කොහොමද යාළුවනේ මම නම් මේ වැඩේට අලුත් කෙනෙක්. මේ මගේ පළවෙනි උපසිරැසිය. මම නම් හිතන්නේ මේකේ අඩුපාඩු ගොඩක් ඇති මොකද මට මේ සම්බන්ධයෙන් තවම අත්දැකීම් බොහොම අඩුයි.. ඉස්සල්ලාම මම රොයිලි අයියාට ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම හා මග පෙන්වීමට. මම හැමදාම ඇවිත් චිත්‍රපටි වල උපසිරැසි අරන් යන එකේ මටත් හිත…

කොහොමද යාළුවනේ මම නම් මේ වැඩේට අලුත් කෙනෙක්. මේ මගේ පළවෙනි උපසිරැසිය. මම නම් හිතන්නේ මේකේ අඩුපාඩු ගොඩක් ඇති මොකද මට මේ සම්බන්ධයෙන් තවම අත්දැකීම් බොහොම අඩුයි.. ඉස්සල්ලාම මම රොයිලි අයියාට ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම හා මග පෙන්වීමට. මම හැමදාම ඇවිත් චිත්‍රපටි වල උපසිරැසි අරන් යන එකේ මටත් හිතුණා පොඩි උපසිරැසියක් හරි හදලා දාන්න.. ඔන්න කොහොම හරි පුංචිම පුංචි චිත්‍රපටි ටිකකින් මම වැඩ පටන් ගත්තා. සමාවෙන්න ඕන ඉස් ඉස්සල්ලාම ඇන්ටික් චිත්‍රපටි ටිකක් අරන් ආවාට.. මේවා අවුරුදු 100ක් විතර පරණයි….
මුලු ලෝකෙම දන්න නළුවෙක්නේ Charlie Chaplin… මම නම් හිතන්නේ නෑ මෙයා වගේ දක්ෂ විකට නළුවෙක් මේ ලෝකේ තවත් ඇති කියලා.. ඒ තරම් මොහුගේ රංගනය හාස්‍යජනකයි.. ඒ නිසා මම හිතනවා මේ කතා බලලා ඕන කෙනෙකුට ඇති තරම් හිනාවෙන්න පුළුවන් වෙයි කියලා..
The Vagabond (1916) | වයලීන් වාදකයා
මේ Charlie Chaplin in Vagabond කතාව 10 July 1916 (USA) දී තමා තිරගත කරලා තියෙන්නේ. ඒ දැනට අවුරුදු 99 කට කලින්. මේ කතාව IMDB සිනමා දර්ශකයේ 7.1 වැනි ඉහළ අගයක් ලබාගන්න සමත් වෙලා තියනවා. මේ කතාවේදී අපේ විකට නළුවා වයලීන් වාදකයෙක්. ඒ කියන්නේ තැනින් තැන ගිහින් වයලීන් වාදනය කරලා කීයක් හරි හොයාගන්න කෙනෙක්.. කථාවේ මුල් හරියේ තියෙනේ Charlie යනවා වෙනදා වගේම එයාගේ රැකියාව කරන්න ඒ වයලීන් වයන්න.. යන්නේ bar එකකට එතනට මෙයා යනකොට වෙන කට්ටියක් ඇවිත් එතනට සංගීතය සපයනවා.. Charlie එයාලත් එක්ක ඇති කරගන්න රණ්ඩුවත් එක්ක චාලිට එතනින් යන්න වෙනවා.. ඊට පස්සේ මෙයා ගෑනු ළමයෙක්ට උදව් කරන්න ගිහින් වෙන කරදර ගැනත් මේකේ තියනවා… තවත් කිව්වොත් ඔයාලාට බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑනේ.. මේකේ ධාවන කාලය 34 min විතර තමා තියෙන්නේ.. මෙය Comedy, Romance කියන වර්ග වලට අදාළ වෙනවා..
The Floorwalker (1916) | අහිංසක හොරා
The Floorwalker කතාව කලින් කතා දෙකම වගේ 1916 දී තමා හදලා තියෙන්නේ. හරියටම කියනවානම් 15 May 1916 (USA) තමා මේකේ මුල්ම දර්ශන වාරය තිබිලා තියෙන්නේ. මේකට IMDB දර්ශකයේ 6.8 ක අගයක් ලැබිලා තියනවා. කතාව නම් වෙනස්. ඒකට හේතුව චාලි වගේ දෙන්නෙක් මේ කථාවේ ඉන්නවා. එක්කෙනෙක් සාමාන්‍ය කෙනෙක් අනිත් කෙනා ඒ ආයතනයේ ප්‍රධානියෙක්. සාමාන්‍ය කෙනාතමා ඇත්ත චාලි. ලාවට කතාව ගැන කියනවානම් එක ආයතනයක මුදල් වංචාවක් වෙනවා. ඒක කරන්නේ චාලි වගේ ඉන්න අනිත් කෙනා. කොහොම හරි වැඩේට අහුවෙන්නේ ඇත්ත චාලි. මේකෙත් අනිත් ඒවා පට්ටට හිනා වෙන්න නම් ඕන තරම් දේවල් තියනවා. ධාවන කාලය විනාඩි 29 යි. Comedy යටතට තමා වැටෙන්නේ…
Shoulder Arms (1918) | වීර යුද භටයා
Shoulder Arms කතාව 10 July 1916 (USA) වල තමා ඉස්සල්ලාම මේක තිරගත කරලා තියෙන්නේ. IMDB සිනමා දර්ශකයේ 6.7 ඉතා ඉහළ අගයක් ලබා ගැනීමට මේකට පුළුවන් වෙලා තියනවා. මේ කතාව පටන් ගන්නේ යුද භටයන්ගේ පුහුණු කඳවුරකින්. අපේ චාලිත් ඉන්නේ පුහුණු වෙන භටයෙක් විදියට තමා. පුහුණුව අතරතුර දෙන විවේකයේදී චාලිට නින්ද යනවා. ඒ අතර එයාට පේන හීනය තමා කතාව විදියට තියෙන්නේ. මෙයාට පේන හීනේ විදියට එයා ඇත්තම යුද භටයෙක් වෙලා යුද්දෙට යන සීන් එකක් තමා තියෙන්නේ. චාලි ඉන්න බංකරයේ තව දෙන්නෙක් ඉන්නවා. එයාලත් එක්ක චාලි ඉන්න විධිය කරන දේවල් තමා ගොඩක්ම තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මම බලපු Charlie Chaplin චිත්‍රපටිවලින් මම ගොඩාක් කැමති එකක් තමා මේක. ඔයලත් බළලාම කියන්න මේක කොහොමද කියලා. මේකේ ධාවන කාලය විනාඩි 45ක් විතර තියනවා. Comedy, War යන කාණ්ඩ වලට මේක අයත් වෙනවා.
මේ torrent වලටනම් seeds අඩුයි. ඒක හින්දා බාන්නනම් වෙලා යයි. ඒත් බාන්නේ නැතුව ඉන්න එපා. එහෙම උණොත් ඔයාට බඩ අල්ලන් හිනාවෙන්න තියන අවස්ථාවක් තමා මගහැරෙන්නේ. එහෙනම් අපි තව චිත්‍රපට්යකින් හම්බවෙමු. ඔයාලාගේ අදහස් අපිට ලොකු ශක්තියක් වෙන නිසා Comment එකක් දාන්නත් අමතක කරන්න එපෝ. බයිස්කෝප් එකටත් හදවතින්ම සුබපතනවා!!! හැමෝටම ජය වේවා…!!!!!
ටොරන්ට් ලින්ක් සඳහා උපසිරැසි ගොණුවේ NOTEPAD ෆයිල් එක බලන්න.
1,122 downloadsDownload 201505241145baiscopelk.zip9.3 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසංක සංජන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
————
Frozen Fever – අපි ඔබට අද දවස ලස්සන දවසක් බවට පත්කරනවා ආනා!
හැමෝටම සුභ දවසක්. මේ තමා මෑතදී රිලීස් උණ ෆ්‍රෝසන් චිත්‍රපටයේ කෙටි චිත්‍රපටයේ කෙටි චිත්‍රපටය. අද ආනා ගේ උපන් දිනේ එල්සා බරටම සාදයක් සංවිධානය කරනවා. නමුත් ඇයට සෙම හැදිලා. ක්‍රිස්ටොෆ්, ඕලාෆ් වගේම ස්වෙන් පවා ඇයට උපකාර කරනවා මේ උත්සවයට. ඒ ගැනයි මේ කථාව. කාලය මිනිත්තු 7 ක චිත්‍රපටයක් නිසා වැඩි විස්තර කියන්නේ නැහැ. කථාව බලලම ඉන්න.
88 MB (CAM) කොපිය මෙතනින් බාගන්න
B8CF1F3413901AEBBCD4209A2291418EBBB6233F
Mickey’s Christmas Carol 1983 – නත්තලේ සැබෑ අරුත
මේ කථාවේ නම් කියන්න කිසි දෙයක් නැහැ. මොකද ඒක රසයට බාධාවක් නිසා. මේකෙ ඉන්න ලෝභ නපුරු ස්කෘච්ට නත්තලේ සැබෑ අරුත නත්තල් ආත්මයන් පෙන්වා දෙන කථාවකුයි මේකෙන් කියවෙන්නේ. මේකත් බලලම ඉන්න!
03E8C18E93F0EE024FDF4DFC853E30A8EE89A7BC ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
679 downloadsDownload 201505241243baiscopelk.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
35 comments
Ama
dilshan
torrent wala seeders la adu nan www.filestream.me walata gihin torrent file eke upload karala idm walin download karagann. seeders la netiunath kamak ne,hebei trackers la active wenna ona
එල්.සී. දමැල්
නියමයි....
ස්තූතියි දෙන්නටම...
ඒ වගේම හසංක සංජන සහෝට පළවෙනි උපසිරසට සුභ පතනවා...
ජය...Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks HASANKA Saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa…….
niayamai…thanks DHEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නලින්
හසංක දීප්ත සහොල දෙන්නටම ස්තුතියි!
ජය වේවා
me
Thanks
Dhanushka
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!
බ්ලැක් පැන්තර් නොහොත් පූසා
නියමයි කොල්ලෝ...
ජය වේවා...!!!Nilnethu
Parana Hindi films wlt kmthi aya wenuwn mma godak thanks karanw! Plz plwn nm mh films wltath sub danna Waqt: The race against time 2005 Aitraaz 2004 Barsaat 2005 36 Chaina town Love story 2050! Api wenuwn krn kepa kireem wlt godak pin
sameera
wow marune. thanx thanx
èxit_9.1
සාදරයෙන් පිලි ගන්නවා
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……දසුන් සුචරිත
බාමි ස්තුතියි
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට............
අසිත
ela The SpongeBob Movie Sponge Out of Water (2015) ekatath sab denna
Dulan
බොහොම ස්තුතියි හසංක සහෝ. පළමු උපසිරසට සුබ පැතුම්.
දීප්ත සහෝ ඔයා ගොඩක් නිහතමානී උපසිරසි කරුවෙක්.
අනිත් අය උපසිරසි කරන්න එතරම් යොමු වෙන්නෙ නැති ගණයේ සලරු වලට ඔයා බොහෝ වෙලාවට උපසිරසි කරනවා දැකල තියෙනවා. හදවතින්ම අගය කරනවා ඔබගේ කාර්යය.
බොහොමත් ම ස්තුතියි ජයෙන් ජය!!!දීප්ත තුෂාර
කමෙන්ටුවට හුගාක් ස්තූතියි දුලාන් සහෝ. මම විවිධත්වය අගය කරන කෙනෙක් වගේම ආස කරන කෙනෙක්. වැඩිපුරම මම විවිධාකාර නිර්මාණ කරන්නේ ඒ නිසා. හැබැයි ඒ තුළින් බලන්නාට පොඩි හෝ පිණිවුඩයක් වගේම වින්දනයකුත් ලැබෙන්න ඕන. ඒකයි මගේ අරමුණ. සමාජයට හොද දේවල් ලගා කරන එක මම කල ඇතැම් නිර්මාණ තොරාගැනීමට පදනමක් උණා. ඒකෙන් කෙනෙක් යථාර්තය දකින්න ඕන. ඒකයි මගේ දැක්ම.
දීප්ත තුෂාර
කමෙන්ටුවට ගොඩාක් ස්තූතියි.
Roshan
නියම වැඩක්
Akalanka
Thnx Bro......
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝලා දෙන්නටම. ;-)
ජය වේවා. ! :-Dකැලුම් ගුණසේකර
ස්තූතියි උපසිරැසියට.
sula
thanks machan...........!
රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසිවලට. ජය෴෴ :P :P
Nandana
Thank U Deeptha
“චූටී මල්ලි”
tnx
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයHasamka Sanjana
සුබ පතපු හමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා....
Roshan
one thenata nemi play wenne
aks
thanks...
rockz2020
බොහොම ස්තූතියි!✌❤
ජය වේවා! ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Gayan_madushanka_
Thanks bro
PahasaraDv
Thankz....
Anonymous
Thanks for the Sub !
Iresha Perera
Thanks for the Sub !
Ravisara Dharmapala
Supiri.. well come to the baiscope bro!! Digatama sub krmu 01 upasirasiyta suba pathanwa..❤❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝම ස්තූතියි. ජය වේවා!!!!!