Watch Trailer

Dark Water (2002) Honogurai Mizu No Soko Kara Sinhala Subtitles | ජලයෙන් මතු වූ ආත්මය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම, ඔන්න එහෙනම් මං අද අරගෙන ආවේ ජපන් හොල්මන් චිත්‍රපටයක්. ජපන් හොල්මන් ෆිල්ම් කිවුවම ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. සුපිරිම නිර්මාණ තමයි. The Grudge (2004), Ring (1998), One Missed Call (2003) කියන චිත්‍රපටි කට්ටියම බලල ඇතිනේ. මේකේ Remake එකක් Dark Water (2005) යන නමින්ම නිකුත්…

කොහොමද කට්ටියටම, ඔන්න එහෙනම් මං අද අරගෙන ආවේ ජපන් හොල්මන් චිත්‍රපටයක්. ජපන් හොල්මන් ෆිල්ම් කිවුවම ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. සුපිරිම නිර්මාණ තමයි. The Grudge (2004), Ring (1998), One Missed Call (2003) කියන චිත්‍රපටි කට්ටියම බලල ඇතිනේ. මේකේ Remake එකක් Dark Water (2005) යන නමින්ම නිකුත්වෙලා තියෙනවා. ඒකට උපසිරැසි කලින්ම සයිට් එකෙන් ලබා දීල තියෙනවා.

හරි මේක තමයි Original නිර්මාණය. මේකේ ජපන් නම තමයි “Honogurai mizu no soko kara“. චිත්‍රපටය නිකුත් කරල තියෙන්නේ 2002 වසරේදි. පැය 1යි විනාඩි 41ක ධාවන කාලයක් තියෙන මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදු කරල තියෙන්නෙ Hideo Nakata කියන ජපන් අධ්‍යක්ෂකවරයා. තවත් ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වෙන Ringu | The Ring Two නිර්මාණය කරල තිබෙන්නෙත් ඔහු විසින්ම තමයි. Imdb දර්ශකයේ 28,000ට වැඩි පිරිසකගෙන් 6.7ක වගේ අගයක් ලබා ගන්න මේක සමත් වෙලා තියෙනවා. ඒවගේම Rotten Tomatoes වල 80% මනාපයක් සහ Google පරිශීලකයන්ගේ 83%ක වගේ මනාපයක් දිනා ගන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය අයත් වෙන්නේ Drama|Horror|Mystery යන කාණ්ඩයට. Hitomi Kuroki සහ Rio Kanno කියන ළමා නිළිය ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. මුල සිට අගට යනතුරු කුතුහලයෙන්, තැතිගැන්මෙන් වගේම, අවසානයේ මේ ළමා නිළියගේ අපූරු සංවේදී තාත්ත්වික රංගන හැකියාව ඇතුලුව කම්මැලි කමක් නැතිව චිත්‍රපටය රස විඳින්න ඔයාලට පුළුවන්. හොල්මන් ෆිල්ම් බලන්න කැමති යාළුවෝ බලල නැත්නම් අනිවාර්යෙන්ම බලන්න කියල ආරධනා කරනවා.

හරි එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්. පුංචි ඉකු-චෑන් සහ එයාගේ අම්මා යොෂිමි මහල් නිවාසයක පදිංචියට යනවා. අම්මත් එක්ක ගෙවල් හොයල හොයල ඇවිදල එපා වෙලා ඉන්න පුංචි ඉකු-චෑන් අකමැත්තෙන් වගේ මේ මහල් නිවාස සංකීර්ණේට ගියාට පස්සේ එයාගේ හැසිරීම ටික ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙයාගේ අම්මත් ඒ ගැන මුලදි වැඩිය හිතුවේ නැතිවට ටික දවසක් යද්දි මොකක් හරි අමුතු දෙයක් සිද්ද වෙනවා කියල එයාටත් තේරුම් යනවා. පස්සේ අම්මත් මේක ගැන හොයන්න පටන් ගන්නවා. දුවගේ වෙනස් හැසිරීමට හේතුව මොකක්ද? එයාගේ අම්මට ඒක හොයා ගන්න පුළුවන් වෙයිද? මේ මහල් නිවාසේ තියෙන අභිරහස මොකක්ද? එහෙනම් ඉතින් ඔයාලම ඉතුරු ටික බලන්නකෝ.

මං ගිහිල්ල එන්නම්. නැවතත් උපසිරසියකින් හමුවෙන තුරු හැමෝටම ජය. බුදු සරණයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.

1,645 downloadsDownload Dark-Water-2002.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

1,645 downloadsDownload Subtitles28 KB

11 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) .. One Missed Cal එකේ නම් film 3ක්ද කොහෙද තියනව මරු film එක.. සබ් දෙනව නම් මේවත් හොඳයි බ්‍රෝ තෝරල බේරල අරන් පුළුවන් නම් මෙතනින් එකකට හරි කමක් නෑ සබ් දෙන්න :)
    * Dark Floors (2008)
    * Uninhabited (2010)
    * Ejecta (2014)
    * Innocent Curse (2017) Japanese
    * The Eye (2002) [The Eye 2008 english film එකේ original japanese film එක]
    * Thanatomorphose (2012)
    * Primer (2004)
    * Unseen (2016)
    * Relic (1997)
    * Buio Omega AKA Beyond Darkness (1979)
    * The Cured (2017)
    * The First Wave (2014)
    * Still/Born (2017)
    * Unsane (2018)
    * Sighting (2016)
    * The Lullaby (2012)
    * Bed of the Dead (2016)
    * Contracted (film series)

    1. Hashan M. Priyadarshana

      ඔය Thanatomorphose එක නම් බලන්න පුළුවන් වෙයිද දන්නෑ ;) :D

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  3. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසිය..ජය වේවා !!

  4. Suranjan

    Thanks jayawewa.....!

  5. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තුතියි...

    Request.....

    pulse 2001
    one missed call 2003
    Thirst 2009
    suicide club 2002
    boogeyman 2 - 2007
    boogeyman 3 - 2008

  6. indika75

    thanks..

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Dianadias

    Thank you

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Dewadithya

    Thanks for sub!