සුභ දවසක්, ඔන්න එහෙනම් අද අරන් ආවා පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් Box Office ආදායම් වාර්තා වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 164ක මුදලක් උපයීමට සමත් වූ Eddie Murphy එහෙම නැත්තම් අපි හැමෝම දන්න විදියට Dr. Dolittle ගේ චිත්‍රපටියක්. Steve Carr ගේ අධ්‍යක්ෂණයක් වන මෙය 2003 වසරේ නිකුත් වූ Family/ Comedy…
සුභ දවසක්, ඔන්න එහෙනම් අද අරන් ආවා පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් Box Office ආදායම් වාර්තා වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 164ක මුදලක් උපයීමට සමත් වූ Eddie Murphy එහෙම නැත්තම් අපි හැමෝම දන්න විදියට Dr. Dolittle ගේ චිත්‍රපටියක්. Steve Carr ගේ අධ්‍යක්ෂණයක් වන මෙය 2003 වසරේ නිකුත් වූ Family/ Comedy ගනයට අයත් පැය 1යි විනාඩි 32ක ධාවන කාලයකින් සමන්විතයි.
Steve Carr ගේ සුපිරි චිත්‍රපටි කිහිපයක් තමයි මේ,
● Next Friday (2000)
● Dr. Dolittle 2 (2001)
● Daddy Day Care (2003)
● Are We Done Yet ? (2007)
● Paul Blart: Mail Cop (2009)
● Middle School: The Wrost Years of My Life (2016)
මෙතන Next Friday (2000) ෆිල්ම් එකට මම ඔයාලට ඊළඟට උපසිරැසි අරගෙන එන්නම්. ඒකත් දැම්ම ගිහින් මේත් එක්කම බාගෙන ඉන්න
කතාව මේකයි,
චාර්ලි මැදිවියේ පසුවන ඉහළ පෙලේ රැකියාවක් කරන, බිරිඳක් හා දරුවෙකුද සිටින පුද්ගලයෙක්. හිටි හැටියෙම එක පාරටම මෙයාගේ රස්සාව නැතුව යනවත් එක්කම මෙයාට වෙනවා මෙයාගේ පුංචි පුතාවත් බලාගෙන ගෙදරට වෙලා ඉන්න, අම්මා වැඩට ගිහින් එනකන්. ඉතින් මෙහෙම කාලයක් ඉන්නකොට චාර්ලිට අදහසක් පහළ වෙනවා ගෙදර ළමයින් බලාගන්න තැනක් තාවකාලිකව පටන්ගන්න තමන්ට හරි රස්සාවක් ලැබෙනකන්. ඉතින් මේ වැඩේට රැකියාව අහිමි තමන්ගේ හොඳම මිතුරා පිල් වත් චාර්ලි සම්බන්ධ කරගන්නවා. මේ දෙන්නට මේ Day Care… එහෙමත් නැත්තම් ළමයින් බලාගන්න තැනක් කරගෙන යාම සම්බන්ධයෙන් කිසිම පලපුරුද්දක් දැනුමක් නෑ. කොහොමින් කොහොමහරි Day Care එක දාන මේ දෙන්නා බොහොම කරදර බාධක දුක් ගැහැට මැද පොඩි එවුන් ගේ දඟ වදකාර වැඩත් ඉවසගෙන කාලයක් කරගෙන යමින් ඉන්නකොට මෙයාලට තවත් නොසිතු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඒ තමයි මෙයාලගේ මේ ළමයින් බලාගන්න තැනට ආසන්නයෙම තියන පෙර පාසලක විදුහල්පතිනියක් මෙයාලා එක්ක ගැටීම,
ඒ චාර්ලි, පිල්ගේ ළමයින් බලාගන්න තැන නිසා එම පෙර පාසලේ පැවැත්මට බලපෑමක් ඇති වීම නිසාවෙනි.
එහෙනම් චිත්‍රපටිය අරගෙන පවුලේ හැමෝමත් එක්ක එකට ඉඳගෙන බලන්න. ඊළඟට Next Friday (2000) චිත්‍රපටියෙන් හම්බවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,446 downloadsDownload Daddy-Day-Care-2003.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
9 comments
Podiya21
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.Kavinu
මේකේ sequel ෆිල්ම් එක Daddy Day Camp (2007) එකටත් සබ දෙන්න පුලුවන් නම්!
ජය වේවාindika75
thanks..
D.Chamara
bohoma sthuthi
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
elama
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ෆස්ට් ඩවුන්ලෝඩ් එක මගෙන්...