කොහොමද ඉතිං අපේ හිතවත් රසික ප්‍රජාවට? ඔන්න මෙදා සැරේ නම් අරගෙන ආවේ Old Hit එකක්. අනූවදශකයේ නිර්මාණය වුණු සුපිරිතම සිනමාපටයක් කියලා කිව්වත් වරදක් නැහැ. සමහරු මේක නරඹලාත් ඇති. සමහරු නරඹලා නැතිවත් ඇති. ඒ අස්සේ පළමු වතාවට අදම මේ ෆිලුම ගැන අහපු අයත් ඇති. ඉතින් මේක බලපු, නොබලපු, බලන්ට හිතාගෙන ඉන්න හැමදෙන…

කොහොමද ඉතිං අපේ හිතවත් රසික ප්‍රජාවට? ඔන්න මෙදා සැරේ නම් අරගෙන ආවේ Old Hit එකක්. අනූවදශකයේ නිර්මාණය වුණු සුපිරිතම සිනමාපටයක් කියලා කිව්වත් වරදක් නැහැ. සමහරු මේක නරඹලාත් ඇති. සමහරු නරඹලා නැතිවත් ඇති. ඒ අස්සේ පළමු වතාවට අදම මේ ෆිලුම ගැන අහපු අයත් ඇති. ඉතින් මේක බලපු, නොබලපු, බලන්ට හිතාගෙන ඉන්න හැමදෙනාටම දැන් මේක බලන්න පුළුවන් සිංහල උපසිරැසිත් එක්කම.

ඉතින් මේ චිත්‍රපටය නිපදවීමට පසුබිම් වෙන්නේ සත්‍යම සිදුවීමක්. ලෝක ප්‍රසිද්ධ ඇපොලෝ මෙහෙයුම් ගැන හුඟ දෙනෙක් දන්නවා ඇතිනේ. ඇපොලෝ කියන්නේ නාසා ආයතනයෙන් දියත් කරන අභ්‍යවකාෂ මෙහෙයුම් ව්‍යාපෘතියක්. ඉතින් මේ ඇපොලෝ මෙහෙයුම් අතලොස්සෙන් එකක දී තමයි නීල් ආම්ස්ට්‍රෝන්ග් ප්‍රමුඛ බස් ඇලඩ්‍රීන් ඇතුළු කණ්ඩායම ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට සඳ මත පා තැබුවේ. හරියටම කිවහොත් එකොලොස් වන ඇපොලෝ මෙහෙයුමේදි. හැබැයි කතාව තියෙන්නේ ඒක ගැන නම් නෙමෙයි. ඉතිං මේ සිනමා නිර්මාණයට පාදක වෙන්නේ දහතුන්වන ඇපොලෝ මෙහෙයුම. නාසා අයාතනයේ ඇපොලෝ මෙහෙයුම් ඉතිහාසයේ අසාර්ථකම අභ්‍යවකාෂ මෙහෙයුම ලෙස මේ ඇපොලෝ 13 මෙහෙයුම නම් කරන්නත් පුළුවන්. ප්‍රායෝගිකවම දහතුන කිව්වාම එතරම් සුභදායී අංකයක් විදිහට සමාජය දකින්නේ නෑනේ. ඉතිං ඒ කසුකුසුවම ඒ රටවල් වලත් නොඅඩුව තියෙනවා. .

ඇපොලෝ 13 නිල ලාංඡනය

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමා ජිම් ලොවෙල් (Jim Lovell). ජිම් ලොවෙල්ගේ චරිතයට පණපොවන්නේ සිනමා ලෝකයේ සුපිරිම තරුවක් වෙන ටොම් හෑන්ක්ස් (Tom Hanks) විසින්. ඉතිං ජිම් කාර්මික ඉංජිනේරුවරයෙක් සහ නාවික කපිතාන්වරයෙක් ලෙස සේවය කරලා පසුව නාසා ආයතයේ සේවයට බැඳුනු අයෙක්. ජිම් ඇපොලෝ 13ට පෙර ජෙමිනි 7, ජෙමිනි 12, ඇපොලෝ 8 වැනි මෙහෙයුම් වලින් අභ්‍යවකාෂයට ගිහින් හොඳ අත්දැකීම්ලත් ගගණගාමියෙක්. ජිම් තමා ඇපොලෝ 14 මෙහෙයුමේ ප්‍රධාන නිලධාරියා වශයෙන් තේරී පත්වෙන්නේ. ඔහුගේ සහයකයා ලෙස ෆ්‍රෙඩ් හේස් (Fred Haise) සහ ප්‍රධාන යානයේ නියමුවා (Command Module Pilot/CMP) ලෙස කෙන් මැටින්ග්ලි (Ken Mattingly) යන ගගණගාමීනුත් මේ ඇපොලෝ 14 මෙහෙයුම සඳහා නිර්දේශ වෙනවා. ඇපෝලෝ 13 මෙහෙයුම සඳහා මුලින් නිර්දේශ වෙලා හිටියේ අද්මිරාල් ඇලන් ශෙපර්ඩ් ඇතුළු කණ්ඩායමක්. නමුත් හදිසියේ ඇලන්ගේ කණ ආශ්‍රිත ඇතිවුණූ රෝගී තත්වයක් නිසා ඇලන් ඇතුලු කාර්ය මණ්ඩලය වෙනුවට, ඇපොලෝ 14 මෙහෙයුම සඳහා නිර්දේශ වී සිටි ජිම් ඇතුළු කාර්ය මණඩලය ඇපෝලෝ 13 මෙහෙයුම සඳහා පත් කරනු ලැබුනවා. ඉතිං මෙලෙස දිගින් දිගටම ඇතිවණ බාධකත් මැඬගෙන ඇපොලෝ 13 මෙහෙයුමේ කටයුතු දිගටම කෙරීගෙන යනවා. ඔවුන් පිටත් වීමට දින දෙකක් ඉතිරිව තිබිය දී, ඔවුන් සමඟ සිමියුලේටර් අංශයේ කටයුතු කල අයෙකුට සරම්ප රෝගය අසාධනය වෙනවා. මෙම රෝගයක් එක් වතාවක් ආසාධනය වූ පසු ඒ සඳහා ජීවිතකාලීන ප්‍රතිෂක්තියක් සිරුර තුල නිපදවෙන බව තමා වෛද්‍ය මතය. ඒ කියන්නේ එක් වරක් සරම්ප ආසාධනය වූ අයෙකුට නැවත එම වරක් රෝගය වැළඳීමේ අවධානම ඉතාමත් අඩුයි. ජිම් ලොවෙල්ට සහ ෆ්‍රෙඩ් හේස් හට මේ රෝගය කලින් වැළඳී තිබුණත් කෙන් මැටින්ග්ලිට මේ රෝගය මීට පෙර ආසාධනය වී තිබී නැහැ. ඉතින් ඒ අවධානම පසෙකලන්නට බැරි නිසා අවසාන මොහොතේ දි නාසා ආයතනය විසින් කෙන් මැටින්ග්ලි වෙනුවට ප්‍රධාන යානයේ නියමුවා (CMP) ලෙස ජැක් ස්වයිගර්ට් ව පත් කරනවා.

කෙසේ හෝ 1970 අප්‍රේල් මස 11 වන දින කිසිදු අතුරු ආන්ත්‍රාවක් නැතිව සැටර්න් පහ රොකට්ටුව ආධාරයෙන් ඇපොලෝ 13 ප්‍රධාන සහ සේවා මොඩියුලය (Command & Service Module) අභ්‍යවකාෂගත කරනවා. ප්‍රධාන යානය චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වූ පසු සඳට ගොඩබැසීම සඳහා භාවිත කරන විශේෂ යානය නැතිනම් මොඩියුලය තමා ලූනාර් මොඩියුලය (Lunar Excursion Module) එහෙම නැතිනම් ලෙම් (LEM) ලෙස හඳුන්වන්නේ. ඉතින් මේක තියෙන්නේ ඔවුන්ගේ දියත් කිරීමේ යානයේ පසුපස කොටසේ. අදාල ස්ථානය පැමිණි පසු ප්‍රධාන මොඩියුලය දියත්කිරීමේ යානයෙන් වෙන වෙනවා. ඉන් පස්සේ ප්‍රධාන මොඩියුලය ආපසු හරවාගෙන ඇවිත් දියත් කිරීමේ යානයේ ඇති LEM එක ප්‍රධාන මොඩියුලයේ ඇති ගිම්බල් අගුළු ආධාරයෙන් පිටතට ගන්නවා. මේ ක්‍රියාවලිය හඳුන්වන්නේ LEM Extraction & Docking ලෙස. මේ සඳහා යානය මෙහෙයවන්න ඕනේ ප්‍රධාන මොඩියුලයේ නියමුවා. ඒ කියන්නේ CMP. පෙර පුහුණුවේදීත් කෙන් මැටින්ග්ලී නම් මේ ක්‍රියාවලිය අති සාර්ථක ලෙස කරන්නට සමත් වුණා. නමුත් ජැක් ස්වයිගර්ට් නම් පෙර පුහුණුවේදි එතරම් සාර්ථක වුණේ නැහැ. ජැක්ට මේක කරන්න හැකි වේවිද? ජිම් ලොවෙල්ගේ සිහිනයක් තමයි සඳ මත ඇවිදින එක. ඔහුට ඒක සැබෑ කරගන්නට හැකි වෙයිද?

චිත්‍රපටයේ වතගොත ටිකක් සඳහන් කලොත්, මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන රොන් හොවාර්ඩ් (Ron Howard) මහතා විසින්. The Da Vinci Code (2006), Angels & Demons (2009), Inferno (2016), In the Heart of the Sea (2014), Solo (2018) වගේ අතිශය ජනප්‍රිය චිත්‍රපට මේ මහතා අධ්‍යක්ෂණය කල වෙනත් චිත්‍රපට අතරට වැටෙනවා. එසේම මෙම චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.6ක ඉහළ අගයක් ලැබී තිබෙනවා. තවද මිනිත්තු 140ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටය ඇමරිකන් ඩොලර් මිලියන 355.2 ක ආදායමක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. හොඳම සංගීත සංකලනය සඳහා ඇකඩමි සම්මානය, හොඳම චිත්‍රපට සංස්කරණය සඳහා ඇකඩමි සම්මානය, ජනප්‍රියතම චිත්‍රපටය සඳහා People’s Choice සම්මානය, හොඳම දෘෂ්‍ය ප්‍රයෝග සහිත චිත්‍රපටය වෙනුවෙන් හිමි BAFTA සම්මානය, චිත්‍රපටයක හොඳම රංගනය වෙනුවෙන් හිමි Screen Actors Guild සම්මානය සහ තවත් එවැනි සම්මාන විශාල ප්‍රමාණයකින් මෙම චිත්‍රපටය පිදුම් ලැබුවා. මේ සඳහා ජිම් ලොවෙල් ලෙස Tom Hanks ද, ෆ්‍රෙඩ් හේස් ලෙස Bill Paxton ද, ජැක් ස්වයිගර්ට් ලෙස Kevin Bacon සහ කෙන් මැටින්ග්ලී ලෙස Gary Sinise යන රංගන ශිල්පීන් සහ තවත් ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් දායකත්වය සපයා තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය නිර්මාණයේදී බොහෝමයක් දෙබස් සිදුවීම් වැනි දේවල් සත්‍ය සිදුවීමට වඩා වෙනසක් සිදු කරලාත් නැති බව තමයි දැනගන්නට ලැබුණේ. ඒවගේම මේක එක් වයස් කාණ්ඩයකට පමණක් උචිත චිත්‍රපටයක් කියලා දැනගන්නට ලැබුණේ නැහැ. ඒ කියන්නේ පොඩිහිටියන් මේ චිත්‍රපටය නැරඹුවාට වරදක් නැහැ කියලා තමයි මම හිතන්නේ.

ඉතිං එහෙමනම් මේ ලිපිය නිමා කරන්න දැන් කාල වේලාව හරි කියලා මට හිතෙනවා. මේ චිත්‍රපට නරඹන කෙනෙකුට නම් මේ ත්‍රාසජනක අත්දැකීමක් ලබාගත හැකි වෙන බවනම් මට පැහැදිලිවම කියන්න පුළුවන්. තව දෙයක් කියන්න තියෙනවා, ඒ තමයි මම සමහරක් තාක්ෂණික වචන සිංහලයට පරිවර්තනය කරන්න ගියේ නැහැ, මොකද අපිට ඒ බොහොමයක් වචන වල ඉංග්‍රීසි උච්චාරණය තමා වඩාත්ම හුරුපුරුදු සිංහල උච්චාරණයට වැඩිය. අනික ඒ බොහොමයක් වචන වල සිංහල තේරුම් කියවන්න ගියොතින් සමහරුන්ට චිත්‍රපටය පවා එපා වෙන්න පුළුවන්. අන්න ඒ හේතු නිසා මම සංකීර්ණ තාක්ෂණික වචන සිංහලයට නැගුවේ නැහැ. එසේම අදහස් හා යෝජනා චෝදනා වැනි දේවල් ඇත්නම් පහලින් තියෙන කමෙන්ට් බොක්ස් එකේ ඵළ කරන්න හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් චිත්‍රපටය නරඹන වගකීම ඔබට පවරලා, තවත් මෙවැනි චිත්‍රපටයක් අරගෙන එන බලාපොරොත්තුවෙන් මම අදට නවතිනවා.

හැමදෙනාටම තෙරුවණ් සරණයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

3,859 downloadsDownload Apollo-13-1995.zip169 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/FB_IMG_15862218409747944-e1586222121344.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

විහඟ පියුමාල්

Subtitles

3,859 downloadsDownload Subtitles169 KB

24 comments

  1. Randy

    සහෝ ඔයා උපසිරැසි ලාබා දුන්න Scooby doo and guys who එකේ S 2 ඇවිල්ලා.පුලුවන් නම් එකටත් සබ් දෙන්න❤

    1. Vihanga Piyumal

      සීසන් 2 නෙමෙයි. පළවෙනි සීසන් එකම එපි 21ක් වගේ වෙනකම් Renew කරලා කියලා තමා දැනගන්න ලැබුණේ. අලුත් එපි ටික තවම රිලීස් වෙලා නෑ.

  2. නිරෝෂ්

    ස්තුතියි විහඟ සහෝ.ජයවේවා!

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) .. යට comment එකේ දැක්කෙ Scooby-Doo and Guess Who season 2 ඇවිල්ලා කියල ඇවිල්ලා නම් ඒකට සබ් දෙන්න බ්‍රෝ season 1 එකට සබ් දුන්න වගේ :)
    ජය වේවා.!

  4. thushararox

    සබ් නැති නිසා නොබලා හිටියේ. දැන් බැලුවැකි තෑන්ක්ස්.

  5. Anonymous

    බලන්න කැමැත්තෙන් සිටි සිනමාපටයක්, සබ් එක ඩවුන්ලෝඩ් කළා. ඔබට ගොඩක් ස්තුතියි! හැකිනම් IMDb ඉහළ අගයක් ඇති පරණ එකකට සබ් කරන්න.

  6. Priyantha Dayakeerthi

    මෙය හොඳ ෆිල්ම් එකක්, සබ් එකට ස්තුතියි. හැකිනම් 1960 දශකයේ හොඳ ඉංග්‍රීසි ෆිල්ම් එකකට සබ් දෙන්න.

  7. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  8. indika75

    thanks..

  9. Dharshana Kasun

    Thanks..

  10. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය

  11. Pramukmili

    Thanxx bro.................

  12. Shamal manojan

    මේ උපසිරැසියට බොහොම ස්තූතියි....

    Apollo 11 - 2019 ෆිල්ම් එකටත් සබ් දෙන්න පුලුවන්ද?
    Please.......

    1. Anonymous

      owwww onaaa

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. Amal Kumara

    උපසිරසට තුති...

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Lasitha

      Thanks for the subtitles

  16. Dewadithya

    Thanks for sub!

  17. sasanka

    thanks for the sub

  18. Tech Prasa

    Apollo 11 (2019) Film එකේ සිංහල subtitles එකත් දෙන්නකෝ

  19. No name

    Apollo 11 (2019) ඕනා....

  20. viraj

    thanks.........

  21. Anonymous

    Thanks for the subtitle