Roopanthara (2024) Sinhala Subtitles ආයුබෝවන්, අද සැප්තැම්බර් 21 සුවිශේෂ දවසක්.රටේ දිශානතිය තීරණය කරන දිනයක්. ඔබ මේක ඩවුන්ලෝඩ් කරන දවස වෙන කොට ජනතාව කුමක් හෝ තීරණයක් අරන් ඇති. ඉතින් ඔබට ඒකට හැඩ ගැහෙන්න වෙනවා. මේ කතාවත් එහෙමයි ජීවිතයේ විවිධ අවස්තාවන්ට ඔබට හැඩ ගැහෙන්න වෙනවා. දිගටම මලයාලි උපසිරැසි ගෙන…
Roopanthara (2024) Sinhala Subtitles
ආයුබෝවන්, අද සැප්තැම්බර් 21 සුවිශේෂ දවසක්.රටේ දිශානතිය තීරණය කරන දිනයක්. ඔබ මේක ඩවුන්ලෝඩ් කරන දවස වෙන කොට ජනතාව කුමක් හෝ තීරණයක් අරන් ඇති. ඉතින් ඔබට ඒකට හැඩ ගැහෙන්න වෙනවා. මේ කතාවත් එහෙමයි ජීවිතයේ විවිධ අවස්තාවන්ට ඔබට හැඩ ගැහෙන්න වෙනවා. දිගටම මලයාලි උපසිරැසි ගෙනාව නිසා මම අද කන්නඩ උප සිරැසියක් කලා. මලයාලි සිනමාව ගැන මට දවසක් උනත් කතා කරන්න පුළුවන් උනත් කන්නඩ සිනමාව ගැන මගේ දැනුම අල්පයි. ඒ උනත් ඉන්දියානු සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා පුපුරවා හැරීම තමන්ගේ අයිතියක් සේ සලකන කන්නඩ සිනමාවෙ නව කලාත්මක සිනමාකරුවන් වෙනම රීතියක් ඔස්සේ සිය සිනමාව මෙහෙයවන බව පෙනී යනවා, මේකත් එහෙමයි. චිත්‍රපටය නරඹල චුට්ට්ක් හිතන්න වෙනවා.
මේකෙ හරය කියැවෙන්නෙ දළඹුවෙක් අලංකාර සමනලයෙක් වෙන්න කොතරම් වේදනාත්මක කාලයක් පසු කරන්න ඕනෙද? ඉතින් ඒක ලෝකයට ආදේශ කලාම සමහර පණුවො දළඹුවො පණුවො විදිහටම ඉන්න තීරණය කරනවා සමහරු සමනලයො වෙද්දි.
තමන්ගෙ අනන්‍යතාව සහ පෞද්ගලිකත්වය නැති,පීඩනය, බිය සහ බලාපොරොත්තු සුන් අනාගත නිසරු අපිරිසිදු ලොවක සිටින මිනිසුන් කිහිප දෙනෙක් අතරට යොමු වන කතන්දර කියන්නෙක් වන මහළු මිනිසෙක් පවසන කතන්දර හතරක් මේ චිත්‍ර පටයට පාදක වෙනවා. අසමාන ලෝකයක දුප්පතා සහ දුබලයාට ඇති තැන මේ කතා වලින් පෙන්වා දෙනවා. මුල් වරට නගරයක වෙත පිය නගන වියපත් යුවළක්, මිනීමරු පරිගණක ක්‍රීඩාවකට ඇබ්බැහි වූ දරුවෙක්, නවක පොලිස් නිලධාරියෙක් සහ සිඟන්නියක් , චංඩියෙක් සහ තරුණයෙක් අතර ඇති වන සිදු වීම් හරහා කතාව ගලා යනවා.
Mithilesh Edavalath විසින් අධ්‍යක්ෂණය කරන ලද Raj B. Shetty සමග Somshekhar Bolegaon, Hanumakka, Lekha Naidu වැනි නළු නිළි පිරිසක් මෙහි රඟපානවා.
එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.
1,677 downloadsDownload Roopanthara-2024.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Roopanthara (2024) Sinhala Subtitles
Subtitles
4 comments
Umanga
Gagan pabasara
Pattaapakal (2024) මලයාලම් චිත්‍රපටය කරන්නේ නැද්ද ?
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Hettiarachchige Don Nuwan Chinthana
meke director math ekka lankawe tour ekak giyapu mage honda yaluwek. Mithilesh. mara honda charithayak. adatath math ekka katha karanawa. eyage eelanga tour eka sathi dekak withara wei. Mithilesh lankawe godak dewalwalata kemathi kenek. Chinthige songs list ekakma magen ahagena giya.meka release una gaman thama eya mehe awe. Miniha wagema me film ekath creative ethi. a wagema Mithileshge eelanga film eke samahara shoots lankawe karai.
Advertisement
Thanks bokka