ඔන්න එහෙනම් ටිකක් වෙනස් විදිහේ චිත්‍රපටියක් අරගෙනයි අද ආවේ. 2010 වර්ශයේදි තිරගත උන මේ චිත්‍රපටය IMDB අගය 6.2 ක් අරගන්නට සමත් වෙලා තියනවා. කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමු. ශෝන් රයිලි කියන්නේ සාමාන්‍ය පොලිස් භටයෙක්. නමුත් ඔහුගේ පෞද්ගලික ජීවිතය ටිකක් දුක්බර එකක්. ශෝන්ගේ පුංචි පුතා ලේ පිලිකාවක්, එහෙමත් නැත්…

ඔන්න එහෙනම් ටිකක් වෙනස් විදිහේ චිත්‍රපටියක් අරගෙනයි අද ආවේ. 2010 වර්ශයේදි තිරගත උන මේ චිත්‍රපටය IMDB අගය 6.2 ක් අරගන්නට සමත් වෙලා තියනවා. කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමු.
ශෝන් රයිලි කියන්නේ සාමාන්‍ය පොලිස් භටයෙක්. නමුත් ඔහුගේ පෞද්ගලික ජීවිතය ටිකක් දුක්බර එකක්. ශෝන්ගේ පුංචි පුතා ලේ පිලිකාවක්, එහෙමත් නැත්නම් ලියුකේමියා රෝගයෙන් අරුදු දෙකක්ම දුක් විඳලා අවසානයේ මරණයට පත් වෙනවා. මේ හේතුව නිසාවෙන් ශෝන්ගේ බිරිඳත් ඔහුව අත්හැරෙ ගොසින්. මෙහෙම දුක්බර ජීවිතයක් ගෙවන අතරතුරේ නගරයේ එක දිගට නගරයේ බොහෝම අමුතු විදිහේ මිනීමැරුම් කීපයක් එක දිගට වාර්ථා වෙනවා. මේවයේ තියන විශේශත්වය තමයි පණ පිටින් පුළුස්සා ඝාතනය කර තිබීම. ශෝන්ගේ කුඩා කාලයේ සිටම හොඳම යහළුවෙක් වන කොලීන් මේ සිද්දි අතරතුරදී ශෝන්ව මුණගැහෙන්නට එනවා. ඒ මොකටද කියලා කතාව අවසානයේදී ඔයාලට බලාගන්නට පුළුවන් වේවි. ඉතින් කලින් අර කිව්ව මිනීමැරුම් ගැන පර්යේශනයට ශෝන්ව සම්බන්ධ කරගන්න කියලා පොලිස් දෙපාර්තමේන්තුවට එන ඉල්ලීමක් අනුව ඔහු මේ මිනීමැරුම් පිලිබඳ සෙවීමට යොමු වෙනවා.
මේ මිනීමැරුම් කරලා තියෙන්නේ කවුද, මොකක්ද මේවයේ සම්බන්ධය, මොන හේතුවකටද, ශෝන්ට මිනීමරුවා අල්ලගන්න පුළුවන් වෙයිද.? ඔන්න ඔය වගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න නම් ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා. කම්මැලි කමක් නැතුව, එක දිගට බලාගෙන යන්න පුලුවන් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම සැබෑ ජීවිතයෙදීත් විය හැකි බොහොම අපූරු තාත්වික කතාවක් සහිත චිත්‍රපටයක් කියලත් මට නිර්දේශ කරන්න පුළුවන්.
මේක ගැන කියද්දී ඉසුරු සම්පත් සිරිසේන සහෝ ගැන මතක් නොකරම බෑ. මොකද ඉසුරු අයියා කරන්න හිටපු චිත්‍රපටයක් තමා මේ. වැඩ රාජකාරි නිසාවෙන් මට බාරගන්නට උනා.
හරි එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.. අඩුපාඩුවක් තියේනම් කියාගෙනම යන්ට ඕං.. හැමෝටම ජය වේවා.

Due to copyright issues, we do not provide any torrent links.
Sinners.And.Saints.2010.720p.BluRay.x264-[YTS.AG]
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,025 downloadsDownload Sinners-And-Saints-2010.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
16 comments
Nalaka Dananjaya Rathnayake
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Bobby
Thank you very much
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~asitha
elama saho thanks
Rajitha
Thanks machan.....jayawewa.....!
kumara
බොහොම ස්තූතියි සහෝ සබ් එකට. පට්ට පහරක් වගේ. එල එල. ගොඩාක් පිං.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
tharangani
thanx
Dulanga
Thanks
Nidi
සබ් එකට ස්තුතියි කවින්ද.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

fil eka download karagen agodak kal sub eka enakan balagena hitiye bohoma sthuthi macho...