ඇත්තටම මේ මගෙ පස්වෙනි උපසිරැසි නිර්මාණය. කාලෙකට පස්සෙ තමා අයෙමත් සබ් එකක් කරන්න පටන් ගත්තෙ. වැඩ ගොඩක් වැඩි නිසා සබ් එකක් කරන්න වෙලාවක් හම්බුනෙ නෑ. පොඩි විවේකයක් හම්බුන නිසා ආයෙමත් සබක් කරන්න ඕනි කියලා හිතුනා. ඇත්තටම ෆිල්ම් එක පැත්තට හැරුනොත් මම කරපු සබ් 5න් අමාරුම සබ් එක මේක කියලා කියන්න පුලුවන්. ව…

ඇත්තටම මේ මගෙ පස්වෙනි උපසිරැසි නිර්මාණය. කාලෙකට පස්සෙ තමා අයෙමත් සබ් එකක් කරන්න පටන් ගත්තෙ. වැඩ ගොඩක් වැඩි නිසා සබ් එකක් කරන්න වෙලාවක් හම්බුනෙ නෑ. පොඩි විවේකයක් හම්බුන නිසා ආයෙමත් සබක් කරන්න ඕනි කියලා හිතුනා. ඇත්තටම ෆිල්ම් එක පැත්තට හැරුනොත් මම කරපු සබ් 5න් අමාරුම සබ් එක මේක කියලා කියන්න පුලුවන්. වචන ගොඩක් ව්‍යවහාර වචන තිබුන නිසා තේරුම ගන්න කට්ටක් කන්න උනා. අඩුපාඩු තියෙන්නෙ පුලුවන් ඒත් තේරුම් ගන්න පුලුවන් වෙන විදිහට හදා ගන්න පුලුවන් උනා.
මේක fantasy/mystery ගණයට අයත් වෙන ෆිල්ම් එකක්. IMDb අගය 6.4 වැනි හොඳ ස්ථානයක තියෙන ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්. මේක පැය 2යි මිනිත්තු 26ක ධාවන කාලයක් සහිත ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළු නිළියන් ලෙස Dane DeHaan(Lockhart), Mia Goth(Hannah), Jason Isaacs (Volmer) රංගනයෙන් දාහකත්වය ලබා දීල තියෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතිව ෆිල්ම් එක පැත්තට හැරෙමු.
ඇත්තටම කිව්වොත් මේ ෆිල්ම් එක අපි හැමෝම බලලා තියෙන Shutter Island ෆිල්ම් එකට ටිකක් සමාන කතාවක් තියෙන එකක්. හැබැයි ඒ මට්ටමට නම් දාන්න බෑ. මේකෙ ප්‍රධාන චරිතය සහ අපේ කතාවෙ කතා නායකයා වෙන්නෙ ලොක්හාර්ට්. මේ ලොක්හාර්ට් කියන්නෙ නිව්යෝර්ක් වල ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක වැඩ කරන කෙනෙක්. මෙයාගෙ තාත්තත් එහෙම රස්සාවක් කරපු කෙනෙක්. ඒත් එයා දිවි නසා ගන්නවා මොකක් හරි හේතුවකට. මේ ආයතනයෙ තවත් සේවකයෙක් තමයි මොරිස් කියන්නෙ. එයත් මැරෙනවා හෘදයාබාධයකට ලක් වෙලා. ෆිල්ම් එකේ එක මුලින්ම පෙන්නවා. ලොක්හාර්ට්, අපේ කතා නායකයට එයාගෙ ආයතනයෙන් භාර දෙනවා කාර්යයක්. ඒ තමා එයාලගෙ ආයතනයෙ හිටපු ceo කෙනෙක් වන පෙම්බ්‍රෝක් කියන කෙනාව ස්විට්සර්ලන්තයට ගිහින් ආයෙ නිව්යෝර්ක් වලට එක්කගෙන එන එක. ඇත්තටම මේ පෙම්බ්‍රෝක් ඉන්නෙ ස්විට්සර්ලන්තයේ sanitarium කියන තැනක. ඒක හරියට සම්භාහන, ජල ප්‍රතිකාර වගේ දේවල් කරන තැනක්. සරළවම කිව්වොත් ඉස්පිරිතාලයක්. ඉතින් ලොක්හාර්ට් යනවා මෙතනට පෙම්බ්‍රෝක්ව එක්කරගෙන එන්න. මේ sanitarium එක භාරව ඉන්නෙ වොල්මර් කියලා කෙනෙක්.
ටිකක් අමුතු චරිතයක් (ටිකක් නෙවෙයි ගොඩක්). ලොක්හාර්ට් එතනට ගියාට පස්සෙ මේ sanitarium එකෙන් එයාට ඉඩ දෙන්නෙ නැ පෙම්බ්‍රෝක් ව ආයෙ අරන් යන්න. ඊට පස්සෙ ලොක්හාර්ට් ආයෙ එයාගෙ හෝටලයට යන ගමනෙදි මෙයාගෙ කාර් එක හැප්පිලා මෙයාගෙ කකුල කැඩෙනවා. මම නම් හිතන්නෙ ඒ වැඩෙත් sanitarium එකේ වැඩක්. ඊට පස්සෙ ලොක්හාර්ට් ට යන්න වෙන්නෙ අර sanitarium එකටම තමයි. මෙතන sanitarium එකේ ඉන්න හැමෝම ඇවිල්ලා තියෙන්නෙ ප්‍රතිකාරයක් “Cure” ලබා ගන්න. මෙතනදි ලොක්හාර්ට් පෙම්බ්‍රෝක් ව ආයෙ නිව්යෝර්ක් වලට අරන් යන්න ලොකු උත්සහයක් දෙනවා. ඒත් එයාට කරදර ගොඩකට මූණ පාන්න වෙනවා. මෙතනට එන මිනිස්සුන්ට එක එක දේවල් මේ sanitarium එක කරනවා කියලා ලොක්හාර්ට් හොයා ගන්නවා. සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට විජලනය හැදෙන්නෙ වතුර නොබී හිටියම ඒත් මෙතනදි එක වෙන්න වතුර බිව්වම. මෙතනදි ලොක්හාර්ට් ට ගෑණු ළමයෙකුත් හම්බෙනවා. එයත් මේකෙ ඉන්න රෝගියෙක්වගේ කෙනෙක්. ඉතින් ඔහොම තමා කතාව තියෙන්නෙ. ඉතින් අන්තිමට ලොක්හාර්ට් පෙම්බ්‍රෝක් ව ආයෙ නිව්යෝර්ක් වලට අරන් යයිද?, කවුද අර ගෑණු ළමයා?, ලොක්හාර්ට් පණ පිටින් මෙතනින් යයිද?. මේවට උත්තර දැන ගන්න නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.එහෙනම් තව සබ් එකකින් අපි ආයෙ මුණ ගැහෙමු. හැමෝටම ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
11,143 downloadsDownload Cure-for-Wellness-2016.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/චලේන්ද්‍ර-සෙනවිරත්න1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලේන්ද්‍ර සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-12-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලේන්ද්‍ර සෙනවිරත්න
Subtitles
41 comments
rasanga
Dilum
Sub එක download කරන්න බෑ නේ
විමා
ෆික්ස් කරන්නම්.
Ranga
ගැටලුව නිවැරදි කලා.. නැවත උත්සාහ කරන්න.
C. R. ජයලත්
නියමයි සහෝ ජය වේවා!!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~අසිත
elama saho thanks
Gathsara Umesh Kumara
Bohoom sthuthiy shoo...
Thawa 45iiiii...
Iknt demu nee...ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
Amalka Himeshan
Thanks sub ekata
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
malith
down karanna bane
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!tharaka
බොහොමත්ම ස්තුතියි.
Lahiru
එල එල දිගටම සබ් දෙමු....
Shan stevenZ
Ado ela ela bn
Digatama sub hadapan mcnKantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!kelum chathuganga abeysekara
THANKS
Madhushan
තැන්ක්ස් මචෝ.....
මේ film එකට sub එක හොය හොය හිටියෙ...
නියමයි....thisal
උපසිරැසියට බොහෝම ස්තුතියි
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..Vr
Baywatch 2017 sub denna
Gayan
Thanks for sub
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nuwan
thanks mcn
charith vishwa
සබ දුන්නට බොහොම ස්තුතියි සහෝ...
අපේ ඉල්ලීම් වලට මෙච්ච්ර ඉක්මනට ප්‍රතිචර දැක්වූවාට කියන්න වචන නෑ...
අ තරම් සන්තොසයි...
ජයවේවා.sanath indika
THX BROO
Suu
Thanks brooo
Nishan
Thanx bro
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Viraj
sub ekata thanks saho.. jaya wewa!!
ricadodamien
Thank u Chalendra brother & baiscope team for the sub, all the best to baiscope team............
Nidi
ච්ලේන්ද්‍ර, නියම වැඩක්! ලස්සනයි. කියවෙන කතාවේ බිහිසුණු බව අමතක වෙලා යනවා අතිසුන්දර පසුබිම් දර්ශන නිසා!
IreshSampath
thanks
Rukshan37
Ela
Prabath
මේ කතාවේ සිංහල review එකක් නැද්ද. මට ඒක පැහැදිලි මදි. අර සත්තු එක්ක මොකක්ද ඒ කරන්නෙ. කොහොමද ඒ සත්තු ඇඟ ඇතුලට දැම්මට පස්සෙ මිනිස්සු වෙනස් වෙන්නෙ. අර වතුරෙ කොහොමද මිනිස්සුන්ව දාලා තියන්නෙ
Dewadithya
Thanks for Sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තූතියි සහෝ සබ්එකට. ගොඩාක් පිං. ජයවේවා!!