Watch Trailer

Cuckoo (2024) Sinhala Subtitles | කුකූ! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සෙ තවත් හොරර් සිනමා පටයකට උපසිරැසියක් අරගෙනයි ආවෙ. මේ ළඟදි පිට වුන Longlegs සිනමා පටය හැමෝටම මතක ඇතියි කියල හිතනව. ඉතිං ඒ කාල සීමාව ඇතුලෙදි ම Neon ල විසින් ම ආරගෙන එන තවත් එක්තරා විදියක Box office hit එකක් තමයි මේ කුකූ කියල කියන්නෙ. මේකෙ Web පිටපත් නිකුත් උනා පහුගිය 17 […]

Cuckoo (2024) Cover

ඔන්න එහෙනම් ටික කාලෙකට පස්සෙ තවත් හොරර් සිනමා පටයකට උපසිරැසියක් අරගෙනයි ආවෙ. මේ ළඟදි පිට වුන Longlegs සිනමා පටය හැමෝටම මතක ඇතියි කියල හිතනව. ඉතිං ඒ කාල සීමාව ඇතුලෙදි ම Neon ල විසින් ම ආරගෙන එන තවත් එක්තරා විදියක Box office hit එකක් තමයි මේ කුකූ කියල කියන්නෙ. මේකෙ Web පිටපත් නිකුත් උනා පහුගිය 17 වෙනි දා. ඉතින් ඔන්න පුළුවන් තරම් ඉක්මනට ඔයාලට උපසිරැසි අරගෙනයි මේ ආවෙ.

කතාව පැත්තට හැරුනොත් යන්නෙ කූකූ කියන වඳවී යන සත්ත්ව කොට්ඨාශයක ජාන සහ මිනිස් ජාන එකට එකතු කරල අලුත් මනුශ්‍ය පරපුරක් හදමින් කුකූ කියන සත්ත්ව කොට්ඨාශය පරිනාමය කරවන්න හදන පිස්සු සංරක්ෂණවාදියෙක් ගෙ ග්‍රහණයට හසුවන පවුලක් වටා තමා කතාව ගෙතෙන්නෙ. ප්‍රධාන චරිතය එහෙමත් නැත්නම් Protagonist වෙන ග්‍රෙට්චන් ගෙ P.O.V එකෙන් තමා සම්පූර්ණ සිනමා පටයම දිවයන්නෙ. ඒ නිසා මනා කුතුහලයක් ඇතිව අවසානය වෙනකම්ම මාරම ත්‍රිල් එකකින් බලන්න පුළුවන් ෆිල්ම් එකක් විදියටත් අපිට මේක දක්වන්න පුළුවන්.

මේ වෙද්දි Imdb දර්ශකයේ 7/10 ලෙසත් කුණු තක්කාලි මීටරේ 77% දක්වා වූ ඉහළ අගයක් ගන්නටත් මේ කුකූ චිත්‍රපටය සමත් වෙලා තියෙනව. ඉතිං Neon ලගෙ තියෙන අයිකනික් ස්ටෝරි ෆ්ලෝ එක වගේම කලර් කරෙක්ෂන් එකත් මේකෙ මොනවට පෙන්නුම් කරල තියෙනව. Horror fan කෙනෙක් නම් මග නොහැරියම යුතු සිනමා පටයක් විදයටයි මම නම් cuckoo සිනමා පටය දකින්නෙ. එහෙනම්,හැමෝටම උපසිරැසියත් සමඟ චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන ගමන් ම,තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නව. හැමෝටම සුභ දවසක්! ජය! ❤️‍

Cuckoo (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,053 downloadsDownload Cuckoo-2024-Sinhala-Subtitles.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

3,053 downloadsDownload Subtitles29 KB

6 comments

  1. Buddhika laKMal

    ස්තූතියි දුලක්ෂ සහෝ සබට

  2. lakmal

    sub ekta thanks bro

  3. Hashan

    Thanks bro sub ekata

  4. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සහෝ සබට

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි,
    පුළුවන්නම් V/H/S movies ටිකටත් උපසිරැසි දෙන්න.

  6. lakshan

    thanks ......................