ආයුබෝවන්… සුබ දවසක් හැමෝටම… හැමෝම මේ දවස්වල සුවෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. පහුගිය දවස් ටිකේ මිනි සීරීස් කීපයකට සිංහල උපසිරසි අරන් ආව නිසා චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එන්න ටිකක් ප්‍රමාද වුනා. ලැබෙන ඉඩත් එක්ක ඉන්න මං අදත් ඔයාල වෙනුවෙන් තවත් ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අ…

ආයුබෝවන්… සුබ දවසක් හැමෝටම…

හැමෝම මේ දවස්වල සුවෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. පහුගිය දවස් ටිකේ මිනි සීරීස් කීපයකට සිංහල උපසිරසි අරන් ආව නිසා චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එන්න ටිකක් ප්‍රමාද වුනා. ලැබෙන ඉඩත් එක්ක ඉන්න මං අදත් ඔයාල වෙනුවෙන් තවත් ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා.

Victory 1981 (Escape to Victory)

ජෝන් කෝබි හමුදාවේ කැප්ටන් කෙනෙක්. ඊට කලින් ඔහු වෙස්ට් හැම් යුනයිටඩ් කණ්ඩායමේ පාපන්දු ක්‍රීඩකයෙක්. අවාසනාවට යුද්ධය නිසා ඔහු දැන් සිර කඳවුරක හිර වෙලා. කෝබි කඳවුරේ කීප දෙනෙක් සමඟ පාපන්දු සෙල්ලම් කරනවා. ඒ කඳවුරේම ඉන්න කැප්ටන් රොබට් හැච් ටිකක් දඟකාර කලබලකාරයෙක්. හැච්ගේ එකම බලාපොරොත්තුව කඳවුරෙන් පැනයාමයි. කලින් වතාවේ පැනලා යන්න ගිය අයෙක් කඳවුරේදිම වෙඩි පහරකින් මිය යනවා. ඒ ගැන විමර්ශණය කරන්න එන කණ්ඩායමේ ඉන්න මේජර් වොන් ස්ටෙයිනර් පාපන්දු රසිකයෙක් වගේම ජර්මනිය වෙනුවෙන් සෙල්ලම් කරපු කෙනෙක්. මේජර් වොන් කෝබිව අඳුරගෙන පාපන්දුවට තියන කැමැත්ත නිසාම ජර්මනිය හා තරඟයක් පවත්වන්න යෝජනා කරනවා. හැච් වගේම කාගෙත් එකම අරමුණ කඳවුරෙන් පැනලා ගිහින් හරි තම මව් රටට ගිහින් නිදහසේ ඉන්නයි. මේ පැන යාම කොහොම එකක් වෙයිද…

ජෝන් කොබි ලෙස මේ චිත්‍රපටයේ රංගනයෙන් එක් වෙන්නේ Michael Caine. රොබට් හැච් ලෙස එක්වෙන්නේ Sylvester Stallone. ඒ වගේම පාපන්දු කණ්ඩායමේ අනික් හිරකරුවන් විදිහට එක්වෙන්නේ වෘත්තීය ජීවිතයේ සැබෑම පාපන්දු ක්‍රීඩකයින්ය. ඒ අතර ලෝ සුපතල බ්‍රසීල පාපන්දු ක්‍රීඩක Pelé ද කෝප්‍රල් ලුවිස් ලෙස එක්වෙනවා. ඊට අමතරව Bobby Moore, Osvaldo Ardiles, Paul Van Himst, Kazimierz Deyna, Hallvar Thoresen, Mike Summerbee, Co Prins, Russell Osman, John Wark, Søren Lindsted ඇතුළු ක්‍රීඩකයින් රැසක් එකතු වේ. මොවුන් එංගලන්ත, බෙල්ජියම්, පෝලන්ත, නෙදර්ලන්ත, ජර්මන්, ස්කොට්ලන්ත හා නෝර්වේජියානු ක්‍රීඩකයින් වේ.

Zoltán Fábri නම් හංගේරියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ Two Half Times in Hell නම් 1961 තිරගත වූ හංගේරියානු චිත්‍රපටය පාදක කරගෙන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය John Huston විසිනි. නිෂ්පාදනය Freddie Fields සහ Mario Kassar විසිනි. 1981 ජූලි 30 වනදා එක්සත් ජනපදයේ මුලින්ම තිරගත වීම ආරම්භ කල මෙම චිත්‍රපටය විනාඩි 117ක ධාවන කාලයකින් යුක්තය. මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ. ඩොලර් මිලියන 10ක් පමණ වේ. බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 27.5 කි.

මේ චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 6.7 ක්, Rotten Tomatoes 63% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 91%ක කැමැත්ත ලැබී ඇත.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,819 downloadsDownload Victory.1981.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

1,819 downloadsDownload Subtitles48 KB

13 comments

  1. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    දිගටම පැරණි ෆිල්ම් ම දෙන්නකෝ.

  2. Rippah

    euphoria Series ekata sub oneh brother!

  3. Anonymous

    niyamai

  4. indika 75

    thanks..

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Priyantha Dayakeerthi

    රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, ඔබ විස්තරයේ දක්වා ඇති Two half times in hell ෆිල්ම් එකත් හොඳ ඇති කියා සිතනවා. බලන්න මේ සබ් එක ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!

  8. Anonymous

    පැරණි ඉංග්‍රීසි සිනමාපට රසිකයන් වෙනුවෙන් විශාල සේවයක් ඉටු කරන ඔබට ගොඩක් ස්තුතියි......

  9. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  10. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  11. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!