Watch Trailer

Cyberbully (2015) | පනින්න පෙර සිතා බලනු [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් හැමෝටම!! අද මම ඔයාලට කියන්න යන්නේ කාලෝචිත මාතෘකාවක් පිළිඹද නිර්මාණය කරපු චිත්‍රපටයක් ගැන. ඒත් මේ පනින්න පෙර සිතා බලනු කිව්වෙ මොකටද? හොදයි, මේක ඔය ඇළකට දොළකට පනින ජාතියේ පැනිල්ලක් නම් නෙවෙයි. ඇත්තම කිවුවොත් මේක වර්තමාන යෞවන යෞවනියන් අන්තර්ජාලය භාවිතා කරනකොට මුහුණදීමට සිදුවන අවාසනාවන්ත ඉරණම…

Cyberbully (2015) 1

සුබ දවසක් හැමෝටම!!  අද මම ඔයාලට කියන්න යන්නේ කාලෝචිත මාතෘකාවක් පිළිඹද නිර්මාණය කරපු චිත්‍රපටයක් ගැන. ඒත් මේ පනින්න පෙර සිතා බලනු කිව්වෙ මොකටද? හොදයි, මේක ඔය ඇළකට දොළකට පනින ජාතියේ පැනිල්ලක් නම් නෙවෙයි. ඇත්තම කිවුවොත් මේක වර්තමාන යෞවන යෞවනියන් අන්තර්ජාලය භාවිතා කරනකොට  මුහුණදීමට සිදුවන අවාසනාවන්ත ඉරණමක් ගැන විස්තර කරන වටිනා කතාවක්. ඔයාල කවදහරි හිතලා තියනවද ආරක්ෂාකාරීව අන්තර්ජාලය භාවිතා කරන්නේ කොහොමද කියලා? වර්තමාන සමාජය ජාල වෙබ් අඩවි නිසා සිදුවෙච්ච අපරාධ ගැන ඔයාලත් දන්නවා ඇතිනෙ? සමහර වෙලාවල් වලදී ඒවා කෙළවරවෙන්නෙ සියදිවිනසාගැනීම් වලින්. මෙම චිත්‍රපටය බැලුවොත් ඔයාලටත් මේවගේ ගොඩක් ගැටළු මතුවෙයි.

IMDb දර්ශකයේ 7.3/10 ක Rating එකක් දිනාගෙන තිබෙන මෙම චිත්‍රපටය Ben Chanan විසින් අධ්‍යක්ෂණය කරන ලද චි්‍ත්‍රපටයක්. එසේම Drama ගනයට අයත්වන මෙය මිනිත්තු 62 ක් පුරා දිවයනවා. බ්‍රිතාන්‍ය නිර්මාණයක් වන මෙම සලරුවෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නේ “කැසී” ලෙසින් පෙනී සිටින Maisie Williams. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මේක ආරම්භ වෙන්නේ කාමරයක් තුළ තනිව සිටින දැරියකගේ දර්ශනයකින්. එයාගෙ නම තමයි කැසී. කැසී එයාගෙ හොදම යාළුවා වන මේගන් එක්ක skype හරහා සංවාදයක යෙදෙනවා. ඔන්න ඔය වෙලාවෙදි කැසීට දැනගන්න ලැබෙනවා නේතන් කියන එයාගෙ පෙම්වතාගෙ twitter ගිණුම තුළ කැසී ගැන නොමනා කතාවක් ප්‍රචාරය වන බව. මේ නිසා කළබලයට පත්වෙන කැසී යාළුවත් සමග එකතුවෙලා ඇලෙක්ස් කියන පාසල් මිතුරාගෙ උදව් බලාපොරෛාත්තු වෙනවා. කෙසේවෙතත් නැවතත් තනිවන කැසී හැකර්කරුවකුගේ ගොදුරක් බවට පත්වෙනවා. එතැන් පටන් හැකර්කරු කැසීගේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් කැසීව අපහසුතාවයට පත්කරනවා. ඉතින් කැසීගේ ඉරණමට කුමක්වේවිද කියලා ඔයාලම බලලා දැනගන්නකෝ.

අන්තර්ජාලය භාවිතයේ අවදානම පිළිඹද අවබෝධයෙන්  එය පරිහරණය කරන්න යන මතක්කිරීම සමගින් අදට සමුගන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය.

 

Cyberbully (2015)  on IMDb

 

 

260 MB කොපිය මෙතනින් බාගන්න

8FBB5162DF5D7ED5E402FBDB9BA3A1E68EC9AE8A ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,121 downloadsDownload Cyberbully.2015-baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/ගයාන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් ලක්ෂිත (gliger)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ගයාන් ලක්ෂිත

Subtitles

2,121 downloadsDownload Subtitles27 KB

36 comments

  1. thilan

    hoda film ekak wage balama balamu sub ekata thanx

  2. Dhanushka

    Thanksssssssss!!!!!!!!!!!!!!!!!!

  3. නලින්

    ස්තුතියි ගයාන් සහෝ!

    කාලය‍ට ඔබින කථාවක් ගෙනාවට. එලස්ස්...

    ජය වේවා!

  4. Chami

    Thanks..

  5. kamal

    maxxxaaa

  6. Sajith Anthony

    ස්තුතියි ගයාන් සහෝ සබ් එකට...
    අද කාලෙට ගැලපෙන එකක් නිසා තවත් හොදයි...
    ජය වේවා...!!

  7. Gamage

    mey ape GOT eke Maisie Williams nangine. meya mehema film ekakin dakina ekath sathutui, , , , mxxa. thanks sabata mcn

  8. B.A.P.F'do

    කතාවෙ හැටියට නම් අද සමාජයට ඉතා වැදගත් පණිවිඩයක් දෙන්නක්. බලලම ලොකු කොමෙන්ටුවක් දාන්නම් හොදේ.

    බී.ඒ.ප්‍රසාද් ප්‍රනාන්දු

  9. chacha

    මේ වගේ දෙවල් පෙන්නුවහම මෙහෙම දෙයක් කරන්ඩ ඉන්න කෙනෙක්ට ඒක කරගන්නෙ කොහොමද කියලා භාහිර පරිසරය හදාගන්ඩ ලෙසි වගේම ඊට පෙලබවීමකුත් ලැබෙනවා නේද?

  10. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…

  11. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට............

  12. nuwan

    thans.

  13. thisal

    ස්තුතියි ගයාන් සහෝ සබ් එකට…

  14. Kulanjana Maduranga

    niayamai…thanks GAYAN Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Dulan

    බොහොම ස්තුතියි!

  16. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහො සබට ….ඔබ සැමට ජයෙන් ජය..!

  17. prabhath

    tanks

  18. Nipun

    Ela wadak.... thanx sub ekata....

  19. Nelson

    Good Work Friend, Thanks!

  20. දහරා මුතු අමා

    film eka nam hoday wagee. onna baanawaa

  21. isuru

    thanks bro!

  22. Nicol Vishan

    හොද කතාවක් වගේ. රේටින්ස් එහෙමත් හොදට හම්බෙලා තියෙනවා කියන්නේ කතාව සුපිරිම ඇති කියල හිතනවා. සබ් එකට තැන්ක්ස්. මේ දීල තියෙන ලින්ක් එකේ වීඩියෝ කොලිටි එක එහෙම කොහොමද.?

  23. raki

    thanks for sub bro.......!!

  24. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  25. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. හොද කතාවක් වගේ

  26. Jack

    නියමයි මචෝ.
    හොද කතාවක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  27. indika

    Thn Q :)

  28. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. අnu

    හොද කතාවක් වගේ..සබ් එකට තැන්ක්ස් සහෝ!!!

  30. “චූටී මල්ලි”

    tnx

  31. Ravindu Thenabadu

    පට්ට ෆිලුම මචං...

  32. Nandana

    Thank U Gayan.

  33. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  34. lahiru sandaruwan

    Stormhouse 2011 subtitle eka denda pulwnda

  35. ashan lankanath

    thanks

  36. Tharu_Kavi

    Patta.. THNX