ආදරයත් වෛරයත් අතර තියෙන්නේ කෙස් ගහක පරතරයක් කියල කියනවා.කෙනෙක් ආදරය වෙනුවෙන් කරන කැපකිරීම් තවත කෙනෙකුට නොවටිනා දෙයක් වෙන්නත් පුලුවන්. ආදරය ආත්මාර්ථකාමීත්වයකට පෙරලුනොත් මොනවගේ දෙයක් වෙයිද.? ඉතින් මේ කියන්න යන්නෙ තවත් එක ආදර කතාවක් විතරක් නම් නෙමෙයි. ක්‍රි. ව 859 දී චීනයේ පැවතුන අදක්ෂ රාජ්‍ය පාලනය නි…

ආදරයත් වෛරයත් අතර තියෙන්නේ කෙස් ගහක පරතරයක් කියල කියනවා.කෙනෙක් ආදරය වෙනුවෙන් කරන කැපකිරීම් තවත කෙනෙකුට නොවටිනා දෙයක් වෙන්නත් පුලුවන්. ආදරය ආත්මාර්ථකාමීත්වයකට පෙරලුනොත් මොනවගේ දෙයක් වෙයිද.? ඉතින් මේ කියන්න යන්නෙ තවත් එක ආදර කතාවක් විතරක් නම් නෙමෙයි.

ක්‍රි. ව 859 දී චීනයේ පැවතුන අදක්ෂ රාජ්‍ය පාලනය නිසා රට තුල වියවුල් හටගන්නවා..මේ අතර නීතියට පිටින් ක්‍රියා කරන නොයෙක් සංවිධාන බිහිවෙනවා. “House of flying daggers” කියන්නෙ ඒ විදිහට බිහිවෙන සංවිධානයක්. සංවිධානයට එහෙමනමක් තියෙන්නේ ඇයිකියල මේ චිත්‍රපටය නරඹනකොට ඔයාට තේරෙයි. “House of flying daggers” කියන මේ සංවිධානයේ හිටපු නායකයාව රජය විසින් ඝාතනය කරනවා. ඔහුගේ මරණයෙන් පසුව ඔහුගේ අන්ධ දියණිය අතුරුදන් වෙනවා. ලියෝ සහ ජින් කියන්නේ චීනයේ රාජ්‍ය කපිතාන්වරු දෙදෙනෙක්. හිටපු නායකයාගේ මරණයෙන් පසුව පත් උන නායකයාව අල්ලා ගන්න මේ දෙදෙනාට මෙහෙයුමක් පැවරෙනවා. ඝාතනය කරන ලද නායකයාගේ අන්ධ දියණිය නාටිකාන්ගනා නිවාසයක සිටින බවට ලැබුණු තොරතුරක් අනුව කපිතාන් ජින් මේ ගැන පරීක්ෂා කරන්න යනවා. ඔහු තරමක් සෙල්ලක්කාරයෙක් නිසා එහිදී කලබලයක් ඇතිකර ගන්නවා. .මේ අතර කපිතාන් ලියෝ ත් එහි එනවා. එහිදී හිටපු නායකයාගේ දියණිය කපිතාන් ලියෝ ව ඝාතනය කරන්න ගන්නා උත්සාහයකදී ඇය අත්අඩංගුවට පත්වෙනවා. කපිතාන් ජින් ඇයව අල්ලාගැනීමෙන් සෑහීමකට පත් උනත් කපිතාන් ලියෝ මුළු සංවිධානයම හසුකර ගන්න වෙනත් සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව කපිතාන් ජින් විසින් ඇයව බේරාගන්නා අයුරින් ඇයවත් රැගෙන පලා යනවා. ඒ කපිතාන් ලියෝ ගේ සැලැස්මට අනුව. ඔහුගේ අරමුණ ඇය පසුපස ගොස් සංවිධානයම හසුකර ගැනීම. යන ගමන අතර මගදී ජින් සහ නායකයාගේ දියණිය පෙමින් බැඳෙනවා. ජනරාල්ගේ සෙබළුන් ඔවුන් ලුහු බැඳ එනවා. ඉතින් මේ සැලැස්ම ඒ විදිහටම ක්‍රියාත්මක වේවිද. කවුරුන් කාව රවටයිද. ඒක ඔයාලම බලල දැනගන්න.

බයිස්කෝප් වෙබ් අඩවි‍යේ මම ගෙන එන පළමු උපසිරැසිය මේ. ඉතින් වැරදීම් ඇතිනම් ඒ පිළිබඳව සමාව ඉල්ලනවා. මේ උපසිරැසිය කරන්න ඉඩ හසර ලබා දුන්න බයිස්කෝප් අඩවියට ස්තුති කරන ගමන් ආදරය,කුතුහලය,ත්‍රාසය පිරි තවත් එක සිනමා සිත්තමක් රසවිඳින්න ආරාධනා කරමින් මම සමුගන්නවා.

නැවත හමුවන තුරු ඔබට ජය.

ප.ලි: චිත්‍රපටයේ එන ගීත පරිවර්තනය කරද්දී අර්ථය අපැහැදිලි ඇති. චීන ගීතවල අර්ථය තේරුම් ගන්න ටිකක අපහසුයි. ඒ ගැනත් සමාව ඉල්ලනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BD පිටපත් සඳහා ලබා දි ඇත.

4,133 downloadsDownload House-of-Flying-Daggers-2004.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදිත ජනාදර හිරිමුතුගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-11-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදිත ජනාදර හිරිමුතුගොඩ

Subtitles

4,133 downloadsDownload Subtitles26 KB

23 comments

  1. Hashan M. Priyadarshana

    පලවෙනි සබ් එකට පලවෙනි comment එක මගෙන්.. ;)
    සුබ පතනවා බ්‍රෝ පලවෙනි සබ් එකට දිගටම සුපිරි filmවලට සිංහල සබ් කරන්න.. :)
    ඒ වගේම බොහොම ස්තුතියි සබ් එකට..
    තෙරුවන් සරණයි.!!
    ජය වේවා.!

    1. Udithaj

      Thanks brother :)

  2. Hashan M. Priyadarshana

    පුළුවන් නම් Mulan: Rise of a Warrior (2009) film එකට සබ් එක ගේන්න.. site එකේ ඒ film එක ගැන ලිපිය විතරයි තියෙන්නෙ සබ් එක නෑ
    තව ඔය Documentary seriesවලටත් පුළුවන් නම් සබ් කරනවද බ්‍රෝ,
    ද ප්ලැනට්ස් 2019
    අවර් ප්ලැනට් 2019 වගේ :)

    1. Udithaj

      Aniwa bro...

  3. සහන් කෞෂල්‍යය

    ####$$ Thanks bro ######

  4. Lucky Dhananjaya

    Thanks bro...

  5. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  6. Hashan M. Priyadarshana

    මේක උදේ site එකට දාලා තිබිල අයින් කරල තිබ්බෙ ඇයි

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Udithaj

      Thanks :)

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    1. Udithaj

      :)

  9. arawindasunimal

    bohoma sthuthiy sub ekata - hangila thiyena hoda film ekak eliyata aran dunnata sthuthiy - jayawewa...............

    1. Udithaj

      :)

  10. jagath55

    Thanks

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

    1. Udithaj

      Thanks bro :)

  12. Rukshan37

    Ela

  13. podda

    sub 1 thanks

  14. ranga11112

    Thank Uditha sahoo

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ....

  17. sasanka

    thanks for the sub