Watch Trailer

Curse of Chucky (2013) Sinhala Subtitles | චකිගේ ශාපය… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් කාලෙකට පස්සේ සංත්‍රාසය කැටි කරගත් චිත්‍රපටයක් අරගෙන ආවා. මේ චිත්‍රපටය කලින් ඒ කියන්නේ සැහෙන්න කාලෙක ඉඳන් එන කතාවක් මේක මෙහි මුල්ම නිපැයුම සිදු උනේ 1988 වසරේදී Child’s Play නමින් පසුව Child’s Play II(1990), Child’s Play III(1991), Bride of Chucky (1998) සහ Seeds of Chucky (2004) දී මේ ව…

මෙන්න එහෙනම් කාලෙකට පස්සේ සංත්‍රාසය කැටි කරගත් චිත්‍රපටයක් අරගෙන ආවා. මේ චිත්‍රපටය කලින් ඒ කියන්නේ සැහෙන්න කාලෙක ඉඳන් එන කතාවක් මේක මෙහි මුල්ම නිපැයුම සිදු උනේ 1988 වසරේදී Child’s Play නමින් පසුව Child’s Play II(1990), Child’s Play III(1991), Bride of Chucky (1998) සහ Seeds of Chucky (2004) දී මේ වගේ චකි සහ එයාගේ නෑයෝ මිනිස් ලොව භීතියට පත් කරපු චිත්‍රපට අප වෙතට පැමිණියා. මේ සැරේ මේ ඇවිත් තියෙන්නේ චකි කියන බෝනික්කාගේ ශාපයක් ගැන. එහෙනම් මේ IMDb ලකුණු 6.2ක් ලබාගත් චකිගේ ශාපය රැගත් සලරුව ගැන කියන්නම් ඉක්මනටම.

ඒක පවුලක් ඉන්නවා ඒ පවුලේ ඉන්නේ දුවලා දෙදෙනෙක් සහ එයාගේ අම්මා. මෙයාලගෙන් එක දුවෙක් අබාධිතයි එයාව බලාගෙන අම්ම ගෙදරට වෙලා ඉන්න අතර අනෙක් දුව විවාහ වෙලා වෙනම ජිවත් වෙනවා. ඉතින් මේ අබාධිත තත්වය නිසා තමන්ගේ ඉගෙනීමත් හරි ආකාරව කරගන්න බැරි උන මේ දියණිය ගෙදරටම වෙලයි ඉන්නේ. මෙහෙම ඉන්නකොට මේ ගෙදරට ඒක ලොකු පාර්සලයක් ලැබෙනවා. හැබැයි මේ පාර්සලය එව්වේ කවුද කොහෙන් ආවද කියලා හිතා ගන්න බැහැ.

පස්සේ මේ පාර්සලය ඇරලා බැලුවහම ඉන්නේ ලොකු බෝනික්කෙක්. මේ අම්මයි දුවයි හිතන්නේ කවුරු හරි මේක විහිලුවට කල දෙයක් කියලා. බෝනික්කෙක්ගෙන් මේ දෙන්නටම ප්‍රයෝජනයක් නැති නිසා මේ අම්මා කරන්නේ ඒ බෝනික්කව කුණු බක්කියට දාන එක. එත් එදා රෑ මහා අමුතු සිදු වීමක් වෙනවා. නිකා කියන මේ අබාධිත දියණිය ඒක ශබ්දයක් නිසා එයාගේ කාමරෙන් එලියට ඇවිත් බලනවා. එතකොට දකින්න ලැබෙන්නේ මොකද්ද කියලා දන්නවද? එහෙනම් ඒ මොකද්ද කියලා බලලා මොකද්ද මේ චකිගේ ශාපය කියලාත් හොයා ගන්න මෙන්න එහෙනම් ඔයාලට බාරයි. මේ වගේ සලරුවකින් ආයෙත් මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

10,335 downloadsDownload Curse-of-Chucky-2013.zip125 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

10,335 downloadsDownload Subtitles125 KB

0 comments

No comments yet.