Watch Trailer

Shadow (2018) AKA Ying Sinhala Subtitles | සත්‍ය නොමැතිව සේයාවක්ද නොමැත [සිංහල උපසිරසි සමඟ]

මම අද උපසිරැසියක් ගෙනාවේ ගිය වුරුද්දේ ආව චීන ෆිලුමකට. ඇත්තම කියනවනම් මේක මම බලපු පට්ට තාත්වික ෆිල්ම් එකක්. මොකද අනිත් චීන ෆිල්ම් වල වගේ අර උඩ යන පාවෙන සීන් මේකේ ගොඩක් අඩුයි. ගොඩක් අය දන්නවා ඇති shaow fight ගේම් එක. ඒක දන්නෑ කියලා මේක බලන්න ප්‍රශ්ණයක් නෑ. ඒකේ ප්‍රධාන චරිතේ තමා ඉතින් ශැඩෝ කියන්නේ. ඒක…

මම අද උපසිරැසියක් ගෙනාවේ ගිය වුරුද්දේ ආව චීන ෆිලුමකට. ඇත්තම කියනවනම් මේක මම බලපු පට්ට තාත්වික ෆිල්ම් එකක්. මොකද අනිත් චීන ෆිල්ම් වල වගේ අර උඩ යන පාවෙන සීන් මේකේ ගොඩක් අඩුයි. ගොඩක් අය දන්නවා ඇති shaow fight ගේම් එක. ඒක දන්නෑ කියලා මේක බලන්න ප්‍රශ්ණයක් නෑ. ඒකේ ප්‍රධාන චරිතේ තමා ඉතින් ශැඩෝ කියන්නේ. ඒකට ඒ නම දාලා තියෙන්නේ අපේ චරිතෙට හෙවනැල්ලක් දාලා තියෙන නිසා කියලා හුග දෙනෙක් හිතන්න ඇත්තේ. ඒත් ඒ ශැඩෝට ලොකු ඉතිහාසයක් තියෙනවා කියලා මේක බැලුවාම ඔයාලට තේරෙයි. මුලින් මම ෆිල්ම් එක ගැන කියලා ඉන්නම්. (ෆිල්ම් එකයි ගේම් එකයි අතර කිසිම සම්බන්දයක් නෑ)

මේක තිරගත වෙලා තියෙන්නේ 2018 සැප්තැම්බරි 30 වෙනිදා තමා. අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Yimou Zang විසින්. මේකේ ප්‍රදාන චරිතය ඒකියන්නේ ශැඩෝ ගේ චරිතය රගදක්වන්නේ Chao Deng විසින්. මෙයා මේකේ දිවිත්ව රන්ගනයක යෙදෙනවා මොකද ශැඩෝයි එයාගේ මාස්ටරුයි එක වගේ වෙන්න ඕනි නිසා. මොනා උනත් මෙයාගේ රන්ගනය නම් අගය කරන්න ඕනිම එකක්. ඒක යටින් මන් පැහැදිලි කරන්නම්. තව මේකේ li sun, Ryan zheng, Qianyuan Wang, යන අයත් මේකෙට රන්ගනයෙන් දායක වෙනවා. මේක 7/10 ක imdb අගයක් වගේම තක්කාලී මීටරේ 95%ක් කරකවලා තියෙනවා.

කතාව ගැන වැඩිය කියන්නෑ පොඩ්ඩක් කියන්නම්.

පෙයි, යාන් කියලා රාජ්‍යන් දෙකක් තියෙනවා. මේ රටවල් දෙක මිත්‍ර පාර්ශ්වික රාජ්‍යන් දෙකක්. ඒ උනාට මේ පෙයි රාජ්‍යයේ එක නගරයක් යාන් රාජ්‍යයෙන් යටත් කරගෙන ඉන්නේ මේ නගරය සම්බන්දයෙන් තමා මේ කතාව සම්පූර්ණයෙන්ම ගෙතිලා තියෙන්නේ. මේ පෙයි රාජ්‍යයයි, යාන් රාජ්‍යයි දෙකම කලින් ලොකු යුද්දයක් කරලා පස්සේ තමා සාමදාන වෙලා තියෙන්නේ. ඒත් මේ පෙයි රාජ්‍යයේ සේනාධිපතිට ගොඩක් තුවාල වෙනවා ඒ යුද්ධයේදී. එයා ගොඩක් දුර්වල වෙලා ඉන්නේ. ඒත් මේයාට ඕන අර නගරය ආපහු ගන්න. ඒ වගේම තව හොර වැඩකුත් හිතේ තියාගෙන ඉන්නේ. මෙතන ඉදන් තමා අපේ ශැඩෝ කතාවට සම්බන්ද වෙන්නේ. කොහොම හරි මේ සේනාධිපති ලොකු ගේමක් ගහනවා. මීට වඩා කාතාව ගැන මම කියන්නේ නෑ එතකොට වැඩක් නෑ.

මේක බලන්න කලින් පොඩි කරුණු ටිකක් තියෙනවා ඒ ටිකත් කියන්නම් එතකොට ලේසි වෙයි,

මේ රාජධානි දෙකම වර්ග දෙකක සටන් කලාවන් වලට දක්ශ අය. ඒ අය ඉගෙන ගෙන ඉන්නෙ තායිචී කියලා තමයි කතාවේ නම් කියවෙන්නේ. ඒ වගේම ඒ රාජ්‍යන් දෙක ප්‍රසිද්ධ ආයුධ වර්ග දෙකකට. මේ අය ඒවගේ ප්‍රවීණයෝ. යාන් රාජධානිය සේබර් කියන ආයුදයට තමා ප්‍රසිද්ධ. ඒක අනිත් ෆිල්ම් වලත් දැකලා ඇති, දිග මිටක් තියෙන අග කඩුවක් තියෙන ආයුධය ඒක තමා. මේ අය පහරවල් තුනකින් තම ප්‍රතිවාදියාව පරාජය කරන බවට මුලු රාජ්‍යන්වලම ප්‍රසිද්ධයි. ඒ කියන්නේ ඒ අයත් එක්ක වට තුනක් සටන් කරන්න කාටවත්ම පුලුවන් වෙලා නෑ,

එතකොට අපේ ශැඩෝ ඉන්න රජ්‍යයේ ප්‍රධාන ආයුධය තමා කුඩය. වැස්සට ඉහලන එක! ඔවු ඒක තමයි. මේ අය කුඩෙන් ගහගන්න මාරම දක්ශයෝ. තව මේ කුඩ සටන් ශිල්පයේ පියවර වර්ග දෙකක් තියෙනවා. ඒ පුරුශ පියවර අනිත් එක ස්ත්‍රී පියවර. ස්ත්‍රී පියවර තමා සූක්ශම වගේම හොදම එක කියලා කතාවේ කියවෙන්නේ.ඒ වගේම මරු කුඩයකුත් තියෙනවා ඒක බලලම දැනගන්න.

තව එක දෙයක් තියෙනවා මේ අය ෆිල්ම් එක මැදදි සෙයිටර් කියලා වාදන භාණ්ඩයක් වාදනය කරනවා. ඒකේ ප්‍රවීනයන්ට පුලුවන් ඒක වාදනය කරන අනිත් කෙනාගේ හිතේ තියෙන්නේ මොනවගේ හැගීමක්ද කියලා දැනගන්න. ඒකත් බැලුවාම තේරෙයි. දැන් වටිනම දේ කියන්නම් ඒ තමා කවුද මේ ශැඩෝ කියලා.

ශැඩෝ කෙනෙක් කියන්නේ ඒ කාලේ රදලවරු වගේම රජවරුන්ට තිබුණු තර්ජන වලින් ආරක්ශා වෙන්න අරගෙන තිබ්බ එක ක්‍රියාමාර්ගයක්. මේ ශැඩෝලා කුඩා කාලයේ ඉදලම ගෙනල්ලා දරුණු පුහුණුවීම් ලබා දෙනවා. ඊට පස්සේ තමා ස්වාමියාගේ ජීවිතේ බේර ගන්න හැම උගුලකටම අහුවෙන්න සිද්ද වෙනවා. සටන් කරන්න වෙනවා. මුලු ජීවිත කාලේම වහලෙක් වගේ ඉදලා මැරිලා යන්න සිද්ධ වෙනවා. මේ අය ජීවත් වෙන්නේ ඉතාමත් රහසේ තම ස්වාමියාගේ ජීවිතේ රැකගන්න ක්‍රියාශීලිව කටයුතු කරනවා. ශැඩො කෙනෙක් ඒ කාලේ ගෙවලා තිය්න්නේ වහලෙකුටත් වඩා අන්ත ජීවිතයක් කියලා ඔයාලට මේක බැලුවහම තේරෙවි. මේ ශැඩෝලා තම ස්වාමියාට රූපයෙන් සමානම අය තමා තෝර ගන්නේ. මම කලින් කිවුවා වගේ ප්‍රධාන නලුවට ද්විත්ව රන්ගනයක් කරන්න වෙන්නේ මේ නිසා. කාටවත්ම බෑ මේ ශැඩෝ කෙනෙක් ලේසියෙන් අදුර ගන්න. එහෙනම් කතාව බලලම තීරණය කරන්න මම කියන තරම් කතාව හොදයිද කියලා. ආයෙත් උපසිරැසියකින් හමුවෙන්නම් එහෙනම්.!!

!!ඔබට ජය!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

5,195 downloadsDownload Shadow.2018.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිපුන රමේශ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-10-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නිපුන රමේශ්

Subtitles

5,195 downloadsDownload Subtitles36 KB

24 comments

  1. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)

  3. Madhura prasad

    බොහෝම ස්තුතියි බ්‍රො සබ් එකට

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Rukshan37

    Ela

  6. Opal Pravishka

  7. priyan99

    Thanks bro sub ekata.jaya wewa

  8. gihan perera

    නියමයි මචෝ...පට්ට...ස්තුතියි උපසිරැසි දුන්නට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. tharindu.dilshan.0202

    thnq

  11. indika75

    thanks..

  12. Tharindu Madushan 96

    Thank bro

  13. Nadeesha rox alahakoon

    Tnx bro. Meka aniwa blnna one.

  14. D.Chamara

    bohoma sthuthi sahooo

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. Haashan Dhanushka

    thnxxxxxxxxxxxxxx

  17. damitharuwan

    thank you

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  20. melinda

    thank you for the subtitle...

  21. rockz2020

    trailer එක බැලුවා සුපිරියක් වගේ.
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!

  22. gmpgmp

    THE UNTAMED 2019 DRAMA EKE SUB TIKA DENNAKO

  23. nilanka1212

    thanks....

  24. nilanka

    thanks....