Watch Trailer

Dances with Wolves (1990) with Sinhala Subtitles | දුප්පතුන් නැති ලෝකය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! අදත් සුපුරුදු දෙසම පරණ චිත්‍රපටියක් ගෙනාවා. මට මේක කරන්න අවසර ලබාදුන්න අසංක රණතුංග සහෝදරයාට විශේෂ ස්තුතිය පුද කරන්න ඕනි.ඒ වගේම මගේ කලින් නිර්මාණ වලට අදහස් දක්වපු අයත් මේ මොහොතේ මම සිහිපත් කරනවා. ගොඩක් අය IMDB Top 250 සම්පුර්ණ කරන්න කියලා ඉල්ලලා තිබ්බා. දැනට List ඒකෙ ඉතිරි වෙලා තියන ගොඩක්…

ආයුබෝවන් ! අදත් සුපුරුදු දෙසම පරණ චිත්‍රපටියක් ගෙනාවා. මට මේක කරන්න අවසර ලබාදුන්න අසංක රණතුංග සහෝදරයාට විශේෂ ස්තුතිය පුද කරන්න ඕනි.ඒ වගේම මගේ කලින් නිර්මාණ වලට අදහස් දක්වපු අයත් මේ මොහොතේ මම සිහිපත් කරනවා. ගොඩක් අය IMDB Top 250 සම්පුර්ණ කරන්න කියලා ඉල්ලලා තිබ්බා. දැනට List ඒකෙ ඉතිරි වෙලා තියන ගොඩක් එව්වා පරණ චිත්‍රපටි. එව්වගේ හොද ගුණාත්මකබවකින් තිබෙන පිටපතක් හොයාගන්න අමාරුයි.ඉඩ ලැබෙන විදිහට එව්වට උපසිරසි යොදන්න මම තීරණය කළා.

ඇමරිකාව දැන් ලෝක බලවතෙක් විදිහට නැගී සිටියත්, ගොඩක් කලෙකට කලින් ඇමරිකාව නිජබිම උනේ ස්වදේශික රතු ඉන්දියානු ජන කොට්ටාශ උන චෙරෝකි, මායා හෝ යුකැටෙක්, ඇස්ටෙක්ස්, නවාජු සහ සූක්ස් වගේ ගෝත්‍රිකයන්ට. ඔවුන් උතුරේ ඉදලා දකුණට යනකල්ම ව්‍යාප්ත වෙලා ඉදලා තියනවා.පස්සේ කාලෙක ඇමරිකාවට ඇවිත් ජනාවාස පටන්ගත්ත එංගලන්තය, ප්‍රංශය ,ස්පාඤ්ඤය යන රටවල් වලට මේ ස්වදේශිකයන් මහත් හිරිහැරයක් උනා. ඒ හින්දා ඔවුන් මේ ස්වදේශිකයන්ව අතුගාලා දාන්න පටන්ගත් හිරිහැර කිරීම සමූලඝාතන දක්වා දුරදිග ගිහින් තියනවා. සොබාදහමට සමීප ඉතාමත් සාමකාමී ජන කොට්ටාශයක් උන මේ ජනතාව විදේශිකයන්ගේ හිරිහැර වලට විරුද්දව සටන් කරලා තියනවා, ඒ සුදු ජාතිකයන්ට පහර දීම, මංකොල්ල කෑම, නගර වලට පහර දීම වගේ දේවල් වලින්.ඉතින් මේක වාසියට හරවා ගත්ත සුදු ජාතිකයෝ ඔවුන්ව මිලේච්ඡ ජාතියක් විදිහට හංවඩු ගහලා තියනවා. ඉතින් එංගලන්තය, ප්‍රංශය ,ස්පාඤ්ඤය කියන රටවල් වල පොදු සතුරා වුනේ මේ රතු ඉන්දියානුවෝ. ඉතින් 1492 ඉදලා පටන්ගත්ත මේ ලේ වැගිරීම් ඉවර උනේ 1887 දී. ඒ ඔවුන්ගේ ප්‍රදානම ජීවනෝපාය උන හරක් බැලීම, (මේ හරක් කියන්නේ බයිසන් ගවයන්ට) නැති උන හින්දා .ඒ ඉවක් බවක් නැතුව සුදු ජාතිකයන් උන් දඩයම් කරපු හින්දා උන් අවුරුදු 10ක් ඇතුලත ලොවින් වද වෙලා ගියා. ඒ වගේම 1887 වෙනකොට හිටියේ ස්වදේශිකයන් අතලොස්සක් විතරයි. ඒ හින්දා සියටෙල් කියන රතු ඉන්දියානු නායකයා සුදු ජාතිකයන්ට බාර වීමට තීරණය කිරීමත් එක්ක. මේ ගැන සදහන් කරලා ලිව්ව ලිපිය මේ වෙනකොට ලෝකප්‍රසිද්ද වෙලා තියනවා. ස්වදේශිකයන්ට අමතරව මේ රටවල් එකිනෙකා අතරත් සටන් කරගත්තා. ඒ තමන්ගේ බලය තහවුරු කරගන්න. 1732 වෙනකොට කොටස් 13කට කැඩිලා තිබ්බ ඇමරිකාව ජෝර්ජ් වොශින්ග්ටන් යටතේ 1789 දී එක්සේසත් වෙනවා.ඉතින් මේ ප්‍රාන්ත 13 අතර සිදු උන යුද්දය ඇමරිකානු නිදහස් සටන ලෙස හදුන්වනවා. මේ චිත්‍රපටිය පටන්ගන්නේ මෙන්න මේ කියන නිදහස් සටනේ කොටසකින්. ලුතිනන් ජෝන් ඩම්බර් මේ සටනක් දිනවන්න විශාල සේවයක් කරනවා. ඒ හින්දා එයාට ගෞරව පදක්කම් වගේම එකේදී එයාට උදව් කරපු අශ්වයාත් හම්බවෙනවා.තව එයාට කැමති තැනකට මාරු වීමේ අවස්ථාව ලැබෙනවා. ඉතින් එයාගේ කැමැත්තෙන් එයා බටහිර ප්‍රදේශයට යනවා. එහිදී එයාව සේජ්වික් කියන කදවුරට යවනවා. ඉතින් එයා ඒ කදවුරට යනකොට ඒකෙ කට්ටිය ඒක අතරලා ගිහින්. ඉතින් මේ ලුතිනන් තීරණය කරනවා ඒ කදවුරේ අනිත් බටයන් එනකල් නවතිලා උනේ මොකක්ද කියලා හොයන්න. ඒ උනාට මේ කදවුර තියෙන්නේ රතු ඉන්දියානු භුමි ප්‍රදේශයක. ඉතින් මේ ලුතිනන් මොන වගේ දුෂ්කරතා වලට මුනපායිද? ඇයි අනිත් අය කදවුර අතෑරියේ ? මේ චිත්‍රපටිය ඉංග්‍රීසි හා ඇමරිකානු ස්වදේශික භාෂාව යන දෙකම අඩංගු වෙනවා. ඒවගේම මේ ස්වදේශිකයන්ට තියෙන්නේ අමුතු නම් මම ගොඩක් එව්වා පරිවර්තනය කළා. අනිත් එව්වට වෙනසක් කලේ නෑ.

චිත්‍රපටිය ගැන කියනවනම් මේකට IMDB රේටින්ග්ස් 8/10 තියනවා. ඒවගේම මේක ඔස්කා සම්මාන 7 දිනලා තියනවා වගේම තවත් සම්මාන 43 දිනලා තියනවා වගේම තව සම්මාන 33කට නිර්දේශ වෙලා තියනවා. මේක අධක්ෂණය කරලා තියෙන්නේ Barry Levinson කියන ජනප්‍රිය අධ්‍යක්ෂවරයා.

නැවත හමුවෙමු! ඔබට ජය !

Man does not weave this web of life. He is merely a strand of it. Whatever he does to the web, he does to himself.
(මිනිසා ජීවිතයේ දැල වියන්නේ නැත. ඔහු එහි එක් කොටසක් පමණි. ඔහු ඒ දැලට කුමක් කළත්, ඔහු එය තමාටද කරන්නේය.)

 

 

Dances with Wolves (1990) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Dances.with.Wolves.DC.1990.720p.BluRay.x264.YIFY

ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,606 downloadsDownload Dances-with-Wolves-1990.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Asitha-Jayasinghe-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසිත ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසිත ජයසිංහ

Subtitles

2,606 downloadsDownload Subtitles50 KB

29 comments

  1. ඉෂාන් මදූෂ

    නියමයි සහෝ.බොහොම ස්තූතියි

  2. tharindu gunarathna

    thank you yery much

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  4. janitha

    thanks!!!!

  5. tharindu gunarathna

    Mulholland Dr sinhala sub plz

  6. krish

    thank you .....

  7. එල්.සී. දමැල්

    බෝම තුති ඈ
    පරණ එව්වට උපසිරසි කරන එකනං ගොඩක් වටිනවා....

  8. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. sanath indika

    thx broo

  11. Janaka J

    niyami

    thank you very much...................

  12. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  13. asitha

    Barry Levinson නෙමේ Kevin Costner තමයි මේකේ ප්‍රධාන චරිතය රඟපාන ගමන් අධ්‍යක්ෂවරයා වෙන්නේ
    හොඳ ෆිල්ම් එකක්
    ජය වේවා!!!

  14. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  15. wiki

    උසස් සිනමා කෘතියකට උපසිරස ලබාදුන් ඔබ ඇතුළු සියලු දෙනාට ස්තුතියි

  16. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  17. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Withanage Priyantha Dayakeerthi

    අසිත ජයසිංහ සොයුර,
    මෙම සිංහල උපසිරසියට ස්තුතියි!
    IMDb සිනමාපට වර්ග කිරීම් යටතේ, 53 වන ස්ථානයේ ඇති 1950 වර්ෂයේ තිරගත වූ Sunset Boulevard
    සිනමාපටයට සහ 117 වන ස්ථානයේ ඇති 1959 වර්ෂයේ තිරගත වූ Some Like It Hot සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන්න. ඔබට ස්තුතියි!

    1. Udeni

      අසිත ජයසිංහ....
      ඉතාම විශිෂ්ඨ චිත්‍රපටයක් , අාකර්ශනීය අයුරින් උපසිරසි ගන්වා ඉදිරිපත් කිරීම පිළිබඳ
      ඔබට ස්තුති ....

  20. Withanage Priyantha Dayakeerthi

    මා විසින් පහත දක්වා ඇති IMDb 250 තුළ ඇති සිනමාපට දෙක ඩවුන්ලෝඩ් කළේ දැනට සති දෙකකට පෙරදී. ඒ නිසා ඒ දෙකේම හොඳ ලින්ක් තිබෙනවා. මා එසේ කීවේ බයිස්කෝප් එකේ දැනට නොමැති, ඉතිරි IMDb 250 සිනමාපට සඳහා හොඳ වීඩියෝ ලින්ක් නැහැ කියා ඉහත දක්වා ඇති නිසායි. ස්තුතියි!

  21. Thusitha Kumara

    බෙහෙවින් ම ස්තුතියි උපසිරැසියට. අපූර්ව සිනමා නිර්මාණ රසවින්දනයට එය විශාල රුකුලක්.

  22. tharangani

    thanx

  23. pasan

    good

  24. LSM HUSKAA

    නියමයි සහෝ.බොහොම ස්තූතියි

  25. LSM HUSKAA

    ammo meka ptta ahh. dada film 1k.

  26. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  27. sasanka

    thanks for the sub

  28. Geethi

    Thank you very much.