wiki
obata bohoma sthuthyi
wiki
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thnx machan