කොහොමද යාළුවනේ. ගොඩක් කාලෙකට පස්සේ ඔන්න මන් මගේ දහ වන උපසිරැසිය අරගෙන ආවා. මේක 2006 වර්ෂයෙ තිරගත කරන ලද චීන ෆිල්ම් එකක්. මේකෙ IMDB අගය 7 ක් වෙනව. මේක Action, Drama, Romance වර්ගයේ ෆිල්ම් එකක්. මේක රචනය කරල අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Zhang Yimou කියන අධ්‍යක්ෂකවරයා විසින්. Chow Yun Fat Gong Li, Jay Chou…

කොහොමද යාළුවනේ. ගොඩක් කාලෙකට පස්සේ ඔන්න මන් මගේ දහ වන උපසිරැසිය අරගෙන ආවා. මේක 2006 වර්ෂයෙ තිරගත කරන ලද චීන ෆිල්ම් එකක්. මේකෙ IMDB අගය 7 ක් වෙනව. මේක Action, Drama, Romance වර්ගයේ ෆිල්ම් එකක්. මේක රචනය කරල අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Zhang Yimou කියන අධ්‍යක්ෂකවරයා විසින්. Chow Yun Fat Gong Li, Jay Chou, Liu Ye යන නළු කැල තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ. ඇමරිකානු ඩොලර් මිලියන 45 ක අයවැයක් සහිත මෙම ෆිල්ම් එක 2006 වර්ෂයෙ හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා වන ඇකඩමි සම්මානය සඳහා චීනයේ ප්‍රවේශය ලෙස තෝරගෙන තියෙනවා. 26වන හොංකොං චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම නිළිය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම ඇඳුම් සහ වේශ නිරූපණය සහ හොඳම චිත‍්‍රපට ගීතය යන සම්මානවලට මෙය පාත්‍ර වෙලා තියෙනව.
ෆිල්ම් එක ගැන කියනවනම් මේක රජ කාලයේ කතාවක්. සිංහාසනය වෙනුවෙන් රජ පවුල තුළම සිදුවන සිදුවීමක්. මෙහි ඉන්නවා අධිරෙජක්. මුලින්ම මොහු නිකන් සාමාන්‍ය පාලකයෙක්. නමුත් මොහු මොහු නිකන් සාමාන්‍ය පාලකයෙක්ව සිටිය කාලයේ සිටි අධිරජගේ දුවව විවාහ කරගෙන කපටි කමින් රජකම ගන්නව. නමුත් මේ කාලයේ මොහුට වෙනත් කාන්තාවක් සමග සම්බන්ධතාවකුත් තියෙනව. ඇයව අතහැර දමල ඇයව සිරකරල තමයි අධිරජකම මොහු ලබාගන්නේ. පසුව අධිරජට ඉනන්නව පුතාලා තිදෙනෙක්. එක් පුතෙක් කලින් බිරිඳගේ. මේ පුතා එක්ක අගරැජිනිය එක්ක හොර සම්බන්ධයක් තියෙනව. අනෙක් දෙදෙනා දැන් ඉන්න අගරැජිනගේ. මේ අධිරජ තම අගරැජිනියට එතරම් කැමති නෑ. අධිරජට ඕන කරන්නේ තම අගරැජිනියව මරන්න. නමුත් එ්ක එක පාරම කරන්න නොහැකි නිසා මොහු තම කපටි මොළේ පාවිච්චි කරල අගරැජිනියව ටිකෙන් ටික මරන්න සැලසුම් කරනව. නමුත් එ්ක අගරැජිනිය දන්නෙවත් නෑ. ඒ සැලසුම මොකක්ද කියල දැනගන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනව. එ් වගේම අගරැජිනියටත් අවශ්‍ය කරන්නේ තම අධිරජව මරල තම පුතාව අධිරජ කරවන්න. අධිරජට අවශ්‍ය පළමු බිරිඳගේ පුතා රජ කරවන්න. නමුත් අගරැජිනට අවශ්‍යය තම වැඩි මහල් පුතා රජ කරවන්න. ඉතිං මේ නිසා අගරැජිනිය කුමන්ත්‍රණය කරනව තම පුතා රජ කරවන්න. මයොලගේ එක පුතෙක් එ් කියන්නේ අගරැජිනගේ පළමු පුතා. ඔහු මෙයාල එක් රජ මාලිගේ නෙවෙයි ජීවත් වෙනනේ. ඔහු තනියම වෙනත් දිහාවක තමයි ජීවත් වෙන්නේ. ඉතිං මේ එක්කම රජ පවුලේ අමුතු උත්සවයක් එනව. එ්කට කියන්නේ කපුු මල් උත්සවය කියල. එ් උත්සවය පවත්වන්නේ අධිරජගේ පළමු බිරිඳගේ මරණය සිහිපත් කරන්නටයි. නමුත් ඇය ඇත්තටම මැරිල නෑ. ඇය හදන්නෙත් අධිරජ තමා රජකම ලබා ගන්න කියල තමාව අතහැර දාපු එකට පළිය ගන්න. එ් නිසා මැය හොර රහසේ දැන් ඉන්න අගරැජිනියට උදව් කරනවා. ඒක අගරැජිනවත් දන්නෙ නෑ. ඒ වගේම අර අධිරජ තම පවුලෙන් පිට ඉන්න පුතාව රජ මාලිගයට ගෙන්න ගන්නව මං අර කිව්ව උත්සවය පවත්වන්න. රජතුමා කීව නිසා එ් පුතත් රජ මාලිගයට එනව. එ් ආ නිසා ඔහු දැනගන්නව අධිරජ තම මෑණියන්ට කරන දේත්. ඒ වගේම අධිරජගේ පළමු බරිඳගේ පුතා රාජකීය වෙෙද්‍යයවරයාගේ දුවත් සමඟ හොර රහසේ තවත් පෙම් සම්බන්ධයක් තියෙනව. මේක දැනගන්න ලැබෙනව අගරැජිනට. ඔවුන් අගරැජිනියට අහු වෙනව. කතාවේ හැටියට නම් පළමු බිරිඳගේ පුතත් වෙෙද්‍යතුමාගේ දුවත් අයියයි නංගියි. නමුත් ඔවුන් එ්ක දන්නේ නෑ. මතෙනින් නවත්වනව. මොකද මුලු ෆිල්ම් එකම කියන එක හරි නෑනේ.
ඉතිං අධිරජට තම පළමු බිරිඳගේ පුතා රජ කරන්න පුළුවන් වෙයිද? අධිරජට තමන්ගේ තවත් සැලැස්මක් වන අගරැජින මරන එක කරන්න පුළුවන් වෙයිද? අගරැජිනියට තම පළමු පුතා රජකරවන්න පුළුවන් වෙයිද? අධිරජගේ පළමු බිරිඳට තම පළිය ගන්න පුළුවන් වෙයිද? කපුරු මල් උත්සවය දා කුමක් සිදුවේද? මුළු ෆිල්ම් එකම මං කියන එක හරි නෑනේ. මේව දැනගන්නන ඔයාල ෆිල්ම් එක බලලම ඉන්නකෝ. ඔයාලම බලන්නකෝ. තවත් ෆිලුමකින් නැවත හමුවෙමු.
සුභ දවසක්!!!!!!!!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD / BR පිටපත් සඳහා අදාළ වේ.
7,371 downloadsDownload Curse.Of_.The_.Golden.Flower.2006.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/nilupul-udara-new-pic.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිලුපුල් උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-01-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිලුපුල් උදාර
Subtitles
15 comments
Hashan M. Priyadarshana
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!udaraudara
thanks godak aiye.mama meka ta sub godak kl thisse hoya hoya hitiye
සහන් කෞෂල්‍යය
Sub eka venuven bohoma sthuthi !!!!!!!!!!!!!!
( පිටසක්වලයෝ ??????? )
Dewadithya
Thanks for Sub!
A JAYANATH
බොහොම ස්තුතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
LimeGreenSoda
Thanks Bro.
Sandaru
Thanks for sub good luck bro
akalankagayan
Thnx ......
ranga11112
patta seen akak..thank you malli
RuwanLakshan93
බොහෝම ස්තූතියි ජයවේවා සහෝ....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
පුළුවන් නම් Mulan: Rise of a Warrior එකටත් සබ් දෙන්න..
ජය වේවා.!